IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජවිපෙ වතුකරයේ ජනතාවගෙන් සමාව ගත යුතුයි

(අංජුල මහික වීරරත්න)

වතුකරයේ  ජනතාවට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය කොටගල දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය මූලික වී වතුකරයේ ජනතාවට එදා පුරවැසිභාවය දෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඊට විරෝධය පළ කළ බව හිටපු ජනාධිපතිවරයා කීය.

මෙවර මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා පැවති මෙම ජන හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ මම කතා කරන එක්සත් ජාතික පක්ෂයේ පළමු රැස්වීම.හැම තැනම අප  සිලින්ඩරයෙන් ඉදිරිපත් වුනත් නුවරඑළියේ අලියාගෙන් ඉදිරිපත් විය යුතු බව ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවා.

1947 වසරේ සිට සෑම පාර්ලිමේන්තු මැතිවරණයකම තරග කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.එජාපයේ අලියා සහ මේ ප්‍රදේශයේ ජනතාව අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.

මේ ප්‍රදේශයේ ජනතාවට ජීවත් වීම සඳහා පහසුකම් ලබා දෙන අතර 1986 දී සිරිමා ශාස්ත්‍රී සහ සිරිමා ඉන්දිරා ගිවිසුම් දෙක යටතේ ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිභාවය නොලැබුණු හැමදෙනාටම අප ලංකාවේ පුරවැසිකම ලබා දුන්නා.

තොණ්ඩමාන් ඇමතිතුමා ගත් එම පියවරත් ජේ. ජයවර්ධන ජනාධිපතිතුමා ඊට ලබා දුන් සහයත් සමග අප සියලු දෙනා ඊට අනුකූලතාවය ලබා දුන්නා.

ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මේකට විරුද්ධ වුණා.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාවගෙන් සමාව ගත යුතු බව මා ජනාධිපති අනුර දිසානායක මහතාට කියනවා.

එදා ජනතා විමුක්ති පෙරමුණ මේ වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය දෙන්න එපා කිව්වා. අද ඔවුන්ට ඡන්දය දෙන්නේ කුමටදැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රශ්න කළේය.

 



අදහස් (33)

ජවිපෙ වතුකරයේ ජනතාවගෙන් සමාව ගත යුතුයි

පොඩිඑකා Sunday, 10 November 2024 02:43 PM

මෙයාගේ කටට රෙදිපාංකඩයක් ඔබන්න එකෙක් නැද්ද බොලව්?

:       13       68

ලක්විදු Sunday, 10 November 2024 02:46 PM

මහ බැංකුව මහදවල් හොරාකාපු එකට මුලු රටෙන්ම සමාව ගන්න ඕනෑ කවුද මුත්තේ?

:       11       78

රම්සි Sunday, 10 November 2024 02:46 PM

සූ ගාලා දහදෙනෙක් විතර ඉන්න ඇති..!

:       9       58

Asela Sunday, 10 November 2024 02:47 PM

ඔයා ඒක ගිහින් රෝහණ විජේවීරට කියන්න. පිස්සු පූසා තවත් බයවෙලා. ලෑස්ති වෙලා ඉන්න උසාවි යන්න...

:       11       67

රෙක්ස් Sunday, 10 November 2024 02:49 PM

ඔහේ කිව්ව නිසා සමාව ගන්නම් කියලා අනුර සහෝදරයා කිව්වා...!

:       9       53

වික්‍රම විදුර Sunday, 10 November 2024 03:00 PM

දොස්තර හොඳ හිත එකේ චව් වච් වගේ කටේම නරිවාදම...

:       10       50

Jayanath Sunday, 10 November 2024 03:01 PM

අනේ දැන්වත් පව් නෝදී ඉන්නකෝ...!

:       9       49

තරංග Sunday, 10 November 2024 03:04 PM

මෙයාව අංගොඩ නවත්තන්න වෙනවා වගේ. අපි මෙහෙම හිතමුද? ගියපාර ලක්ශ 21ක් අරන් රටේ මිනිස්සු බර ගාණක් මෙයාව ප්‍රතික්ශේප කරානේ. මේ පාර ලක්ශ 10ක්වත් හම්බ වෙන්නේ නෑ. එතකොට දෙවැනි පාරත් මිනිස්සු මෙයා කියන බොරු පිළිගන්නේ නෑ.

:       9       44

පිටරටවැසියා Sunday, 10 November 2024 03:30 PM

සිරිමා කරපු ඉතා හොඳ වැඩක්, JR ඡන්දය බලාගෙන පුරවැසිකම දුන්නා. කොහොම වුණත් ඔය තොණ්ඩා පරපුරටම තියෙන දේපළ, සැප පහසුකම් වගේද, දශක හතක් පුරාවට ලැයින් කාමරවල ජීවත්වෙන දෙමළ ජනතාවගෙ ජීවිතේ? කඳුකර දෙමළ ජනතාවට දශක හතක් පුරාවට ඔය දේශපාලුවන්ගෙන් මොනවාද ලැබුණේ? මතකද මේ මෑතක දීපු 1700 යේ වැටුප? ගැසටුත් ගැහුවා නේද? එහෙම කරපු කෙනෙක් තමයි, රාජ්‍ය සේවක වැටුප ගැනත් දිවා-රෑ මතුරන්නේ... මොවුන් මැරිලත් රටට නම් ගැලවුමක් නෑ...

:       9       62

සිලින්ඩර් බිල්ල Sunday, 10 November 2024 03:33 PM

පිනා දවසින් දවස ඇවිල්ල එක එක මිනිස්සු කොට්ඨාශ අවුස්සනවා..!

:       17       69

NishanSunday, 10 November 2024 03:54 PM

රට විනාශ කරන්න තමයි මෙයා බලන්නේ...

:       11       54

ගමේ එකාලා Sunday, 10 November 2024 03:59 PM

මහ බැන්කු බැඳුම්කර හොරාකාලා පැනලා ගිය කෙනා නිදැල්ලේ. වසර 47 ක් දේශපාලනේ කෙරුවා. රටම බන්කොලොත් කරපු තමුනුත් ජාතියෙන්ම සමාව ගතයුතුයි.

:       13       55

ජගන් බන්ඩාර Sunday, 10 November 2024 05:01 PM

තවෙකුට කරන්න නොදී කඩාකප්පල් කාරී උගුල් අටවමින් සමාජය කුලප්පු කරන රට විනාශ කරපු හොර, කිසිදු මහජන කැමැත්තක් නොලද මේ මනුස්සයා අංගොඩටවත් දාන්නේ නැද්ද?

:       8       37

Dr. Vajira Fernando Sunday, 10 November 2024 05:44 PM

1948 දී කඳුකර දෙමළ ජනතාවගේ පුරවැසි භාවය අහෝසි කළේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව​. සීයා හිතාගෙන් ඉන්නේ ඉතිහාසය දන්න මිනිස්සු නෑ කියලා.

:       6       35

Pankumburage Sunday, 10 November 2024 05:48 PM

මෙයා නම් මළවදයක් වුණානේ. මාකබෑවිලා යන්නකෝ..!

:       6       34

අමිල Sunday, 10 November 2024 06:14 PM

නිදහසින් පසු වැඩිම කාලයක් රට පාලනය කලේ ඔබගේ පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් රට පාලනය කරලා නැහැ. ඉතින් වතුකරයේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනෑ ඔයයි, ඕනෑ නම් ඉතුරු කාලය රට පාලනය කළ නිදහස් පක්ෂය වෙනුවෙන් රාජපක්ෂ පුතාටත් සමාව ගන්න කියන්න...

:       6       24

ජගත් බන්ඩාර Sunday, 10 November 2024 06:26 PM

මිනිස්සු දාල තියෙන ඒව බලලාවත් හැදෙන මිනිහෙක් නම් නෙමේ...

:       5       25

Prasanna Sunday, 10 November 2024 06:34 PM

සහතික ඇත්ත, මුළු රටෙන්ම සමාව ගත යුතුයි. දරුණු ගණයේ බොරු කිව්වාට... ඔය බොරු කීම නවත්වන්න... අප්පිරියයි.

:       5       18

පිටිගල මිලානෝ Sunday, 10 November 2024 06:58 PM

මඤ්ඤං..!

:       6       16

සහන් Sunday, 10 November 2024 09:39 PM

ජාතියේ අවාසනාවට ආපු අය...!

:       6       22

Pankumburage Monday, 11 November 2024 02:00 AM

කියන්න තියෙන දෙයක් ඉක්මණට කියන්න සීයේ...! අද අන්තිම දවස...

:       0       4

Chathuri Monday, 11 November 2024 02:56 AM

අගමැතිවෙලා ජනාධිපති වෙලා. ජනතාවට මොකද කෙරුවේ...? සේරම ගොබ්බ රැලට ඕනෑ විදියට හොරා කන්න බලපත්‍ර ගන්න. වසවිස ගේන්න ඉඩදීලා නාකියා බලන් හිටියා... අනුර කුමාරගේ වයසින් භාගයයි ඇවිල්ලා මාසයයි කොහොමද? මේ තරම් හොරු ටිකක් පෙන්නලා අල්ලලා දුන්නේ ජනතාවට. රට වැසියාගෙන් සමාව ගන්න ඕනෑ... දුන්නු ගින්දර වලට කොහොමත් 14න් පස්සේ... බේරේ වැවේ කීදෙනෙක් පාවෙයිද දන්නේ නැහැ. තරුණ නායකයින්ට රට කරගන යන්න දුන්නේ නැතිනම් මෙයාට වෙන්නේ පණපිටින් වැලලෙන්න.

:       0       5

sam Monday, 11 November 2024 04:17 AM

ඒ ඇයි සීය පප්පා... ?

:       0       4

බමුණුආරච්චි Monday, 11 November 2024 05:21 AM

රනිල් ලොක්ක පිස්සු කෙලින්න එපා . අපි, ජෙප්පෝ හැටියට නොවෙයි, අදත් විරුද්දයි වතු දෙමළුන්ට පුරවැසිකම දෙනවාට. ලොක්කට රකින්න රටකුත් නැහැ ළමයි ඇත්තෙත් නැහැ. ඒ නිසා වතු දෙමළුන්ට පුරවැසිකම දීමෙන් රට හෙන ගැහැව්වත ඔබට අදාළ නැහැ. ඔබ යල් පැනගිය 13 ක්‍රීයාත්මක කරන්න හදනවා. 13 බල්ලටදාලා සිරිමා -සාස්ත්‍රී ගිවිසුමට පනපොවලා ඒ ගිවිසුම ක්‍රීයාත්මක කරන තිබෙන ආණඩුවට බලකරන්න. එමගින් අපිට වතු දෙමෙල්ලු 530000 මෙරටින් පිටකරගන්න අව්සතාව ලැබෙනවා. මොවුනට පුරවැසිකම දීමෙන් අපේ බදුමුදලින් මොවුන් නඩත්තු කරන්න සිද්ද වෙනවා පමණක් නොව අපි අපේ පවුල් දෙදෙනාට සීමාකරගෙන සිංහල දරුවන්ගේ අනාගතයට ඉතුරුකරන සම්පත්, රැකියා, වෛද්‍ය පහසුකම්, අද්යාපන පහසුකම්, මුස්ලිම් කාරයන් සීමාවක් නැතුව බෝකරන ළමයි ඇතුළු වතු දෙමල්ලු භුක්ති විඳිනවා. එයට JR කියන හාදයා ඇතුළුව ඔබත් වගකිව යුතුයි.

:       4       5

A Supporter of Crocodile Monday, 11 November 2024 07:28 AM

හිතවත් සීයා: මාලිමා රජය මීට මාස 6කට කලින් වතු කම්කරුවන්ට රුපියල් 1700.00ක් දෙන්න පොරොන්දු වුණේ නැහැ.

:       0       6

Perera Monday, 11 November 2024 11:58 AM

2x2 පොල්ලකින් සලකන්න ළඟපාතක කවුරුවත් නැද්ද?

:       0       3

chinthaka Monday, 11 November 2024 12:31 PM

රටේ ජනතාව ගොනාට ඇඳගෙන සැප විදපු පරපුරේ අන්තිම පුරුක . සාමාන්‍ය ජනතාවගෙන් උගත් කෙනෙක් රටේ නායකයා වුනු එකට මේ මහල්ලාට තියෙන්නේ දරාගන්න බැරි කේන්තියක් . කරන්න දෙයක් නැහැ , බටලන්දේ සාපය ලගදීම වැදෙනවා

:       0       6

Rata Perata Monday, 11 November 2024 12:46 PM

මෙයා පුදුම මනුස්සයෙක් වුණානේ...!

:       0       4

වීර Monday, 11 November 2024 02:20 PM

මම බැංකු හොරා, රටේ සමස්ත ජනතාවගෙන් සමාව ගත යුතුයි...!

:       0       7

අරවින්ද මොනරවිල Monday, 11 November 2024 03:54 PM

සිහිකල්පනාව හොඳටම නරක් වෙලා, මෙයා අවුරුදු දෙකක් කොහොමද රට පාලනය කෙරුවේ කියලා හිතා ගන්න බැහැ...!

:       0       0

prasanna Tuesday, 12 November 2024 12:44 PM

නමුත් ජනතාව දන්නවා දැන් බලය ලැබිලා තියෙන්නේ සීයාගේ මුණුබුරාට බව...

:       0       0

Sarath Tuesday, 12 November 2024 06:54 PM

14 වෙනිදායින් පස්සෙ උබලගෙ අමාරුව හරි යයි

:       0       1

Pankumburage Saturday, 16 November 2024 01:46 AM

දැන්වත් කට වහගෙන ඉදින් බං...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 324 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 263 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 220 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 878 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 276 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 554 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2168 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site