(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම ආයතනයේ උපකාරක පන්තියකට සහභාගි වූ ශිෂ්‍යාවන් පිරිසක් මෙම කැමරාව දැක දෙම්පියන් දැනුවත් කිරීමෙන් පසුව පොලිසියට පැමිණි කර ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා එම කැමරාවේ දර්ශන ජංගම දුරකථයකින් හෝ ලැප්ටොප් පරිගණයකින් සජීවීව නැරඹීය හැකි ආකාරයට සකස් කර තිබූ බව ද සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව එම උපකාරක පන්ති ආයතනයේ හිමිකරු සහ ගුරුවරු ඇතුළු පුද්ගලයන් 10 කට වැඩි සංඛ්‍යාවකින් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇති බවත් එය සවිකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
නැවත දැනුම් දෙනතුරු ඓතිහාසික මහනුවර සිරි දළදා වන්දනාවට බැතිමතුන්ට නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා දන්වා සිටි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්
කිරි පුතා Wednesday, 16 February 2022 06:19 PM
ඒ වැඩේ නම් කරලා ඇත්තේ තදබල මානසික රෝගියෙක්... සහ මොහු මේවා අන්තර්ජාලයට දමා ඇති දැයි සොයා බැලිය යුතුයි..
vikum Wednesday, 16 February 2022 09:35 PM
අපේ රටේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් මේක...
ගමේ එකාලා Wednesday, 16 February 2022 10:24 PM
කොහෙද ඔය පන්තිය තියෙන්නේ? ඕක හයි කරන්න වෙන තැනක් හොයාගන්න නැතුව ඇති. මේවාට කොහෙන් හිනාවෙන්ඩද මන්දා?
පිටිගල මිලානෝ Thursday, 17 February 2022 06:45 AM
දැන් බොහෝ විට හයි කරන්නේ මුහුණ හඳුනා ගැනීමට සිවිලිමේ කැමරාවක් සහ කොමෝඩ් එක ඇතුල් පැත්තේ තවත් කැමරාවක් ලෙසයි...
Mahesh Thursday, 17 February 2022 07:17 AM
වෙන්න බෑ. පුළුවන්නම් පෙන්නන්න බලන්න ඒකෙ මොනවද පටිගත වෙලා තිබුණේ කියලා..
sharm warn Thursday, 17 February 2022 09:21 AM
අප්පා... කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද ඉතින්...?
Kasun Thursday, 17 February 2022 09:38 AM
කැමරා හයි කරපු එවුන්ටයි, උන්ගේ පවුල්වල උන්ටයි වැහිනැති හෙන ගහනවා!!!
Bunny Preena Thursday, 17 February 2022 10:13 AM
වැසිකිලි වල කාන්තාවන්ගේ හැසිරීම සම්බන්ධව අමුතුම ආකාරයේ අධ්‍යනයක් කරන්න කාටහරි අරුම පුදුම ආසාවක් ඇතිවෙලා වගේ
සමිත සේනක Thursday, 17 February 2022 11:42 AM
වහාම වගකිවයුත්තන් සොයා ආයේ මෙවැනි හිත්පිත් නැති වැඩ නොකරන්නට දඬුවම් දිය යුතුයි.රට ජාතිය පිරිහුණු තරමක්...
Raveendra Thursday, 17 February 2022 01:30 PM
සමිත සේනක මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. මෙවැන්නන්ගේ වතගොත ඡායාරූපද සමග සමාජයට නිරාවරණය කිරීම සියලුම මාධ්‍යවල වගකීමක්, යුතුකමක් වුවත් එසේ සිදුනොවීම කණගාටුවකි. එසේ මහජනතාවට දැකගැනීමට හැකිනම් මෙවන් වනචාරයින් සමාජයෙන් මෙවැනි සිදුවීම සදහටම තුරන්කළ හැකිබව අප තරයේ විශ්වාස කරන්නෙමු...
සනත් Thursday, 17 February 2022 02:57 PM
පුතේ ටියුෂන් පංති ගියාට කමක් නැහැ දොට්ට පිලට යන්න ඕන ගෙදර ඇවිල්ලා ......... කෝ හැබැට අර ස්ටාලින් ගුරු පියා. මේවා දකින්න නැතිව ඇති
Ajith Thursday, 17 February 2022 03:34 PM
මේවා කරපු අයගේ ඇඟිලි සලකුණක්වත් හොයාගන්න බැරිද?
විපරමා Thursday, 17 February 2022 04:06 PM
කවුරු හරි අසහනකාරයෙක් ගේ වැඩක්...
සුරගුරු Thursday, 17 February 2022 06:44 PM
මෙයට දඬුවම් කළහැක්කේ සිසු දරුවන්ට පමණි. මින්පසුව මේ ස්ථානයේ පංතිවලට නොගොස් මේ කුපාඩියාට දඬුවමක් දීමට දරුවන් මෙන්ම මේවා අනුමත නොකරන ගුරුවරුද කටයුතු කළයුතුයි.
samson Friday, 18 February 2022 06:04 PM
සාක්කුවක තිබූ කැමරාවක් බිම වැටී බිත්තියක ඇලී තිබුණු අතර අත්අඩංගුවට ගත් අහිංසක මනස විකෘති වූ දරුවා නිදොස්කොට...!
pakeer Sunday, 20 February 2022 10:29 AM
මේක ලයිව් කෑම් එකක් නම්.., අනිවාර්යයෙන් හොයන්න පුළුවන් IP ලිපිනය ට්‍රැක් කරලා කාටද බ්‍රෝඩ් කාස්ට් වෙන්නේ කියලා. සුළු දෙයක් මේක හොයන එක.