මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදි මියගිය කොටි සාමාජිකයන් හා මියගිය වැසියන් සමරා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතාගේ වව්නියාව නිවසේ දී අද (18) පැවැත්විණි.
ආනන්දන් මහතාගේ නිවස අසළ භද්‍රකාලි කෝවිලට ගොස් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වූහ.
ආනන්දන් මහතා පැවසුවේ යුද හමුදාව සමඟ යුද ජයග්‍රහණය සැමරීමට ජනාධිපතිවරයාට හැකිනම් පහනක් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාවට සිහිකිරීමට දෙමළ ජාතික සන්ධානයට හැකියාව ඇති බවයි. පහන් දල්වා වෙල්ලමුල්ලිවයික්කාල් හි මියගිය කොටි සාමාජිකයන්ට ශාන්තිය උදාවේවා යන්න ප්‍රාර්ථනා කළ බව ද ඔහු සඳහන් කළේය.
මන්නාරම සෙබමාලෙයි අඩිකාලෙයි හා ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු කිතුනු පූජකවරු විශේෂ යාඥාවක් පැවැත්වූහ.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන්, උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම්, උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධානයේ එස්.ශිවමෝහන්, පි.ඉන්ද්‍රරාජා මහත්වරු ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සේරම කොටි.(නදී)
තවමත් කොටි රූකඩ හොල්මන් කරනවා. (ස)
අපේ ආණ්ඩුවේ හිටපු කොටි උප සභාපති වෙලා ඉන්න එක හොදයි. මැරුණු අය සමරන එක වැරදියි. (ස)
අපිට ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, ඒකාධිපතිවාදය වගේ වෙන රටවල පුස්කාපු ක්‍රම නැතුව වෙන අලුත් ක්‍රමයක් හොයා ගන්ඩ බැරිද? (අ)
උතුරේ සිංහල මිනිස්සු පදින්චිකලනම් හොද නැද්ද ? නැත්නම් හැමදාම ඉතින් මේ ගොන්වදම තම දකින්න වෙන්නේ.(අ)
මොකක්ද තිබ්බ විශේෂ පුජාව.(නදී)
ඇයි මේ වගේ රටට වින කටින අයට මහත්වරු කියන්නේ? (නදී)
ආනන්දන් අහපු ප්‍රශ්නයට මොකද්ද ඇත්තටම උත්තරය? (ස)
මොනවා හිතලා සමරන්න ඇද්ද දන්නෙ නැහැ (නි)
පිටරට ඉන්න සමහර දෙමළ ජාතිකයින් හැකි සෑම විටම ලංකාවට විරුද්ධව, විශේෂයෙන් සිංහල ජනතාවට විරුද්ධව වැඩ කරන්න සතුටුයි. ලංකාව ඇතුලේදී සම අයිතිය සහ ජාතික සමගිය හොයනවා, මේ ගැන අධ්‍යයනයක් කර බලන්න. රටින් පිට සිටින කොටි නොවන සමහර දෙමළ ජාතිකයින් හැසිරෙන්නේත් කුහක විදිහට. එවිට ජාතිවාදීන් නොවන සිංහල ජාතිකයින්ටත් ජාතිවාදී නොවීම ගැන කලකිරීමක් ඇතිවෙනවා.(ස)
අපි කැමති උනත් නැතත් මියගිය තමන්න්ගේ ඥාතීන් සමරන්න දෙමල ජනතාවට ඉඩදියුතුයි නේද ? සිංහල බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමම නොවෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එහෙම නැතිනම් ජාතියන්තර ප්‍රජාව අපේ රටට අත දාන්න මේකත් හේතුවක් කර ගනියි.(නදී)
එන පොට නම් හොඳ නැහැ. දමිල ජනයා වුණත් අද නිදහසේ ඉන්නේ අපේ හමුදාව දිනා දුන් නිදහස නිසා. එහෙම එකේ කොටි සමරනවා වෙනුවට දමිළ ජනයා සමරන්න ඕනෑ ජාතික වීර දිනය රජයත් එක්ක එකතුවෙලා. (නි)
ආගමික කටයුතු කර මිය ගිය පිරිසට පින් අනුමෝදන් කිරීම හොඳ දෙයක්. වැරදි හෝ නිවැරදි හෝ මොනවා කලත් එ්ගොල්ලනුත් මනුෂ්‍යයෝ. ඒ වගේම මේ වගේ මෝඩ කම් නැවත මතු ආත්මයේදීවත් නොකිරීමට තරම් සිත දියුණු වේවායි ප්‍රර්ථනා කළා නම් තවත් හොඳයි. (නදී)
කවුරු මොනවා කිව්වත් අවුරුදු කිහිපයක් තිස්සේ කළ යුද්ධයක් සමඟ මනස පහසුවෙන් වෙනස් කරන්න අමාරුයි. (නි)
ත්‍රස්කවාදය පැවති සමයේ ඒ පළාතකට නොගිය අයට ගිය කල! (නි)
ජනදිපතිතුමාට කරන්න තියෙන්නේ මියගිය සේරම අය, දෙමල අහිංසක වැසියෝ, නොමග ගිය අහිංසක තරුණයෝ ඇතුළු සැමම සිහි කරලා සමරුව කරන්න.(නදී)
අහිංසක කොල්ලන්න්ට ඇස් එලියට පන්නින්න ගහන පොලීසියේ අය යවන්න යාපනයට (ස)
ප්‍රජාතන්ත්‍රවාදී වල් බූරු නිදහස නෙවෙයි පාලන අධිකාරියේ තියෙන කොන්ද පණ නැති කම. මන්ත්‍රීවරු විදිහට මේ ගොල්ල අමු අමුවේම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. හෙට කොටි කොඩියත් දමයි. (ස)
ප්‍රජාතන්ත්‍රවාදී වල්බුරු නිදහස නිසා තමයි මේ නටන්නේ. මේවට නීතිය ක්‍රියාත්මක කරන්නම බැරිද? (නදී)
ආයෙත් පටන්ගන්නද දන්නේ නැහැ නේද ...අපේ බුද්දි අංශය සීරුවෙන් නේද ඉන්නේ .......අනේ අප්පේ ..වැඩ නැතිවට වැඩ ...(අ)
ඒත් එක්කම හිතල බලන්න පල්ලිය ඉන්නෙ කාත් එක්කද කියල.(අ)
දක්ෂිණ අදිවේගී මාර්ගය හදන්න ආව දමිල තරුණයන් අත් අඩංගුවට ගත්තනම් සැකපිට මෙහෙම ප්‍රසිද්දියේ නටන අය වෙනුවෙන් නීතිය ක්‍රියා නොකිරීම ගැන මගේ කලකිරීමක් ඇත .කෙසේ නමුත් සිංහල, දමිල,මුස්ලිම්,සියලුම දෙනා සමගියෙන් සිටිනවා දැකීම මාගේ එකම සතුට,කෙසේ නමුත් රටේ බෝම්බ පත්තුකරන්න හදන මිනි මරණ ,රටේ ජනතාවට නිදහසේ ඉන්න නොදෙන ලොකු ලොක්කෝ ඔක්කොම නැතිකරලම දානවනම් මන් කැමතී (අ)
සැමරුවට කමක් නෑ...ඔය සමරන දේවල් ක්‍රියාවෙන් කරන්න අවොත් ඉතින් වැඩ වරදී මහත්තයෝ .........ප්‍රභා ගිය තැන ඉඩක් වෙන් කර ගන්න වේවි. එහෙමනම්. අහිංසක දෙමළ මිනිස්සුන්ට දැන් වත් වැඩක් කරා නම් නරකද? වසර 30 ක්ම මස් රාත්තල ඉල්ලුව ලැබුනද ? තව නැටුවත් ඔය ටික ම තමා.....සමහර විට ඔය ටිකත් නැති වේවි.(ස)
මුන්ට බයයි නේද? අපිට තමයි ඔක්කොම. (ස)
ගෙදර ඇතුලෙ ඕන සැමරුමක්. එළියේ සමරන්න හදල වැඩ වරද්දා ගන්න එපා. (ස)
මිය පරළොව ගිය අය සැමරීම මානව අයිතියකි.(ස)
මේ අය මන්ත්‍රී වෙලා ඉන්නේ කොටින් නිසා සමරුවට කමක් නෑ (නදී)
මෙය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද? නැද්ද? දන්නේ නැති නිසයි අහන්නේ. (ස)
සුනිල්කට තමයි නියම පුජාතන්තූවාදය කියන්නේ (අ)
මේවට හිත හිතා ඉන්නේ නැතුව සුදුවෑන් සංස්කෘතයෙන් වැඩ පෙන්නලා. නියපොතෙන් කපන්න තියන දේ. පෝරාවට බාර නොකර ඉන්න (අ)
ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් සැමරීම නීති විරෝධියි.වහාම නීතිය ක්‍රියාත්මක කල යුතුයි. (අ)
මේ අය මේ ප්‍රදර්ශනය කරන්නේ මේ අයගෙම නිරුවත.ඒක කලුවරේ සමරන විට නොපෙනෙන නිසා තමයි පහන් දල්වා ප්‍රදර්ශනය කරන්නෙ.ඒකට කලබල විය යුතු නැහැ,කොටියා කව්දැයි හඳුනාගෙන විමසිල්ලෙන් සිටීම වඩාත් යෝග්‍යයි. (අ)
අරුණ ශාන්ති.. යම් රටක නීතියෙන් තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් සමරන්න එම රටේ පුරවැසියන්ට නීතියෙන් ඉඩක් නෑ. ඔය මියගිය අය බණ අහන්න ගිහින් මැරුණේ නැහැනේ. එයාලා කී දෙනෙකුගේ අයිතිවාසිකම් නැති කළාද. අඩු තරමින් ඔබට පුලුවන්නම් ඔබ සිටින රටේ ඇමරිකානු තානාපති කර්යාලයක් ළග බිල් ලාඩන්ගේ පොටෝ එකක් තියල පහනක් දල්වන්න්කෝ ඔය කියන මානව අයිතිවාසිකම් වලට මොකද වෙන්නේ කියා ඔබටම බලා ගන්න පුලුවන්.(ස)
ඉහළ තනතුරු දරන අය මොකද කියන්නේ. (ස)