IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජ‘පුර සරසවිය හොදම සරසවි අතර තෙවැනි තැනට

(යොහාන් භාසුර)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබේ.

ලෝකයේ වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමක් වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම’ ඊයේ (27) එය නිලවශයෙන් නිවේදනය කළේය.

එම විශ්වවිද්‍යාලය පසුගිය වසරේ (2023) ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළතම විශ්ව විද්‍යාලයක් ලෙස ලැයිස්තුගත කළ අතර මෙම වසරේ කාර්ය සාධනය සැළකිය යුතු ලෙස වැඩි දියුණු වීමත් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීමේ 1,501 වැනි ස්ථානයට පත්විය.

මෙහිදී ක්ෂේත්‍ර හතරක් යටතේ විශ්වවිද්‍යාලයක කාර්ය සාධනය මණින කාර්ය සාධන දර්ශක 13 ක් මත පදනම් වන අතර ඉගැන්වීම, පර්යේෂණ, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තර දැක්ම එම ක්ෂේත්‍ර වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා පැවසුවේ 2024 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ තුන්වැනි හොඳම විශ්වවිද්‍යාලය ලෙස එම විශ්වවිද්‍යාලය පත්වීම පිළිබඳව සතුටු වන බවත් මෙය එම විශ්වවිද්‍යාලය ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්ය.

මෙම ශ්‍රේණිගත කිරීම එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මකභාවයට සාක්ෂියක් මෙන්ම විශ්වවිද්‍යාලය ක්‍රියාත්මක කරන පර්යේෂණ, සිසුන්ට ඉහළ අධ්‍යාපනයක් දීමට ඇති හැකියාව සහ කැපවීම අගය කිරීමක් බවත් එය ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයන් හඳුනාගැනීම පිළිබඳව ආඩම්බර වන බවත් උපකුලපතිවරයා කීය.  

මෙම ඇගයීම වෙනුවෙන් කැපව කටයුතු කළ සියළුම පර්යේෂකයන්ට, විද්වතුන්ට සහ ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායමට වෙහෙස මහන්සිවී කටයුතු කිරීම සහ කැපවීම පිළිබඳව ස්තූති වන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉහළ සුදුසුකම් ලත් සහ පළපුරුදු පීඨ රැසක් ස්ථාපිත මෙන්ම විශ්වවිද්‍යාලය විවිධ විෂයයන් සඳහා පුළුල් පරාසයක උපාධි හා උපාධි වැඩසටහන් ඉදිරිපත් කරන බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කළේය. 

 



අදහස් (11)

ජ‘පුර සරසවිය හොදම සරසවි අතර තෙවැනි තැනට

nama Thursday, 28 September 2023 05:56 PM

1,501 වැනි ස්ථානය ලෝකෙන්ම, ජවිපේ කාපු විශ්වවිද්‍යාල ටික.., නැත්නම් ලෝකේ හොඳම 500 ට වත් එන්න තිබ්බා..

:       18       38

මැක්ස් Thursday, 28 September 2023 06:04 PM

අකුදි සහෝදරතුමායි, කුමා ගුණරත්නම් සහෝදරතුමායි එළියේ ඉඳලා විශ්වවිද්‍යාල හසුරුවලා ඒවා ඔය මට්ටමට ආවා නම් ඊළඟ ජනපතිවරණයෙන් අනුර මහතා දිනුවට පස්සෙ අපේ වි.විද්‍යාල අහලකටවත් එන්න ලෝකෙ අනික් රටවල වි.වි.වලට බැරිවෙයි...

:       15       18

de silva berlin Thursday, 28 September 2023 06:04 PM

මේක ඉතා ලැජ්ජා වියයුතු කාරණයක්... එක්දහස් නවසිය හැට ගණන්වල ලෝක ශ්‍රේණිගත කිරීම්වල 50 ට උඩින් සිටි පේරාදෙණිය අද සිටින්නේ 1501 වෙනි ස්ථානයේ..., මේ තත්වයට විශ්වවිද්‍යාල ආචාර්යවරු, රට පාලනය කළ දේශපාලකයින් සහ විශ්ව විද්‍යාල තුළ දේශපාලනය කරන පෙරටුගාමී සහ ජවිපෙ යන දේශපාලන පක්ෂ ඍජුවම වගකියන්න ඕනේ.. ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය ලබන ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඕස්ට්‍රේලියනු ජාතික කුමාර ගුණරත්නම් නැමැත්තාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙන පෙරටුගාමීන් විසින් දිගින් දිගටම ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කරනු ලැබේ...

:       3       34

baiyya Thursday, 28 September 2023 06:09 PM

මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ලෝකයේ හොඳම ප්‍රමිතියක් තිබෙන්නේ ලංකාවේ ජයවර්ධනපුර සහ පේරාදෙණියේ විශ්ව විද්‍යාලවල කියලා.., බලාගෙන ගියාම 1501....

:       3       17

Nimal Silva Thursday, 28 September 2023 06:11 PM

තුන නෙවෙයි 1501 වැනි ස්ථානය...!

:       1       23

sarath Thursday, 28 September 2023 06:12 PM

හැම මගුලකටම දේශපාලනය ඉස්සරහට දාගන්න ගියාම 1501 වෙලා බේරුණොත් ඇති... බංග්ලාදේශයේ තිබෙන විශ්ව විද්‍යාලත් අපිට ඉදිරියෙන් ඉන්නවා... මෙහෙම ගියොත් තව වසර 2-3ක් යනකොට 2000නුත් පහළට වැටේවි..

:       0       21

nimal Thursday, 28 September 2023 06:13 PM

නවක වදය දීම අතින් නම් අපි 1 තැන ඇති...

:       2       23

de silva Thursday, 28 September 2023 06:33 PM

1501 වැනි ස්ථානය...?

:       1       11

de silva berlin Thursday, 28 September 2023 06:46 PM

දැන් විහිළු කළා ඇති... මේක නිසා ශෝචනීය තත්වයක්... සියලු දෙනාම එකතුවෙලා රටේ අධ්‍යාපනය නිසි මගට ගත්තේ නැතිනම් අඅපි ඔය රනිල් කියන 2048 වර්ෂය වෙනකොට සෝමාලියාවටත් අන්ත තත්වයකට වැටෙනවා. රටක දියුණුවට අධ්‍යාපනය විශාල වශයෙන් බලපානවා. හොඳම උදාහරණය සිංගප්පූරුව...

:       2       11

බද්රානි Thursday, 28 September 2023 07:36 PM

අර කතාවක් තියනවනේ "ලූලා නැති වලට කණයා පණ්ඩිතයා" කියලා. ඒ වගේ තමයි ගව ගාල් අතර හොඳම ගවගාල ලෙස තේරීමත් වැදගත්... නවක වදය ක්‍රියාත්මක වෙන ගෝත්‍රික මිලේච්ඡයෝ රජකරන බහුතර මානසික රෝගීන්, පිස්සන් වැජබෙන විශ්ව විද්‍යාල වලින් රටට හෝ ලෝකෙට ඵලක් තියනවද..? ලංකාවේ උසස් පෙළ විභාගය සමත් ඉතාම දක්ෂ දරුවන්ව උගත් අමනයින් බවට පරිවර්තනය කරන ස්ථාන තමයි ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල කියන්නේ... වෙනත් රටවල උගතුන් හා ලංකාවේ උගතුන් යයි කියා ගන්න අය අතර වෙනස විදේශ රටකදී ඔබ ජීවිතයේ කවරදාක හෝ අත්දැක ඇත්නම්, මම කියන දෙයට ඔබ එකඟ වේවි...! එහෙම නැතිනම් මේ මඩවලේ එරී සිටින මඩකරියෙක් නම් ඔබ, ලංකාවේ උගතා ඔබට කෙරුමෙක් ලෙස පෙනේවි.. උගත් කෙරුමෝ පිටරටවල නැහැ. උගත් යහපත් සමාජයට ආදර්ශවත් වැදගත් පුද්ගලයින් තමයි පිටරටවල ඉන්නේ...!

:       1       27

මැක්ස් Monday, 02 October 2023 10:38 PM

2022/2023 දී පෙරා 500 තිබ්බ සහ ‍කොළඹ 600 තිබ්බ එක දෙකම 1001-2000 බැහැලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1717 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1047 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 322 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 438 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 195 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 135 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40008 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25948 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 232 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 404 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1305 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site