(යොහාන් භාසුර)
එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය ස්ථිර යයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදීමෙන් දීමෙන් පසුව පැවසීය.
සාධාරණ මැතිවරණයක් කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඇතැම් අපේක්ෂකයන් මේ වන විට කැත මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇති බවත් විසානායක මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජයග්‍රහණය ස්ථිරයි
Indrajith Fernando Thursday, 15 August 2024 12:58 PM
ජය නියතයි !
K.Sunil Perera Thursday, 15 August 2024 01:22 PM
ජීවිතයේ තිබුන තවත් එක බලාපොරොත්තුවක් තමයි JVP ජනාධිපතිවරයෙක් රටේ පාලනයට පත්වෙනවා දැකීම .මේ වසර එම බලාපොරොත්තු AKD ගෙන් සැබෑ වෙන බවත් රට නියම දිශානතියට රැගෙන යන බවත් ඉර හඳ සේ විශ්වාසයි .ඔබට නියත ජයක් පතමු !
මැක්ස් Thursday, 15 August 2024 01:24 PM
රට අනුරට අපි අඳුරට
pradeepThursday, 15 August 2024 04:31 PM
ඔව්, හොරු ටික අඳුරට..,
Bandara Thursday, 15 August 2024 01:34 PM
ගහන පෝස්ටර් ප්‍රමාණයයි පලකරන දැන්වීම් ප්‍රමාණයයි දැක්කම ඔයත් ඒ ගොඩටම හරියන්නේ කියලා දැන් හිතෙනවා සහෝදරයා.
SBThursday, 15 August 2024 05:55 PM
මගේ අම්මෝ, අනුරට එන් පී පී එකට මඩ ගහන්න බලකායක් නොවෙයි බලකා තුනක්ම බැහැලා.. කැසීනෝ සල්ලි නෙවෙයි නම්, ගසා කාපු සල්ලි නෙවෙයි නම්, මිනිස්සු ආසාවෙන් කැමැත්තෙන් දෙන සල්ලි වලින් ඇඩ් දාන එකේ වරද මොකක්ද? අනික රජ තුන් කට්ටුව ගහන බොරු මඩවලට එරෙහිව මිනිස්සුන්ට ඇත්ත කියන්න ඇඩ් දාන්නේ නතිව මොකද කරන්න කියන්නේ හරිම අමාරුයි නේද? හැම පන්තියකම මිනිස්සු අනුර වටා එකතු වෙන එකට...?
හරබර Thursday, 15 August 2024 01:39 PM
අනේ ඔව්. මෙයා තමයි ලස්සනටම මැතිවරණ ව්‍යාපාරේ කරන්නේ. පටන් ගත්තෙම ගෙවල් ගිනි තියලා, අහිංසකයෙක් මරලා. උගේ දේශපාලන මතවාදෙට අපිත් විරුද්ධයි. ඒත් ඕකද ප්‍රජාතන්ත්‍රවාදේ?
sbThursday, 15 August 2024 06:21 PM
කවුද අනේ ගෙවල් ගිණි තිබ්බේ? කවුද මින්ස්සු මැරුවේ? කා ළඟද මිනිස්සු මරපු අය ඉන්නේ? 60000ක් මැරුවේ පියානෝලා මිස ජේවිපී නෙවෙයිනේ. ඒ මිනිස්සු විතරක් නොවෙයි, මුලුමහත් මිනිසුන් සමුදායකගේ අයිතිවාසිකම් නැතිකලේ 77න් පස්සේ ආපු උන්දැලානේ... ටෙලිෆෝනයේ ඉන්නෙත් ඒ අයම තමයි... අයියෝ සාමි...!
කෝ පවුලේ ඡායාරූපේ Thursday, 15 August 2024 01:42 PM
පරාදවෙන බව දැන දැන පොඩි කොල්ලො කෙල්ලො ටික රවට්ටන්න එපා බන්.
Hemasiri Thursday, 15 August 2024 01:46 PM
රෙද්ද තමයි. රට රටවල ගිහින් එකතු කරපු සල්ලි වලින් අවුරුදු 50ක් විතර ගොඩ දා ගන්න පුලුවන්ලු නේ. එහෙම බැලුවාම නම් දිනලා තමයි.
Kumara Thursday, 15 August 2024 01:53 PM
9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක
රංබොඩ Thursday, 15 August 2024 02:19 PM
ජය අරගෙන බොරු නොකර රටට වැඩක් කරනවට කවුරුත් අකමැති නෑ. නමුත් එදා සිටම තිබුණු අතිශයෝක්තිය නම් හොඳ නෑ. තාම දිනලා නෑනෙ.
ANURA ROME Thursday, 15 August 2024 02:33 PM
ඔය සිහින ලෝකයෙන් කවදාද ගොඩ එන්නෙ
සෞදි-සිංහ Thursday, 15 August 2024 02:45 PM
මේ සැරේ ගොඩදාගත්තෙ නැත්තන් අපි වගේම දරුවොන්ටත් පිටරට පිහිට තමයි.
කැතම වැඩේ Thursday, 15 August 2024 03:24 PM
ඔයයි ඔයාගෙ පක්ශෙ අයයි ෆේස්බුක් එකේ හැසිරෙන විදියෙන් තේරෙනවා කැත විදිය ලස්සනට. ජෙප්පෙක් නෙමේ නම් ඌ හොරා. විරුද්ධ මත දරනව නම් උන්ව මරන්න ඕන, රටින් එලවන්න ඕන, මැරුන දාට රතිඤ්ඤා දාන්න ඕන. ආගම් ඕන නෑලු, පොලීසිය හමුදාව මිනීමරුවොලු, හැබැයි කොටි හරි සෝක්ලු. මොන පක්ශද බන් ඕවා.
sbThursday, 15 August 2024 06:24 PM
කවුද අප්පා එහෙම කිව්වේ? අතීතේ බලන්න කවුද එහෙම කලේ කියලා. සල්ලි වල්ට බොරු වපුරන්න එපා සහෝදරයා. මේ රට කාබාසිනියා කරපු සෙට්වලට ආයෙත් රට දුන්නොත් මේ තියන ටිකවත් නැතිවෙලා යයි. ඒත් ඒ අයගේ ළමයි සහ එයාලා වෙන රටවල සැප විඳියි. ඔයා වගේ අය සහ ඔයාගෙ ළමයින්ට මේ නරාවලම ඉතුරු වෙයි...
Bandara Thursday, 15 August 2024 04:24 PM
ඉස්සෙල්ලාම කුහක ජෙප්පන්ට කියලා කැම්පස් වල තියෙන නවක වදය නවත්තලා පෙන්නන්න..
pradeep Thursday, 15 August 2024 04:30 PM
මව්බිමේ හැරවුම් ලක්ෂය අනුරයි. ජයග්‍රණයක් ලබන්න සුබ පතනවා.
Duminda Udayakumara Thursday, 15 August 2024 04:39 PM
රට කාපු අයගේ බත් බැලයින් ටික බරටම ගේමට බැහැලා වගේ...!
sachith Thursday, 15 August 2024 04:49 PM
කට්ටියට හාමු මහත්තයාගේ පුටුවට පතිචාර දක්වන්න අමතක වෙලා
Kalu Thursday, 15 August 2024 06:12 PM
බේරෙ වැවේ නාපු සෙට් එක කමෙන්ට්ස් දාන්න ඇවිල්ලා. මෝඩකමට බෙහෙත් නැහැ.
අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 06:57 PM
නියත ජනපති, යුගයේ නායකයා, දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇති එකම ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක...!
pakeer Thursday, 15 August 2024 08:25 PM
මේ රටේ ඉන්නේ කරුමෙට ජාතක වෙච්චි සිංහලයෝ. කවදාවත් මේ අසුචි වලෙන් ගොඩ එන්නේ නෑ.
Rohana Thursday, 15 August 2024 09:45 PM
බලය ලැබී නොතිබුණත් කියනදේ කරනවාද දැනගන්න මේවර මාලිමාවට දීලා බලමු. හැබැයි වැඩේ වරද්ද ගත්තොත් අර 3% ත් නැතිවන බව මතක තබාගත යුතුයි.
lelwala Friday, 16 August 2024 05:00 AM
ඔව්, ඔහු දැනටමත් යූ ටියුබ් සහ මුහුණු පොතෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇත. ඔවුන් අවසරයකින් තොරව FB තුලට ඇතුළු විය.
Bernard Perera Friday, 16 August 2024 06:43 AM
අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර බොරු වංචා දූෂණ කප්පම් මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා.
Manjula Pradeep Friday, 16 August 2024 08:09 AM
මම මෙතෙක් කලක් ජනාධිපතිවරණයකදී චන්දය පාච්චි කරපු වෙලාවෙදි ගත්ත තීරණය හා වෙලාවේ ජවිපෙ මතය ගැන පහුගිය දවසක මම කල්පනා කරා. මට තේරුණ දෙයක් තමයි ඒ හැම අවස්ථාවකම තීරණය ගනිද්දී මම ගත්ත තීරණය ජේවිපි එකේ මතයටම අනුව ගත්ත එකක් බව . මම න්ද්‍රිකාට මහින්දට ෆොන්සේකට මෛත්‍රීපාලට හැම එක්කෙනාටම ඡන්දය දුන්නා ඒ රනිල්ට විරුද්ධවයි. දැන් කල්පනා කරලා බලනකොට එක්කෝ මුන්ට ඕන කරලා තිබුන රට මේ වගේ අසීරු තත්ත්වයකට පත් කරලා බලය ගන්න ැත්නම් මුං මෝඩයි. නැත්තං මුදල් සල්ලි වලට යට වෙන කට්ටියක්. මේ මොනදේ අනුව ගත්තත් ආයෙත් ජේවීපී එක සම්බන්ධ කිසිම එකකට ඡන්දය නොදෙන්න මම තීරණය කළා. අන්තිමට මුන් හැමදාම හැමදාම එපා කියපු රනිල් තමයි අන්තිමට කොහොමහරි රට මේ තත්වෙකට හරි රට ගොඩ ගත්තේ
ප්‍රදීප් ජයසිංහ Friday, 16 August 2024 10:33 PM
රට මේ තරමින් ඉතිරි වෙලා තියෙන්නේ , ගත්තු ණය නොගෙවා ඉන්න නිසා. එහෙම නැතුව රනිල් කරන මගුලක් නෑ. මිනිසුන්ට බදු බර වැඩි කරලා. ඔච්චරටම සංවර්ධනය කරනවනම් ඇයි බඩු මිල අඩු කරන්න බැරි. තෙල් මිල සහනයක් දැනෙන විදිහට අඩු කරන්න බැරි.