සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් පත් කර ඇත.
මෙම ලේකම් පදවිය දැරුයේ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී බී ජයසුන්දරයි.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් සුධර්ම කරුණාරත්න මහතා සෞඛ්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන මහ ලොකු පරිපාලන නිලධාරින් තමයි දේශපාලනඥයින්ට ලණු දීල මේ රට ප්‍රපාතයකට තල්ලු කරල තියෙන්නෙ (ස)
රටේ තියෙන හැම අමාත්‍යංශයකම පරිපාලන සේවයෙන්ම පත්කරන්න ඕනේ ලේකම්ල මොන සේවාවලින් දක්ෂ නිළධාරීන් පත් කරන්න ඕනේ (අ)
චින්තා, ඔබගේ අදහස් හරිම ඉස්තරම්. මමත් ඊට එකඟයි. මෙම තනතුරුවලට රාජ්‍ය පරිපාලන නිලධාරීන් පත් නොකළ නිසා තමයි අමාත්‍යාංශවල පරිපාලනය බිඳ වැටීම්, පාලක සේවක ප්‍රශ්න, වංචාව, දුෂණය ඉහවහා යන්නේ.රටේ සුදුස්සෝ නැතුව වගේ වැරදි කරපු , ඉවත් කරපු අයවත් නැවත නැවත පත් කර ගන්නවා. ඉතින් අපේ රට යයිද ඉදිරියට? (නදී)
අද පරිපාලන සේවේ මාෆියාවක්. හැම එකකටම ඒ කට්‌ටියම රිංගන්න හදනවා. හරියට බල්ලාගේ වැඩේ බුරුවා කරනවා වගේ. ඒ අය තමයි රට කන්නේ වැරදි උපදෙස්වලින්.(නදී)
දැනට දශක දෙක තුනකට පමණ කලින් කපටි දේශපාලකයෝ කියන්න පටන් ගත්තේ මේ රටේ මේ ලෝකේ වැඩක් කරන්න බෑ මේ නිලධාරී පැලැන්තිය එක්ක කියලා. "නිලධාරිවාදය" කියල අලුත් තියරියක් මවල ජනතාවගේ ඔඩොක්කුවට දැම්ම ඔන්න නලවපල්ලා දැන් ඉතින් කියලා. නිලධාරීන්ගේ රාජකාරිය ඔය කියන දේසපාලඥයෝ බලෙන් කරට දාගත්තා. දැන් බලාගෙන ගියහම ඒ වැඩේ හරියට කරගන්න බැරිවුනහම දැන් ආයේ ඔන්න "නිලධාරිවාදය' තියරිය දොට්ටදාල. කාල වරෙල්ල කියලා.(නදී)
ඔය දොස්තරලට ජයසුන්දර මහත්තයත් එක්ක හැරෙන්නවත් බැහැ (අ)
පරිපාලන සේවයේ අය නිසා තමයි රට විනාශ වුනේ. අනෙකුත් සේවාවල අයටත් ලේකම් තනතුර හොඳට කරන්න පුළුවන්. ජයසුන්දර මහතා හොඳ නිලදාරියෙක්. (නදී)
ලුම්බිණි ඒ කාලෙත් දේශපාලන උපදෙස ක්‍රියාත්මක කලා.කරන්න බැරි අයට වුනේ ඉල්ලා අස් වෙන්න.ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ වයි.ඩබ්ලිව්.ගුණවර්ධන කියන ලේකම් තුමා ඉල්ලා අස් වුනේ ඇයි කියලා සොයා බලන්න. (අ)
දොස්තරලා ඉන්නේ ලෙඩවලට බෙහෙත් දෙන්නලු. කඩා වැටෙන, මරණාසන්න වූ ආර්ථිකය පන ගන්වන්නත් එක්ක දොස්තර කෙනෙක් පත් කරන එක හොඳයි කියල කෙනෙක් කියනවා.. මම හිතන්නේ එතුමා කියන්නේ අපේ රට ගැන නොවෙයි. මොකද, අපේ රටේ ආර්ථිකය තවම ස්ථාවරයි. වෙන රටවල වගේ අපේ රටේ බැංකු හෝ වෙනත් මහා පරිමාණ ආයතන වහන්ට සිදුවුනේ නැහැ. වැහෙන්නට ගිය සෙලාන් බැංකුවත් රජය බේරා ගත්තා. විරැකියාව නැති කරන වැඩපිළිවෙලවල් යටතේ රැකියා දුන්නා. දෙමින් ඉන්නවා. අලුතින් විද්‍යා හා තාක්ෂණික දියුණුවක් රට තුල ඇති කරනවා. අපනයනය වෙනදාටත් වැඩ ක්‍රමානුකුලව කෙරී රටට ආදායම එනවා. රටේ ආර්ථිකයේ ස්ථාවර භාවය නිසා විශාල වශයෙන් විදේශ ආයෝජන රට තුලට එනවා. මේවා සිදුවෙන්නේ රටේ ආර්ථිකය හොඳ නම් පමණකි. ආර්ථික සංවර්ධන්නයේ වේගය මනින විදේශීය ආයතන ශ්‍රී ලංකා ආර්ථිකය ඉහල ගොස් ඇති බව පෙන්වා දෙන අතර ඉන්දියාව අපට වඩා පහලින් සිටින බව කියයි. තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය අකුලාගෙන හොඳ දේට හොඳයි කියන්නට පුරුදු වෙන්න. (අ)
මේ සියල්ලටම වැරදිලා. අතීතයේ ඉඳපු ස්ථිර ලේකම් වරු කලේ ඇමති වරුන්ට සහ ආණ්ඩුවට එම අයගේ ප්‍රතිපත්ති ගැන උපදෙස් දුන් එක. එක එක යෝජනා වල යහපත අයහපත පෙන්නා දුන් එක. ඒ උපදෙස් අනුව ඇමති වරු පනත් ගේනවා. අද ඉන්න නිලධාරීන් කරන්නේ ඇමති වරයට අවශ්‍ය දෙය. (නදී)
අර පරණ දක්ෂ ක්‍රීඩකයෙක් සංස්ථාවක සභාපති කමට පත්කරලා පොදු ජනතාවගේ මුදල් ඩොලර් කොටිගනනක් කාබාසිනියා කරලා දැම්ම වගේ වැඩක්ද මේක ? අද අපේ රටේ ආර්ථිකය ගැන දන්නා මිනිස්සු අඩුයිද ? (නදී)
දොස්තර කෙනෙක් ව කැඳවන්නේ යමෙක් ලෙඩ උනහම. රටේ ආර්ථිකය ලෙඩවෙලා විතරක් නොවෙයි මරණාසන්න වෙලා හින්ද දොස්තර කෙනෙක් ඔය තැනට පත්කරපු එක කාලෝචිතයි. හැබැයි දොස්තරත් ඊට කලින් හිටපු එක්කෙනා වගේම ලෙඩෙක් නම් මීළඟට කැඳවන්න වෙන්නේ මරණ පරීක්ෂක වරයෙක්. (අ)
රටේ ආර්ථිකය පාලනය කරන තැනකට දොස්තරලා දැම්මම ආර්ථිකයට මොනවද වෙන්නේ . (ස)
මට හිතාගන්න බැරි ඇයි මේ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදී වෙන වැඩ කරන්නේ. මේ වැඩ කරන්න හොඳ පරිපාලන නිලදාරීන් හෝ ව්‍යාපාර කළමනාකරණය උගත් අය නේද ගන්න ඕනේ. මොහු දක්ෂ නම් මොවුන්ගේ දක්ෂතා යොදාගත යුත්තේ වෛද්‍ය සේවයේ දියුණුවටයි. වෛද්‍යවරු හිග ලංකාවේ ඔවුන්ගේ සේවය උපරිමව ලබාගත යුතු බව ආණ්ඩුවට පෙනේනේ නැද්ද. (අ)
හිත ගන්න බැරි පත්වීම්. (ස)
චින්තා ගේ අදහස හරියටම හරි. පරිපාලන සේවයේ නිලධාරීන් දැරිය යුතු තනතුරු වලට තාක්ෂණ නිලධාරීන් පත්කිරීම පරිපාලනයේ පිරිහීමට මුලයි . වෛද්‍යවරයෙක් යොදාගතයුත්තේ වෛද්‍ය සේවයට මිසක් පරිපාලන සේවයට නොවේ . වෛද්‍ය වරයා බුද්ධිමත් වුනාට වෛද්‍ය වරු වෛද්‍ය පීඨය තියන්නේ පරිපාලන නිලධාරීන් බිහිකරන්න නොවේ මංගල. (දී)
ඔය කියන එක මහත්තයෙක්ගෙ නම් ඔක්කොම වෙන අයට යන තරමට සාමාන්‍ය ජනතාවට හොදයි වගේ. සේවක අර්ථ සාදක අරමුදලේ තුනෙන් එකක් හතරකට නිදහස් කරනවා කිව්වා, අද හෙටම රත්තරන් උකස් කරනවිට සම්පූර්ණ වටිනාකම අරගෙන දෙනවා කිව්වා එකක්වත් නැහැ.හැබැයි ලොකු මිනිස්සුන්ට නම් කල්ල මරේ තියාගෙන කිසිම අපදාවක් නැතුව ගසාකන්න පාර කැපුව ප්‍රධානියා. (දී)
වෛද්‍යවරුන් කියන්නේ උගත් කොටසකට බව තර්කයක් නැහැ. නමුත් ඔබ කියන්න සේ "වඩාත් ම බුද්ධිමත් කොටස " යයි කීම නම් හිනාවට කාරණයක්. පුංචි කාලේ ළමයින්ගෙන් දෙමවුපියන් අහනවා "පුතා ලොකු උනාම කවුරු වෙන්නද කැමති ?" කියලා. අන්න ඒ ප්‍රශ්නයට ළමයාව පොළඹවන්නේ "දොස්තරකෙනෙක්" කියා උත්තරයක් ලබා ගැනීමටය. එහෙත් ඒ සිහිනය වරද්දාගත් කට්ටිය හිතනවා වෛද්‍යවරුන් තමා ලෝකෙන්ම ඉන්න උගත් කට්ටිය කියලා. ඒ අය වෙදකමට ඉතා සුදුසුයි. එපමණයි. (ස)
නාමල් 2014-05-25 19:26:39 චින්තා, වෛද්‍යවරුන් කියන්නේ මේ රටේ ඉන්න වඩාත්ම බුද්ධිමත් කොට්ඨාශය. ඔය කියන්නෙ අර සමාගම් සේල්ස්රෙප් ලගෙන් ගන්න සාම්පල් ලෙඩ්ඩුන්ට ලියල දෙන අයගැන නෙවෙයි නේද. (දී)
මටනම් මේක එච්චර තේරෙන්නේ නැහැ. හැබැයි මට හිතෙන්නේ දෙන්නාම ජයලා නිසා ජය වෙයි කියලා (දී)
චින්තා, වෛද්‍යවරුන් කියන්නේ මේ රටේ ඉන්න වඩාත්ම බුද්ධිමත් කොට්ඨාශය. (නදී)
එහෙනම් දෙන්න යාලු උනා. අපිට හරි සන්තෝසයි. රටේ ප්‍රශ්න එහෙමමයි. කුඩු ඇත,මිනීමරුවෝ වැඩ, රට පිරිහී ඇත. දෙශපාලුවෝ උන්ගේ වැඩ, ජනතාව කොට උඩ. ජයවේවා. (ස)
දෙපැත්ත මාරු කරලා බලමු කෝ (දී)
අනේ අපිට මේකේ හොඳක් නරකක් තේරෙන්නේ නැහැනේ (දී)
චින්තා - නමින් ලියු කෙනාගේ සටහනේ එක්තරා කොටසකට මමද එකඟ වෙමි. පරිපාලන සේවයේ දක්ෂ උසස් නිලධාරින් මුළු ගැන්විලා ඉන්දැද්දී වෛද්‍ය සේවයේ කෙනෙකු ඒ සඳහා පත් කිරීම නැවත කල්පනා කල යුතු දෙයකි. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වශයෙන්ද වෛද්‍ය වරයෙකු යොදා ගැනීමෙන් නොයෙකුත් අක්‍රමිකතා ඇතිවීමට ඉඩ ඇත. අමාත්‍යාන්ශයක ලේකම් යනු "ස්ථිර ලේකම්" යනුවෙන් හැඳින්වූ රජයේ සිවිල් සේවාවේ හෙවත් පරිපාලන සේවාවේ ස්ථිර නිලධාරියෙකි. ඔවුන්ගේ ප්‍රවීණතාවය, සේවා පළපුරුද්ද සහ දක්ෂකම් අනුව ඒ ඒ අමාත්‍යංශවලට පත් කරන ලදී. කෙසේ වෙතත් මෙහිදී මගේ පුද්ගලික හැඟීම නම්, ජයසුන්දර මහතාට ආර්ථික සංවර්ධන අමාතංශයේ ලේකම් වශයෙන් තවදුරටත් කරගෙන යාමට සලසා භාණ්ඩාගාර ලේකම් තනතුර වෙනත් දක්ෂ පරිපාලන සේවයේ 1 වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුට පැවරීම සුදුසුය යන්නය. එවැනි හැකියාවක් ඇති දක්ෂ නිලධාරින් තවත් කොතෙකුත් ඉන්නවා යයි මම විශ්වාස කරමි. (දී)
චින්තා කියක කතාව ඇත්ත. නමුත් ඔය ටික තේරෙන්න බුද්ධිමතුන් පත් කරන්න ඕනේ පාර්ලිමේන්තුවට. (නදී)