IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක් මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

මේ සදහා නිසි සැලසුමක් යටතේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව පෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

මෙරට ස්ථාපිත වූ දෙවන දන්ත වෛද්‍ය පීඨය ලෙස 2022 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භ වූ මෙම දන්ත වෛද්‍ය පීඨය අංග සම්පූර්ණ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, දන්ත තාක්ෂණ නිලධාරීන් මෙන්ම අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත්, අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.



අදහස් (0)

ජපුරේ දන්ත පීඨයට මහාචාර්ය ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට
2025 ජනවාරි මස 27 145 0

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.


වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක්
2025 ජනවාරි මස 27 165 0

වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක


බෝට්ටුවක් ඔරුවෙහි වැදී ධීවරයෙක් අතුරුදන්
2025 ජනවාරි මස 27 98 0

ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ ස


සමෘද්ධි නිලධාරීන්ට කඩිනමින් උසස්වීම් පරිපාටියක්
2025 ජනවාරි මස 27 157 0

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කිසිදා නොතිබුනු උසස්වීම් පරිපාටියක් ඇති කරන බවත් සියලුම නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට අවශ්‍ය විභාග සහ සම්මුඛ පරීක්ෂණ මෙම


ආණ්ඩුවට බැඳීමක් තියෙන්නෙ ජනතාව එක්ක විතරයි
2025 ජනවාරි මස 27 328 1

රට ගොඩනැගීම සඳහා ආණ්ඩුවට බැඳීමක් තිබෙන්නේ ජනතාව සමග පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


කඹයකින් ගෙල සිර කර සුනඛයා මැරූ කත අත්අඩංගුවට
2025 ජනවාරි මස 27 857 0

සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්‍


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 30 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 571 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 663 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site