IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ටෝනි රණසිංහ දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලිකි රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට 77 වැනි වියේ පසුවූ ඒ මහතා ධර්මසිරි වික්‍රමරත්නයන්ගේ ‘රන් තෝඩු‘ වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසියේය. 

ටෝනි රණසිංහ මහතා සිය මුල්ම රංගනයෙන්ම අග්‍රාණ්ඩුකාර සම්මානය පවා හිමි කරගැනීමට සමත් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය‘ ඔහුගේ සිනමා ආගමනය විය. ගාමිණී ෆොන්සේකා ගේ ‘පරසතු මල්‘ සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානයට පාත්‍රවූ ටෝනි රණසිංහයන් 1969,1976 හා 1979 යන වසර වලදී හොඳම නළුවා ලෙසින් සම්මාන දිනාගත්තේය.

1937 ජූලි 31 මෝදර දී උපත ලද ටෝනි රණසිංහයන්  හන්තානේ කතාව, දුහුල් මලක්, ගඟ අද්දර, රන්සළු, කලියුගය, අවරගිර, බද්දේගම, දෙලොවක් අතර, අහසින් පොළවට  වැනි චිත‍්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේය.

ටෙලි නාට්‍ය රැසකටද සිය රංගන දායකත්වය දැක්වූ ඔහු ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙසද ප්‍රචලිතය.

ඔහු බෝඩිම්කාරයෝ, තට්ටු ගෙවල්, නිල් කටරොළු මල්, හරිම බඩු හයක්, විරූප රූප යන වේදිකා නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.



අදහස් (0)

ටෝනි රණසිංහ දිවි සැරිය නිම කරයි

අමේෂ් Tuesday, 16 June 2015 06:35 AM

ඔබට නිවන් සුව ලැබේවා ! (ස)

:       0       0

මාලක Tuesday, 16 June 2015 06:45 AM

ඉතාම කනගාටු දායක පුවතක්. මගේ ප්‍රියතම නළුවා. මහත්මා ගුණයෙන් පිරි දයාබර මිනිසෙක්. එතුමාණන්ට මොක් සුව පතමින් පවුලේ අයට මගේ සංවේගය පුද කිරීමට කැමැත්තෙමි. (ස)

:       0       0

අශාන් Tuesday, 16 June 2015 06:50 AM

මා ඉතාමත් ප්‍රිය කරන විශිෂ්ට කලාකරුවෙක්. ඔබට දෙවි පිහිට පතමි. (ස)

:       0       0

චින්තන​ Tuesday, 16 June 2015 07:07 AM

නිවන් සුව ලැබේවා....!!! (ස)

:       0       0

සුදෙල්මි Tuesday, 16 June 2015 07:09 AM

ලංකාවේ සිනමාව වෙනුවෙන් ඔබකළ දායකත්වයට අපගේ ප්‍රණාමය . රිදී තිරයෙන් අපි ඔබ හදුනාගත්තෙමු. හන්තනේ කතාව ඒ සුන්දර ටෝනි ඔබට නිවන්සුව. (ස)

:       0       0

රණතුංග Tuesday, 16 June 2015 07:10 AM

නිවන්සුව. (ස)

:       0       0

අනුර පාදෙනිය Tuesday, 16 June 2015 07:10 AM

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වූ 1960-70 දශකයන්හිදී රිදී තිරය බැබලවූ මේ අසහාය ශිල්පියාට මොක්සුව පතමු. ඔහුට නිවන් සැප ලැබේවා ! මෙවන් පුද්ගලයින් කිසිදාක යලි පහල නොවනු ඇත. (ස)

:       0       0

අනුර Tuesday, 16 June 2015 07:26 AM

ලංකාවේ උපන් උසස් කලාකරුවෙක්. නිහතමානී මහතෙක්. (ර)

:       0       0

චන්න බුවනක Tuesday, 16 June 2015 02:45 PM

ගාමිණි, විජය, පියදාස ගුණසේකර, බී.එස්. , ඇන්තනි සී. පෙරේරා , දොන් සිරිසේන , ජෝ අබේවික්‍රම ආදීන්ගේ සමකාලීන දක්ෂ නළුවෙක්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

උපාලි Tuesday, 16 June 2015 08:10 AM

ගාමිණී ෆොන්සේකා සිනමාව ප්‍රතාවත් කල අතර ඔබ සිනමාව සුන්දර කළා. ඔබට නිවන් සුව පතමි.! (ර)

:       0       0

සමන් කුමාර Tuesday, 16 June 2015 08:14 AM

ඔබට නිවන් සුව! (ස)

:       0       0

නිහාල් Tuesday, 16 June 2015 08:17 AM

මොක් සුව ලැබේවා! (ස)

:       0       0

ලසිත් Tuesday, 16 June 2015 08:21 AM

ඉතා කනගාටුයි . ඔහුගේ ආගමට අනුව මොක් සුව පතමි. දැන් ඉතින් අපේ කලාවේ අන්තිම භාගයටද කොහෙද ලංවෙලා තියෙන්නේ. ප්‍රසිද්ධියේ ඇඳුම් සොරකම් වලට අසුවී උසාවියෙන් වැරදි කාරිය කල නිලියන් විවාහක රු රැජින කරල ලංකාව නියෝජනයට පිටරටට යවන්න හදනවා. ඒ කට්ටියට ජනප්‍රිය නිලි සම්මානය අතින් කුපන් දාල දෙනවා. ඔන්න අද ලංකාවේ කලාව.! මේ වගේ නම්බුකාර විදියට කලාවේ නිරතවූ නළුවන් ආයෙත් කල්පයකට ලංකාවේ බිහි වෙන්න නැහැ. (ස)

:       0       0

යමුනා Tuesday, 16 June 2015 08:20 AM

සිංහල සිනමාවේ මා දුටු ලස්සනම් තේජාන්විත නළුවා ඔබය. දේශපාලනයට නොපැමින වැදගත් විදියට හිටපු ඔබට මොක් සුව පතමු. ඉතින් සමු ගනිමු ආදරණීය ටෝනි. (ස)

:       0       0

ලක්මාල් Tuesday, 16 June 2015 08:52 AM

හොඳ මිනිස්සු අපෙන් ඉක්මණින් ඈත් වෙනවා (ම)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 June 2015 09:07 AM

ඔබතුමාට ලැබුණ සෑම චරිතයකට ම සාධාරණය කරන්න උත්සහ කළ කෙනෙක් ඔබේ ප්‍රතිභා පුර්ණ රංගනය අතිවිිෂ්ටයි එබ අප අතර සදා අමරණියයි .... ඔබට නිවන් සුව පතමි (ම)

:       0       0

අනු Tuesday, 16 June 2015 09:15 AM

ඔබට නිවන් සුව පතමි (ම)

:       0       0

එඩ්වඩ් Tuesday, 16 June 2015 09:16 AM

අහෝ ඛේදයකි! අපේ කාලේ විරුවන් අපෙන් ඉවත් වෙමින් පවතී..ඔබේ අඩුව පිරවීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. සොයුර! ඔබට මොක් සුව පතමි. (ම)

:       0       0

ප්‍රියංකර Tuesday, 16 June 2015 09:21 AM

ඔමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමගේ රංගනයට අපි හරිම කැමති බොහොම සුන්දර කෙනක් (ම)

:       0       0

සේන Tuesday, 16 June 2015 09:26 AM

සිංහල සිනමාවේ අවසන් ප්‍රවීනතම පිරිමි නළුවා ඔහුය .ගාමිණී හා ජෝ සමඟ ඔහු සමාන තත්වයේ සිටින කෙනෙක් ,යලිත් මෙවන් අය අපට සිනමාවේ හමු නොවේවි (ම)

:       0       0

ලුම්බිණි Tuesday, 16 June 2015 10:03 AM

මම ඉතා අගය කල කලා කරුවෙක්. මගේ කණගාටුව. ඔබට නිවන් සුව.! (ර)

:       0       0

අජිත් Tuesday, 16 June 2015 10:11 AM

ප්‍රවීන රන්ගධරයණෙනි ,ශ්‍රී ලංකේය සිනමාවේ දිශානතිය වෙනස් කිරීමට ඔබගේ දායකත්වය ,අතිමහත්ය .සදානුස්මරණීය වේ . ඔබට නිවන් සුව (ම)

:       0       0

සමනි Tuesday, 16 June 2015 10:18 AM

ඔබතුමගේ රංගනය බොහොම සුන්දරයි. ඔබට නිවන් සුව පතමි.! (ර)

:       0       0

අර්ජුන රණවන Tuesday, 16 June 2015 10:29 AM

මාගේ බලවත් කනගාටුව.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 16 June 2015 10:36 AM

නොදිරන නමක් ඇති මිනිසෙක්.! (ර)

:       0       0

ශාන සෞදි Tuesday, 16 June 2015 10:37 AM

නිහතමානී කලා ජිවිතයක් ගතකල හොඳ රංගධරයෙක් ඔබ තුමාට ලැබුණ සෑම චරිතයකට ම සාධාරණය කරන්න උත්සහ කළ කෙනෙක් ඔබේ ප්‍රතිභා පුර්ණ රංගනය අතිවිිෂ්ටයි ඔබ අප අතර සදා අමරණියයි .... ඔබට නිවන් සුව පතමි.! (ර)

:       0       0

සමන්ත Tuesday, 16 June 2015 09:39 PM

ඔහු 60 දශකයේදී වේදිකාවට, සිනමාවට දායාද කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ එකල ප්‍රවීන ඡයාරූප ශිල්පියෙකු වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරු රැලෙක්ස් රණසිංහයන්ය. ඔහු සිනමාවට හැරවුම් ලක්ෂයක්වූ ගැටවරයෝ චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියෙකුගේ චරිතයක් රඟපාමින් ගාමිණි පොන්සේකා,සොබානි අමරසිංහ, නිල්මිණි සිල්වා ,සහ කාල් ගුණසේන යන අය සමගින් කළු සුදු සිනමාව වර්ණවත් කළේය.(නදී)

:       0       0

සැමුවෙල් Tuesday, 16 June 2015 10:50 AM

ගාමිණී සිංහල සිනමාව රජගෙදර කලා. ජෝ සිනමාව අපේම ගෙදර කලා. ඔබ සිනමාව ලස්සන ගෙදර කලා. මේ ඔබ ඇතුළු සියලුම දෙනාට මොක් සුව ලැබේවා.! (ර)

:       0       0

ශාන්ත සේනාධීර Tuesday, 16 June 2015 11:04 AM

අපේ රටේ 60-70 දසකය සිංහල හා ඉංග්‍රීසි වේදිකාවේ නාට්‍ය වල විශිෂ්ට රංගනයක යෙදිමින් එය ඔපවත් කල ටෝනි රණසිංහයන්, ඉතා කෙටි කලකින් සිනමාවේ සිටි දැවැන්තයින් හා කරට කර යමින් සුවිසේෂ රංගනයක දායක වූ දක්ෂ නළුවෙක්. ඔහු සිංහල සිනමාවේ එකල සිටි ගාම්ණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරනතුංග වගේ ඉහලම තලයට කෙටි කලකින් අපේ සිනමා රසිකයන් ආමනන්දනයට පත්කළ මහත්මා ගතිගුණ තිබු විරල නළුවෙක් බව මෙහි සදහන් කල යුතුයි. ඔහුගේ රූපයටම ගැලපෙන සිනහව, කට හඬ රසික අපේ හදවත් තුල සදා රැදී තිබෙනවා නිසැකයි. ඔබට අපේ ආචාරය. (නදී)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Tuesday, 16 June 2015 11:12 AM

මේ සුන්දර "මිනිසුන්ගේ " දිවි සමු ගැනීම මහත් දුකක්. පසුගිය කෙටි කාලයක් තුළ මෙවැනි දැවැන්තයින් රාශියක් නික්මයෑම සමස්ථ ශ්‍රී ලාංකික ජාතියට මහත් පාඩුවක්..(නදී)

:       0       0

රනිල් නිසාන්ත Tuesday, 16 June 2015 12:27 PM

කණගාටුදායක පුවතක්. නිවන් සුව පතමි. (නි)

:       0       0

රණතුංග Tuesday, 16 June 2015 12:40 PM

ඔබ වැනි සුන්දර මිනිසෙකුගේ සමුගැනීම අපිට බලවත් වේදනාවක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 16 June 2015 12:47 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සමන්ති Tuesday, 16 June 2015 01:08 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

නදීශාන් Tuesday, 16 June 2015 01:09 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දීප්ති ඇන්ජෙලෝ Tuesday, 16 June 2015 01:10 PM

අපේ කාලේ හිටපු අන්තිම හොඳ නළුවත් මියගියා. මම හන්තානේ කතාවෙන් එතුමාව පළමුවරට දැක්කේ. දේශපාලනය ගාවාගන්නේ නැතුව සිටි නියම කලාකාරයෙක්. මහත්මයෙක් වගේ ජීවත්වුණා. සමිඳුන් තුළ සමාදානයේ සැතපේවා! (නි)

:       0       0

යාපා Tuesday, 16 June 2015 01:20 PM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

කාන්ති Tuesday, 16 June 2015 06:05 AM

ප්‍රවීණ රන්ගධරයණනි ඔබට නිවන් සුව. (ම)

:       0       0

සීල ද සිල්වා Tuesday, 16 June 2015 06:19 AM

ප්‍රවීණ රන්ගදරයාට මගේ උත්තමාචාරය සහ සාතිශය සංවේගය.(නදී)

:       0       0

රොහාන් සෞදි Tuesday, 16 June 2015 06:24 AM

සුවහසක් රසික හදවත් රංගනයෙන් පුබුදු කල ඔබතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි. ඔබ සදා රසික අපේ මතකයේ ඇත. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 16 June 2015 06:27 AM

කලාකරුවාණනි ඔබට මොක් සුව පතමි! (නදී)

:       0       0

දුමින්ද Tuesday, 16 June 2015 06:27 AM

ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ... (ර)

:       0       0

රේණුක Tuesday, 16 June 2015 06:33 AM

නිහතමානී කලා ජිවිතයක් ගතකල හොඳ රංගධරයෙක් ..ඔබතුමාට නිවන් සුව ...... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9303 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4844 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6723 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4559 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1129 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36472 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24189 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site