1984 වසරේ සිට 50 වරක් ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික සංචාරකයෙක් 650 වැනි රාත්‍රිය බදාදා (07) දඹුල්ල අමායා ලේක් හෝටලයේ දී ගත කළේය.
විශේෂඥ වෛද්‍යවරයකු වූ ගර්ට් කොලාර් (72) ජර්මනියේ පෞද්ගලික රෝහලක අයිතිකරුවෙකි.
අයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු ලංකාවට පැමිණීමට පුරුදු වූ බවත්, අවස්තා 50ක් රාත්‍රී 650ක් තමන් ශ්‍රී ලංකවේ ගත කැර තිබෙන බවත් වෛද්‍ය ගර්ට් කියයි.
ඔහුට සිහිවටනයක් ලබා දෙන්නටත්, රාත්‍රීය විචිත්‍රවත් ලෙස ගත කිරීමටත් අමායා ලේක් හෝටලය සංවිධානය කර තිබිණි.
මෙම සංචාරකයා 1998 වසරේ සිටම අමායා හෝටලයේ නැවැතීම ද විශේෂත්වයකි. එම හෝටලයේ ඇති අමායා සුපිරි නම් වූ කාමරයේ නවතින බව හෝටල් පරිපාලනය කියයි. එම කාමරයේ එක් රාත්‍රියක අය කිරීම රුපියල් 40,000කි.
ඔහු ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා පංචකර්ම ප්‍රතිකාර වලට දැඩි ආශාවක් දක්වන්නෙකි.
වෛද්‍ය ගර්ටි අද පස්වරුවේ 50 වැනි වරට ලංකාවෙන් පිටව ගොස් 51 වැනි අවස්ථාවට සැප්තැම්බර් මාසයේ නැවත පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණදාස මහතෝ, බටහිර රටවල ඉන්නා අය එම රටවල දේවලට කියන්නේ දේශීය දේවල් කියා . නමුත් වෛද්‍ය විද්යාවේ අද දෙපැත්තක් තිබෙනවා ඇලොපති සහ හෝමියෝපති කියා. ඇලොපති බටහිර ක්‍රමය සහ හොමොයෝපති ස්වබාවික ගස් මුල් වගේ දේවලින් සාදන දෙයයි. අපේ ලංකාවේ සහ වෙනත් ආයුර්වේද ක්‍රම වලට සමානයි.(නදී)
යුරෝපයේ ඉන්නවා ලංකාවට වඩා හොරු. සමහර පැති වල සොරකම් වලට යොදවා තිබෙන්නේ කුඩා ළමයින්. ප්‍රධාන නගර වල උමං දුම්රියවල නිතරම සංචාරකයන් දැනුවත් කරනවා සොරුන් ගැන සහ නිතරම විමසිල්ලෙන් ඉන්න කියා (නි)
1984 සිටම බෙහෙත් බොන්නෙ බෙහෙත්වල හොඳකමද ලෙඩේ වැඩිකමද?? (ස)
අර ජයලලිතා කියන අදහස් දැක්වූ කෙනා දන්නේ නැහැ ජර්මනියේත් ලංකාවේ වගේම හොරු ඉන්නවා කියලා. මෙයා කවදාවත් ගමෙන් පිට ගිය කෙනෙක් වෙන්න බැහැ. (නි)
දැන් පාරම්පරික චීන වෙදකම් වලට බෙහෙත් පෙති කරල් හදන්නේ ග්ලැක්සෝ ස්මිත්ක්ලයින්, රෙකිට් ඇන්ඩ් කොල්මන්ස්, ප්‍රොක්ටර් ඇන්ඩ් ගම්බල් වගේ ආයතන.චීන වෙදකම් එතරම් දියුණු වෙලා.අපි ඉතින් අතන මෙතන උද්ඝෝෂණ තිය තියා පුරජෙරුවේ සින්දුව වය වයා ඉඳිමු. (නි)
ගන්දර කිවුව කතාව අය කරමි. කිසිත් නොදන්නා උදවිය නිකන් කෑගහනවා.චීන වෛද්‍ය ක්‍රමය සහ බටහිර පාරම්පරික වෛද්‍ය ක්‍රමය(හෝමියෝපති) සහ ඉන්දීය වෛද්‍ය ක්‍රම දිනෙන් දින දියුණු වෙනවා. (නි)
මට මතක් වන්නේ අර ලංකාවේ ගිය හිත හොඳ දොස්තර කාර්ටුන් ටෙලි නාට්‍ය . (ස)
ලංකාවට සැබවින්ම ආදරය කරන විදේශිකයිනට ආදරයෙන් කරුණාවෙන් සලකන්න අප පුරුදු විය යුතුයි. මුදල් සඳහා පමණක් මිනිසුන්ට සලකන කරන ක්‍රමයෙන් අප බැහැර විය යුතුයි. (ස)
මෙහි අපි නොදකින පැත්තක් තිබෙන්නත් පුළුවන් . අපි සුදු දකින්නේ කලු පැහැයත් තිබෙන නිසා . ඉස්සර එකතරා විදේශ රාජ්‍ය නොවන සන්විධානයක් පාරේ සිටින දුප්පත් ළමයින්ට උදව් කරා . ඔවුන්ට සපත්තු පොලිෂ් ලබාදී පාරේ යන එන මහත්තුන්ගේ සපත්තු පොලිෂ් කර මුදලක් සොයා ගැනිමට . ටික කලකට පසුව අසුවුනා එම සංවිධානය මෙම ළමයින්ව ලිංගික සේවයට විදේශ සංචාරකයන් අතරේ බෙදී ගියා කියලත් . (ස)
ඔබට දිර්ඝායුෂ පතමි!! (නි)
මෙන්න ආදර්ශමත් හොඳ සංචාරක මහත්මයෙක්.(නදී)
ඔබට ජය! (නි)
ඔහු හැමවිටම එන්නේ තනිවමද? (නි)
බටහිර වෛද්‍ය වරුත් දැන් පිලි ගන්නවා දේශීය වෙදකම හොදයි කියලා (දී)
පංච කර්ම කියන්නේ හොද ආයුර්වේද සත්කාරයක්, නමුත් දැන් බොහෝ තැන වල ඒ දේ පාවිච්චි කරන්නේ වැරදි විදිහට (දී)
නිදුක් නිරෝගී ආසිරි මෙතුමාට ලැබේවා. මේ වගේ වැදගතුන් ගෙන්න ගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් කම තියෙද්දී අතලොස්සක් දෙනාගේ වැඩ නිසා සංචාරකයන් අතරේ රටේ නම කතා වෙනවා. (දිල්)
මේ දොස්තර මහත්තයා ගැන හිතන්න දෙපැත්තක් තියනවා. එකක් ජර්මනිය වගේ ලෝකේ හොඳම දොස්තරලා ඉන්න රටක මේ මහත්තය බෙහෙත් ගන්න ලංකාවට එන්නේ අපේ සිංහල බෙහෙත් ඒවාට වඩා ඉතාම හොඳ හින්ද වෙන්න ඇති. ඒත් අපි ශ්‍රී ලාංකිකයෝ සිංහල වෙදෙක් ගාවට යන්නේ සල්ලි නැතිනම්. අනික් පැත්ත අපේ සිංහල වෙදකම් වල රහස් හොයාගෙන ඒවායෙන් එයාල වෙන බෙහෙත් හදනවා වෙන්නත් පුළුවන්. (ස)
ඔහු නිරෝගී වී ..! දීර්ගායු වේවා ..!!නැවතත් සෑම වසරකම අපේ රටට ඇවිත් ආපසු යාමට ඔහු නිරෝගී සෞක්‍ය සම්පන්න මිනිසෙකු වේවා ..!!! (දී)
අපේ දේ අපේ මිනිසුන්ට අගය නැතිවුණාට පිටරටවල මිනිසුන්ට අගෙයි.මේ කෙනා සංචාරක ක්ෂේත්‍රයට කොච්චර නම් වාසියක් ගෙනදීලා තියෙනවද එහෙම බැලුවොත්. (නි)
"විශේෂඥ වෛද්‍යවරයකු වූ ගර්ට් කොලාර් (72) ජර්මනියේ පෞද්ගලික රෝහලක අයිතිකරුවෙකි.ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහු ලංකාවට පැමිණීමට පුරුදු වූ බවත්" අමෙන්න පාඩම් මේ මහතුරු අපේ ඒවා බලාගෙන පෙති හදනවා. අපේ අය පිටරටවලින් ලබා පෙති ගෙන්න ගෙන බොනවා. (ස)
බොහෝ කල් නිදුකින් ජීවත් වෙන්න....!!! (නි)
දොස්තර මහත්තයෝ, ලංකාවේ හරියට හොරු ඉන්නවා. ප්‍රවේශම් වෙන්න (නි)
අපේ රටේ අයට අපේ දේ වටින්නැති වුණාට පිටරට අයට වටිනවා. (ස)
ඇත්ත යම් දවසක මතු වෙනවා කියන්නේ ඔන්න ඕකට තමයි (දී)