IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජපානෙන් ගිනි රිය පහක් ලංකාවට

ජපන්  රජයෙන්  මෙරටට  ප්‍රදානය කරන ලද  නවීන ගිනි නිවන රථ පහක් හා උපකරණ තොගයක් ජපන් තානාපති  නොහිබුතෝ හෝබෝ මහතා විසින්  ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාට  කටුනායක අපනයන සැකසුම් කලාපයේදී අද සවස  නිල වශයෙන් බාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ  ‘අපනයන සැකසුම් කලාපයන්හි ගිනි නිවන ඒකක ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය‘  වෙනුවෙන්   ජපන් රජයේ  මානව ආරක්ෂනය උදෙසා ආධාර ව්‍යාපෘතිය යටතේ මෙය ප්‍රදානය කර ඇත.

 ජපාන තානාපති  නොහිබුතෝ හෝබෝ මහතා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා අතට එම ගිනි නිමන රථවල යතුරු පළමුව බාර දුන් අතර අනතුරුව අමාත්‍යවරයා විසින් එම ගිනි නිවන රථ  කටුනායක, බියගම සහ සීතාවත අපනයන සැකසුම් කලාප වෙත බාර දුන්නේය.

රුපියල් කෝටි පහක් පමණ වටිනා මෙම ගිනි නිවන රථ පහ  ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලය විසින්  ක්‍රියාත්මක  කටුනායක, බියගම හා සීතාවක අපනයන සැකසුම් කලාපයන්හි පවතින කර්මාන්ත ශාලා, යන්ත්‍රෝපකරණ, රසායනික ද්‍රව්‍ය ගබඩා ආදියේ ආරක්ෂාව සඳහා යොදවනු ඇත.

මීට අමතරව කර්මාන්ත ශාලා ඇතුලත හා පිටතදී ඇති විය හැකි ගිණි නිවීම්, කැලෑ ප්‍රදේශ වල කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානවල, රසායනික ද්‍රව්‍ය ගබඩාවල, බොයිලේරුවල, විදුලි කාන්දුවීම්, අධික රත්වීම් හා අකුණු සැර වැදීම් නිසා ඇතිවන ගිනි ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිනි නිවීමේ අංශය පුහුණු කර ඇති අතර  මෙම ගිනි නිවන රථ ලැබීමත් සමගම එම අංශ තවත් ශක්තිමත් වනු ඇත.

 මෙහිදී  ආයෝජන  ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආයෝජන කලාප තුළ ආරක්ෂාව වෙනුවෙන් මිලියන 50 ක් වටිනා මෙම රථ ප්‍රදානය කිරීම වෙනුවෙන් ජපන් ජනතාවටත්, ජපාන රජයටත් මෙරට ජපාන තානාපති කාර්්‍යාලයටත්  රජය වෙනුවෙන් තම ස්තුතිය පුද කරන බවයි.
එමෙන්ම ජපාන රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් නිරතුරු සහය ලබා දෙන බවත් මෙම පරිත්‍යාගයන් සමග ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලයේ ගිණි නිවීමේ ඒකක වල සේවාව තව දුරටත් පුළුල් වනු ඇති බවත් ඔහු කීය.

මින්  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින කටුනායක, බියගම හා සීතාවත අපනයන සැකසුම් කලාපයන්හි කර්මාන්ත ශාලාවන්හි ආරක්ෂාව ඉහළ නැන්වෙන බවත් කීය.

ආයෝජකයන්ගේත් සේවකයන්ගේත් ආරක්ෂාව පිළිබඳව නිරතුරුවම අවදානය යොමුකොට ආයෝජන කලාප තුළ පහසුකම්  ජාත්‍යන්තර මට්ටමට ගෙන එමින් ආයෝජකයින්ගේ ආකර්ෂණය මෙරටට යොමු කරවා ගැනීම තම අරමුණ බවත් ඔහු වැඩි දුරටත්  කීවේය.

මෙම ගිනි  නිවන රථ ජපන් රජයෙන් ආදාර යටතේ ලබා ගැනීම  සඳහා ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අශෝක අමුණුගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර, අධ්‍යක්ෂක ජනරාල් ජයන්ත එදිරිසිංහ යන මහත්වරුන්  වෙහෙසී  ක්‍රියා කර ඇත.

මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්්‍ය ලක්ෂමන් ජයවීර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන්ද, ජපන් තානාපති නොහිබුතෝ හෝබෝ මහතා ඇතුළු ජපන් තානාපති කාර්යලයේ නිලධාරීන්ද කටුනායක අපනයන කලාපයේ කර්මාන්ත ශාලා හිමියෝ ඇතුළු එහි නිලධාරීන් රැසක් සහභාගී වුහ.

 10 12 13

2 3  6 7 8  14 15 16 23

 



අදහස් (0)

ජපානෙන් ගිනි රිය පහක් ලංකාවට

අනුරාධ මෙල්බර්න් Thursday, 30 October 2014 07:48 AM

අපි සැවොම ජීවත්වන්නේ විපරිත සමාජයක විපරිත මිනිසුන් සමඟය (නි)

:       0       0

පැතුම් Thursday, 30 October 2014 07:57 AM

ලංකාවේම මේවා හදන්න බැරිද අපිට? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 29 October 2014 10:16 PM

සතුටට කරුණක්. මේ ගිනි නිවන ඒකක හැම නගරයකම ඇති කරනවා නම් හොඳ දෙයක්. (නදී)

:       0       0

ජි නන්දන Thursday, 30 October 2014 08:52 AM

[සේවකයන්ගේත් ආරක්ෂාව] කෑම විෂ වෙන එකටත් පිළියමක් වශයෙන් ජපන් රජයෙන් ආදාර යටතේ කෝකියෝ ටිකක් ගෙනාවානම් නරකද හෑබෑට. දුප්පත් ජනතාවගේ බෙිත් ටික ඉතිරි වෙනවා රොහල් වල (නදී)

:       0       0

ජි නන්දන Thursday, 30 October 2014 08:52 AM

සේවකයන්ගේත් ආරක්ෂාව වෙුනවෙන් කෑම විෂවෙන එකටත් පිළියමක් වශයෙන් ජපන් රජයෙන් ආධාර යටතේ කෝකියෝ ටිකක් ගෙනාවා නම් නරකද හෑබෑට? (නි)

:       0       0

රමණි පෙරේරා Thursday, 30 October 2014 01:50 AM

සංජය ඒ ජපන් මිනිහගේ තියන නිහතමානිකම කොහොමද? (නදී)

:       0       0

ඉන්දික Thursday, 30 October 2014 12:27 PM

වාහන මොඩල අනුව නම් මේ ගිණි නිවන රථවල වයස අවුරුදු 15 ක් 20 විතර වෙන්න ඕනා. ඒ කියන්නෙ ජපානෙ පාවිචියෙන් ඉවත දාන ඒවා. එතකොට නඩත්තුවට බර වියදම්. (නදී) එහෙව් කුණු ගන්න තියාපු උත්සවේ වියදම් කාගෙන්ද?

:       0       0

මියුර Thursday, 30 October 2014 04:23 AM

මහනුවර ඩී.එස්. සේනානායක පුස්තකාලය ගිනිගත් අවස්ථාවේ නාගරික ගිනි නිවීමේ ඒකකය අල්ලුපු ඉඩමේ තිබිලත් නිවාගන්න බැරිවුනා. කවුරැත් වැරදි නෑ. දඩුවමුත් නෑ. නැවත හදන්නෙත් නෑ. (නදී)

:       0       0

විරාජ් Thursday, 30 October 2014 04:28 AM

ඒක නම් හොඳ වැඩක් (නි)

:       0       0

සන්ජය Wednesday, 29 October 2014 04:06 PM

රතු කාර්පට් එකේ යන්නේ යන්න ඕන අය නෙමේ, ජපන් මහත්තය අයිනෙන් යන්නේ? (ර)

:       0       0

බමුණු Thursday, 30 October 2014 05:53 AM

'යතුරේ ලියලා තියෙන්නේ ජපන් ජනතාවගෙන් කියලයි. ජපන් රජයෙන් කියලවත් සඳහන් නෑ." රජයත් මේවා ජනතා අයිතියට පත් කරනවා. රජය තියා ගන්නේ නැත. (නදී) කොහොම උනත් චන්දයට කලින් ලැබුන එක හොඳයි

:       0       0

කින් බෙනට් Wednesday, 29 October 2014 04:37 PM

යතුරේ ලියල තියෙන්නේ ජපන් ජනතාවගෙන් කියලයි. ජපන් රජයෙන් කියලවත් සඳහන් නෑ.. (ර)

:       0       0

චන්ද්‍රා Wednesday, 29 October 2014 05:48 PM

ජපානයට තුති. මේවායින් රටක නියම ප්‍රයෝජනය ගැනීමට හැකි වේවා ! [ අපතේ නොයවා ] (අ)

:       0       0

සෑම් Wednesday, 29 October 2014 06:34 PM

මේ වාහන අලුත් වාහන නොවේ. සියලුම වාහන අනුව දශකයේ අග නිෂ්පාදනය කරන ලද ඒවා (නදී)

:       0       0

උදාරත් Thursday, 30 October 2014 07:14 AM

ජපාන ආර්ථිකය පිලිබඳ SOM පර්යේෂණය ලංකාවේ ජපං භාෂාවේං පළ කලොත් යහපතක් වේවි(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1475 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1594 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1223 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1891 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38307 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25235 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site