( දිසානායක ජපානයේ සිට ) - ජපානයේ ශ‍්‍රි සම්බුද්ධාලෝක විහාරස්ථානයේ වෙසක් උත්සවය ආගමිකල සංස්කෘතික අංග ගණනාවකින් සමන්විතව ලබන 18 වැනි ඉරුදින පැවැත්වීමට නියමිතය. විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ අනුසාසනා පරිදි මෙය පැවැත්වේ.
විශේෂ අටවිසි බුද්ධ පුජාව, ශිල සමාදානය, සඟ සතු මහා දානය ,බෝධි පුජාව දේවාශිර්වාද ලබාදීම සහ මහා දේව දානක්ද දහම් පාසල් සිසුන් ගේ නැටුම් සංදර්ශනය සහිත මල් පෙරහරක්ද විශේෂාංග අතර වෙයි.
විහාරවාසී භික්ෂූන් වහන්සේලාට සහ සිල්ගත් පිරිසට දානය නලීන් පෙරේරා සහ සිල්වා යන මහත්වරුන් ගේ අනුග‍්‍රහයෙන් සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල්වල දේව දාන දෙනවා ද (අ)
ත්‍රිව්ද රත්නයේ පිහිට පමණි පන්සලෙන් බලාපොරෝතු වෙන්නේ. (නධී)
වෙසක් උත්සවය 15 වැනිදා . 18 මොකක්ද ?(නදී)
විශේෂ මුරුතැන් පූජාව සිදු කරනු ලබන්නේ විහාරස්ථ සතර මහා දේවාල භුමියේ වන අතර පන්සලේ නොවේ. වෙසක් උත්සවය 15 වැනිදා වුනාට ජපානයේ වෙසෙන කාර්ය බහුල ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සදහා 18 වන ඉරිදාට යොදා ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න. (නදී)
මමත් ජපානයේ දීගු කලක් වාසය කල දැනටත් ජපානයට නිතර යන එන කෙනෙක්. මමත් මගේ මිතුරන් මොන තරම් වැඩ තිබුනත් ලෝකයේ කොහේ ජිවත් වුනත් නියමිත වෙසක් දිනයට පන්සලට යනවා. දවස් 365න් 1 දවසක් අපි කලගුණ සලකමු. (නදී)
අපි ඉන්නේ ජපානයේ. හැම සිකුරාදම පල්ලි යනවා.(නදී)
නියමිත වෙසක් දිනයෙත් බෙහෝ පිරිස් පන්සලට එනවා, වෙන දවසක හරි සිත පහදා ගෙන පන්සලට එන්න පුලුවන්නම් ඒකත් අගය කරමු. (ස)
අපි ඉන්නේ ජපානයේ. හැම ඉරිදාම පල්ලි යනවා අපි. (නි)
එක එක රටවල් අදහන්නේ බුදු දහමේ විවිධ ප්‍රබෙධයි (ථෙරවාද හා මහායාන) එසේ නිකායන් තිබීම ගැන මොකද ඔබ හිතන්නේ (දී)
බුදු දහමට ප්‍රබේද නැත. ප්‍රබේද ඇත්තේ අනුගාමිකයන්ටයි. එනම් මෙම මහායාන-ථෙරවාද යන පාර්ශවයන් දෙකම මූලික ඉගැන්වීම් සහ බුදුදහමේ හරයාත්මක ඉගැන්වීම් වලින් සමාන වේ. හොඳ දෙය උකහාගෙන නරක ඇත්නම් බැහැර කරමු. (නි)
පන්සිල් වත් රකිමු. (ස)
මත්පැන් තහනම් කරන්න (නි)
අපෙන් සුභ පැතුම්! (නි)