IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජවිපෙ රැලිය දෙහිවලින් පිටත් වේ

ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාළිය අද (1) සවස එකට පමණ දෙහිවල එස් ද එස් ජයසිංහ පිටියෙන් ආරම්භ විය.

 එම පෙළපාලිය කොළඹ බී ආර් සී පිටිය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැලිය පැවැත්වීමට නියමිතය

 විචිත‍්‍රවත් ලෙස සැකසු විවිධ තේමා රැගත් වාහනද පෙළපාළියේ  ගමන් කළේය.

ජවිපෙට සම්බන්ධ දේශපාලන සංවිධාන ,වෘත්තීය සමිති ,කාන්තා සංවිධාන ,කලා සංවිධාන හා මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් සාමාජිකයෝද ඊට එක් වුහ.

ඡායාරූප - ජවිපෙ මාධ්‍ය අංශය

 



අදහස් (0)

ජවිපෙ රැලිය දෙහිවලින් පිටත් වේ

ගජමාන් Thursday, 01 May 2014 08:41 PM

විජේවීර රටට හිතවත් නායකයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නෙමෙයි. විජේවීරගේ මොළය වගේ මොළයක් අපට නැවත ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

චාමි Thursday, 01 May 2014 09:28 PM

බන්දුල , නිකන් බොරුවට කෑගහන්න එපා (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 02 May 2014 08:38 PM

අනේ ගුණසේකරලා මේ කොහේ තියෙන සමාජවාදයක් ගැනද කතා කරන්නේ? (නි)

:       0       0

සුනිල් විතානගේ Thursday, 01 May 2014 04:10 PM

සෙනග නැති නිසා සංවිධානය කරන්න ලේසියි. (ස)

:       0       0

රණවීර Thursday, 01 May 2014 09:52 PM

ඔබගේ පක්ෂය රටට අවශ්‍ය බව අපට දැන් තේරෙනවා. ජය පතනවා. ඉස්සරහට අපේ ගෙදර කට්ටියගේ සහයෝගයත් ඔබ පක්ෂයටයි.

:       0       0

චමී Thursday, 01 May 2014 03:47 PM

මමත් උඩතට්ටුවෙි ඉදන් සෑහෙන වෙලාවක් බලන් හිටියා.ලස්සනට තිබුණා. (අ)

:       0       0

නිශාන්ත Thursday, 01 May 2014 03:48 PM

රටේ ඉදිරි බලාපොරොත්තුව ඔබයි..(දිල්)

:       0       0

මොහාන් Thursday, 01 May 2014 03:50 PM

හරියට සෙනග ඉන්නේ මෙම රැලියේ විතරයි. මොකද මෙතන ඉන්න කවුරුත් ලාබ ප්‍රයෝජන බලාගෙන ආපු අය නෙමේ.කොහොමත් මෙම පක්ෂයේ සංවිධාන ශක්තිය ඉහළය .(දිල්)

:       0       0

ලාල් කොඩිතුවක්කු Thursday, 01 May 2014 09:09 PM

අපි ඉක්මණින් ජයගන්නවා. (ස)

:       0       0

රත්නසිරි Thursday, 01 May 2014 09:13 PM

විජේවීරට හොද බුද්ධියක් තිබුනා ...71 කැරැල්ලට වන්දි ගෙවන්න මගේ පියාටත් සිද්ධ වුනා නිකම්ම ඉදලා. 89 දී මටත් මගේ ජීවිතය බේරා ගන්න අධ්‍යාපනයටත් සමාව දෙන්න සිදුවුනා. එජාපයට එදා තරුණ එවුන් පෙන්නන්නවත් බෑ අතුරු දහන් කරණවා. විජේවීරත් අවසන් ගමනට යැව්වේ එජාපයේ අය. අද ඉන්න ජවිපයට විජේවීරව ගාව ගන්නවත්, ඒ දර්ශනය නෑ. නමුත් ඒ අතීතයේ මේ රටේ තරුණ තරුණියන් බිල්ලට දුන් ජාවිපයටත් දැන් මෙතන හුරේදාන අයටත් ජීවිතවල අගයක් නැත.(ස)

:       0       0

රොෂාන් වෙරෝන Thursday, 01 May 2014 04:40 PM

සුනිල් මතකතබා ගන්න දිය බින්දු බින්දු එකතුවෙලා ගංගාවක් හැදෙනවා කියලා (ස)

:       0       0

මොහාන් Thursday, 01 May 2014 09:18 PM

බන්දුල 2009 ට කලින් කිලිනොච්චි ගිය නම් සිංහලයකු නිසාම ඔහුව මර දමනවා. එත් 1989 දී දෙමල පුද්ගලයෙක් තංගල්ලට ආව නම් දෙමළෙක් නිසා ජේ වී පි එකෙන් මර දමන්නේ නැහැ, ප්‍රභාකරන් මන් මිනීමරු ත්‍රස්තවාදියා සහ විජේවීර නම් විමුක්තිකාමියා අතර වෙනස දකින්න පුළුවන්.(ස)

:       0       0

ජයසිංහ Friday, 02 May 2014 11:28 AM

මන්ත්‍රීකමවත් නැති සමහර පැරදුන කට්ටිය කොහොමද දන්නේ නැහැ කාලා බීලා සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ? (නි)

:       0       0

විශ්වජිත් පුනර්ජීව Thursday, 01 May 2014 10:11 PM

ආගමක් දහමක් නැති අය කොහොමද රට ගොඩනගන්නේ..? මොකද්ද දර්ශනය..? කාල්මාක්ස්, චේ ගේ දර්ශනයද..? මේවා ලංකාව වගේ රටකට ගැලපෙයිද..? මේ පොළොවේ ඉන්න ඕනේ මේ රටට ගැළපෙන දර්ශනයක් එක්ක.. මෙයාලට මේ රටේ ඉතිහාසය ගැන දැනුමක් තියෙනවද කියලත් සැකයි..!(ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 01 May 2014 04:01 PM

මෙයාල විජේවීරගේ පින්තුර ප්‍රදර්ශනය කරනවානම් දෙමල සන්ධානේ ප්‍රභාකරන්ගේ පින්තුරේ ප්‍රදර්ශනය කලොත් අපි මොකද කියන්නේ..දෙන්නම ත්‍රස්තවාදීන්..දෙන්නට නීති දෙකක් බැහැ . එක නීතියයි තියෙන්න ඕන.මගේ මතයනම් රාජ්‍ය දේපල කෝටි ගානක් විනාශ කරලා තරුණ ජිවිත 60/70 දාහකගේ විනාශයට වග කිව යුතු ජේ වී පි ත්‍රස්තවාදීන්ගේ පින්තුර ප්‍රදර්ශනය කිරීමත් තහනම් කල යුතුයි කොටි සංවිධානයේ වගේම. (ස)

:       0       0

පිටිගල Thursday, 01 May 2014 04:56 PM

අමුඩ ගැහුවා නම් සෙරෙප්පු දාන්න ඔට්ටු නැහැ. ඉතින් හැබෑටම මොකද ඔය අමුඩ ගහගෙන යන්නේ? මැයි 1 වෙනිදා වැපිරුම් කයියක් වත් තියෙනවද? (ස)

:       0       0

හේරත් Thursday, 01 May 2014 09:53 PM

මැයි රැළියේ අරමුණ මොකක්ද? හේමාකට් චතුරස්‍රය දී මිය ගිය කම්කරුවන් සැමරීමයි. එය කළ යුත්තේ, නියම වැඩ කරන ජනතාව හා වැඩ කරන ජනතාව වෙනුවෙන් හඬ නඟන, කැපවුණ වෘත්තීය සමිති සහ දේශපාලන නායකත්වයයි. එහෙම බලනකොට නියම මැයි රැළිය ජවිපෙ රැළිය තමයි.(ස)

:       0       0

පියල් Thursday, 01 May 2014 05:01 PM

අනේ ඇත්තමයි මෙවැනි ත්‍රස්තවාදීන් පිළිබද ජනාදිපති තුමාගේ අවදානය යොමු විය යුතු කාලය නේද මේ. (ස)

:       0       0

රමනෝ Friday, 02 May 2014 11:36 PM

ඇත්තටම දැක්කාම හරිම සන්තෝස හිතෙනවා (දී)

:       0       0

නිහාල් Thursday, 01 May 2014 05:07 PM

බන්දුල,ලංකාවේ ඔයාලා වගේ මෝඩයෝ තවම ඉන්නවා (නි)

:       0       0

ගිහාන් Thursday, 01 May 2014 05:09 PM

බන්දුල පෙරේරා කියන දේ තර්කයක් හැටියට පමණක් හොඳයි. (දිල්)

:       0       0

රත්නසිරි Thursday, 01 May 2014 04:32 PM

මේ වගේ පක්‍ෂවලින් මේ රටට කවමදාවත් යහපතක් වෙන්න නෑ. සෝමවංශලා අධිරාජ්‍යවාදීන්ට බැන බැන යුරෝපයේ හිටියේ. තම නායකයා අමු අමුවේ ඝාතනයකළ එජාපය එක්ක එකට හිට ගත්ත එවුන් කොටියටද කඩේ යයි. යුරොපා එම්බසි වලට කේලාම් කියන්නෝද මේ ටිකයි. බන්දුල පෙරේරා කියන දේ හරි. (ස)

:       0       0

මානගේ Thursday, 01 May 2014 05:22 PM

ත්‍රස්තවාදියා කවුද කියා නොදන්නා බන්දුලගේ මොළයට තේරුම් ගන්න තව ටිකක් කල් යයි, විජේවීරගේ අඩුව දැන් ලංකාවේ දේශපාලනයට හොඳින් දැනිලා තියෙනවා. මෙවැනි සාර්ථකත්වයක් දැක්කම හිතේ දුකට කියවෙන ඒවා තමයි. මොනවා කරන්නද නොදැනුවත්කමට? (නි)

:       0       0

කුමාර් Thursday, 01 May 2014 10:57 PM

ලෝකෙම බන්කොලොත් වෙච්ච කොමියුනිස් වාදය, තනිකරම නොමිනිස් වාදයක්; පටන්ගත්ත රුසියාවේ, චීනයේ සිට ලංකාව දක්වා ලොවපුරා කල මිනිස් ඝාතන ගණන මිලියන 150 ට වඩා වැඩිය්. මෙයාල තාමත් ලංකාවට ගෙන්න යන්නේ ඒ දහමද??? (ස)

:       0       0

පියල් Thursday, 01 May 2014 05:23 PM

බන්දුල කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

ධම්ම Thursday, 01 May 2014 05:23 PM

ජනාධිපතිතුමා මන්ත්‍රී කාලේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිනකොට බන්දුල පෙරේරා වැනි අය එතුමාටත් ත්‍රස්තවාදී හංවඩුව ගැහුවා. මේ කට කැඩිච්ච කතා පුදුමවෙන්න දේවල් නොවෙයි. (නි)

:       0       0

රොෂාන් Friday, 02 May 2014 12:11 AM

ඇත්ත රට බාර දෙන්න ඕන එක්කෝ මෙයාලට එක්කෝ ෆොන්සේකා ලට. බන්දුල තනිකර කඩේ යන කෙනෙක්. (නදී)

:       0       0

ලාල් ජකර්තා Thursday, 01 May 2014 05:56 PM

පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න, වර්තමාන ජේවිපියට පුලුවන්ද? (නි)

:       0       0

චින්තක Friday, 02 May 2014 01:27 AM

ජේවීපී එක තමා රටේ අනාගතය.(නදී)

:       0       0

පරාක්‍රම Friday, 02 May 2014 03:34 AM

අනුර කුමාර මෙහි නායකයා බවට පත් වු පසු මොනවද වෙන්නේ කියා තේරනෙවා. මේ අයට බහුතරයක් එක්ක පාර්ලිමේන්තු යන්න පුලුවන්. ඔවුන් තනතුරු වලට කෑදර නැහැ. (නදී)

:       0       0

කළණී Friday, 02 May 2014 04:02 AM

අමුඩ ඇදන් සෙරෙප්පු දාගෙන කොල බලන් 'සටන් පාට'? කියන පින්තුරේ නොගැලපේ. නොතේරේ. වැරදුනු චිත්‍රපට දර්ශනයක් වගේ.(නදී)

:       0       0

චන්දන Friday, 02 May 2014 06:15 AM

නියමෙටම තියෙනවා... (නි)

:       0       0

ප්‍රියන්ත ගුණසේකර Friday, 02 May 2014 04:20 PM

අද අපට ගහන ගල් හෙට මල් වලින් එවන්නෙත් පෙරමුණ ගෙන මඩ අවලාද එල්ලකරන මිනිසුනේ, නුඹලාමයි. ඒත් අප හදන ලෝකයේ නුඹලා වෙනුවෙන්ද ඉඩකඩක් ලැබෙනවාමයි. මන්ද අපි පංගු බේරුවට සමාජවාදය හදන්නේ නැති නිසයි. සමාජවාදය තුළ පමණමයි නුඹලාගේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ (නි)

:       0       0

රණේ Thursday, 01 May 2014 07:21 PM

සදා සමරමු සොහොයුරෝ! (නි)

:       0       0

සුනෙත් Friday, 02 May 2014 09:20 AM

අතපය දිග ඇරලා වියදම් කරපු බව නම් පේනවා..කැට හොල්ලලා එකතු කරපු සල්ලි වෙන් නැති නේ.. (ස)

:       0       0

සේනාදීර Friday, 02 May 2014 08:36 AM

මෙයාල නිසා මරුණ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ගැන මේ මහතුරුන්ට මොකුත් කියන්න නැතුව ඇති.. (ස)

:       0       0

අජිත් Friday, 02 May 2014 09:24 AM

පොහොර සහනාධාරේ නැති වුණා නම් අමුඩෙත් නැතුව තමා යන්න වෙන්නේ.. (ස)

:       0       0

ගිහාන් Friday, 02 May 2014 09:29 AM

මේ සේරම කරන්නේ බටහිරින් එවන ඩොලර් ටික වැඩි කර ගන්න මිස කම්කරු පන්තියට වැඩක් කරන්න නොවෙයි. රටේ පාලන බලය ලබා ගන්නට මොවුන්ට ඇති වැඩපිළිවෙල මොකක්ද.? ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙවත් නැතුව මොන වෙනසක්ද අනේ. (ස)

:       0       0

නුවන් Thursday, 01 May 2014 08:38 PM

රටට ආදරය කරන නියම පිරිස තමා මෙතන ඉන්නේ. (නි)

:       0       0

අලහකෝන් Friday, 02 May 2014 08:59 AM

අනුර මහත්තයා කෘෂිකර්ම ඇමති කාලේ ගොවියන්ට සලකපු සැලකිල්ල කියන්න වචන නෑ අපිට. (ස)

:       0       0

අසේල් Friday, 02 May 2014 09:48 AM

අඩුගානේ ජනතාවට සේවයක් කරන්න සල්ලි නැති වුණාට මේවට නම් සල්ලි තියෙනවා. කතාව කෙසේ වෙතත් මෙයාලගේ කෙරුවාව නම් මිනිස්සු දන්නවා. (ස)

:       0       0

රණවක Friday, 02 May 2014 09:16 AM

පක්ෂයෙන් කැඩී ගිය අනෙකුත් තරුණ කොටස් එකතු කරගෙන නව නායකයා සමග ශක්තිමත් ගමනක් යමු. අපිත් සුබ පතනවා. (ස)

:       0       0

නිලන්ත Thursday, 01 May 2014 08:09 PM

ඉන්නේ ටිකයි. එහෙත් සංවිධානාත්මකයි. (නි)

:       0       0

චාමි Thursday, 01 May 2014 08:27 PM

කවුරු මොනවා කිවුවත් ලස්සනම සංවිධානාත්මකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 May 2014 02:41 PM

සංවිධානාත්මක බව බොහොම අපුරුවට තියෙනවා. (ස)

:       0       0

සිරිසමන් Friday, 02 May 2014 10:48 AM

නව නායක අනුර කුමාර , ඔබට උණුසුම් සුභ පැතුම්! ජවිපෙ නැවත අවදි කළ එකට ස්තූතියි! (නි)

:       0       0

කේ.සරත් Thursday, 01 May 2014 08:31 PM

ජය වේවා රතු ජේවීපී පෙළපාලියට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 790 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 761 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 646 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6770 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2129 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 5620 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34206 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23981 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site