(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා උපරිම මිල ඉක්මවා රෝගීන්ගෙන් ගාස්තු අය කල කොළඹ අවට පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 8 කට එරෙහිව අධිකරණය මගින් රුපියල් ලක්ෂ 55 ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ පාරිභෝගික කටයුතු හා තොරතුරු, අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා පැවසීය.
කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් එම ආයතන වලට එරෙහිව නඩු පවරා තිබිණි
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව නියමිත මිල වන රුපියල් 1200 ඉක්මවා රු.3000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන තිබීම හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා රුපියල් 400 නියමිත මිල ඉක්මවා රුපියල් 1000 ආසන්න වන තෙක් වැඩිපුර විවිධ මුදල් ප්‍රමාණයන් ලබාගෙන පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ 2186/17 දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කර තිබූ බව එම වැටලීම් වලදී අනාවරණය විය.
අලුත්කඩේ සහ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් එකී දඩ මුදල් නියම කෙරිණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥ සාන්ත නිරිඇල්ල කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක,එස්. පී. පුංචිහේවා, අරවින්ද ශාලික,ධනුක ගුණරත්න, යසිත ඉෂාන් මහත්වරු වැටලීම් සිදුකළහ.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඩෙංගු පරීක්ෂණවලින් රෝගීන් හූරන් කෑ පෞද්: රෝහල් දඩකයි
පැරකුම් Thursday, 23 March 2023 08:05 PM
ජනතා ශුභසිද්ධිය සලකා කරුණාකර මෙම ආයතන කවරේදැයි ප්‍රකාශ කරන්න.