(යොහාන් භාසුර)
නව වැට් බදු පනත සමගින් ලබන ජනවාරි මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයක් රුපියල් 62.37 කින් ඩීසල් ලීටරයක් රුපියල් 59.22 කින් ඉහළ යන බවත් ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400 ට වැඩි මිලකට ද, ඩීසල් ලීටරයක් රුපියල් 400 ට ආසන්න මිලකට ද, පත්වන බවත් සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද (11) පැවසීය.
ඩීසල් ලීටරයක් රුපියල් 329 ක සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 346 ක මේ වන විට පවතින බවත් ඉන්ධන සඳහා මේ මොහොත වන විට බදු වර්ග හතරක් එකතු වන බවත් ඒ මහතා කීය.
ඉන්ධන ලීටරයක මිලට මේ වන විටත් බදු පමණක් රුපියල් 125 කට අධික මුදලක් එකතුව ඇති බව කී ආනන්ද පාලිත මහතා සඳහන් කළේ ඉන්ධන බදුවලින් ආණ්ඩුව මසකට රුපියල් කෝටි 1500 කට අධික මුදලක් ලබන බවයි.
ඉන්ධන ගාස්තු ඉහළ යෑමත් සමඟ ජනවාරි 1 වැනිදා සිට විදුලි සහ ජල ගාස්තු ද ඉහළ යන බව ද ආනන්ද පාලිත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනවාරියේ පෙට්‍රල් - ඩීසල්වලට වෙන දේ දැන්ම කියයි
Bamunuarachchi Tuesday, 12 December 2023 07:33 AM
ළමයින්ට ඉස්සර වගේ පාරේ ක්‍රිකට් ගහන්න පුළුවන් වේවි.