අවුරුදු 101 කට පෙර වර්ෂ 1912 දි මහ මුහුදේ ගිලිණු ලෝකයම කම්පාවට පත්කල ටයිටැනික් නැවේ සංගීත කන්ඩායමේ වයලින් වාදකයෙක් සිටියේය. ඔහු නමින් වැලෙස් හාර්ට්ලි නම් වේ.
නැව විනාශ වන විට ඔහුද අතුරුදහන් වුයේය. දින දහයකට පසු වැලෙස් හාර්ට්ලි ගේ මල සිරුර සොයා ගත් අතර ඒ සමගම ඔහුගේ ඇදුම් බෑගය ඔහුගේ සිරුරට ගැට ගසා තිබුනු බව සොයා ගත් පරීක්ෂකයෝ පරීක්ෂණ වාර්තා වල සදහන් කර ඇත්තේය.
සත්ව හමකින් නිම කර ඇති එම බෑගය තුල තිබී හමුවූ වයලීනයේ හිමිකරු ඔහු බව ඔහුගේ සිරුර හදුනා ගත් ඔහුගේ මව විසින් සනාත කොට තිබුණේය. ඔහුගේ විවාහා ලියා පදිංචිය සිදුවූ දිනයේ වැලෙස් හාර්ට්ලිගේ පෙම්වතිය වූ මරියා රොබින්සන් විසින් මෙම වයලීනය ඔහුට තෑගි කල බවත් එබැවින් එම වයලීනය දැඩි ආශාවකින් රැකගත් බවද පවසා තිබුනි. එමෙන්ම එම වයලීනයේ සවිකල රීදි පැහැති තහඩුවක ‘‘අපේ විවාහා දිනයේදි වැලීට ආදරණීය මරියා ගෙන් ‘‘යනුවෙන් සදහන් රිදි තහඩුව එලෙසම තිබුනු බව එය පරීක්ෂා කල කණ්ඩායම් සදහන් කර ඇත්තේය. ඔහුගේ මරණයෙන් පසු එම වයලීනය ඔහුගේ පෙම්වතිය වූ මරීයා රොබින්සන්ට භාර දුන් අතර ඇය 1939 දි මියගිය අතර වයලීනය කැනඩාවේ ආයතනයකට භාර දුන්නේය. අද එම වයලීනය එංගලන්තයේ සුප්‍රසිද්ධ හෙන්රි ඕල් ඩිර්ජ් වෙන්දේසි ආයතනය සතුව පවතී. එහි වටිනාකම යුරෝ ලක්ෂයකට මිල කර ඇති අතර, ටයිටැනික් නැව නිශ්පාදනය කල බෙල්ෆාස්ට් නුවරදී ඉදිරි දින කිහිපයේදි ප්‍රදර්ශනයට තබන බව එහි නගරාධිපති පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම චිත්‍රපටයක්.(නදී)
චිත්‍රපටියක සිදුවීමක් නොව මෙය සත්‍ය සිදුවීමකි . එම සිදුවීම මුල්කරගෙන පසු කලෙක චිත්‍රපටයක් නිර්මාණය වුණා (ස)
මිල කළ නොහැකි සංගීත භාන්ඩයක්. නැව ගිලුනත් බෑන් චූන්.(නදී)
වැලෙස් හාර්ට්ලි සහ ඔහුගේ වයලීනය මිල කළ නොහැකිය. (නි)
ඔය කියන කාලෙම අපේ ආචිචි කෙනෙක් පාවිචිචි කරපු ගිරයක් සහ කඹයක් මා ගාව තියෙනවා. විහිලුවක් නෙමෙයි විකුනන්න කැමති නැහැ.(නදී)
ඉතා වැදගත්, ඒ වගේම අනුවේදනීය පුවතක්. (නදී)
ජීවිතේ ඒ වගේ.(නදී)
මේ වයලින් එක වාදනය කරන 'බ්‍රිජ්' එක මගේ ළග. (නි)
වටිනා පුරා වස්තුවක් (දී)
ඕක වාදනය කරන්නේ "බෝ" එකෙන් මිස බ්‍රිර්ජ් එකෙන් නෙමෙයි. (නි)
වටිනා පුරාවස්තුවක්.(හේ)
වටීනා කෞතුක වස්තුවක්.(හේ)