ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ භූමියේ දී බැණ තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 16 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
සන්ධ්‍යා මහත්මිය එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවේ සාක්කිකාරියක බවත්, අපරාධ වින්ධිතයන් ආ සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව සාක්කිකාරයකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු කීහ.
එම පනත සම්බන්ධයෙන් ගැටළු ඇති නිසා ඒ ගැන ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දෙපර්ශ්වයටම නියෝග කැරිණි. ඒ වන තෙක් ඥානසාර හිමි රිමාන්ඩ් කරනු ලැබීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
වීඩියෝ - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතියක් රැකගත හැකි එකම ක්‍රමය වන්නේ ජාතිය උගත් කිරීමෙන් හා ධනවත් කිරීමෙන් පමණි. (අ)
මේ රටේ නීති වෙනස් වෙන්න ඕනෑ කියලා මටත් හිතෙනවා. (නි)
නුවන්, අවුරුදු 200ක් විතර ආපස්සට ගිහින් වාරියපොළ සුමංගල හිමිට සහ කඩහපොල හිමිටත් කියන්න හුදකලාව හොඳයි කියලා. (නි)
සමහරු සිංහල බොදුනුවන් ලෙස බොරු නම් යොදාගෙන ස්වාමීන් වහන්සේට අපහාස කරනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)
රට ජාතිය ගැන කතාකරන එක වරදක්ද? හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කිව්වා ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය වෙනස් වෙන්න ඕනෑ කියලා. (නි)
සමහර සිංහල බෞද්ධ අදහස් ගැන පුදුමත් හිතෙනවා (නි)
මේක සිංහල බෞද්ධයෝ 75% ඉන්න රටක් කියලා අමතක කරන්න එපා (නි)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
නුවන්, ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලු ශ්‍රී ලංකික ජන වර්ග වලට සම අයිතිය ඇති රටකි. ඕක තේරුම් ගන්න බැරිවෙන එක තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල (නි)
සමහර අදහස් දැක්කහම හිතෙනවා ලංකාවේ බහුතරය සිංහල බෞද්ධ නෙමෙයි කියලා (නි)
ආනන්ද ආර් මහතා, ඔබ 1981 වසරේ සිටියා නම් මතක ඇති අපේ සිංහලයන්ගේ ජාත්‍යාලය. (නි)
හිරුණිකා සම්බන්ධ සිද්ධිය මේ වෙලාවේ මතක්වුණා. ඇයි මේ වෙනස!!! (නි)
ආනන්ද, ඔබගේ කියමන මසුරන් වටිනවා. අපි ඔබ සමඟයි (නි)
මත පලකරන ඇතැම් හිතවතුන් අවබෝධ කරගත යුතු දෙයක් වන්නේ ජාත්‍යාලය සහ ජාතිවාදය යනු දෙකක් මිස එකම නොවන බවයි. (අ)
ඇතුලට දාන්නම කියල ඇතුලට ගියා දැන් එලියට එන එක පහසු නැහැ නේද අපේ හාමුදුරුවනේ, ඕකට තමා කියන්නේ ඉල්ලගෙන කනවා කියල. (බ)
මෙතන දාල තියෙන කමෙන්ට්ස් දැක්කම හරිම කණගාටුවක් ඇති වෙනවා අපේ රට, ජාතිය සහ ආගම ගැන. සේන , නයන, අපේ රට දැන් ඉවරයි. සිංහලයට යන්න තැනක් හොයා ගන්න වෙනවා ඉක්මනටම. (බ)
උන්නාන්සේ ටිකක් කෙට්ටු වෙලා වගේ,හිර ගෙදර රාත්‍රී දානය නැති නිසා වෙන්න ඇති. (බ)
බවුන් වන්නට හිලෑ නැති සිත අට ලෝ දහමට නතු වෙනවා....කසාවතක් ගත දවටා තිබුනත් දහමට කිසි ගරුවක් නැතුවා! .....සසුන රකින්නට කියලා බොහෝ අය අද ඒ සසුනම වනසනවා!...බුදුන් දෙසූ දම් ලොවට කියන්නට ඔබේ සිතම සංවර වේවා ! (බ)
ඔහොම වෙලා මදි සිංහලයෝ ගැන කතා කළාට (බ)
හුසේන්, ඔහේ ඔයාගේ පල්ලියට ගිහිල්ල ඕවා කියන්න (බ)
බුද්ධ පුත්‍රයකුට හුදකලාව තරම් වටිනා වස්තුවක් නැහැ එ්ක තේරුම් ගත්තොත් හොදයි, දැන් ඉතින් සිංහල මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපේ කාලේ ඉවරයි කියල, මේක සිංහලුන්ට විතරක් අයිති රටක් නෙමේ දැන් (බ)
සබ්බේ සත්තා බවන්තු සුකිතත්තා. (බ)
චීවරයට ඇති ගෞරවය රැකිය යුත්තේ භික්ෂුව මිස ගිහියා නොව ඒ ටික නොකිරීම නිසා අද මේ සියලු දේ සිදුව ඇත්තේ. (බ)
මේවා විහින් කරගත්තුව- කාටවත් බනින්න එපා (අ)
ඇයි මේ මාංචු දාලා නැත්තේ (බ)
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය (අ)
පන්සලක, ආරාමයක වැඩසිටිනවට වඩා ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයේ වැඩ සිටීමට ආසා වගෙයි.(අ)
දැන්වත් අනුන් සමච්චලයට අවමානයට ලක් කිරීම ටිකක් හෝ අඩුවෙනවා නම්, චීවරයට ගෞරවයක්. (බ)