ජනතා විමුක්ති පෙරමුණේ මැයි පෙළපාළිය අද (1) සවස එකට පමණ දෙහිවල එස් ද එස් ජයසිංහ පිටියෙන් ආරම්භ විය.
එම පෙළපාලිය කොළඹ බී ආර් සී පිටිය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැලිය පැවැත්වීමට නියමිතය
විචිත‍්‍රවත් ලෙස සැකසු විවිධ තේමා රැගත් වාහනද පෙළපාළියේ ගමන් කළේය.
ජවිපෙට සම්බන්ධ දේශපාලන සංවිධාන ,වෘත්තීය සමිති ,කාන්තා සංවිධාන ,කලා සංවිධාන හා මැතිවරණ කොට්ඨාස නියෝජනය කරමින් සාමාජිකයෝද ඊට එක් වුහ.
ඡායාරූප - ජවිපෙ මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතපය දිග ඇරලා වියදම් කරපු බව නම් පේනවා..කැට හොල්ලලා එකතු කරපු සල්ලි වෙන් නැති නේ.. (ස)
අපි ඉක්මණින් ජයගන්නවා. (ස)
විජේවීරට හොද බුද්ධියක් තිබුනා ...71 කැරැල්ලට වන්දි ගෙවන්න මගේ පියාටත් සිද්ධ වුනා නිකම්ම ඉදලා. 89 දී මටත් මගේ ජීවිතය බේරා ගන්න අධ්‍යාපනයටත් සමාව දෙන්න සිදුවුනා. එජාපයට එදා තරුණ එවුන් පෙන්නන්නවත් බෑ අතුරු දහන් කරණවා. විජේවීරත් අවසන් ගමනට යැව්වේ එජාපයේ අය. අද ඉන්න ජවිපයට විජේවීරව ගාව ගන්නවත්, ඒ දර්ශනය නෑ. නමුත් ඒ අතීතයේ මේ රටේ තරුණ තරුණියන් බිල්ලට දුන් ජාවිපයටත් දැන් මෙතන හුරේදාන අයටත් ජීවිතවල අගයක් නැත.(ස)
බන්දුල 2009 ට කලින් කිලිනොච්චි ගිය නම් සිංහලයකු නිසාම ඔහුව මර දමනවා. එත් 1989 දී දෙමල පුද්ගලයෙක් තංගල්ලට ආව නම් දෙමළෙක් නිසා ජේ වී පි එකෙන් මර දමන්නේ නැහැ, ප්‍රභාකරන් මන් මිනීමරු ත්‍රස්තවාදියා සහ විජේවීර නම් විමුක්තිකාමියා අතර වෙනස දකින්න පුළුවන්.(ස)
ආගමක් දහමක් නැති අය කොහොමද රට ගොඩනගන්නේ..? මොකද්ද දර්ශනය..? කාල්මාක්ස්, චේ ගේ දර්ශනයද..? මේවා ලංකාව වගේ රටකට ගැලපෙයිද..? මේ පොළොවේ ඉන්න ඕනේ මේ රටට ගැළපෙන දර්ශනයක් එක්ක.. මෙයාලට මේ රටේ ඉතිහාසය ගැන දැනුමක් තියෙනවද කියලත් සැකයි..!(ස)
මැයි රැළියේ අරමුණ මොකක්ද? හේමාකට් චතුරස්‍රය දී මිය ගිය කම්කරුවන් සැමරීමයි. එය කළ යුත්තේ, නියම වැඩ කරන ජනතාව හා වැඩ කරන ජනතාව වෙනුවෙන් හඬ නඟන, කැපවුණ වෘත්තීය සමිති සහ දේශපාලන නායකත්වයයි. එහෙම බලනකොට නියම මැයි රැළිය ජවිපෙ රැළිය තමයි.(ස)
ලෝකෙම බන්කොලොත් වෙච්ච කොමියුනිස් වාදය, තනිකරම නොමිනිස් වාදයක්; පටන්ගත්ත රුසියාවේ, චීනයේ සිට ලංකාව දක්වා ලොවපුරා කල මිනිස් ඝාතන ගණන මිලියන 150 ට වඩා වැඩිය්. මෙයාල තාමත් ලංකාවට ගෙන්න යන්නේ ඒ දහමද??? (ස)
ඇත්ත රට බාර දෙන්න ඕන එක්කෝ මෙයාලට එක්කෝ ෆොන්සේකා ලට. බන්දුල තනිකර කඩේ යන කෙනෙක්. (නදී)
ජේවීපී එක තමා රටේ අනාගතය.(නදී)
අනුර කුමාර මෙහි නායකයා බවට පත් වු පසු මොනවද වෙන්නේ කියා තේරනෙවා. මේ අයට බහුතරයක් එක්ක පාර්ලිමේන්තු යන්න පුලුවන්. ඔවුන් තනතුරු වලට කෑදර නැහැ. (නදී)
අමුඩ ඇදන් සෙරෙප්පු දාගෙන කොල බලන් 'සටන් පාට'? කියන පින්තුරේ නොගැලපේ. නොතේරේ. වැරදුනු චිත්‍රපට දර්ශනයක් වගේ.(නදී)
නියමෙටම තියෙනවා... (නි)
ඔබගේ පක්ෂය රටට අවශ්‍ය බව අපට දැන් තේරෙනවා. ජය පතනවා. ඉස්සරහට අපේ ගෙදර කට්ටියගේ සහයෝගයත් ඔබ පක්ෂයටයි.
මෙයාල නිසා මරුණ අහිංසක කොල්ලෝ කෙල්ලෝ ගැන මේ මහතුරුන්ට මොකුත් කියන්න නැතුව ඇති.. (ස)
පොහොර සහනාධාරේ නැති වුණා නම් අමුඩෙත් නැතුව තමා යන්න වෙන්නේ.. (ස)
මේ සේරම කරන්නේ බටහිරින් එවන ඩොලර් ටික වැඩි කර ගන්න මිස කම්කරු පන්තියට වැඩක් කරන්න නොවෙයි. රටේ පාලන බලය ලබා ගන්නට මොවුන්ට ඇති වැඩපිළිවෙල මොකක්ද.? ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙවත් නැතුව මොන වෙනසක්ද අනේ. (ස)
අනුර මහත්තයා කෘෂිකර්ම ඇමති කාලේ ගොවියන්ට සලකපු සැලකිල්ල කියන්න වචන නෑ අපිට. (ස)
අඩුගානේ ජනතාවට සේවයක් කරන්න සල්ලි නැති වුණාට මේවට නම් සල්ලි තියෙනවා. කතාව කෙසේ වෙතත් මෙයාලගේ කෙරුවාව නම් මිනිස්සු දන්නවා. (ස)
පක්ෂයෙන් කැඩී ගිය අනෙකුත් තරුණ කොටස් එකතු කරගෙන නව නායකයා සමග ශක්තිමත් ගමනක් යමු. අපිත් සුබ පතනවා. (ස)
නව නායක අනුර කුමාර , ඔබට උණුසුම් සුභ පැතුම්! ජවිපෙ නැවත අවදි කළ එකට ස්තූතියි! (නි)
මන්ත්‍රීකමවත් නැති සමහර පැරදුන කට්ටිය කොහොමද දන්නේ නැහැ කාලා බීලා සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ? (නි)
අද අපට ගහන ගල් හෙට මල් වලින් එවන්නෙත් පෙරමුණ ගෙන මඩ අවලාද එල්ලකරන මිනිසුනේ, නුඹලාමයි. ඒත් අප හදන ලෝකයේ නුඹලා වෙනුවෙන්ද ඉඩකඩක් ලැබෙනවාමයි. මන්ද අපි පංගු බේරුවට සමාජවාදය හදන්නේ නැති නිසයි. සමාජවාදය තුළ පමණමයි නුඹලාගේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ (නි)
අනේ ගුණසේකරලා මේ කොහේ තියෙන සමාජවාදයක් ගැනද කතා කරන්නේ? (නි)
ඇත්තටම දැක්කාම හරිම සන්තෝස හිතෙනවා (දී)
ත්‍රස්තවාදියා කවුද කියා නොදන්නා බන්දුලගේ මොළයට තේරුම් ගන්න තව ටිකක් කල් යයි, විජේවීරගේ අඩුව දැන් ලංකාවේ දේශපාලනයට හොඳින් දැනිලා තියෙනවා. මෙවැනි සාර්ථකත්වයක් දැක්කම හිතේ දුකට කියවෙන ඒවා තමයි. මොනවා කරන්නද නොදැනුවත්කමට? (නි)
සෙනග නැති නිසා සංවිධානය කරන්න ලේසියි. (ස)
මමත් උඩතට්ටුවෙි ඉදන් සෑහෙන වෙලාවක් බලන් හිටියා.ලස්සනට තිබුණා. (අ)
රටේ ඉදිරි බලාපොරොත්තුව ඔබයි..(දිල්)
හරියට සෙනග ඉන්නේ මෙම රැලියේ විතරයි. මොකද මෙතන ඉන්න කවුරුත් ලාබ ප්‍රයෝජන බලාගෙන ආපු අය නෙමේ.කොහොමත් මෙම පක්ෂයේ සංවිධාන ශක්තිය ඉහළය .(දිල්)
සුනිල් මතකතබා ගන්න දිය බින්දු බින්දු එකතුවෙලා ගංගාවක් හැදෙනවා කියලා (ස)
මෙයාල විජේවීරගේ පින්තුර ප්‍රදර්ශනය කරනවානම් දෙමල සන්ධානේ ප්‍රභාකරන්ගේ පින්තුරේ ප්‍රදර්ශනය කලොත් අපි මොකද කියන්නේ..දෙන්නම ත්‍රස්තවාදීන්..දෙන්නට නීති දෙකක් බැහැ . එක නීතියයි තියෙන්න ඕන.මගේ මතයනම් රාජ්‍ය දේපල කෝටි ගානක් විනාශ කරලා තරුණ ජිවිත 60/70 දාහකගේ විනාශයට වග කිව යුතු ජේ වී පි ත්‍රස්තවාදීන්ගේ පින්තුර ප්‍රදර්ශනය කිරීමත් තහනම් කල යුතුයි කොටි සංවිධානයේ වගේම. (ස)
අමුඩ ගැහුවා නම් සෙරෙප්පු දාන්න ඔට්ටු නැහැ. ඉතින් හැබෑටම මොකද ඔය අමුඩ ගහගෙන යන්නේ? මැයි 1 වෙනිදා වැපිරුම් කයියක් වත් තියෙනවද? (ස)
අනේ ඇත්තමයි මෙවැනි ත්‍රස්තවාදීන් පිළිබද ජනාදිපති තුමාගේ අවදානය යොමු විය යුතු කාලය නේද මේ. (ස)
බන්දුල,ලංකාවේ ඔයාලා වගේ මෝඩයෝ තවම ඉන්නවා (නි)
බන්දුල පෙරේරා කියන දේ තර්කයක් හැටියට පමණක් හොඳයි. (දිල්)
මේ වගේ පක්‍ෂවලින් මේ රටට කවමදාවත් යහපතක් වෙන්න නෑ. සෝමවංශලා අධිරාජ්‍යවාදීන්ට බැන බැන යුරෝපයේ හිටියේ. තම නායකයා අමු අමුවේ ඝාතනයකළ එජාපය එක්ක එකට හිට ගත්ත එවුන් කොටියටද කඩේ යයි. යුරොපා එම්බසි වලට කේලාම් කියන්නෝද මේ ටිකයි. බන්දුල පෙරේරා කියන දේ හරි. (ස)
සංවිධානාත්මක බව බොහොම අපුරුවට තියෙනවා. (ස)
බන්දුල කවුද කියලා අපි දන්නවා. (නි)
ජනාධිපතිතුමා මන්ත්‍රී කාලේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදිනකොට බන්දුල පෙරේරා වැනි අය එතුමාටත් ත්‍රස්තවාදී හංවඩුව ගැහුවා. මේ කට කැඩිච්ච කතා පුදුමවෙන්න දේවල් නොවෙයි. (නි)
පවතින දේශපාලන ක්‍රමය වෙනස් කරන්න, වර්තමාන ජේවිපියට පුලුවන්ද? (නි)
සදා සමරමු සොහොයුරෝ! (නි)
රටට ආදරය කරන නියම පිරිස තමා මෙතන ඉන්නේ. (නි)
ඉන්නේ ටිකයි. එහෙත් සංවිධානාත්මකයි. (නි)
කවුරු මොනවා කිවුවත් ලස්සනම සංවිධානාත්මකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. (නි)
ජය වේවා රතු ජේවීපී පෙළපාලියට! (නි)
විජේවීර රටට හිතවත් නායකයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නෙමෙයි. විජේවීරගේ මොළය වගේ මොළයක් අපට නැවත ලැබෙන්නේ නැහැ. (නි)
බන්දුල , නිකන් බොරුවට කෑගහන්න එපා (නි)