IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ටෙලිනාට්‍යකට නොනැගුණු ටෙලිනාට්‍යය කතාවක්

ඕෂධී හෝවාමද්දුම වැඩි උසක් මහතක් නැති යුවතියකි. දිව්‍යා ටෙලි නාට්‍යයේ කිසියම් චරිතයක් රඟපාන්නට ඇයට අවස්ථාවක් ලැබිණි. ඒ අවස්ථාව සාදරයෙන් පිළිගත්  ඕෂධී, දිව්‍යා හි රූගත කිරීම් සඳහා යද්දී, ඇගේ තනි නොතනියට ඇගේ අම්මාද ගියාය. සංචිය නිර්මාල්ගේ අධ්‍යක්‍ෂණයක් වූ දිව්‍යා ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළේ ප‍්‍රදීප් බුලත්සිංහලයි.

 

ඕෂධී හෝවාමද්දුමගේ ආදර කතාව

 

සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි. ඇය රඟපෑ ටෙලිනාට්‍ය වල නම් මේ තරම් පහසුවෙන් පේ‍්‍රමය ජයගත් පෙම්වතුන් ඇයට හමුවී නැත. පේ‍්‍රමය ජයගනු උදෙසා කළ යුතුව බොහෝ දේවල් ඔවුනට තිබිණි. අභියෝග බාධක ගැටුම් වැනි බොහෝ දේ තිබිණි.

ප‍්‍රදීප් වැඩි කතා බහ නැති නිහඬ පුද්ගලයකි.  ඕෂධී ඊට දෙවැනි වූයේ නැත. රංගන ශිල්පීන් එක්කවත් නිෂ්පාදන පිරිවර එක්කවත්  ඕනැවට වැඩියෙන් කතාවට යන්නට ඇය කැමති වූයේ නැත. එහෙත් ඇය අහංකාර යුවතියක්ද නොවේ. කා එක්කත් සිනාසී සුහදව කතා බහ කිරීම ඇගේ පුරුද්ද විය. ‘‘කොහොමද නංගී’’ රූගත කිරීම් වලදී මුණ ගැහැණු විට, ප‍්‍රදීප්  ඕෂධීගෙන් අහන්නේ ඇගේ මුහුණ දෙස යාම්තමට බලාය. ‘‘හොඳින් ඉන්නවා අයියා’’ ඇගේ පිළිතුර එපමණය, ප‍්‍රදීප් විහිලූ තහලූවට ගිය පුද්ගලයෙක් නොවූ නිසා ඊට වඩා හිතවත් කමක් ඔහු සමඟ ඇතිවුනේම නැත. දවසක්දා  ඕෂධීට භානුක මුණගැසිනි. ප‍්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්ගේ පුතා වූ භානුකගේ බිරිඳ හිරන්‍යා සමඟ  ඕෂධී හරි ඉක්මණට මිතුරු දම් ගොඩ නගා ගත්තාය. ඒ වනවිටත් ගීත කිහිපයක් ගායනා කර තිබු හිරන්‍යා පි‍්‍රයමනාප යුවතියක් වූවාය. ඉනික්බිති හිරන්‍යා නිතර නිතරම  ඕෂධීට කතා බහ කළ අතර ඔවුනතර මිත‍්‍රත්වයක් හටගත්තේ පුදුමාකාර විදිහකටය. හිරන්‍යාත්  ඕෂධීත් කතා බස් කරමින් සිටින අතරවාරයේ හිරන්‍යාට දුරකථන ඇමතුමක් ලැබිණි. ‘‘ප‍්‍රදීප් අයියා.....’’ ඇමතුම කෙළවර හිරන්‍යා කීවාය. ‘‘මට මෙච්චර කාලෙකට හමුවුණු හොඳම පිරිමියෙක්. කා එක්කවත් වැඩිපුර කතාවක් නෑ...... අනං මනං නොසංඩාලකම් මුකුත් නෑ.... හරිම හොඳ කොල්ලෙක්. බයක් සැකක් නැතුව  ඕනෙම වෙලාවක සහෝදරයෙක් වගේ ආශ‍්‍රය කරන්න පුළුවන් කොල්ලෙක්......’’ හිරන්‍යා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළාය. ‘‘මමත් දන්නව එහෙම ප‍්‍රදීප් කෙනෙක් ඔහු තමා අපේ ටෙලියෙ කැමරා අධ්‍යක්‍ෂ......’’  ඕෂධී කීවේ ඇය දන්නා ප‍්‍රදීප් ගැනය...... ‘‘ප‍්‍රදීප් බුලත්සිංහල’’ ‘‘අන්න හරි’’ ඉනික්බිතිව දවසක රූගත කිරීම් අතරතුර ප‍්‍රදීප් සිය දුරකථනය ගෙනැවිත්  ඕෂධීට දුන්නේ ඔයාට කෝල් එකක් නංගී කියමිනි. ‘‘මට.....කව්ද.....’’ ඕෂධී දුරකතනය ගත්තේ එසේ අසමිනි. ඒ හිරන්‍යාය.... තවත් දවසක  ඕෂධීට කතාකරන හිරන්‍යා ප‍්‍රදීප්ට දුරකථනය දෙන්නට කියයි. මේ සිද්ධි නිසා ප‍්‍රදීප්ටත්  ඕෂධීටත් එකිනෙකාට කතා බහ කිරීමේ අවස්ථා ප‍්‍රමාණය වැඩි විය. ‘‘ඒක නෙමේ කෙල්ලෙ ප‍්‍රදීප් ගැන උඹ හිතන්නෙ කොහොමද?’’ හිරන්‍යා දවසක්දා  ඕෂධී ගෙන් ඇසුවාය. ‘‘හොඳ කොල්ලෙක්...’’ ‘‘අන්න ඒ හොඳ කොල්ලා උඹ ගැන කැමැත්තෙන් හිරන්‍යා කී විට  ඕෂධී ගල් ගැසුනාය. කිසිවක් හිතා ගැනීමට නොහැකිවූ ඇය පළමුව හිතුවේ ඒ හිරන්‍යාගේ විහිලූවක් කියාය. ‘‘ ඕෂි, මොකද උඹ කතා නැත්තෙ.....’’ ‘‘අනේ හිරු විහිලූ නොකර ඉන්න......’’ ‘‘විහිලූ නෙවී  ඕෂි...... ඇත්තමයි ප‍්‍රදීප් මට මේ ගැන උඹෙන් අහන්න කිව්වා......’’ ‘‘එහෙමනම් ඉතිං එයා ඒක මගෙන් අහන්න එපායැ.....’’ ‘‘උඹ අහල නැද්ද හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා කතාවක්.....උඹේ ප‍්‍රතිචාරය දැනගත්තට පස්සෙ ප‍්‍රදීප් ඔයාගෙන් අහයි......’’ ‘‘මට හිතන්න  ඕනෙ තව.....’’ ඕෂධී කීවේ එපමණකි..... ඊට පසු දවසක මධ්‍යම රාත‍්‍රියේදී  ඕෂධීගේ දුරකථනය නාද විය. යක්කු ගස් නගින වෙලාවෙ මොකද මට මේ කතාකරන්නෙ? ඕෂධී ඇමතුමට උත්තරදුන්නේ එසේ සිතමිනි. ‘‘නංගි මම ප‍්‍රදීප්.....’’ එහා කෙළවරින් ඇහුනේ සිහින් පැටලිලි සහිත වචන වගයකි. ‘‘මේ මහ රෑ මොකද?’’ ‘‘හිරන්‍යා ඔයාට මොනව හරි මං ගැන කිව්වද?’’ ප‍්‍රදීප් මේ අසන්නේ ඔහු තමාට කැමති බව හිරන්‍යා කීවාද කියන කාරණය ගැන බව  ඕෂධී වටහා ගත්තාය. එහෙත් ඇය ඒ බවක් නොදන්නා බවක් හැඟෙව්වාය..... ‘‘ඔව් ඔයා හරිම හොඳ කෙනෙක් කියලා කිව්වා.’’ ‘‘එච්චරද’’ ‘‘ම්.....ම්.....ඔව්.....’’ ‘‘මම ඔයාට කැමති බවක් කිව්වෙ නැද්ද?’’ ‘‘නෑ.......එහෙම මුකුත් නම් කිව්වෙ නෑ.....’’ ‘‘මං ඔයාට කැමතීයි කිව්වොත් ඔයා මොකද ඒ ගැන කියන්නෙ.’’ ප‍්‍රදීප් අසන්නේ පැටලිලි සහගත වචන වැලකිනි..... ‘‘එක පාරටම ඒ ගැන මුකුත් කියන්න බෑ අයියෙ. මම හිතල බලන්න  ඕනෙ......’’ ‘‘හොඳයි එහෙමනම් හිතල බලන්න මං ගැන හොයලත් බලන්න ඊට පස්සෙ උත්තරයක් දෙන්න.....’’ ‘‘හා අයියෙ.......’’ ‘‘මං ආයෙ කතාකරන්නම්.......’’ ‘‘හොඳයි......’’ ඒ රාත‍්‍රියේ ඉතිරි කොටස  ඕෂධීට නිදිවර්ජිත විය. ප‍්‍රදීප් තමන් ගැන කැමැත්තෙන් සිටින බව කලින් දැන සිටියත් ඒ වචන ටික ප‍්‍රදීප්ගේ මුවින්ම අසන්නට ලැබුණු කළ යුවතියකට දැනෙන හද ගැස්ම  ඕෂධීව සසල කර තිබිණි. ”ඊයේ රෑ දොළහට ප‍්‍රදිප් අයියා අරක මගෙන් ඇහැව්වා. පහුවෙනිදා උදේ පාන්දරම  ඕෂධී හිරන්‍යාට කීවාය. ඉතින් උඹ මොකද කිව්වෙ. හිතල බලලා කියන්නම් කිව්වා.... මොනව කරන්නත් ඉතින් කේන්දරේ ගැලපෙන්න  ඕනෙ. නැත්නම් යකෙක් වුණත් අම්මලගෙ කැමැත්ත ගන්න බැහැ’’ ඕෂධී කීවාය. ඊට සතියකට පමණ පසු දිනෙක ප‍්‍රදීප් යළිත්  ඕෂධීට කථා කළේය. ‘‘මොකද ඔයා අර යෝජනාව ගැන කියන්නෙ.......?’’ ‘‘මගෙ නම් අකමැත්තක් නෑ ඒත් ඉතින් අපේ කේන්දර ගැලපුනේ නැත්නම් කවදාවත් අපිට එකතුවෙන්න ඉඩක් ලැබෙන්නෙ නෑ. ඒ හින්ද ඉස්සෙල්ලම මට ඔයාගෙ කේන්දරේ දෙන්න.....ඒක බලල ගැලපෙනවානම් අපි සම්බන්ධයක් පටන් ගම්මු.......’’ වාසනාවකට මෙන් කේන්දර ගැලපුනි. ‘‘දැන් ඉතින් ගෙදර දැනගත්තත් කමක් නෑ. අපේ කේන්දර ගැලපෙනවනෙ’’  ඕෂධී කීවේ සතුටිනි. ඉනික්බිතිව තවත් පේ‍්‍රමයක අලූත් කතාවක් ඇරඹුණි. එම කතාව ටෙලිනාට්‍යයකට නොනැගුනු නමුත් කතාවේ පෙම්වතිය ටෙලිනාට්‍ය නිළියක වූවාය. පෙම්වතා කැමරා අධ්‍යක්‍ෂ වරයකු විය. ටෙලිනාට්‍යයේ පිටපත ඔවුනටත් හොරෙන් ටිකින් ටික ලියැවෙන්නට විය. පේ‍්‍රමයට ඉඩදෙමින් කාලය ගෙවී ගියේය.....  ඕෂධී හේවාමද්දුම ජනප‍්‍රිය නිළියක බවට පත්වෙමින් සිටියාය. පූජා ටෙලි නාට්‍යයේ පූජා වූ  ඕෂධීට මංගල යෝජනා ගලා එන්නට විය. ඉන් වැඩි දෙනෙක්ම වෛද්‍යවරු වූහ. ‘‘උඹව පේන්නේ ලෙඩෙක් වගේද දන්නෙ නෑ......ඔච්චරටම දොස්තරලා කැමති වෙන්නෙ.’’ හිරන්‍යා විහිලූ කළාය. ඕෂධීට දැන් වයස අවුරුදු විසි එකකි. දියණිය දැම්මම විවාහ කරදීම සුදුසු බව  ඕෂධීගේ අම්මාත් තාත්තාත් තීරණය කර තිබිණි. අන්තිමේදී  ඕෂධී ප‍්‍රදීප් බුලත්සිංහල ගැන රහස අම්මාට කීවාය. ඕෂධීගේ තනියට ෂූටිං ගිය බැවින් අම්මා ප‍්‍රදීප් ගැන දැන සිටියාය. ‘‘ඒ ළමයගේ නම් වැරැද්දක් කියන්න නැහැ. ඒත් ඉතිං කේන්දරේ ගැලපෙන්න  ඕනෙ.’’ අම්මා කීවේ  ඕෂධීගේ ඉහේ මල් පුබුදුවමිනි. ඔය අතරතුරේ  ඕෂධීට ඉන්දීය සංචාරයක් යාමට සිදුවිය. එසේ යන්නට කලින් ඇය ප‍්‍රදීප්ගේ කේන්දරය අම්මා අත තැබුවාය. ඕෂධී ආපසු මව්බිමට එනවිට අම්මලා කේන්දර ගලපා බලා තිබිණි. ‘‘කේන්දර වල නම් වැරැද්දක් නෑ පුතේ. ඒත් නැකැත්වල නම් ප‍්‍රශ්න තියෙනවා. බඳින්න හොඳම නැකත තියෙන්නෙ ජනවාරි මාසෙ ඊට පස්සෙ හොඳ නැකැත් නැහැ.’’ අම්මා කීවාය. ‘‘එතකොට?’’ ‘‘ජනවාරි මාසෙ කසාදෙ කරන්න  ඕනෙ.’’ ‘‘මෙච්චර ඉක්මනට’’ ඕෂධීට සිතිණි. එහෙත් ඇය එම වචන කටින් පිට කළේ නැත. සියල්ල ඇයට සිහිනයක් මෙන් දැනිණි. ඇය රඟපෑ ටෙලිනාට්‍ය වල නම් මේ තරම් පහසුවෙන් පේ‍්‍රමය ජයගත් පෙම්වතුන් ඇයට හමුවී නැත. පේ‍්‍රමය ජයගනු උදෙසා කළ යුතුව බොහෝ දේවල් ඔවුනට තිබිණි. අභියෝග බාධක ගැටුම් වැනි බොහෝ දේ තිබිණි. එබැවින් මේ කතාව පේ‍්‍රම කථාවක් නොවේයැයි  ඕෂධීට නොසිතුනාද නොවේ. 2007 ජනවාරි 25 වැනිදා  ඕෂධී ප‍්‍රදීප් අඹුසැමියන් ලෙස එක්ව ජීවත්වීමට ගිවිසුමකින් බැඳුණහ. ඊට මාස අටකට පසු ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ජයටම පැවැත්විණි. ඒ කොළඹ තරු පහේ හෝටලයේදීය. කලා ලොවේ මිතුරු මිතුරියන් සිය ගණනක් ඊට සහභාගී වූහ. මේ වනවිට  ඕෂධී මව්පදවිය ලැබීමට සූදානම් වන්නීය. ඒ වෙනුවෙන් ඇය කලා ලොවෙන් ටික කලකට දුරස්ව සිටින්නීය.
සටහන - ශාන්ත කුමාර විතාන



අදහස් (0)

ටෙලිනාට්‍යකට නොනැගුණු ටෙලිනාට්‍යය කතාවක්

අනුර Thursday, 13 September 2012 12:35 AM

බොරු සෝබන නැති නිළියක්. (නි)

:       0       0

ඉන්දි Friday, 14 September 2012 11:59 AM

වාසනාවන්ත කෙල්ලෙක්නේ. මගේ සුභ පැතුම්! (නි)

:       0       0

සංජු Friday, 14 September 2012 05:46 PM

හරිම ලස්සනයි දෙන්නම හොදට ගැලපෙනවා (දී)

:       0       0

රුක්ෂලා Thursday, 13 September 2012 07:15 AM

මම ආසම කරන නිළියක්. අක්කේ, ඔයා ගොඩක් ලස්සනයි. (නි)

:       0       0

ජගත් Sunday, 16 September 2012 07:51 PM

අනේ හොදයි

:       0       0

පාලිත Wednesday, 19 September 2012 01:25 PM

මටනම් පේන්නේ කොල්ල‍ට පෙනීමේ දුර්වලකමක් ඇති කියලයි..(ස)

:       0       0

චින්තක Monday, 24 September 2012 01:32 PM

මගෙන් උණුසුම් සුභ පැතුම් (දී)

:       0       0

මහේෂ් Wednesday, 19 September 2012 10:12 AM

හරිම සුන්දරයි....ඔයාලා ගොඩක් වාසනාවන්තයි.....සුභ පැතුම්........ (ස)

:       0       0

සරා Thursday, 13 September 2012 10:48 AM

දෙදෙනාටම සුභ පැතුම්! (නි)

:       0       0

සරත් Friday, 28 September 2012 09:03 PM

නියම ගැළපෙන ජෝඩුවක්. නියම කතාවක්. (නි)

:       0       0

නුවර Wednesday, 03 October 2012 11:44 AM

තව ටික දවසකින් වෙන් වේවිද දන්නේ නෑ ??....නළු නි‍ළියෝ ඔක්කොම එකයි i!!! (ස)

:       0       0

හන්සි Monday, 15 October 2012 10:41 PM

ඕෂදි අක්කේ අපි ඔයාව කැලණි පන්සලේදි දැක්කා . ඔයා චීස් බෝලයක් වගේ (ස)

:       0       0

හේමන්ත Wednesday, 12 September 2012 08:06 PM

හොද ගැළපීමක්. (නි)

:       0       0

නන්දන Monday, 24 September 2012 02:00 AM

සුදු නංගී නම් හරිම ලස්සනයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 13 September 2012 05:20 PM

සුභ පැතුම් .(ස)

:       0       0

ආනන්ද Monday, 24 September 2012 06:57 PM

අනේක අය වගේ නැතුව දිගු කලක් එක්ව සිටින්නට ලැබේවා! (නි)

:       0       0

නන්දික Thursday, 20 September 2012 08:27 PM

සුභ පැතුම්..! (නු)

:       0       0

ආරච්චිගේ Friday, 14 September 2012 11:52 AM

නියම දෙන්නෙක්. සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 41 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 227 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කලු ගඟේ ජල මට්ටම ඉහළට: මාර්ග රැසක් ජලයෙන් යටවෙයි
2024 ඔක්තෝබර් මස 11 527 0

ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්‍රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම


සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 373 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 320 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1403 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39865 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25887 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site