IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ටියුෂන් ආදායම කෝටි විසිදාහයි

(සුජිත් හේවාජුලිගේ)

උපකාර පන්ති ක්ෂේත්‍රයේ  වාර්ෂිකව  රුපියල් කෝටි 20000ක මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් එම ක්ෂේත්‍රය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය.

අදාළ විෂයයන් අසමත්වූ අයත් උපකාර පන්තිවල  උගන්වන බවට තොරතුරු හෙළි වී ඇති බව පැවසූ මහාචාර්යවරයා  එවැන්නන් උපකාර පන්ති පැවැත්වීම අපරාධයක් බවද  සඳහන් කළේය.

උපකාර පන්ති ක්ෂේත්‍රය නියාමනය විය යුතු බවද ඔහු සඳහන් කළේය.

උපකාර පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපනික සුදුසුකම් සොයා බැලිය යුතු බවත් ඔවුන් කුමන හෝ ස්ථානයක ලියාපදිංචි කළ යුතු බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ලොකු කාර්යභාරයක් පැවරෙන බවද වසන්ත අතු කෝරල මහතා කීවේය.

එසේ නොකළහොත් පාසල් අධ්‍යාපනය උපකාර පන්තිවල ගොදුරක් බවට  පත්වි බිඳවැටිය  හැකි බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (34)

ටියුෂන් ආදායම කෝටි විසිදාහයි

krishna Wednesday, 26 June 2024 05:27 PM

ගුරුවරු වර්ජන නොකර නිසි පරිදි විෂයානුබද්ධව ක්‍රියා කරතොත් ටියුෂන් කතාව තුරන් කල හැක...උ/පෙල උගන්වන ගුරුවරු බහුතරය එම කටයුත්ත නිසියාකාරව කොකරන බව තමයි පෙනෙන කරුන...බාලාංශ දරුවන්ගේ වැඩ සටහනට සිග්‍ර වෙනසක් අත්‍යවශය වෙයි..පොඩි දරුන් පවා ටියුෂන් යන තත්වයක් විශාල වශයෙන් පෙනේ.

:       0       0

Saman Wednesday, 26 June 2024 05:39 PM

මේ පුද්ගලික ටියුෂන් ගුරුවරු තමයි ලංකාවේ දුප්පතුන් වැඩි කරන්නේ.., ඉගෙන ගන්න ළමයි ඉන්න පවුල් තනිකරම් හූරාගෙන කන්නේ.

:       1       83

සෙනෙවිරත්න Wednesday, 26 June 2024 05:47 PM

හරිම ලෙහෙසියි, සියලුම ගෙවීම් ඔන් ලයින් හරහා පමණක් සිදු කරන්න නීති ගේන්න. අතයට ගහන ගැහිලි සේරම ⁣නතර වෙනවා. මම දැක්කා පහුගිය දවස්වල ඔය ගුරාලාගේ කාර් ප්‍රදර්ශනයක්... අහිංසක දෙමව්පියන්ගේ සල්ලි..., ඕවාට කතා කලොත් කුහකයෝ ජෙප්පෝ කියලා ලේබල් අලවනවා.

:       4       85

Jacob MuthugalaThursday, 27 June 2024 10:40 AM

එතකොට කොහොමද දේශීය ආදායම් එකෙන් මාටියා පාර ඇදෙන්නේ .හොරු බයයි ඩිජිටල්කරණය කරනවට

:       0       16

විපරමා Wednesday, 26 June 2024 05:54 PM

ටියුෂන් කඩකාරයෝ දැන් වැහි වැහැලා? පාසැල්වල ගුරුවරු මේවාට මොකද කියන්නේ?

:       2       72

ටියුඩර්Thursday, 27 June 2024 07:24 AM

පාසල් ගුරුවරු මේවාට මොකද කියන්නෙ ? කියන්නෙද පුතාල පංති යනවා නේද කියලා අහල ඉගැන්වීම කරන්නෙ නැහැ පාසලේ උසස් පෙළ පංතියේ අදාල විෂය උගන්වන ගුරුවරු තමන් උගන්වන විෂය පංතියට තමාගේ දරුවා පවා යවනවා එහෙම කරන ගුරුවරු දේශපාලන හේතු මුල්කරගන වෘත්තීය සමිති නායකයාගේ පක්ෂයේ නායකයා ජනාධිපති කරන්න උද්ඝෝෂණ කරන්න යනවා ගුරු සේවය විනාශයට යනවා

:       2       14

Kamal Koyrala Thursday, 27 June 2024 12:45 PM

එයාලට වෙලාවක් නෙහ ඕවට ඉස්කෝලෙට වඩා පරෙනේ ඉන්නේ

:       0       5

sam Wednesday, 26 June 2024 05:55 PM

උපකාර පන්ති ක්ෂේත්ය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු වේ. සිසුන් 10ට වැඩි ප්‍රමාණයක් සිටිනවු සියලු උපකාර පන්ති සියල්ල රජය මගින් ප්‍රමිතිකරණය කලයුතුද වේ. සහ උපකාර පන්ති සිසුන්ගෙන් ලබාගන්න මුදල් අවමය සහ උපරිමයකට යටත් කලයුතුවේ. එමෙන්ම පුද්ගලික වෛද්‍ය මද්‍යස්ථාන, වෛද්‍යවරුන් එහි සේවකයන් පිළිබදවද යම් ප්‍රමිතියක් ඇතිකලයුතුවේ. පුද්ගලික වෛද්‍ය මද්‍යස්ථාන සහ ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නවු ආයතන තුල සේවයට නුසුදුසු පිරිස් සේවයේ නියුතුව සිටි.

:       0       0

රංබොඩ Wednesday, 26 June 2024 06:03 PM

නියාමනයක් අත්‍යාවශ්‍යයි. ඔවුන් කොතැනක හෝ ලියාපදිංචි විය යුතු පංති පරිසරය , ළමයින් ප්‍රමාණය සහ අයකරන ගාස්තු ගැන නීත්.සැකසිය යුතුයි . දැන් මේක.තනිකරම සෙල්ලමක්.වෙලා. බෙන

:       0       0

Manjula Pradeep Wednesday, 26 June 2024 07:46 PM

අපි ගුරුවරුන්ට පඩි ගෙවන්නත්...ඕනේ...

:       0       0

Manjula Pradeep Wednesday, 26 June 2024 07:52 PM

රටේ අහිංසක මිනිස්සුන් කෝටි විසිදාහක් වියදම් කරලා ළමයින්ට උගන්වන්නත් ඕනෑ... ගුරුවරුන් විදුහල්පතින්ට පඩි ගෙවන්න ආණ්ඩුවට බදු ගෙවන්නත් ඕනෑ..

:       0       0

Manjula Pradeep Wednesday, 26 June 2024 07:56 PM

ජවිපෙ කාරයෝ කියන නිදහස් අධ්‍යාපනය මේක වෙන්න ඇති... මොවුන් ගුරුවරුන් වැඩ වර්ජනයට යොදාගන්නවා කියලා කරන්නේ ජේවිපින් මතවාදය ගුරුවරුන්ගේ ඔළුවට දාලා අනාගත දරුවන්ගේ මනස විකෘති කරන්න යොදවා ගන්න ගුරුවරු පාවිච්චි කරන එකයි...

:       0       0

සමන් විමල් Wednesday, 26 June 2024 08:39 PM

ටියුෂන් දැවැන්ත ව්‍යාපාරයක්. අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන්නන් වෙළඳ පොළ නිර්මාණය කරන අතර ගුරුවරු පාරිභෝගිකයින් සකසනු ලබයි...

:       1       1

A.maendra Wednesday, 26 June 2024 08:42 PM

ඩොක්ටර් චැනල් ගාන කියන්න ලොයර්ස්ලාගේ ගාණ කොහොමද? සර් ගෙදරට ඇවිත් උගන්වන එක මොකද? මේ අදහස් වලට වස කඩයක් වත් කරන්න බැහැ..

:       0       0

ටියුෂන් සර් Wednesday, 26 June 2024 09:09 PM

ටියුෂන් නැති කරන්න තියෙන්නේ එකම විසඳුමයි විශ්ව විද්‍යාලය ට ගන්න ගාන වැඩි කරන්න ගණිත අංශයෙන් හා ජීව විද්‍යා අංශයෙන් 80000 ට වැඩි ප්‍රමාණ බැගින් විභාගය ට මුහුණ දුන්න ත් වෛද්‍ය පිඨයට හා ඉංජිනේරු පිඨය ය ට ගන්නේ 2500 ට ත් වඩා අඩු ප්‍රමාණයක් ප්‍රශ්නය ට පිළිතුර ඒකයි ඒක විසඳන තාක් ලංකාවේ ටියුෂන් නවත්වනවා බොරු

:       14       24

මාස්ටර් මංජුල Thursday, 27 June 2024 11:21 AM

ටියුෂන් කියනදේ හරි ඇත්තටම ඔය ඇමතියො ලේකම්ලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්නෙ නැහැ රජයේ නිළධාරින් හෝ සේවකයින් තමන්ගෙ නියමිත රාජකාරියට අමතරව කරන ඉපැයීම් සදහා අවසර ගන්න ඕන බව හා උපයන මුදලින් සියයට 15 ක් රජයේ ආදායමට ගෙවියයුතු බව එනිසා ටියුෂන් කිරීමට අවශ්‍ය රජයේ සේවයේ සියලු දෙනාටම බලපත්‍ර ගැනීම අනිවාර්ය කරන්න අදාල බදු මුදල් අයකරන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ උපකාරක පංති නියාමනයක් හදන්න සුදුසුකම් තියෙන ගුරුවරුන්ට පමණක් අවසරය දෙන්න සමහරක් ටියුෂන් ගුරුවරු උදේ හම්බන්තොට දවාලේ රත්නපුර සවස අනුරාධපුර යනවා කියලා දැන්වීම් නිසා පේනවා එහෙම නම් ඔවුන් හෙලිකොප්ටර මගින් යනවා ඇති ආදායම් කොහොම ඇද්ද

:       0       0

විජේ Wednesday, 26 June 2024 10:07 PM

මෙතන අදහස් දාලා තියන අය දැකලා තියෙන්නේ එක පැත්තයි.. සේරටම කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඇයි ළමයි ටියුෂන් යන්නේ කියලා. ඉස්කෝලේ විනාඩි 45 කාල පරිච්ඡේදය තුළ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ළමයින්ට තේරෙන්න උගන්වන්න බැහැ... කාලය මදි. ටියුෂන් ගුරුවරු ගොඩක් කැපකිරීම් කරලා ගොඩක් මහන්සි වෙලා තමයි ළමයින්ට උගන්වන්නේ පැය 2 ක් 3ක් හිටගෙන එක දිගට කතාකරන එක ලේසි කාර්‍යයක් නෙවෙයි. අනෙක ගුරුවරයාට සුදුසුකම් නැත්නම් හොඳට උගන්වන්න බැහැ නේද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ... එහෙම ගුරුවරයෙක් ළඟට ළමයි සල්ලි දීලා යාවිද කියලා...

:       0       0

Rashmi Wednesday, 26 June 2024 10:08 PM

ලංකාවේ හරියට බදු ගෙවන්නේ පෞද්ගලික අංශයේ මාස් පඩි සේවකයින් ටික විතරයි. අනිත් අය එක්කෝ ගෙවන්නේ නෑ. නැත්තම් එක එක මගඩි කරලා සොච්චමක් ගෙවන්නේ....!

:       0       0

අජිත් ජිනදාස Wednesday, 26 June 2024 11:04 PM

ටියුෂන් ආදායම ගැන විතරක් නෙමෙයි, සමාජයට කිසිම සේවාවක් නොකර ජනතා බදු මුදලින් සිය පරම්පරාවල් නඩත්තු කරමින් අයථාලෙස කෝටි ප්‍රකෝටි ගණනින් මහජන දේපල හොරාකන චෞර දේශපාලුවන් නියාමනය කරන සක්‍රීය වැඩපිළිවෙලකුයි රටට අවශ්‍ය වෙලා තියෙන්නේ...

:       0       0

chandika Gallage Wednesday, 26 June 2024 11:37 PM

මේ රටේ වෙන හැම දේම නියාමනය කරන්න ඕනෑ. මේ වයසක බඩ මහත සුදු ඇඳගෙන එන නාකි සීයලා ටික විශ්‍රාම යවන්න ඕනෑ. ඔක්කෝටම ඉස්සෙල්ලා, මේ රට විනාශ කරලා ඉවරයි. නිදහස් අධ්‍යාපනය නමට විතරයි , ගොඩාක් ළමයි ටියුෂන් කාරයින්ගේ ගොදුරක් වෙලා අවසන්, මේ රට කොහාටද ගමන් කරන්නේ? දුකයි

:       0       0

කපිල Thursday, 27 June 2024 12:35 AM

මේකෙන් 10% ක් බද්දක් ගත්තා නම් රජයට කොටි 2,000 ක අදායමක් ලැබෙනවා. ඒකෙන් මහා ඡන්ද 2ක් තියන්න තිබුණා...

:       0       0

Kasun Thursday, 27 June 2024 01:56 AM

ඉස්කෝලේට ලැබිය යුතු සල්ලි තමයි මේ කට්ටිය පිල්ලි දාගන්නේ

:       0       0

Samarasingha Thursday, 27 June 2024 02:26 AM

පාසල් වල ගුරුවරුන්ගෙන් 60 % 70 % ඉගැන්වීම කරන්නේ විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කිරීමට...එහෙත් දරුවෝ ඉගෙනගත් දෙයක් නෑ...දරුවන්ට හැදියාව යුතුකම් සමාජ දැනුමක් නෑ ... හැම ගුරුවරයෙක්ටම මෙය අදාළ නෑ..සමහරක් දෙවිවරු වගේ දරුවන්ට හොදින් විෂය මෙන්ම ජීවිතය කියදීමද කරන ගුරුවරුන් පාසල තුල සිටිනවා...නමුත් ඔවුනට හිමි ගෞරවය මෙන්ම සමාජයේ ඉදිරියට පැමිණෙන බවක් නෑ...ගුරුවරුන් පඩිය ඉහළ නැංවීම. වගේම ඉගැන්වීම ඔයිට වඩා සැලකිලිමත් ව අවධානයෙන් කරන්න කාරුණිකව සිතා බලන්න....එහෙම නම් ටියුෂන් වලට දරුවන් යන ඒක වෙනස් වෙයි....

:       0       0

Ruwande Silva Thursday, 27 June 2024 07:54 AM

ඩොලර් බිලියන 1ට ලගයි. අම්බෝ එච්චර ගානක්. විශ්ව විද්‍යාල වලටත් ඔච්චර රජය වියදම් කරන්නේ නෑ

:       0       7

JPA Thursday, 27 June 2024 08:18 AM

ටියුෂන් වල ප්‍රමිතීන් ඇති කරන්න ඕන. මිළ ගණන් නියාමනය කිරීම වැදගත්. ඒ වගේම බොහෝ දෙනෙක්ට නොපෙනෙන පැත්තක් තියෙනවා ටියුෂන් නිසා රටේ ශ්‍රම බලකායෙන් විශාල පිරිසකට ළමයි සමග ඉන්න වෙලා තියෙනව. ලංකාවෙම ගත්තොත් අධික ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. මේවා රටේ ණය බර වැඩි වීමට/ සංවර්ධනයට ඍජු ලෙස බලපානවා.

:       0       5

smare Thursday, 27 June 2024 08:23 AM

ඇත්තටම ළමයින් ටියුෂන් යන තරමටම ඉන් ප්‍රයෝජනයක් වෙනවද කියල බැලුවොත් උත්තරේ නැත යන්නය . ටියුෂන් අද කාලේ ටියුෂන් ගුරාල හැසිරෙන්නේ අමු විකටයෝ වගෙයි . උන් ළමයින්ව හුරගෙන කනව විතරක් නෙවෙයි උන්ගේ මොලත් හෝදනවා . කණගාටුවට කරුණ නම් මේ ව්‍යසනය නවත්වන්න කිසිම අධ්‍යාපන ඇමතියෙකුට බැරි උනා . අපේ රටේ විභාග ක්‍රමය වෙනස්කරන තෙක් මේ මාෆියාව නැතිකරන්න බැහැ .

:       1       10

Buddika Thursday, 27 June 2024 09:24 AM

මේ ආටිකල් එක හරියටම හරි.අද ලංකාවේ ටියුසන් මාෆියාවක් වෙලා.සුදුසුකම් ඇති සහ නැති ඔක්කොම මේවට සම්බදයි.රජයේ කිසිම නියාමනයක් නෑ.තමන්ට කැමති මුදල අය කරන්නෙ.මගේ පුතා උසස් පෙළ ඉංග්‍රිසි මාධ්‍ය කරන්නෙ.විශයන් 3ක් ටියුශන් පන්ති 3ට මාසෙට රු.30000ක් යනව.බස් එකට,අතේ තියාගන්න දෙන සල්ලිත් එක්ක හැම මාසෙම ඔක්කොම 50000ට වඩා යනව.මගේ පුතා කොළඹ ප්‍රධාන පාසලකට ගියත් හරියට උගන්වන්නෙ නෑ.ඒ නිසා අමාරුවෙන් හෝ පන්ති යවන්න වෙලා.මහරගම පැරණි ඉන්ග්‍රීසි පන්තියක අව්‍රරුද්දකට වාර විභාග 3ක් තියනව.මාසික පන්ති ගාස්තුවට අමතරව ඒ එක වාර විභාගයකට විභාග ගාස්තු කියල රු500ක් ගන්නවා.ඒකත් මේ අවරුද්දෙ ඉදල අවෘද්දෙම විභාග ගාස්තුව එක පාරම ගත්ත.තනිකරම කරන්නෙ බිස්නස් එකක්.මහාපරිමාන පන්ති හිමියො කෝටිපතියො වෙලා.මේවට වහාම රජය මැදිහත් විය යුතුයි.මාසික පන්ති ගාස්තුව කිසිම විශයක රු.1500 නොඉක්මවිය යුතුයි

:       0       11

Silva Silva Thursday, 27 June 2024 10:15 AM

අනිවාර්යෙන් බදු ගැසිය යුතුමයි . දෙශීය අදායම් එකෙන් මාටියා පාර දෙනවා ඇති උඩ පැන පැන . අනිවාර්යෙන් digitalize කළ යුතුයි .

:       0       11

Perera Thursday, 27 June 2024 10:48 AM

සී.ඩබ්.ඩබ්. කන්නංගර ගේ නිදහස් අධ්‍යාපනය අද වැටිලා තියෙන තැන

:       0       11

Lakruwan Thursday, 27 June 2024 01:44 PM

නිසි ලෙස පාසල්වල ඉගැන්වීමක් කෙරෙන්නේ නෑ. පාසලේ අදාල විශයම උගන්වන්න ගුරුවරු පාසලේ උගන්වන්නේ නැතුව තමන්ගේ උපකාරක පන්තියට එන්න කියලා උගන්නවා ළමයි දෙමාපියෝ අසරණයි. දැන් 2 සහ 3 වසර වල ඉදන්ම හැම විශයකටම ටියුෂන් යන්න ඕනී

:       0       7

Indika Senevirathne Friday, 28 June 2024 05:33 AM

රජයේ රෝහල්වල හරියට ප්‍රතිකාර කරලා, හරියට බෙහෙත් ටික දුන්නොත් මිනිස්සු පෞද්ගලික බෙහෙත් ශාලා වලින් බෙහෙත් ගන්න යන්නේ නෑ නේ... ඒකම තමයි මේකටත් කෙටියෙන් ම කියන්න තියෙන්නේ.. වෙන වැල් වටාරම් අවශ්‍ය නෑ කියලා හිතනවා..

:       0       2

Jay Friday, 28 June 2024 08:24 AM

පාසල් වේලාව තුල පාසල් ළමයින් tuition පංති වලට යාම නැවැත්වීමට පියවර ගත යුතුයි overnight tution class අලුත් දෙයක් පටන්ගෙන තිබුන

:       0       0

Sarath Friday, 28 June 2024 09:57 AM

අනිත් රටවල් ටියුෂන් නෑ. පාසල් අධ්‍යාපනය විධිමත් වීම හා ගුරුවරුන් ට වගකීමක් පැවරීමයි විය යුත්තේ

:       0       1

ප්‍රසන්ග Friday, 28 June 2024 01:49 PM

ඇත්තටම නියාමනයක් නැතිවීම කියන්නෙ ඉබාගාතේ කියන මට්ටම.මෙමගින් විශාල ප්‍රශ්න රාශියක් මතුවි තිබෙනවා එකක් දෙමව්පියන් අසරණ භාවයට පත්වීම හරහා ඉච්චාබංගත්වය ඉහළ ගොස්තිබීම.සමාජයක පැවැත්මට අහිතකර ලෙස බලපා ඇති බව හරහා සමාජයෙ ජීවන දර්ශක ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇතිබව මෙ හෙතුවෙන් මෙ රටේ කවදාවත් ජීවන වියදම පාලනය කල නොහැකිවීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2336 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1273 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 849 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1479 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site