ලබන ජුලි මාසයේදී පැවැත්වීමට නියමිත ආසියා ජවන හා මළල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේනම්, තමිල් නාඩුවේ පැවැත්වීමට ඉඩ නොදෙන බවට තමිල් නාඩු මහා ඇමැතිනි ජයලලිතා ජයරාම් මහා ගෝරනාඩුවක් නගයි.
ජිනීවා මානව හිමිකම් සැසි වාරයට සමගාමීව ශ්‍රී ලංකා විරෝධීන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් ගේ එල්ලී එම චෝදනා උපුටා දක්වමින් ජයලලිතා පවසන්නේ මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගීවීම තමිල්නාඩුවේ ජනයාගේ "හිතරිදවිය හැකි" කරුණක් වන බවයි.
20 වෙනි ආසියා ජවන හා මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා ඉන්දියාවට අවස්ථාවක් ලැබී ඇත්තේ වසර 20කට පසුවය.
මෙයට අමතරව ලබන මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසි වාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව සිය ඡන්දය පාවිච්චි කළ යුතු බවද ජයලලිතා අවධාරණය කරයි.
ජයලලිතා නායකත්වය දරන අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය මන් මොහාන් සින් සභාග රජයේ ප්‍රබල කොටස් කරුවෙකි.
ගිය වසරේ ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ඉන්දියාව සිය ඡන්දය භාවිතාකළේද ජයලලිතාගේ තර්ජන නිසා බව වාර්තාවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි වැඩක් උනානේ (දී)
අනේ පොඩ්ඩක් ඔලුවෙන් හිතන්නකෝ. (නි)
ඒක ඇත්ත සජීව.(ස)
අපිට වීර ගජබා හමුදාවක් සිටියදී අපි කාටවත් බයවෙන්න ඕනෑ නැහැ. (නි)
අපිනම් බය වෙයි.(නදී)
ලංකාවයි දකුණු ඉන්දියාවයි එකතු කරලා රාජ්‍යක් පිහිටවන්නනේ සිහින මැවුවේ. ප්‍රභා අපාගත වුණාට පස්සේ ජයාලගේ සිහින පාටපාට සිහිනයක් වෙලා. බොද මීදුම් වෙලා. (නි)
ඕවට ආවොත් නම් ඉතින් පරාජය ලලිතා පරාජය රාම් කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
තම්ල්නාඩුවේ අයට හිතට දුක ඔබ ක්‍රීඩා නොකරන නිසයි.(නදී)
ඒකතමයි ඇන්ටන්. තවම එයා දන්නෙ නැහැ සිංහලයන්ගේ හැටි. (නි)
අනේ පවු ජයලලිතා. අපි බයේ දුවයි. (නි)
අනේ පව් ජයලලිතා.(නදී)
ලංකාවට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ (දී)
අනේ! එයාට කවුද බය? නේද ලක් වැසියනේ? (නි)
දැන්නම් හොදටම පිස්සු වගෙයි. (නි)
ලලිත සලිත වෙනවා වැඩියි. (නි)
ඔය නෝනගේ කට වහන්න පුලුවන් එක්කෙනාටයි. (නි)
අපේ එක්කෙනා සජිත්ට බයයි. එයා ජයලලිතාට බයයි. (නි)
ගෝඨාභය මහත්තයත් සරත් ෆොන්සේකා මහත්තයත් එකම වේදිකාවකට එනතුරු අපි බලාගෙන ඉන්නවා. එකට සිටිය යුතු මිනිසුන් විරසක වීම අපේ අවාසනාව. රටේ අවාසනාව. (නි)
ජයලලිතා ඔහොමද දන්නෙ නැහැ ඡන්ද ගන්නේ ? (නි)
තමිල්නාඩුවේත් ඉන්නේ ලංකාවේ වගේම "දේශපාලන කට්ටියක්. (නි)
අනේ අනේ අපි බයයි ඔයාට. (නි)
ජිනීවා ළං වෙනවනේ. ඒකයි. (නි)
ටික ටික රෝග ලක්ෂණ පෙන්නනවා වගෙයි. (නි)
හොද තරගයක් බලන්න පුලුවන් වේවි. (නි)