( උවිඳු ප්‍රසාද් ඊශ්‍රායලයේ සිට ) ඊශ්‍රායලයේ ටෙල්අවීව් නුවර බෙත්ධානි ශාලාවේදී ජුනි 22 වැනිදා පෙහෙවස් සමාදන් වීමේ වැඩසටහනක් පැවැත්වීමට යයි.පොසොන් පොහොය නිමිත්තෙන් මේ පිංකම සංවිධානය කරනුයේ ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සහයෝගයෙන් ඊශ්‍රායෙල ශ්‍රී ලංකා සුබසාධක සංගමයයි.
මහවැව මහින්ද හිමි වත්තේගම නිපුණ හිමි හා මස්සන්නේ විජිත හිමි ධර්ම දේශන සඳහා ඊශ්‍රායෙලයට වැඩම කිරීමට නියමිතය.
විජිත හිමියන් කවි බණක් පවත්වන අතර ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා ආදිය ද මෙම වැඩසටහනට අයත්වේ.
මෙම පිංකමට සහභාගී වන්නැයි ඊශ්‍රායෙලයේ සිටින ශ්‍රී ලාංකිකයනට එම සංගමය ඇරයුම් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගමයට ගොඩක් පින් මේ වගේ දේ සංවිදානය කරනවට අපිත් එනවා. (ස)
හොඳ වැඩක් අපි එනවා සදු සාදු සාදු........! (ස)
ඉතාම හොඳ වැඩක්. ඒකාකාරී දිවියෙන් දවසකට හරි හිත නිදහස් කරගන්න ලැබෙන එක ලොකු දෙයක්. කතෝලික නිසා සිල් නොගත්තත් බන අහලා, හොඳ දානේ වේලක් කාලා යන්න එන්නම්. (නි)
ඔබ සැමට ආරාධනා ! (නි)