IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජයසුන්දරගෙ එකක් ජයතිලකට

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් පත් කර ඇත.

මෙම ලේකම් පදවිය දැරුයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දරයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් සුධර්ම කරුණාරත්න මහතා සෞඛ්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලැබ සිටියි.

 



අදහස් (0)

ජයසුන්දරගෙ එකක් ජයතිලකට

ප්‍රියාන් Sunday, 25 May 2014 11:01 PM

රටේ ආර්ථිකය පාලනය කරන තැනකට දොස්තරලා දැම්මම ආර්ථිකයට මොනවද වෙන්නේ . (ස)

:       0       0

සුනිල් Monday, 26 May 2014 04:09 PM

අද පරිපාලන සේවේ මාෆියාවක්. හැම එකකටම ඒ කට්‌ටියම රිංගන්න හදනවා. හරියට බල්ලාගේ වැඩේ බුරුවා කරනවා වගේ. ඒ අය තමයි රට කන්නේ වැරදි උපදෙස්වලින්.(නදී)

:       0       0

සත්‍යයා Monday, 26 May 2014 03:58 AM

දොස්තර කෙනෙක් ව කැඳවන්නේ යමෙක් ලෙඩ උනහම. රටේ ආර්ථිකය ලෙඩවෙලා විතරක් නොවෙයි මරණාසන්න වෙලා හින්ද දොස්තර කෙනෙක් ඔය තැනට පත්කරපු එක කාලෝචිතයි. හැබැයි දොස්තරත් ඊට කලින් හිටපු එක්කෙනා වගේම ලෙඩෙක් නම් මීළඟට කැඳවන්න වෙන්නේ මරණ පරීක්ෂක වරයෙක්. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 26 May 2014 05:12 AM

අර පරණ දක්ෂ ක්‍රීඩකයෙක් සංස්ථාවක සභාපති කමට පත්කරලා පොදු ජනතාවගේ මුදල් ඩොලර් කොටිගනනක් කාබාසිනියා කරලා දැම්ම වගේ වැඩක්ද මේක ? අද අපේ රටේ ආර්ථිකය ගැන දන්නා මිනිස්සු අඩුයිද ? (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 27 May 2014 09:45 AM

චින්තා, ඔබගේ අදහස් හරිම ඉස්තරම්. මමත් ඊට එකඟයි. මෙම තනතුරුවලට රාජ්‍ය පරිපාලන නිලධාරීන් පත් නොකළ නිසා තමයි අමාත්‍යාංශවල පරිපාලනය බිඳ වැටීම්, පාලක සේවක ප්‍රශ්න, වංචාව, දුෂණය ඉහවහා යන්නේ.රටේ සුදුස්සෝ නැතුව වගේ වැරදි කරපු , ඉවත් කරපු අයවත් නැවත නැවත පත් කර ගන්නවා. ඉතින් අපේ රට යයිද ඉදිරියට? (නදී)

:       0       0

අසේල කුමාර Thursday, 29 May 2014 08:14 PM

රටේ තියෙන හැම අමාත්‍යංශයකම පරිපාලන සේවයෙන්ම පත්කරන්න ඕනේ ලේකම්ල මොන සේවාවලින් දක්ෂ නිළධාරීන් පත් කරන්න ඕනේ (අ)

:       0       0

චින්තා Sunday, 25 May 2014 04:35 PM

මට හිතාගන්න බැරි ඇයි මේ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදී වෙන වැඩ කරන්නේ. මේ වැඩ කරන්න හොඳ පරිපාලන නිලදාරීන් හෝ ව්‍යාපාර කළමනාකරණය උගත් අය නේද ගන්න ඕනේ. මොහු දක්ෂ නම් මොවුන්ගේ දක්ෂතා යොදාගත යුත්තේ වෛද්‍ය සේවයේ දියුණුවටයි. වෛද්‍යවරු හිග ලංකාවේ ඔවුන්ගේ සේවය උපරිමව ලබාගත යුතු බව ආණ්ඩුවට පෙනේනේ නැද්ද. (අ)

:       0       0

ලුම්බිණි Monday, 26 May 2014 08:54 AM

මේ සියල්ලටම වැරදිලා. අතීතයේ ඉඳපු ස්ථිර ලේකම් වරු කලේ ඇමති වරුන්ට සහ ආණ්ඩුවට එම අයගේ ප්‍රතිපත්ති ගැන උපදෙස් දුන් එක. එක එක යෝජනා වල යහපත අයහපත පෙන්නා දුන් එක. ඒ උපදෙස් අනුව ඇමති වරු පනත් ගේනවා. අද ඉන්න නිලධාරීන් කරන්නේ ඇමති වරයට අවශ්‍ය දෙය. (නදී)

:       0       0

ගයන් Sunday, 25 May 2014 05:38 PM

චින්තා කියක කතාව ඇත්ත. නමුත් ඔය ටික තේරෙන්න බුද්ධිමතුන් පත් කරන්න ඕනේ පාර්ලිමේන්තුවට. (නදී)

:       0       0

චින්තා Sunday, 25 May 2014 05:39 PM

චින්තා - නමින් ලියු කෙනාගේ සටහනේ එක්තරා කොටසකට මමද එකඟ වෙමි. පරිපාලන සේවයේ දක්ෂ උසස් නිලධාරින් මුළු ගැන්විලා ඉන්දැද්දී වෛද්‍ය සේවයේ කෙනෙකු ඒ සඳහා පත් කිරීම නැවත කල්පනා කල යුතු දෙයකි. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වශයෙන්ද වෛද්‍ය වරයෙකු යොදා ගැනීමෙන් නොයෙකුත් අක්‍රමිකතා ඇතිවීමට ඉඩ ඇත. අමාත්‍යාන්ශයක ලේකම් යනු "ස්ථිර ලේකම්" යනුවෙන් හැඳින්වූ රජයේ සිවිල් සේවාවේ හෙවත් පරිපාලන සේවාවේ ස්ථිර නිලධාරියෙකි. ඔවුන්ගේ ප්‍රවීණතාවය, සේවා පළපුරුද්ද සහ දක්ෂකම් අනුව ඒ ඒ අමාත්‍යංශවලට පත් කරන ලදී. කෙසේ වෙතත් මෙහිදී මගේ පුද්ගලික හැඟීම නම්, ජයසුන්දර මහතාට ආර්ථික සංවර්ධන අමාතංශයේ ලේකම් වශයෙන් තවදුරටත් කරගෙන යාමට සලසා භාණ්ඩාගාර ලේකම් තනතුර වෙනත් දක්ෂ පරිපාලන සේවයේ 1 වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුට පැවරීම සුදුසුය යන්නය. එවැනි හැකියාවක් ඇති දක්ෂ නිලධාරින් තවත් කොතෙකුත් ඉන්නවා යයි මම විශ්වාස කරමි. (දී)

:       0       0

කලන Sunday, 25 May 2014 05:40 PM

අනේ අපිට මේකේ හොඳක් නරකක් තේරෙන්නේ නැහැනේ (දී)

:       0       0

එශාන් Sunday, 25 May 2014 05:41 PM

දෙපැත්ත මාරු කරලා බලමු කෝ (දී)

:       0       0

විමාලි Sunday, 25 May 2014 05:48 PM

එහෙනම් දෙන්න යාලු උනා. අපිට හරි සන්තෝසයි. රටේ ප්‍රශ්න එහෙමමයි. කුඩු ඇත,මිනීමරුවෝ වැඩ, රට පිරිහී ඇත. දෙශපාලුවෝ උන්ගේ වැඩ, ජනතාව කොට උඩ. ජයවේවා. (ස)

:       0       0

ඇතුගල Monday, 26 May 2014 10:05 AM

දොස්තරලා ඉන්නේ ලෙඩවලට බෙහෙත් දෙන්නලු. කඩා වැටෙන, මරණාසන්න වූ ආර්ථිකය පන ගන්වන්නත් එක්ක දොස්තර කෙනෙක් පත් කරන එක හොඳයි කියල කෙනෙක් කියනවා.. මම හිතන්නේ එතුමා කියන්නේ අපේ රට ගැන නොවෙයි. මොකද, අපේ රටේ ආර්ථිකය තවම ස්ථාවරයි. වෙන රටවල වගේ අපේ රටේ බැංකු හෝ වෙනත් මහා පරිමාණ ආයතන වහන්ට සිදුවුනේ නැහැ. වැහෙන්නට ගිය සෙලාන් බැංකුවත් රජය බේරා ගත්තා. විරැකියාව නැති කරන වැඩපිළිවෙලවල් යටතේ රැකියා දුන්නා. දෙමින් ඉන්නවා. අලුතින් විද්‍යා හා තාක්ෂණික දියුණුවක් රට තුල ඇති කරනවා. අපනයනය වෙනදාටත් වැඩ ක්‍රමානුකුලව කෙරී රටට ආදායම එනවා. රටේ ආර්ථිකයේ ස්ථාවර භාවය නිසා විශාල වශයෙන් විදේශ ආයෝජන රට තුලට එනවා. මේවා සිදුවෙන්නේ රටේ ආර්ථිකය හොඳ නම් පමණකි. ආර්ථික සංවර්ධන්නයේ වේගය මනින විදේශීය ආයතන ශ්‍රී ලංකා ආර්ථිකය ඉහල ගොස් ඇති බව පෙන්වා දෙන අතර ඉන්දියාව අපට වඩා පහලින් සිටින බව කියයි. තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය අකුලාගෙන හොඳ දේට හොඳයි කියන්නට පුරුදු වෙන්න. (අ)

:       0       0

නිශාන්ත Monday, 26 May 2014 10:12 AM

ලුම්බිණි ඒ කාලෙත් දේශපාලන උපදෙස ක්‍රියාත්මක කලා.කරන්න බැරි අයට වුනේ ඉල්ලා අස් වෙන්න.ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ වයි.ඩබ්ලිව්.ගුණවර්ධන කියන ලේකම් තුමා ඉල්ලා අස් වුනේ ඇයි කියලා සොයා බලන්න. (අ)

:       0       0

හේෂානි Monday, 26 May 2014 11:08 AM

පරිපාලන සේවයේ අය නිසා තමයි රට විනාශ වුනේ. අනෙකුත් සේවාවල අයටත් ලේකම් තනතුර හොඳට කරන්න පුළුවන්. ජයසුන්දර මහතා හොඳ නිලදාරියෙක්. (නදී)

:       0       0

චන්දන Monday, 26 May 2014 11:44 AM

ඔය දොස්තරලට ජයසුන්දර මහත්තයත් එක්ක හැරෙන්නවත් බැහැ (අ)

:       0       0

නාමල් Sunday, 25 May 2014 07:26 PM

චින්තා, වෛද්‍යවරුන් කියන්නේ මේ රටේ ඉන්න වඩාත්ම බුද්ධිමත් කොට්ඨාශය. (නදී)

:       0       0

යොහාන් Sunday, 25 May 2014 08:49 PM

මටනම් මේක එච්චර තේරෙන්නේ නැහැ. හැබැයි මට හිතෙන්නේ දෙන්නාම ජයලා නිසා ජය වෙයි කියලා (දී)

:       0       0

මංගල Sunday, 25 May 2014 08:52 PM

නාමල් 2014-05-25 19:26:39 චින්තා, වෛද්‍යවරුන් කියන්නේ මේ රටේ ඉන්න වඩාත්ම බුද්ධිමත් කොට්ඨාශය. ඔය කියන්නෙ අර සමාගම් සේල්ස්රෙප් ලගෙන් ගන්න සාම්පල් ලෙඩ්ඩුන්ට ලියල දෙන අයගැන නෙවෙයි නේද. (දී)

:       0       0

ඇතුගල Sunday, 25 May 2014 09:37 PM

වෛද්‍යවරුන් කියන්නේ උගත් කොටසකට බව තර්කයක් නැහැ. නමුත් ඔබ කියන්න සේ "වඩාත් ම බුද්ධිමත් කොටස " යයි කීම නම් හිනාවට කාරණයක්. පුංචි කාලේ ළමයින්ගෙන් දෙමවුපියන් අහනවා "පුතා ලොකු උනාම කවුරු වෙන්නද කැමති ?" කියලා. අන්න ඒ ප්‍රශ්නයට ළමයාව පොළඹවන්නේ "දොස්තරකෙනෙක්" කියා උත්තරයක් ලබා ගැනීමටය. එහෙත් ඒ සිහිනය වරද්දාගත් කට්ටිය හිතනවා වෛද්‍යවරුන් තමා ලෝකෙන්ම ඉන්න උගත් කට්ටිය කියලා. ඒ අය වෙදකමට ඉතා සුදුසුයි. එපමණයි. (ස)

:       0       0

නිශාන්ත Sunday, 25 May 2014 09:45 PM

ඔය කියන එක මහත්තයෙක්ගෙ නම් ඔක්කොම වෙන අයට යන තරමට සාමාන්‍ය ජනතාවට හොදයි වගේ. සේවක අර්ථ සාදක අරමුදලේ තුනෙන් එකක් හතරකට නිදහස් කරනවා කිව්වා, අද හෙටම රත්තරන් උකස් කරනවිට සම්පූර්ණ වටිනාකම අරගෙන දෙනවා කිව්වා එකක්වත් නැහැ.හැබැයි ලොකු මිනිස්සුන්ට නම් කල්ල මරේ තියාගෙන කිසිම අපදාවක් නැතුව ගසාකන්න පාර කැපුව ප්‍රධානියා. (දී)

:       0       0

ආනන්ද Sunday, 25 May 2014 09:48 PM

චින්තා ගේ අදහස හරියටම හරි. පරිපාලන සේවයේ නිලධාරීන් දැරිය යුතු තනතුරු වලට තාක්ෂණ නිලධාරීන් පත්කිරීම පරිපාලනයේ පිරිහීමට මුලයි . වෛද්‍යවරයෙක් යොදාගතයුත්තේ වෛද්‍ය සේවයට මිසක් පරිපාලන සේවයට නොවේ . වෛද්‍ය වරයා බුද්ධිමත් වුනාට වෛද්‍ය වරු වෛද්‍ය පීඨය තියන්නේ පරිපාලන නිලධාරීන් බිහිකරන්න නොවේ මංගල. (දී)

:       0       0

සීල Sunday, 25 May 2014 10:05 PM

හිත ගන්න බැරි පත්වීම්. (ස)

:       0       0

විධුෂක Monday, 26 May 2014 02:30 PM

දැනට දශක දෙක තුනකට පමණ කලින් කපටි දේශපාලකයෝ කියන්න පටන් ගත්තේ මේ රටේ මේ ලෝකේ වැඩක් කරන්න බෑ මේ නිලධාරී පැලැන්තිය එක්ක කියලා. "නිලධාරිවාදය" කියල අලුත් තියරියක් මවල ජනතාවගේ ඔඩොක්කුවට දැම්ම ඔන්න නලවපල්ලා දැන් ඉතින් කියලා. නිලධාරීන්ගේ රාජකාරිය ඔය කියන දේසපාලඥයෝ බලෙන් කරට දාගත්තා. දැන් බලාගෙන ගියහම ඒ වැඩේ හරියට කරගන්න බැරිවුනහම දැන් ආයේ ඔන්න "නිලධාරිවාදය' තියරිය දොට්ටදාල. කාල වරෙල්ල කියලා.(නදී)

:       0       0

සෙනෙවි Sunday, 25 May 2014 10:29 PM

ඔය කියන මහ ලොකු පරිපාලන නිලධාරින් තමයි දේශපාලනඥයින්ට ලණු දීල මේ රට ප්‍රපාතයකට තල්ලු කරල තියෙන්නෙ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 18 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10766 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5345 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7555 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5037 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1263 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36524 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 175 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site