විදුලි බල විදූලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවයක් සඳහා ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර දෙකක් හන්තාන කදූමුදූන වෙත ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 පියාසර හෙලිකෝප්ටර් බලඝණය සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදූකර කරන ප්‍රවාහන මෙහෙයුමි වල සාර්ථකත්වය හා පළපුදූරු බව ප්‍රදර්ශනය කරමින් ගුවන් භටයෝ මෙම විශේෂ භාන්ඩ ප්‍රවාහන මෙහෙයුම සිදු කළහ.
ගුවන් යානයේ එල්ලාගත් ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර අවස්ථා දෙකකදි කදූ මුදූන වෙත රැගෙන පියාසර කිරිමත් කදූමුදූන වෙත ගොඩ බෑමත් මෙම මෙහෙයුම තුලදි සිදූ කරන ලදි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණූව හා පළපුරුද්ද මෙහෙදි මනාව ප්‍රදර්ශනය විය. අංක 06 පියාසර බලඝණයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මෙම මෙහෙයුෙමි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස ෆලයින් ලෙෆ්ටිනටි ඉෂාන් තිබිබටුමුනුව කටයුතු කළේය.
අංක 06 පියාසර බලඝණයට අයත් 171 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සදහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථකව සිදූකර ගැනිම සදහා එම බලඝණයේ සියළුම නිළයන් හට විශාළ පරිශ්‍රමයක් දැරිමට සිදූවිය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිවිශිෂ්ට වැඩක්.ප්‍රණාමය ඔබ සියලු දෙනාටම. බුදු සරණයි! (නි)
මෙන්න නියම සුපිරි වැඩ (නි)
අපේ දක්ෂයින්ට ඕවා කජු කනවා වගේ (නි)
දක්ෂ වැඩක්. ගුවන් හමුදාවට ආසිරි! (නි)
මේ රටවල නම් ඕවා කරන්නේ කුලී හෙලිකොප්ටර් වලින්. එම කුලී හෙලිකොප්ටර් නියමුවන් ඇල්ප්ස් කඳුවැටි ගිරි දුර්ග අස්සේ ගොස් ජීවිත බේරාගන්නවා.කඩා වැටෙමින් පවතින අයිස් කඳු හරහා ගොස් ජීවිත බේරාගන්නවා. (නි)
මේ හෙලිකොප්ටර් ගන්නකොට විපක්ෂය බෙරිහන් දුන්නා මතකයි. පටු දේශපාලනයේ හැටි. (නි)
වැඩේ නම් හොඳයි. (නි)
අපේ වීර කොල්ලන්ට ජයවේවා! (නි)
මේක විදුලිබල මණ්ඩලයේ උවමනාවට වුණා කියලා හොඳටම විශ්වාස නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
ඔබ කල සේවය ඉතාම වටිනවා ' ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යෝද බල ශක්තිය ලැබේවා (නදී)
ගගෙන් වතුර බි මුහුදට ආවඩන්න එපා (දිල්)
වැඩේ නම් හොඳයි. එ්ත් මේවත් වැඩද මේ කාලේ. (නදී)
අලුත් දොළොස්මහේ පහන ශ්‍රීපාද කඳු මුදුනට අරන් ගියෙත් මෙහෙම නේ. ඒ නිසා අපේ අයට මේක අලුත් අත්දැකීමක් වෙන්න බැහැ. (නදී)
අපේ කොල්ලෝ කවදත් වැඩකාරයෝ (නදී)
මම හිතන්නේ නුවර එළියේ රේස් කෝස් එකේ ඉඳලා පිදුරුතලාගල මුදුනට ටී වී ට්‍රාන්ස්මීටර් රැගෙන ගිය එක තමයි ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම හෙලිකොප්ටර් ප්‍රවාහන කටයුත්ත. (හේ)
නන්දන පනාගොඩ, අපේ රට තාම දියුණු වෙමින් පවතින රටක්නේ. ලෝකේ කොහේ හිටියත් තමන්ගේ රට අගය කරන්න පුලුවන්න වෙන්න. (ර)