IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජීවිතේ මම ලබපු උපරිම සතුට තමයි මගෙ පුතා ලැබුණු දවස

2016-07-30-ent-47

නදිනි පේ‍්‍රමදාස, සිය ගායනා දිවිය අරඹන්නේ සිරස සුපර් ස්ටාර් සීසන් 2 තරඟාවලියෙන්. එතැන් පටන් අද දක්වා ඇය රසික සිත්සතන් ප‍්‍රහර්ෂයට පත් කරමින් ගීත ගායනා කළා. සුවිශේෂ කටහඬකට උරුමකම් කී නදිනිට නව ආරක ගීත සම්ප‍්‍රදායක් මෙරට ගීත ක්ෂේත‍්‍රයේ ගොඩනගන්නට හැකිවූයේ ඇෙඟ් නිසඟ හැකියාවන් නිසාවෙන්මයි. දුටුවන්ගේ සිත් පැහැර ගන්නා රුවක් හිමි මේ අපූරු ගායනා තරුව නදිනි පේ‍්‍රමදාස වෙනුවෙනුයි මෙවර ‘‘ජීවිතේ මල්’’ වෙන්වන්නේ.

 

2016-07-30-ent-37

2016-07-30-ent-44මම 8 වසරෙ ඉද්දි සමස්ත ලංකා නාඩගම් ගී ගායනයෙන් දෙවැනි ස්ථානය ලබාගත්තා. ඒක තමයි මගෙ පළමු ජයග‍්‍රහණය. ඒ මගෙ ජීවිතේට අමතක නොවනම දවසක්. ලංකාවෙන්ම දෙවන ස්ථානය ගත්තා කියන්නෙ ලොකු ජයග‍්‍රහණයක්, මොකද බස්නාහිර පළාතෙන්ම පළමු ස්ථානය අරගෙන ඊට පසුව ලංකාවෙ පාසල් සියල්ලත් එක්කම තරඟකරලා තමයි දෙවන ස්ථානය ලබාගත්තෙ. ඒක ඉතින් මගේ ජීවිතේ ලබපු ලොකු සතුටක් සහ සුවිශේෂි මතකයක්.

 

 

2016-07-30-ent-38

මගේ A/L රිසල්ට් ආපු දවසක් සොඳුරු මතකයක් සහ ලොකු සතුටක් ගෙනදුන්නා. A/L කියන්න ජීවිතේ ලොකු කඩඉමක්, ඒක ජයගන්න ලැබීම සතුටක් වගේම ලොකුම වාසනාවක්. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ඉතින් පළමු වතාවෙන්ම මට A2 B1 ගන්න හැකියාව ලැබුණා. A/L කළේ කලා අංශයෙන්, ඉතින් මම ගොඩක්ම ආසාවෙන් හිටියේ විශ්වවිද්‍යාලයට යන්න. ඒ බලාපොරොත්තුවෙන් හිටියා වගේම මට විශ්වවිද්‍යාලයට යන්න වරම් ලැබුණා.

 

 

2016-07-30-ent-39

විශ්වවිද්‍යාලයට තෝරද්දී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න මට හැකියාව ලැබුණා. ඒ සඳහා තේරීපත්වෙන්න තමයි මගෙ ලොකුම ආසාව තිබුණෙ. නමුත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරෙන්න A/L ලකුණු තිබුණත් මදි. ඒ වෙනුවෙන් වෙනත් විභාගයක් පවත්වනවා. ඉතින් ඒ විභාගයට මුහුණදීලා එයිනුත් ජයගන්න මට හැකිවුණා. එය ලොකු ජයග‍්‍රහණයක්. මොකද මට සංගීත අංශයෙන් ඉදිරියටම යන්න කැමැත්ත තිබුණෙ. ඒ දුර යන්න සුදුසුම තැන තමයි සෞන්දර්්‍යය විශ්වවිද්‍යාලය. ඉතින් පළමු විභාගයෙන්ම ඒ සඳහා ඇතුළත් වෙන්න ලැබීම ගැන කියන්න බැරි තරමේ සතුටක් තියෙනවා.

 

 

2016-07-30-ent-40

මම සුපර් ස්ටාර් සීසන් 2 තරඟයෙන් අවසාන 12ට තේරීපත් වුණ එකත් ජීවිතේ මම ලබපු ඉහළම සතුටක්. ඒ තරඟයට මම සහභාගි වුණේ 2006 අවුරුද්දෙ. ඒ අවුරුද්දෙ සිට 2007 දක්වාම තරඟය පැවැත්වුණා. ඒ සඳහා තරඟකරුවන් 51,000 සහභාගි වෙලා හිටියා. ඒ කාලෙ හැටියට 51,000 කියන්නෙ විශාල ප‍්‍රමාණයක්. මම පළමුවෙන්ම තරඟය සඳහා ගියෙ සුගතදාස ක‍්‍රීඩාංගනයට. ඒ ගිය දවසෙම හිටපු සෙනඟ දැක්කම මම කවදාවත් හිතුවෙ නෑ මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා. නමුත් මට අවස්ථාව ලැබුණා ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදිරියට යන්න.

ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඊටත් වඩා සතුටු වුණේ අවසාන 12ට එන්න ලැබීම ගැන. මොකද මගෙ ඉලක්කය තිබුණෙත් අවසන් 12ට එන එක. ඉතින් ඒ දවසෙ මට කියන්න බැරිතරම් සතුටක් දැනුණා. මොකද 51,000 අතරින් 12ට ඒම ලොකු වාසනාවක්නෙ. ඒ ආවට පස්සෙ තමයි තවත් ඉදිරියටම යන්න ආසාව ඇතිවුණේ. ඉතින් මට අවසාන 5 දක්වාම එන්න ලැබුණා. ඒක මම ලබපු ලොකු ජයග‍්‍රහණයක්,

 

 

2016-07-30-ent-41

සුපර් ස්ටාර් තරඟයේ අවසාන තරඟ රාත‍්‍රියත් මගෙ ජීවිතේ සුවිශේෂ දවසක් වුණා. මම අවසාන දෙදෙනාට ආවෙ නැතත් එදා තමයි අපි ජීවිතේ පළමු වතාවට ප‍්‍රසංග වේදිකාවෙ ගායකයෙක් ගායිකාවක් විදියට ප‍්‍රෆෝම් කළේ. එදා අපිට ලොකු ප‍්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම ඉතා ලොකු පිරිසක් තරඟය නරඹන්න ඇවිල්ලා හිටියා. ගොඩක් අය තරඟය නරඹන්න ඒ ස්ථානයට එන්නත් පොරකෑවා. ඉතින් ඒ විදියට ඉතා ඉහළ ප‍්‍රතිචාර තිබුණෙ. එවැනි ප‍්‍රතිචාරයක් ලැබීම ලොකු ජයග‍්‍රහණයක්. ගායිකාවක් විදියට මගෙ නම මිනිස්සු හඳුනගෙන තියෙනවා කියලා ඒ මොහොතෙ දැනුණා. ඉතින් මම අතිශය සතුටු වුණ දවසක් වුණා සුපර් ස්ටාර් සීසන් 2 අවසාන රාත‍්‍රිය.

 

 

2016-07-30-ent-42

මම විවාහ වුණු දවසත් මගේ ජීවිතේ ලොකු සතුටක් ගෙනදුන්න විශේෂ දවසක්. විවාහ වුණේ 2011 අපේ‍්‍රල 8 වැනිදා, ඒ මීට අවුරුදු පහකට කළින්, ජීවිතේ අපි හැමෝම ප‍්‍රාර්ථනා කරනවා වගේම මම ආස කරන, මගෙ විදියෙම කෙනෙක් ජීවිතේට ලැබුණා. ඒ නිසා තමයි ඉක්මණින්ම විවාහ වුණෙත්. එදා ලොකු සතුටක් දැනුණා. ඉතින් එදා වගේම මේ දක්වා අවුරුදු පහක් ගත වුණත් ඒ සතුට තාම තියෙනවා. ජීවිතෙත් හරි සතුටින් ගත කරගෙන යනවා.

 

 

2016-07-30-ent-43

ජීවිතේ මම ලබපු උපරිම සතුට තමයි මගෙ පුතා ලැබුණු දවස. ඒ දවසෙම මල් දාහක් පිපුණා වගේ දැනුණෙ. ඒ තරමට සතුටක් ගෙන දුන්නා. ඒ දවස තමයි 2014 පෙබරවාරි 7 මට ලැබුණෙ පුතෙක්. ගොඩක් ආසාවෙන් හිටියෙත් පුතෙකුට. ඒ හිතුවා වගේම මට පුතා ලැබුණා. දැන් එයාට අවුරුදු 2යි මාස 5ක් වෙනවා. දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි වගේ හැඟීමක් මා තුළ තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි. මගෙ පුතාගෙ නම ආර්යන් අබේසිංහ.

 

ධනු විජේරත්න / ඡායාරූප සඳුන් ගමගේ

 

sandalla

 

2016-07-30-ent-45
2016-07-30-ent-46
 



අදහස් (0)

ජීවිතේ මම ලබපු උපරිම සතුට තමයි මගෙ පුතා ලැබුණු දවස

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 867 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1971 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 640 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 354 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 921 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1518 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39104 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site