ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේය.
රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සින් ජනපදයේ, මිල්වෝකී නුවරදී පැවැත්වුණු අතර, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම එහිදී සිදුවිය. ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඒ අනුව, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරදවා ට්‍රම්ප් ජනාධිති ධුරයට පත්වුවහොත්, උප ජනාධිපතිවරයා වනු ඇත්තේ ජේ.ඩී. වැන්ස්ය.
39 හැවිරිදි ජේ.ඩී. වැන්ස්, ඇමෙරිකානුවන් අතරේ කීර්තියට පත් වූයේ 2016 වසරේදීය. ඒ, වැන්ස්, ඔුහගේ මතක සටහන් එකන් කරමින්, ට්‍රම්ප් වර්ණනා කර ‘හිල්බිලි එලෙජ්’ නමැති කෘත්‍රිය එළිදැක්වීමෙනි.
වැන්ස් ඇමෙරිකන් සෙනෙට් සභිකයකු ලෙස තේරී පත් වූයේ 2022 වසරේදීය. ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ තැනක් කරමු’ සංකල්පයට කැපී පෙනෙන ලෙස දායක වූ තැනැත්තකු වන්නේ ද වැන්ස්ය. එසේ වුවත්, මෙවර ජනාධිපතිවරණයේ උප ජනාපධිති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප්, වැන්ස් තෝරා ගනීවි යැයි බොහෝ දෙනකු අපේක්ෂා නොකළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස වැන්ස් තෝරා ගැනීම සම්බන්ධයෙන්, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟවදින වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පාර්ශ්වය කනස්සල්ල සහ අප්‍රසාදය පළ කර ඇත. ඒ, වැන්ස් දැඩි දක්ෂිණංශික අදහස් ඇති දැඩි අන්තවාදියකු බව පෙන්වා දෙමිනි.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
Dayasena Tuesday, 16 July 2024 06:04 AM
ට්‍රම්ප්ට වරින්වර ලංකාවට එන මොළ හතා දෙවැනියා හැටියට ගත්තා නම් ඉහළම ජයග්‍රහණය ගන්න තිබුනා. දැන් නම් ශුවර් නැහැ
Lalla Tuesday, 16 July 2024 07:45 AM
තරුණ ජවය පිළිබඳව තැබූ විශ්වාසය... අපේ මහලු නිවාස දේශපාලක ඇත්තන්ට ආදර්ශයක් විය යුතුයි.....