(අංජුල මහික වීරරත්න)
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හා එක්ව ඇමෙරිකා ඩොලර් 225,000 කට අධික වටිනාකමෙන් යුතු උපකරණ රැසක් ලංකාවෙි කොරෝනා ප්‍රතිකාර රෝහල් වලට පරිත්‍යාග කළ බව ජපානයේ ලංකා තානාපති කාර්යාලය කියයි.
සති තුනක් ඇතුළත රෝහල් 14ක් සදහා මෙම පරිත්‍යාග කර තිබෙි.
මෙම ආධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා හදුන්වා දුන් විනිවිද පෙනෙන ක්‍රමවේදය නිසා ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් උපකාර කිරීමට උනන්දුවෙන් සහභාගී වූ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
රෝහල් වල අවශ්‍යතාවය අනුව වෛද්‍ය උපකරණ සඳහා ලංකාවේ සැපයුම්කරුවන්ට සෘජුවම මුදල් ගෙවා මෙම පරිත්‍යාග කර තිබෙි.
ජපානයේ ක්‍රියාකාරි ශ්‍රී ලාංකික සංගම් හතරක් වන ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, ශී‍්‍ර ලංකා මෝටර් රථ අපනයනකරුවන්ගේ සංගමය, කන්සායි ජපාන ශ්‍රී ලංකා සංගමය සහ ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමය මෙම සත්කාරයට දායක වී ඇත.
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, කන්තලේ මූලික රෝහල, බදුල්ල මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල,අයි.ඩී.එච් රෝහල, මහනුවර ජාතික රෝහල ,මීගමුව මහ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ,ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ,මහමෝදර ශික්ෂණ රෝහල ,බලපිටිය මූලික රෝහල ,තෙල්දෙණිය රෝහල සහ හෝමාගම දිස්ත්‍රික් රෝහල සඳහා මෙම පරිත්‍යාගයන් කළ බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
HFNO යන්ත්‍ර, BMC යන්ත්‍ර , Bi Paps යන්ත්‍ර, වෙන්ටිලේටර, ඔක්සිජන් රෙගයුුලේටර, NRBM යන්ත්‍ර, බහු පැරා මොනිටර, සිරින්ජ පොම්ප , ඉන්ෆියුෂන් පොම්ප පරිත්‍යාග කළ උපකරණ අතර වෙි.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ජපානයේ සිටින ලාංකිකයින්ගෙන් කොරෝනා රෝහල් 14කට පරිත්‍යාග
suminda Thursday, 01 July 2021 08:05 PM
පොඩි ඉල්ලිමක්. අති දුෂ්කර කොලොන්න රෝහලේ මිනිස් ධන පරිත්‍යාගයෙන් ඉදිවන කොවිඩ් වාට්ටුවට උපකරණ ලබා දෙන්නේ නම් එය ඉතා අගනේය..