
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඔහුගේ මඟ පෙන්වීම යටතේ ‘ට්‍රම්ප් ටීවී’ නමින් නව රූපවාහිනී නාළිකාවක විකාශන කටයුතු ආරම්භ විය.
රුසියාවේ සහ උතුරු කොරියාවේ පවතින රාජ්‍ය මාධ්‍ය ජාලයන්ට සමානව, ට්‍රම්ප් පාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘ට්‍රම්ප් ටීවී’ නාළිකාව පැය 24 පුරා විකාශන කටයුතු සිදු කරනු ඇතැයි පැවසෙයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශ පැය 24 පුරා සජීවීව මෙම නාළිකාවෙන් විකාශය වෙයි.
‘ට්‍රම්ප් ටීවී’ නව නාළිකාව ආරම්භ වූයේ ජනතාවට නිවැරදි තොරතුරු ලබා නොදෙන බවට සහ ජනතාව නොමග යවන බවට චෝදනා කරමින්, ජනපති ට්‍රම්ප්, ‘සී.එන්.එන්’, ‘එම්එස් නව්’ සහ ‘පොලිටිකෝ’යන ප්රමුඛ මාධ්‍ය ආයතන තුනට ධවල මන්දිරය තහනම් කිරීමේ සිද්ධියෙන් දින 3 කට පසු වීම ද විශේෂත්වයකි.
ට්‍රම්ප් ‘සී.එන්.එන්’, ‘එම්එස් නව්’ සහ ‘පොලිටිකෝ’යන මාධ්‍ය ආයතවලට පැනවූ එම තහංචියට විරෝධය දැක්වීමක් ලෙස ඇමෙරිකාවේ තවත් ප්‍රධාන රූපවාහිනී නාලිකා පහකමාධ්යවේදීන් එත් වී ජනාධිපති ට්‍රම්ප්ගේ දෛනික පුවත් ආවරණය කිරීමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම ගොබ්බ පිස්සෙක්! දැන් පැහැදිලිවම පෙනෙනවා මෙකා ලොකයේ තවත් ඒකාධිපතියෙකු වීමට තටමන බව. පසුගිය කාලයේ නිදහස් ලොකයට news සපයන VOICE OF AMERICA නම් ප්‍රබල සන්නිවේදන ජාලයක් ලොව පුරා ස්ථාපිත කර තිබූ බව මට මතකයි. එහි ප්‍රබල විකාශනාගාරයක් ශ්‍රී ලංකාවේද පිහිටුවා, මුළු දකුණු ආසියාවටම නිදහස් නිවැරදි, කොමියුනිස්ට් විරෝධී පුවත්, වාර්තා, විවිධ වර්ගයේ වැඩසටහන් ප්‍රචාරය කල බව අපි දනිමු. දැන් එම නිදහස්, නිවහල් ලොකය ට්‍රම්ප් විනාශ කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙනවා. ඔහු ඒකාධිපති පාලකයන්ගෙන් පාඩම් ඉගෙනගනිමින් උන් ගේ අඩිපාරේ යමින් සිටිනවා. විශාල ධනස්කන්දයක් මත සිටින ට්‍රම්ප්ට කිසිදු මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැත. වෙනත් අයගේ උපදෙස් හො අවවාද අනුශාසනා පිච්චියකට ගනන් නොගෙන ඔහු ඇමරිකාවද ඒකාධිපති පාලනයක් කරා ගෙන යමින් සිටිනවා ද ???