ඉතාලියේ ටොස්කානාහි ශ්‍රී ලංකා සංගමය වසරක් පාසා සංවිධානය කරනු ලබන ‘ටොස්කානා බක්මහ උළෙල‘ ජුලි හත් වැනිදා උදේ 10 සිට වියාලේ මයිකල් ආන්ජලෝ අංක 72හිපිහිටි ඒ අස් අස් අයි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සාම්ප්‍රදායික සිංහල ජන ක්‍රීඩා රැසකින් සමන්විත ටොස්කානා බක්මහ උළෙල අවසානයේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ.
මෙවර ටොස්කානා බක්මහ උළෙලට අනුග්‍රහය දැක්වීමට ශාන්ත රාජපක්ෂ සහ ටෝනි ඩී සිල්වා මහත්වරු ඉදිරිපත්ව සිටිති.
එදින ලොතරැයි දිණුම් ඇදීමක් ද පැවැත්වීමට නියමිතය.
වැඩි විස්තර - සම්මික උඩුනුවර ෆිරැන්සේ සිට (0093 320 894 33 11)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හු හු හු ... (නි)
ඔය බක්මහ උළෙල 2014දිම තිබ්බා නම් ඉවරයිනේ (නි)
වෙසක් පොසොනුත් ඉවර වෙලා දැන්ද බක් මාසේ ආවේ? (නි)
ජුලි හතයි!.....බක් මහා උළෙල ජුලි හත් වෙනිදා? සිංහල අවුරුද්ද තියෙන්නේ අප්‍රේල් මාසයේ කියලා දන්නෙ නැද්ද? (නි)
කිසිම සදාචාරයක් නැති, සංස්කෘතියක් නැති ජාතික සිරිත් විරිත් විහිලුවට ලක් කරන අමන පුද්ගලයෙක් ලංකාවට යන්න ටිකට් එකක් ගන්න මුදලක් එකතු කරගන්න කරන බාල වැඩක්ද කොහෙද. (නදී)
ඇෆ්ගනිස්තානේ (0093) ටෙලිෆෝන් නොම්මරයක් දාල තියෙන්නේ. මෙම දැන්වීම අප්‍රේල් පළවෙනිදා මෝඩයාගේ දවසට දාන්න තියාගන්න තිබුන.(නදී)
සමහර කට්ටිය සල්ලි එකතු කරලා ,එයාලගේ අයටම තරග තියලා තෑගි බෙදා දෙනවා.අනේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. (නි)
ඕක තියෙන දවසට අපේ සංස්කෘතිය ලොවට පෙන්නන්න ඉතාලි පොලිසියටත් එන්න කියනවා. (නි)