IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා අද(16) ඉවත් වූයේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී  ස්කන්ධරාජා මහත්මිය ගොනු කළ එම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ඉදිරියේ කැඳවූ අතර එහිදී සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණය ප්‍රකාශ කළේ පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව මෙම පැමිණිල්ල මින් ඉදිරියට විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරන බවද අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

එම නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝබර් මස 20 වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය  කිරීමෙන් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර තිබේ.

පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින මුලතිව් ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව තම සේවාදායිකාව සහනයක් අපේක්ෂා නොකරන බැවින් ඔවුන් මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක්  නොමැති බව දන්වා සිටියේය.

ඒ අනුව මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු විභාගයෙන් මුදා හැරීමට ද අභියාචනාධිකරණය තීරණය කළේය.



අදහස් (10)

ඥානසාර හිමිට එරෙහි නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි

Shahiwal Wednesday, 16 September 2020 06:26 AM

ලංකාවේ නීතිය දැන් රබර් වගේ

:       973       1243

විජේ Thursday, 17 September 2020 12:26 AM

ඉස්සෙල්ලා මේක කියවලා එන්න..

:       0       1

නෙවිල් Wednesday, 16 September 2020 06:34 AM

පොලිස් නිලධාරීන් මෙම පැමිණිල්ලෙන් ඉවත් කිරීමෙන් පේනවා මෙම නඩුව පවරා තිබෙන්නේ මොන යටි අරමුණකින්ද කියන එක.

:       305       1339

raveen Wednesday, 16 September 2020 07:13 AM

උසාවිවල වගකියයුත්තන් අස්වෙලා ගියාම හෝ නිවාඩු ගියාම උසාවිවල රාජකාරි කටයුතු අඩපන විය යුතුද.?

:       35       155

AsokaFriday, 18 September 2020 03:41 AM

නීතිය හරිහැටි නොකරන මේ වගේ විනාශ කරුවන් පත් කරන්න එපා.. නීතිය හරි හැටි නොදන්න විනිසුරුවන් නිසා නීතිය බල්ලට යනවා.

:       0       0

Champa Wednesday, 16 September 2020 10:52 AM

අභියාචනාධිකරණය මේ නඩුව පටන් ගන්නත් ඉස්සෙල්ල පක්ෂග්‍රාහී වෙලා තියෙනවා. තුන් දෙනෙක්ට විරුද්ධව පැමිණිල්ලක් දාල නඩුව අහන්න යනකොට පැමිණිලිකාරයා, හිටිහැටියේ දෙන්නෙක් නිදහස් කරන්න කියනවා. උසාවිය කිසි කතාවක් නැතුව ඔවුන්ව නිදහස් කරනවා. පැහැදිලිවම මේ නඩුව ද්වේශ සහගතව දාපු නඩුවක්. අනිත් එක මේකෙන්ම කියන්න පුළුවන් නඩු තීන්දුව මොකක්ද කියලා. හාමුදුරුවන්ව වැරදිකාරයා කරන්න වේලාසනම තීරණය කරලා තියෙනව. ඒ හින්ද පොලිස් නිලධාරීන් දෙන්නව හේතුවක් නැතුව පැමිණිල්ල විසින්ම නිදහස් කර ගන්නවා. එතනම හාමුදුරුවන්ට අගතියක් වෙලා තියෙනවා.

:       0       100

විජේ Thursday, 17 September 2020 12:32 AM

ගලගොඩ අත්තේ හාමුදුරුවෝත් අනිත් හාමුදුරුවන්ට වඩා ටිකක් සිංහල, බුද්ධාගම පැත්තට වැඩියි. එහෙම අය හිටිය නිසා තමයි අදටත් මේ විදිහට මේවා ආරක්ෂා වෙලා තියෙන්නේ. පේනවනේ යන ගේම්, සෝම හාමුදුරුවන්ට වුණු දේමයි අනිත් අයටත් වෙන්නේ.

:       0       7

Rata Perata Thursday, 17 September 2020 06:16 AM

අපේ නායකතුමා නඩු වලදී දාපු සෙල්ලම් ආයෙත් පටන් අරගෙන වගේ. ඔහොම යන්.

:       0       0

BamunuarachchiThursday, 17 September 2020 01:39 PM

ඒ කියන්නේ ඔහෙලගේ කාලේ රංජන් දාපු සෙල්ලම් වලට වඩා සෙල්ලම් තිබෙනවාද?

:       0       0

BamunuarachchiFriday, 18 September 2020 01:27 PM

ඔව් විජයකලා දාපු සෙල්ලම් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 712 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 505 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 542 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි
2025 අප්‍රේල් මස 28 82 0

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 1534 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 28 238 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 996 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site