දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය රට ආපස්සට ගෙන යෑම බවත්, එහෙත් රජයේ උත්සාහය රට ඉදිරියට ගෙන යෑම බවත් මහින්ද රාජපක්ෂ ජනපති මුලතිව් පුදුකුඩුඉරිප්පුවේ පළාත් සභා ඡන්ද රැස්වීමකදී අද ප්‍රකාශ කළේය.
‘පළාත් සභාව ජයග්‍රහණය කර වෙනම රාජ්‍යක් ඉල්ලන පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ උත්සාහය දෙමළ ජනයාගේ ජීවන තත්ත්වය උසස් කිරීම නොවේ. ආර්ථික දියුණුවත් නෙවේ. රට ආපස්සට හැරවීමයි. රට බෙදීමයි. උතුරේ ජනයා තීරණය කළ යුත්තේ රට ඉදිරියට ගෙන යනවාද එසේ නැත්නම් රට ආපස්සට හරවනවාද යන්නයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ජනාදිපතිතුමා කියන විදිහට රට ඉදිරියට ගෙනියමු. අපිට රුපිඅල් 7000 ක් වත් පඩි වැඩිවීමක් දුන්නොත් හොදයි. පුද්ගලික අංශයේ සේවකයෙක්.(නදී)
හැමෝම හිතන්නේ තමන් කරන දේ හරි අනිත් අය කරන සියල්ලම වැරදිය කියල.තමන්ගේ වැරදි තමන්ට පෙනෙන්නේ නැහැ. (දී)
තමන්ව බලන්න උත්සහ කරන්න
දකුණේ දේශපාලනයක් තිබෙනවා නම් ,උතුරේත් දේශපාලනයක් නැතුව තිබේද? (නි)
රට ආපස්සට නෙමෙයි අපායටම ගෙනියන්නේ කවුදැයි අපි දන්නවා. (නි)
රට ආපස්සට ගන්න හදන ටික දෙනා විනාශ කරන එක සැමගේම ඇඟට ගුණයි.(නදී)
රාධ දන්නවද ටී.එන්.ඒ. එක වැඩ කරන්නේ කොටි ඩයස්පෝරාවේ පදයට සහ මුදල් වලට බව.ප්‍රභාකරන්ට යුද්ධෙන් ලබන්න බැරි වුණ ඊලම නේද ඔය ලබාගන්න හදන්නේ.හොදයි බලමු පුලුවන්ද කියලා. (නි)
ජනාධිපතිතුමනි, තව ටිකක් ලඟපාත හොයලා බලන්න රට ආපස්සට හරවන අය තව ඉන්නවාද කියලා.(නදී)
උතුරු කරය් ජීවත්වන කොටින්ගෙන් බෑටකෑ අහිංසක ජනයාට තාමත් මතකයි හාල් සෙරු 2ට මෝටසයිකල් පවා හුවමාරු කරගත් යුගය..දමිල ඩයස්පොරාවට ඕනා විදේශ රටවලින් තමන් වරප්‍රසාද දිනාගෙන ජීවත් වෙන්න..ලංකාව සාමකාමි දියුණු රටක් උනොත් එයාලට ඒ දෙවල් කරන්න බෑරි වෙනවා..අන්න ඒ නිසා තමා දෙමල ජාතික සංධානේ අයව කඩේ අරින්නේ.ජාතිවාදේ වපුරලා චන්ද දිනාගෙන දේශපාලන වරප්‍රසාද දිනාගෙන එයාලා සෑප විදින්නයි දගලන්නේ...තමන්ගෙම අහිංසක ජනතාවට ඒ කීය රටක් මිසක් , එමෙන්ම අනෙකුත් ජාතින් සමග සහජීවනයෙන් ජීවත්වෙන්න විශාල උවමනාවක් තිබෙනවා.. ඒ වාගෙම දෙමල සංඬානයට උල්පන්දම් දෙන බලයට එන්න බෑරිව තෑවෙන අනෙකුත් දෙශපාලන බංකොලොත් භාවයට යමින් සිටින පක්ෂ වල නායකයෙනි මෙය ඔබටයි කියන්නේ...තමන්ගේ වම් අත පපුවට තබා තමන්ගේ හදවතින් අහන්න මගේ මව මාව බිහිකලේ මේ දෙරණතලේ නේද?කෙටි වාසි තකා එම භූමිය මා විනශමුඛයට ඈදදමනවාද...දැය ගොඩගන්නවාද කියා...එහෙම උනොත් ඔබ පරම්පරා ගානකට දේශද්‍රෝහියෙක් වේවි.(නදී)
රට ආපස්සට හරවන අය දමිළයින් නොවේ. ලස්සන රට ජාතිවාදීන් විනාශ කරනවා. (නි)
නොදන්න නිසයි අහන්නෙ, මොකක්ද දැන් ඔය ආපස්සට යන්නේ සහ ඉදිරියට යවන්න හදන්නේ. දකුනේ නම් මොනවද ඉදිරියට යන්නේ කියලා අපිට ටිකක් පේනවානෙ. ඉතින් කොච්චර වහලා දැම්මත්. (ස)
ඔය වීනාව අපි අහලා තියෙනවා,මුරුගන් අයියා. නිදහසට මුවාවී පහත් කතා කියන විවිධ ජාතිකයෝ ඉන්නවා. අපේ රට අපේ ගම අපේ මිනිසුන් යන හැගීමෙන් දුර බලමු. (නි)