මාලබේ තලාහේනේ පිහිටි පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර ඔවුන්ට දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ අභියාචන පෙත්සම් මාර්තු01 වැනිදා විභාගයට ගැනීමට අභියාචානාධිකරණය අද තීන්දු කළේය.
පෙත්සම විභාගයට ගන්නා දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඥානසාර හිමියනට නොතීසි නිකුත් කෙරිණි.
මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන විනිසුරුවරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.
නීතිපති විසින් ගොනු කරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නීතිය සමහරු කියන ලෙස අන්ධද? අපි නොදනිමු (නි)
සුද්දා බොදු සමාජය දෙකඩ කර ඔවුන් බලාපොරොත්තු වුණ දේවල් සිද්ධ වෙමින් පවතී. මමද කතෝලිකයෙකි. නමුත් යම් කෙනෙක් අවංකව මගේ මවුබිම සුරකින්නේ ඔහුට මගේ වටිනා ඡන්දය දෙමි (නි)
සරත්, පාඨලී කියලා තිබෙන දේ ටිකක් කියවන්න. (කෞ)
අපි විසින් අපේම ජාතිය විනාශ කරනවා . එක්නැලිගොඩ බිරිඳ ජිනිව වල සාක්ෂි දුන්නේ අපේ හමුදාවට විරුද්දව . අැයි ඒ ගැන කතා කරන නැත්තේ (බ)
දවසින් දවස රට පිරිහෙනවා. (ම)
ඥානසාර ගේ ප්‍රශ්නෙට ඇයි හැමවෙලේම බදුර්දීන්ව අදින්නේ .එයා වැදගත් විදියට කතාකරනවා මෙයා එහෙමද? (බ)
ඩී.උපුල්ගේ කතාවට මම එකඟයි.බුද්ධ ශාසනය වෙනුවෙන් බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ..! (බ)
චමල්කා රටේ අනාගතය අවිනිශ්චිත නිසා මහින්ද නැවත බලයට ගෙන්න ඕන නේද? (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රටේ අනාගතය අවිනිශ්චිතයි (නි)
අපේ රටට වෙලා තියෙන හැම ව්‍යයසනයකදීම රටේ පැවිදි හාමුදුරුවන්ගේ නිර්භීතකම නිසා රට අනතුරෙන් බේරාගෙන තිබෙනවා (නි)
සිංහල බෞද්ධයා ගැන බයයි අපිට (නි)
අපේ රටේ එක නීතිඥයකු නැතිද අර බදුර්දීන්ට විරුද්ධව තියෙන සහ වැහුව නඩු නැවත සලකා බලන්න ඉල්ලා සිටින්න. (බ)
තේජක කියන දේ ඇත්ත. ඉන්දියාවේ විතරක් නෙමෙයි, නේපාලයේ , බංග්ලාදේශය වගේ රටවලත් බඩු මිල ගොඩක් අඩුයි. අපේ රටේ ආහාර මිල ඉහළ ගිහින් තියෙන්නේ නොයෙක් ආකාරයෙන් එකතුවෙන බදූ නිසා. වෙන රටවල්වල පොහොර, බීජ , ගොවි උපකරණ ලැබෙන්නේ නාමික මිලකට. අපේ රටේ මේවායින් හොඳට බදූ අය කරනවා. ඉතින් ගොවියන්ගේ නිෂ්පාදන වියදම වැඩිවෙනවා. අපේ රටේ ලොක්කන්ට විදේශ සංචාර ආදී නොයෙකුත් වියදම් වලට මෙසේ අය කරගන්නා බදූ මුදල් වියදම් වෙනවා. (නි)
බුද්ධ ශාසනය වෙනුවෙන් බුද්ධිමත් අය මහණ කරන්න වෙනවා. නුසුදුසු අය සසුන්ගත වුණාම ශාසනයයත් විනාශයි (නි)
ථෙරවාද පනත තිබුනා නම් ගිහියෝ නඩු අහන්නේ නැහැ. (නි)
මේ දේවල් හොයන්නේ නැතුව ඉක්මනින් බඩු මිල අඩු කරන්න බලන්න. ලංකාවේ සාමාන්‍යයෙන් අල කිලෝ එකක් රුපියල් 130 ක් විතර වෙනවා. ඉන්දියාවේ ලංකාවේ සල්ලි වලින් වෙන්නේ රුපියල් 50 ක් විතර. ලංකාවේ ලුණු කිලෝ එක 115 වෙනකොට ඉන්දියාවේ 55 යි. තක්කාලි කිලෝ එක ඉන්දියාවේ 44 ක් වෙනකොට ලංකාවේ 200 යි. මම කියන්නේ බොරුද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. මිනිස්සු කොහොමද ජීවත්වෙන්නේ? (නි)
මට නම් මේ හිමියන් සමඟ පුදුම තරහක් තියෙන්නේ (නි)
කුසුම්, ඒ සඳහා පුරවැසියෙක් හැටියට ඔබටත් පුළුවන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්න. (නි)
කුසුම්, ඔවුන්ට තිබෙන මොළේවත් සමහරුන්ට නැති එකනේ ප්‍රශ්නේ? (නි)
අපි අසරණවෙලා වගේ දැනෙනවා හාමුදුරුවනේ. හැමෝම අවි ඔසවන්නේ ඔබවහන්සේට. ඔය ඇපෑල දමන කිසිකෙනෙකුට උසාවියට ගල්ගහපු ඒවා පෙනෙන්නේ නැහැ හාමුදුරුවනේ. අද සිංහල ජාතිය අන්ත අසරණයි හාමුදුරුවනේ (නි)
උපුල්ගේ කතාවට මම එකඟයි. මොළය තමයි සියල්ලටම වඩා බලවත්. නිවැරදි අරමුණු වලින් සියල්ල ජයගන්න පුළුවන්. (නි)
ඩී.උපුල් මහත්තයෝ, අත පය හතර වර්ධනය වෙලා තිබෙන තරමට යම් පුද්ගලයෙකුගේ මොළය වර්ධනය වෙලා නැත්නම්, මොකක්ද කරන්න ඕනෑ කියලා කියන්නකෝ... (නි)
අතින් පයින් නෙවෙයි හාමුදුරුවනේ මොලෙන් තමයි වැඩ කරන්න ඕනේ. (ර)