ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් නුවර පැවැත්වෙන ජවිපෙ සම්මන්ත්‍රනයක් ඇමතීමට නියමිත බව ජවිපෙ ලන්ඩන් කමිටුව කියයි.
මෙම රැස්වීම මැයි 24 වැනිදා දහවල් 3 ට වෙම්බ්ලියේ පැවැත්වෙයි. මේ අතර දෙවැනි රැස්වීමක් මැයි 26 වැනි දින සවස 5 ට ලිවර්පුල් හෝප් විශ්ව විද්‍යාලයේදී පැවැත් වීමට යයි.
මෙම සම්මේලනයන්හිදී ජනතා විමුක්ති පෙරමුණෙහි ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත.
පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්වු මැයි දින පෙළපාළිය සහ රැලිය සඳහා ද ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් කමිටු සාමාජිකයෝ සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ රටවල් තාක්ෂණය දියුණු වූ නිසා දියුණු වුණා. රුසියාවේ කොමියුනිට්ස් පක්ෂයට 1% ක්වත් ජන්ද දැන් ලැබෙන්නෙ නැහැ. නැගෙනහිර යුරෝපයේ අනිත් රටවලත් එහෙමයි. ලෝකයේ වැඩිම පන්ති පරතරයක් තිබෙන රටක් චීනය. වියට්නාමය, ලාඕසය උතුරු කොරියාව වගේ රටවල් අපට වඩා බෙහෙවින් පසුගාමියි. ඕකයි ඇත්ත තත්ත්වය. (නි)
වර්තමාන ජවිපය සමාජවාදය පෙන්නල එහි සිටින සාමාජිකයන් තෘප්තිමත් කිරීමෙන් ඔවුන් පක්ෂය තුල රදවා ගන්නට උත්සහ කරයි. නමුත් අනුර ඇතුළු ඉදිරිපෙළ සියලුම දෙනා ධනපති ප්‍රතිසංස්කරණ පිළිගන්නා උදවිය වේ. ඔවුන්ගේ ආදර්ශය චීනයයි. චීනය නමට පමණක් සමාජවාදී වේ , (ස)
ඉහත ඡායාරුපවල පෙළපාලියේ යන හත් අට දෙනා ලංකාවේ ජනයා වෙනුවෙන් විප්ලවයක් කරන්න ලංකාවේ පදිංචියට එන්න කැමතිද? 'සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් ! (ස)
මම දැක්කා හීනයක්. අපේ රටට සුද්දෝ බෝට්ටු වලින් එනවා සරණාගත වීසා ඉල්ලාගෙන. (නි)
අනුර කුමාර හොඳයි. නමුත් බහුතරයක් මාක්ස්වාදයට කැමැති නැහැ. මිනිස්සු කතා අහන්නත් ආසයි. ඡන්දය දෙන්න බයයි . බලයට එන්න නම් වෙනසක් කරන්නම වෙනවා (නි)
ඒක එයාගෙ අයිතිය (නි)
ඇත්තටම මේ අදහස් පළ කරන ගොඩක් අය ගැන රටේ පුරවැසියෙක් හැටියට ගොඩක් කනගාටුවකුත්, දුකකුත්, ලැජ්ජාවකුත් ඇති වෙනවා. මොකද මේ කිසි කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණ මේ රටෙත්, ලෝකයේත් යහපත උදෙසා කරන සහ කරගෙන යන කිසිම අවබෝධයකින් නොවේ අදහස් පළ කරන්නේ. සමහරු කුහකකමට අදහස් පළ කරලා තියෙන්නේ. ඒ නිසා අඩුම 2010 වර්ෂයේ සිට වත් ජනතා විමුක්ති පෙරමුණ ගැන හොඳින් ධනාත්මකව අධ්‍යනය කර බලන්න. මම මේ රටේ තරුණයෙක් විදියට කියන්නෙ. ඔබට ජය. (ස)
මම අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලනයට එකග තාවයක් නැහැ ,,,,,, එත් අනුර කුමාර විතරයි පවතින රජයේ හොර මැරකම් සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන එකම පුද්ගලයා ,,,,ඒක ශ්‍රී ලාංකික අපි හැමෝම අනිවාර්යෙන්ම පිළිගත යුතු කරුණක් (අ)
ඉන්දිකගේ අදහස හරි. දැන් ඉන්න ධනපති පාලකයෝ ටිකම ගැන කතා කර කර ඉන්නවා මිසක් මේ වගේ පක්ෂයක් ගැන හිතන්නෙත් නැහැනේ. මේක තමයි අපේ රටේ විනාශයට මුල. (නි)
ඔබතුමාගේ කටයුතු සාර්ථක වේවා! (නි)
ලෙනින් වාදය මාක්ස් වාදය සමාජවාදය මේවා කන බොන වෙලාවට සහ පාසල් යන කාලයට විශ්ව විද්ද්යාල වල ඉන්න කාලයට කතා කිරීම සහ උසිගැන්වීමට පෙළඹීමට හොඳ වුනත් .ප්‍රායෝගිකව හොඳ දෙයකුත් නෙමේ . පාසල් කාලයේදී සහ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ මේවා කරනා සියල්ලන් හොඳ උසස් රැකියාවක් ලැබුන ගමන් මේවට පයින් ගසා විරුද්ද දේවල් කරන්නේ . සෝවියට් දේශයත් චීනයත් වෝර්සෝ කලාපයේ තිබු සමාජවාදී රටවල් එකක් වත් අද වන විට ඔය කියනා සමමාජ වාදී විප්පලවාදී අදහස් බැහැරකර ධනවාදී ක්‍රමය කරා ඇදෙනවා . අපේ රට සහ තවත් නොදියුණු රටවල් කිහිපයක් විතරක් මේ විප්පලව වාදී අදහස් තවම බද ගෙන කෑ ගසන්නේ. (ස)
අැයි මිනිස්සු ජ වී පෙ තේරුම් ගන්න උත්සාහ නොකරන්නේ? මිනිස්සුන්ගේ තියෙන කැත කම නිසාද? (නදී)
මෙහි වැඩිපුර ඇති අදහස් දෙස බැලූ විට මට හැඟුනේ මේ රටේ බහුතරයකට අවශ්‍යව ඇත්තේ අගහිඟකම්, රැකියා විරහිතභාවය, වැඩවර්ජන, ඉන්න හිටින්න තැනක් නොමැතිව දුගී දුප්පත්කමින් මිරිකෙමින් සිටීමට කැමති බවය. එහෙමත් නැත්තම් නොදැනුවත්කම හෝ මෝඩකම වෙන්න ඇති. (නි)
විප්ලවයේ අර්ථය මෙයද? (නි)
විනාශ වූ රට නැවත ගොඩගත හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව ඒ අයගේ ආදර්ශ වලින් පෙනෙනවා.අවංක, ප්‍රතිපත්තිගරුක, කැපවීම් ඇති අයයි ජවිපෙ වටා ඉන්නේ. ජවිපෙට ජයවේවා! (නි)
විප්ලවවාදී රජයක් තිබෙන උතුරු කොරියාවේ නායකයා විඳින සැපපහසුකම්, කන බොන ඒවා සාමාන්‍ය ජනතාවට නැහැ. නායකයට විරුද්ධව කතා කළත් ඇති මරා දමන්නට හෝ දස වධ විඳින්නට. ඉස්සර සෝවියට් දේශයත් චීනයත් එහෙමයි. (නි)
මෙහි පින්තූර වල සිටිනා අයගේ ශරීර දුටුවිට ලොකු වෙනසක් දකිනවා . දුප්පත් 3 වන ලෝකයේ කම්කරුවන්ගේ ශරීරයත් ,ධනවාදී රටවල කම්කරුවන්ගේ ශරීරයත්... ලංකාවේ අපේ අය දියුණු රටක සිටියත් මොළය දියුණු කර ගන්නේ නැහැ. නැත්නම් ඔය රටවලින් ඉගෙන ගන්නට කොපමණ දේවල් තිබෙනවද? මෙය ලිවීම ගැන සමහර කට්ටිය සිතේ පීඩාවක් ඇති කර නොගෙන පොඩ්ඩක් සිතා බලන්න, මෙහි අරුත (නි)
හැමදාම අනිත් අය අල්ලලා හොඳ හැටි නාවන බන්දුල මහත්තයා, මම නාන හැටි හීනෙන් දැකලා වගෙයි. හැමදාම ආණ්ඩුවට බනින්න ජනතාව පොළඹවන ඔබට අද නම්, කියාගන්න කිසිම දෙයක් තිබිලා නැහැ වගෙයි. සමහරවිට බන්දුල හිතනවා ඇති සමාජවාදය කියන්නේ පාලකයින්ට කඩේ යන එකයි කියලා. (නි)
පුෂ්පසිරි පැරිස්, ඉතින් අපේ රටේ සමහරුත් දවසක් වෙනුවෙන් රුපියල් කෝටි ගාණක් වෙන්කරගෙන තියෙනවනේ. ඔය කියපු අනිත් ඒවත් සම්පුර්ණ කරලනේ.නමුත් හිතන්න ජනත විමුක්ති පෙරමුණ කියන්නේ සමාජවාදයෙන් නවීකරණය වූ පක්ෂයක්. ඔවුන්ට කැපවීම සහ දැක්මක් තිබෙනවා. ඉතින් එහෙම රජයක් නේද අපිට ඕනෑ?අලුතින් හිතන්න පුරුදු වෙන්න. අපි අලුත් ගමනක් යමු ඔවුන් සමඟ. ජයවේවා! (නි)
ලෝකයේ අනෙක් මිනිසුන් උදෙසා තම ජීවිත කැපකළ මිනිස්සු ගැන දන්නේ ටික දෙනයි.දැනගත්තත් ඒවා පිළිගන්න කැමති නැහැ.මොකද එහෙම කළාම තමන්ගේ හිස් බව බොල්බව පෙනෙන නිසා. ඒ විතරක් නොවෙයි, එවැනි මිනිස්සුන්ට නැති තැන පහර දෙන්නත් සමහරු දඟලනවා. ඒ බොරු වීරත්වයක් අරෝපණය කරගන්න (නි)
මේ ගැන කැමරන් බයවෙලා ඇති. ඒකයි පොලිසියේ කට්ටිය පෙළ ගැහිලා දිගටම එන්නේ. පෙළපාලිකරුවන්ට වැඩිය පොලිසියෙන් ඉන්නවා කියලත් පෙනෙනවා. (නි)
මම හිතුවා එංගලන්තයේ ඉන්න ශ්‍රිලංකිකයෝ බුද්ධිමත් කියලා නමුත් දැන් තමයි මට තේරුනේ ........ එහි ඉන්නවයි කියලා.(දී)
මේ සාකච්චාවට ලන්ඩන්ම යන්න ඕනේ උනාද? (දී)
හොඳයි. ගිහිල්ලා එන්නකෝ (නි)
මෙයාලගේ ප්‍රතිපත්ති මොනවාද? ඕවට උදව් දෙන මිනිස්සු ලන්ඩන් වල ඉන්නවා කිවුවම නම් අපට පුදුමයි. (නි)
අලුත් නායකතුමා අධිරාජ්‍යවාදයේ ඔලුවටම ඇණය ගහලම සටන පටන් ගන්න වාගේ හදන්නේ. අහිංසක කොල්ලෝ ටිකක් එහෙට වෙලා කීයක් හරි හොයාගන්න වැඩේට එහෙම ඔන්න 'අංචියක්' අදින්න එපා හොඳේ (නි)
"සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියවු" පින්තූර ටික දැක්කහම ඉබේටම කියවුණා. (නි)
හැබැයි ලොක්කාට නම් ගැළපෙන්නෙම ඔය රට තමයි (නි)
මීට පෙර සිටි නායකයෙකුත් කලක් මේ රටේම සිටියා නේද? (නි)
අනුර කුමාර මහත්මයා ශ්‍රී ලංකා දේශපාලනයේ සිටිය යුතු උදාර පුද්ගලයෙක්. හැබැයි එතුමලාගේ ඔය මාක්ස්වාදී ප්‍රතිපත්ති නම් වර්තමානයට නොගැළපෙන බව තමයි මගේ අදහස. අපි තවමත් සමාජවාදය ඉගෙනගන්නවනේ. නමුත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ රුසියාව ඇතුළු නැගෙනහිර යුරෝපිය රටවල තරුණ පිරිස මීට බොහෝ කලක සිටම බටහිර යුරෝපයට සංක්‍රමණය වී තිබෙනවා. ඒ ආසාවට නම් නොවෙයි. එම තරුණ පිරිසෙන්ම අසා දැනගත හැකියි එම රටවල ක්‍රියාත්මක වූ සමාජවාදී ආර්ථිකය ගැන. (නි)
ලංකාවත් කාලා,මේ රටත් කන්න යන්නේ. විප්ලව කරන්න ඕනේ නම් ඒක ලංකාවේ කර ගත යුතුයි. මොන වාගේ දර්ශනයක් ද දන්නේ නෑ මේ අයට තියෙන්නේ ? මේ රටවල් දියුණු වුනේ ඔය මාක්ස්වාදී විප්ලවවාදී අදහස් බැහැර කරපු නිසා. ඔය අදහස් දරපු සහ මාක්ස්වාදී රජයවල් තිබුණ රටවලුත් ඒවා බැහැර කරලා. අපේ මිනිස්සු තාම ඒවා කර තියන්. රට අස්ථාවර කිරීමක් පමණයි කරන්නේ. (ස)
අනෙක් අයගේ අදහස් කෙසේ වෙතත් කුසුම් ස්වාධීනව හිතන නිසා ඔහුට හෝ ඇයට මගේ දැනීමේ හැටියට මගේ අදහස මෙසේ කියන්නට සිතුනා. සෝවියට් සංගමය බිඳ වැටුනේ සමාජවාදයේ වරදක් නිසා නොවෙයි.20 වන ශත වර්ෂයේ 1917 න් පටන් ගත් අඩු දියුණු පසුගාමී සෝවියට් රාජ්‍ය 1960 දශකය දක්වා විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත්, අභ්‍යවකාශය ජයගැනීමත් සමග ලෝක බලවතෙක් බවට පත්වී තිබුනා. 1944 දීත් හිට්ලර්ට එරෙහි තීරණාත්මක සටන කළෙත් සෝවියට් රතු හමුදාවයි. ස්ටාලින්ගේ නිළධාරීවාදී පීලිපැනීම් නිසා ක්‍රමානුකුලව සමාජවාදයේ මුලික ප්‍රතිපත්ති වලින් ඉවත් වීමේ ප්‍රතිපලය නිසා තමයි එය බිඳ වැටුනේ. අද ලංකාව තුලත් බුදු දහමේ නාමයෙන් බුදු දහමට හානි කරන දේ සිදුවිමෙනුත් මෙවැනිම දෙයක් සිදුවීමට ඉඩ ඇති නමුත් එහි වැරැද්ද බුදුදහමේ නොවේ. රුසියාව තුල අදටත් පැරණි සෝවියට් සංගමයේ බොහෝ දේ අගය කරනවා. (නි)
කොහොමත් මේකේ මධ්‍යම පන්තිකයන් කියලා හිතා ඉන්න අයගෙන් හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බැහැ (නි)
පහුගිය ටිකේ අපි ඒත් මොකද කියලා කල්පනා කළා. (නි)
ලංකාවට කැමරන්ගේ සහය නොලැබුනත් සමහරුන්ට නම් ලැබෙන බව කතා දෙකක් නැහැ. (නි)
මිහිර ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි! මගේ අදහසෙහි සමාජවාදී සංකල්පයේ කිසිදු වරදක් ඇති බව මා ලියා නැහැ. මා ලියා ඇත්තේ එය වර්තමානයට ප්‍රයෝගික නොවන හා නොගැලපෙන බවයි. සෝවියට් දේශය අභ්‍යවකාශය ජයගත්තේ සමාජවාදයේ ප්‍රතිපලයක් ලෙස නම් නොවෙයි. සමාජවාදී ක්‍රමය තුල ජනතාව බොහෝ සෙයින් පීඩාවට පත්ව සිටි බව නම්, එම රටවල වෙසෙන බොහෝ තරුණ පිරිස් මා සමග පවසා තිබෙනවා. පොත් පත් වල ලියා තියන ඒවාට වඩා මම කනින් ඇසු දෙය වඩා ප්‍රායෝගිකයි කියල තමයි මට නම් හැඟුනේ. පාලකයන්ට වංචා දුෂණ පහසු කරන, රජයට මුදල් තිබුනත් එය ජනතාව අතර බෙදී නොයන ජනතාවට කතා කිරීමේ නිදහස බොහෝවිට අහිමි පාලනයක් පවතීන බව තමයි ඔවුන් මා සමග පැවසුවේ. නැගෙනහිර යුරොපියන්ගේ රටවල සමාජවාදී ආර්ථිකය යහපත් ලෙස තිබුණා නම්, ඔවුන් කිසිදා බටහිර රටවල් වලට සංක්‍රමණය වන්නේ නැහැ නේද? කෙසේ වෙතත්, කුමන පාලනයක් හමුවේ උවත් යහපත් පාලකයින් සිටින කල ජනතාවට සෙතක්, යහපතක් මෙන්ම දුෂ්ඨ පාලකයින් සිටින විට ජනතාවට අයහපතක් වෙන බව නම් සත්‍යයක්. (ස)
කුසුම් නගා නාගෙන. (නි)
උතුරු කොරියාවට යන්නේ නැද්ද? (නි)
සමාජවාදය ප්‍රායෝගික නැහැ. සමාජවාදයේදී කෘතිමව ආර්ථිකය හසුරුවන නිසා ආර්ථික වර්ධන වේගය පහළ බහිනවා . අනිත් කාරණාව නම් ධනපති පංතිය හා නිර්ධන පංතිය යන සංකල්ප අදට වලංගු නැහැ. උත්සාහය තිබේ නම් ඕනෑම කෙනෙකුට ධනපතියෙක් වෙන්න පුළුවන්. සෝවියට් දේශය 1960 වන විට ලෝක බලවතෙකු බවට පත්වන්නේ ඔවුන් විද්‍යාව හා තාක්ෂණය වෙනුවෙන් විශාල ආයෝජන සිදු කළ නිසා. නමුත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගියේ ඉතා අඩු වේගයකින්. නමුත් දැන් රුසියාව සමාජවාදී පාලනයෙන් මිදී ඇති නිසා ඔවුන් ආර්ථික වශයෙනුත් බලය අතිනුත් ඉහළ තැනක ඉන්නවා. (නි)
කොහොමත් 80 ගණන්වල මුලදී බටහිරට සහ අධිරාජ්‍යවාදයට බැන බැන සිටි ජ.වී .පෙ ලොක්කන්ගේ අවරුදු 12 පමණ නවාතැන අධිරාජ්‍යවාදයේ මුදුන් මල්කඩ වැනි ලන්ඩන් නුවර , (ස)