(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ වැඩසටහනට පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් නීතිඥ හංස අබේරත්න, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩ බලන අධ්‍යක්ෂ (සන්නිවේදන) ජයලත් පෙරේරා හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් යන මහත්වරුද සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී විද්‍යාර්ථීන් පුළුල් අයුරින් දැනුවත් කළේය.
අනතුරුව විද්‍යාර්ථීන් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පාර්ලිමේන්තු ප්‍රධානීහු පිළිතුරු දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළේය.
තවද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාලවල අරඹා ඇති කෙටි පාඨමාලා සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද සම්බන්ධවීමට කැමැත්තෙන් පසුවන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
දැනුවත් කිරීමේ වැඩසටහනෙන් අනතුරුව විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ චාරිකාවක්ද සංවිධාන කෙරිණ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එම චාරිකාව සංවිධානය කළේය.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්