මතුගම බස් නැවතුම්පොළේදී ටිපර් රියකට යටවී වයස අවුරුදු 14ක සිසුවෙක් මරුමුවට පත් විය.
ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ සිසුවෙකි.
අනතුරින් පසු පළා ගිය බව කියන ටිපර් රිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මතුගම බස් නැවතුම්පොළේදී ටිපර් රියකට යටවී වයස අවුරුදු 14ක සිසුවෙක් මරුමුවට පත් විය.
ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ සිසුවෙකි.
අනතුරින් පසු පළා ගිය බව කියන ටිපර් රිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
90% රියදුරාගේ වරද. මෙවන් අනතුරු වළක්වා ගන්න පුළුවන් (නි)
මේ ප්‍රශ්නය දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා (දී)
අනතුරක් වුනාම වාහනය වටකරගන්න පුද්ගලයෝ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව රියදුරාට ගහල වාහනෙත් ගිනිතියන එක සිරිතක් කරගෙන. නීතියෙන් කියන්නේ නම් වහනය නවත්වා තුවාල කරු වහාම රෝහලට ගෙනියන්න කියලයි. ඒත් කවුද වාහනේ නවත්තල ගුටි කන්න සුදනම්වෙන්නේ? මිනිස්සු හැමතැනම හැම සුළුදේකටම නීතිය අතට ගන්නා බව දැන් දැන් පේනවා. ඒක සාධාරණීකරණය කරන පිරිසකුත් ඉන්නවා. පොලිසියටයි ආණ්ඩුවටයි බැණ බැණ අපේ පරිහානිය අපිම ඉක්මන් කරගන්න බව නම් පැහැදිලියි. (දී)
බොහෝ ටිපර් රථ රියදුරන් නොසැලකිලිමත් ලෙස තමා වාහනය ධාවනය කරන්නේ. ඔවුන්ගේ වාහනය විශාල නිසා පාරේ යන අනෙක් අය කාණුවට බහින්න ඕන කියල තම හිතන්නේ. (දී)
ගීත් ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත. මීගමුව කිඹුලාපිටියේ මම ඉන්නේ, බොරළු අදින ටිපර් රියදුරන් අමුනුශ්ෂයෝ වෙලා. මාවත් කීප විටක් මොවුන් හින්ද මැරෙන්න ගියා. පොලිසියට මෙයාලා පගාව දීලා අපි ගැන කිසිම තැකීමක් නෑ.(ස)
ලංකාවේ නීතිය බිඳ වැටි ඇති බව නම් සහතිකයි. (නි)
මෙහෙම අනතුරු වෙන්නේ රියදුරාගේම වරදින්ම නොවේ මග තොට යන පදිකයින් මෙයිට වඩා සැලකිලිමත් විය යුතුයි බොහෝ විට කහ ඉර හරහා පාර මාරු වෙන විටදී පදිකයින් හිතන්නේ ඒක එයාලගේ කියලයි කොහොම කොතනින් පාර මාරු වුනත් පාරේ ගියත් එම මාවත ඔබ කිසිවෙකුට අයිති නෑ අවශ්තාවය සදහා ඉක්මනින් පාර මාරු වෙන්න එක හැමටම හොදයි අනතුරු අවම කරගත හැක (අ)
මේ ටිපර් වලින් දැන් අනතුරු කිහිපයක්ම සිදුවුණා. ටිපර් වලට රාත්‍රී ධාවනයට පමණක් නීතියක් ගෙන එන්න (නි)
නගරය මැද පාසැල් ඇරුනු වෙලාවේ ප්‍රවේශමෙන් ධාවනය කළ යුතුමයි. පාසැල් ළමයින්ට මාර්ග නීති ගැන තව තවත් අවබෝධයක්ද ලබා දිය යුතුයි. එක පැත්තකට විතරක් වැරදි කියන්නත් බැහැ (නි)
පදිකයින් තමන්ට ඕනෑ ඕනෑ විදිහට පාර මාරු වෙනවා. කහ ඉරේ යන්නෙත් තමන්ට ඕනෑ විදිහට. මේවා තමයි නවත්වන්න ඕනෑ. (නි)
මග මරුවන් ගැන අදහස් දක්වලා එපා වෙලා. මේ වගේ අයට රැකියාව කරන කාලයේ දුන් දඬුවම් ගැන සිතමින් සතුටු වීම මෙහි අදහස් දක්වනාවට වඩා වටිනවා. (නි)