වළවේ ගඟේ අම්බලන්තොට පාලමෙන් ගඟට වැටුණු තිදරු මවක බේරා ගැනීමට ටිපර් රියදුරකු වන ජේ පී ජී චන්දිමාල් සමත් විය.
ටිපර් රිය පාලම උඩ නතර කළ ඔහු කිඹුලන් ගහන එම ගඟට පැන ඇය බේරා ගෙන පොලිසිය මගින් රෝහල් ගත කරනු ලැබීය.
ඔහු ගඟට පනින විටත් බොහෝ පිරිස් ඇය ගඟේ දඟලනු බලා සිටි බව කියති.
එම කාන්තාව සෙරප්පු දෙක හා බෑගය පාලමේ තබා ගඟට පැන්නේදැයි සැකයක් පවතින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණින් සියලු යහපත වේවා ඔබට (නි)
රියදුරු මහතාට අපේ උපහාරය! (නි)
අපරාධයක් වුණ ගමන්ම උඩින්ම අදහස් දාන අපේ කට්ටිය මේ වගේ වෙලාවක නම් සද්දයක් නැහැ (නි)
මේ වගේ මිනිසුන්ට තමයි සම්මාන දීලා ජාතික වීරයෝ වගේ සළකන්න ඕනෑ (නි)
මෙන්න සුපිරි වීරයෙක්. ඔබට මගේ සුභ පැතුම්! (නි)
සොයුර, ඔබට මගේ ප්‍රණාමය! (නි)
රටට අවශ්‍ය ඔබ වගේ තරුණයින් (නි)
රටටම වටිනා ආදර්ශයක් (නි)
ඔබගේ ජීවිතය පරදුවට තබා මේ කළ ක්‍රියාවට ඔබට දීර්ඝායුෂ පතමි. (නි)
ඔබ වීරයෙක්.විශිෂ්ටයි ...!!! (නි)
සැබෑ වීරයෙක්. ඔබට ජය! (නි)
ඔබ කළේ මහඟු ක්‍රියාවක්. ඔබ පිරිමින් අතර වීරයෙක්. (නි)
ඔබට බොහෝ පින්! (නි)
තමන්ගේ ජීවිතය පරදුවට තියා තවත් ජීවිතයක් බේරාගන්න තරම් නුඹ එඩිතර වූයේ් කොහොමද? කිඹුලන් ඉන්නා බව දැනගෙනත් නුඹ කළේ වීරකමක් (නි)
ලාංකික වීර පුතණුවනි, ඔබට අපේ ප්‍රණාමය! (නි)
අමනුෂ්‍යයින් අතර දෙවිවරුන් තවමත් මිහිපිට ඉන්නවා. මෙන්න සාක්ෂි... ඔබට මම හිස නමා ආචාර කරමි! තෙරුවන් සරණයි! (නි)
මෙවැනි අය අතිශය අගය කල යුතු අය වේ.. තමන්ගේ ජීවිතය ගැන නොතකා ජීවිතයක් බේරගන්න ක්‍රියා කරපු එක ගැන .... මොවුන් සත්‍ය මිනිසුන් වේ. (ස)
මේ මහත්තයාට ගොඩක් පින් ජීවිතයක් බේරුවට (නි)
ඇත්තෙන්ම ඔහු නිර්භීත පුද්ගලයෙක් (නි)
දිරිය, එඩිතර පුතෙක්. ඔබට දීර්ඝායුෂ පතමි. ලංකාදීප පුවත්පතට මෙවන් ශ්‍රේෂ්ඨයින් ඇගයීම පිළිබඳවද කෘතඥතාව පළකරමි. (නි)
පුතේ, ඔබටත් ඔබ වැනි පුතෙක් මෙලොවට දායාද කළ දෙමාපියන්ටත් අපේ ප්‍රණාමය! (නි)
මේ වගේ හයිය තියෙන අය තමයි ලංකාවට ඕනේ.(නදී)
ඔබ අපට වීරයෙකේ පුතුනේ (නදී)
ඔබට ගොඩක් පින් අයියේ. (නදී)
අගය කළ යුතු ක්‍රියාවක්.හරිම අගෙයි. (නි)
සොයුර,ඔබට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
ඔබ වීරයෙක්. ඔබට බුදු සරණයි! (නි)
මෙන්න මිනිස්සු....මේ වගේ මිනිස්සු ඉන්න නිසා තමයි අද ලංකාවක් ඉතුරු වෙලා තියෙන්නේ (නි)
ඔබට බුදු සරණයි! (නි)
ඔබට මාගේ ආචාරය! (නි)
ඔබ වැනි පුද්ගලයන් රටට බොහෝ වැදගත්. (නි)
ඔබ නියම සිංහල කොල්ලෙක් (නි)
ඇත්තටම අද සමාජය හරිම පිළිකුල් සමාජයක්.ඒ මහතා අපි අගයන්න ඕනෑ.දෙවි පිහිටයි ඔබට ! (නි)
ටිපර් රියදුරාට දෙවි පිහිටයි! (නි)
සුභ හෙට දවසක් පතනවා මල්ලි ඔයාට. (නි)
ඔබට පින් සිදුවෙනවා (නි)
මිනිසුන් අතර දෙවියෙක් (නි)
ඔබට ජය වේවා! (නි)
ඔබ කළ වීර ක්‍රියාව අගයමි. (නි)
ටිපර් රියදුරන් ගැන අවලාද නැගෙන කතා ඇසෙන මෙවන් යුගයක, ඔබේ ක්‍රියාව විශිෂ්ටයි.සොයුර, ඔබට යහපත් හෙට දිනක් ලැබේවා! (නි)
ඔබට අපගේ ප්‍රණාමය..මෙහෙම නිර්භීත අයයි අපි අගයන්න ඕනේ. තමන්ගේ ජීවිතේ පරදුවට තබා තවත් අයෙක් ගැන හිතන අය වත්මන් සමාජයේ විරලයි. (ස)
චන්දිමාල් මහතාට අපේ උපහාරය.! ඒ කාන්තාව ගඟේ ගිලෙනු දැක දැකත් අවශ්‍ය පියවර නොගත් අනෙක් මහතුන්ට අපේ අනුකම්පාව.!!! (ස)
හැමදාම අපචාර හා මිනි මැරුම් ඇහෙන රටේ මේ වගේ දේවල් අහන්න ලැබෙන එක ලොකු දෙයක් , තාම හොඳ මිනිසුන් ඉන්නවා රටේ ඉතිරි වෙලා .(ස)
මිනිස්කමේ ගුණ සුවද දැනෙන්නේ මෙවැනි මිනිසුන් ලොව තුළ වාසය කරන හෙයිනි. සුළු දෙයකට පවා මිනිසුන් මරණ යුගයක ඔබ බෝසත් ගුණ ඇති මිනිසෙකි. මරණයෙන් කෙනෙකු මුදවාගෙන අභයදානය දීමට ඔබට තිබු හැකියාව ශ්‍රේෂ්ඨයි. ඔබ හැදු මව්පිය දෙපළට මම ගරු කරමි. මෙම කුසල් බලයෙන් ඔබට යහපතක්ම වේවා ! (නි)
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
විශිෂ්ට කාර්යයක් (නි)
ඒ කාන්තාව ඔහුට ස්තූති කළාද දන්නෙ නැහැ. (නි)
නිර්භීත කරුණාවන්ත තරුණයෙක් (නි)
මේක හොඳ ක්‍රියාවක් !!!