අම්බලන්ගොඩ නගරයේ දී පෙරදින දහවල් කොල්ල කෑ රුපියල් 18 ලක්ෂ 60 දහසක මුදල් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ මුදල් හිමිකාරියගේ ආරක්ෂාවට ආ බව කියන ඥාති පුත්‍රයකු ද සිටින බවත් මෙම මුදල් සම්බන්ධයෙන් ඔත්තුව ලබා දී ඇත්තේ ඔහු විසින් බවත් පොලිසිය සැකකරයි.
එක් සැකකරුවක් ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතේ දුරින් ඉන්න අයට වැඩිය ළග ඉන්න අයගෙන් තමයි වැඩියෙන්ම ප්‍රවේශම් වියයුත්තේ. මෙය හොඳම උදාහරණයක් සැමටම. (නි)
සහතික ඇත්ත පාලිත ,දැන් බලන්න ඔයාගේ වයිෆ් වුණත් එහෙමනේ ,ඔයාගේ හොදම යාලුවත් එහමනේ (බ)
හොරු රජවෙච්ච කාලයක් මේක (බ)
හොඳ සිහි කල්පනාවෙන් කටයුතු කළානම් මේ වගේ දේවල් සිදුවන්නේ නැහැ (නි)
පොලිසිය කිව්වේ නැද්ද දන්නෙ නැහැ හොරු අල්ලගෙන එන්න කියලා (නි)
ඇහේ ඉඳන් පට්ට ගහන්න ඕනෑ මෙහෙම අයව (නි)
පලවෙනි පුරවැසියාගේ ඉදන් අන්තිම කෙනා දක්වා ඕක අදාලයි..අගේ ඉදන් කණ කෑම.(අ)
මෑත ඉතිහාසය දිහා බැලුවාම අගේ ඉදන් කණ කන අය ගැන විස්තර හොයාගන්න පුළුවන් පහසුවෙන්ම..මේක අලුත්ම එක..(අ)
මේකා ඥාති පුතෙක් නොවේ ඥාති ගොනෙක් (අ)
මේක යහපාලන යුගයනේ. ඉතින් ඕවා සාමාන්‍ය දේවල් දැන්! (නි)
අද කාලයේ පවුලේ කෙනෙක් හෝ ළඟම යහළුවකු හෝ විශ්වාස කිරීමට බැහැ. මුදල් වෙනුවෙන් ඔක්කොම යටයනවා (නි)
දැන් මුළු දකුණු පළාතේම අසන්න ලැබෙන්නේ මේ වගේ සිදුවීම් තමා. (නි)
ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය. නමුත් මෙවැනි සොරුන්ට තදින් දඩුවම් නොදුන්නොත් මෙවැනි මංකොල්ල කෑම නවතින්නේ නැ. (අ)
මම ඊයේ මේ පුවතට ලිව්වේ මේගැන දන්නා ළඟම උදවිය ගැන සොයලා බලන්න කියලා. කියලා කට ගත්තා විතරයි. මගේ රත්රන් බඩුවක් අරගෙන තිබුනේ ගෙදර නැවතී සිටි සැමියාගේ ඥාති ළමයෙක්. සැමියාගේ හොඳකම නිසා එයාගේ හිතේ රිදේවි කියලා පොලිසියට ගියේ නැහැ . (අ)
මම ඉතාම වගකීමෙන් කියනවා ලෝකයේ දක්ෂම පොලිස් නිලධාරීන් ඉන්නේ ලංකාවේ කියලා (නි)
මා සෑම වේලාවකම විශ්වාස කරන දෙයක් තමයි මීතුරා සමග ජීවත් වෙනවාට වඩා සතුරාත් සමග ජීවත් වීම පහසු බව (හේ)
මෙහෙමත් ලෝකයක්. අපි කාවද අද විශ්වාස කරන්නේ. මේ වගේ වැඩ කරන්න පුළුවන් මිනිසුන් ඉන්න ලෝකයක තමා අපිට අද ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ. (නි)
මේකට හේතුව වරදට නිසි දඩුවම් නොමැති කම (හේ)
මගේ ජීවිතේට ලොකුම අලාභානි සිදුකළේ මගෙන් වැඩියෙන්ම උපකාර ලබාගත් අය. එ්ක කාටත් එහෙමයි කියලා මම දැන් අත්දැකීමෙන් දන්නවා (නි)
අදාළ මුදලට ඒ බැංකුවෙන් තමාගේ නමට චෙක්පතක් රැගෙන එය අනිත් බැංකුවේ තැන්පත්කළා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ. (නි)
නෑයා වේයා කියනවනේ. මෙන්න මේ නෑයන්ගෙන් ප්‍රවේශම්වීම වඩාත් සුබදායකයි. (නි)
අපි හොරකමට පුරුදුවුණේ දේශපාලකයන්ගෙන් (නි)
රටේ ඉහළ පැළැන්තියේ අය යන විදියට තමා අනිත් අයත් යන්නේ. (නි)
මේ ගමන යාමට පෙර මෙයා කාලා ආවේ මොනවාද කියලා හොයලා බලන්න. මම මේ කිවුවේ අර අපේ "ජාතික අාහාරය" ගත්තද දන්නෙ නැහැනේ (නි)
අනේ හෑබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
අද කාලේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැහැ (නි)
පද්මිනිගේ කතාව හරියට හරි. බල්ලෙක් එක්ක ගියා නම් ඒ සතා අඩුමගානේ හොරු පස්සේ පන්නයි. (නි)
ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වියයුතුයි අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව. (නි)
ආරක්ෂාවට බල්ලෙක් එක්කගෙන ගියා නම් මෙවැනි දෙයක් වෙන්නේ නැහැ. මනුසතා කියන්නේ මිහිපිට සිටින අවිශ්වාසම පුද්ගලයා නේද? (නි)
අඟේ ඉඳන් කන කෑම ලංකාවේ අපට ආවේණික පුරුද්දක්දෝ කියලා හිතෙනවා දියවන්නාව පැත්තේ ඉන්න සමහර අය කරන වැඩ දිහා බැලුවාම. (නි)
ඉතින් කොහොමද කෙනෙක් විශ්වාස කරන්නේ? (නි)
මේක අපේ මිනිසුන්ගේ හැදියාව නැතිකම. ලොකු දඩයක් ගැහුවා නම් අායෙත් කරන එකක් නැහැ. අපේ මිනිස්සු පිටරට වල ගිහින් ලස්සනට ඉඳලා එනවා. වාහනයකින් එළියට කොලයක් විසිකළත් දඩය ආසන්න වශයෙන් රුපියල් 15000ක් විතර වෙනවා පිටරටවල (නි)