IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ටෙස්ට් පිටියෙන් සමුගැනීම ගැන සංගා කියයි

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (12,305) ලබාගත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර ලබන අගෝස්තු මාසයේ  ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය. සමුගැනීමේ තරගය සංගක්කාරගේ 134 වැනි ටෙස්ට් තරගය වනු ඇත.
මෙම තරගය අගෝස්තු මස අවසන් සතියේ කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් මහ මැතිවරණය පැවැත්වීම අගෝස්තු මස 17 වැනිදාට යෙදී තිබීමෙන් ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරග කාල සටහන වෙනස් වීමට නියමිත බැව් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද සවස පැවසීය.
මේ වන විට පාකිස්තානු පිලට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින කුමාර් සංගක්කාර එම තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා) සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.
”කළින් පැවැති තේරීම් කමිටුව සමග (සනත් ජයසූරිය මහතා විසින් සභාපතිත්වය දරන ලද තේරීම් කමිටුව) මගේ පැවැති එකඟතාව වුණේ පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් සහ ඉන්දීය පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් කී‍්‍රඩා කිරීමටයි”
”ඉතින් මා මගේ වචනය ස්ථිර කරමින් ඉන්දීය කණ්ඩායමට එරෙහිවත් ටෙස්ට් තරග දෙකක් කී‍්‍රඩා කරනවා. ඒ ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන පළමු සහ දෙවැනි ටෙස්ට් තරග දෙකයි” යනුවෙන් කුමාර් සංගක්කාර මාධ්‍ය හමුවේදී පැවසීය.
මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් කියා සිටියේ ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි.  
ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර මේ වන විට පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින සංගක්කාර වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් අතුරින් දෙවැනි වන්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි.

277   278 279 280 281 282



අදහස් (0)

ටෙස්ට් පිටියෙන් සමුගැනීම ගැන සංගා කියයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 683 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 938 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1400 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2541 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3334 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35057 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site