මහරගම නාවින්න ක්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයකි. බොහෝ දෙනෙක් එහි ආහ. ඩෙනිම් කලිසම් හා ෂර්ට් ඇඳ පැමිණි පස් දෙනෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් ළඟ ත්‍රෛලෝක පත්‍ර තිබුණාලු.
පස් දෙනාම කොට්ටාව පැත්තේ අයලු. ඔවුන් බලන්නට ආ ගරු කටයුතු පිරිසක් නිසා පොලිසියට සැකයක් ඇතිවිය. හැබෑටම කූඩුවේ ඉන්නේ හැමදාම කලිසම් අඳින පිරිසක්දැයි පොලිසියට ප්‍රශ්නයක්ලු.
පොලිසියේ සැකය හරිය. ඔවුන් ගිහිගෙට පැමිණ ඇත්තේ සංගීත සැඳෑවට යාම සඳහාලු. වෙස් මාරු කරගත් තැනද දැන් පොලිසිය දනී. ඔවුන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ පෘථග්ජන ස්වභාවය පිළිබද උපේක්ෂාවෙන් බලමු (බ)
ත්‍රෛලෝක පත්‍ර කියන්නේ ගංජා වලට. (බ)
අපේ සංඝනායක හිමිවරුන්ට පෙරට පැමිණීමට කාලයයි මේ (නි)
අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔවුන් කරඇති නීතිවිරොධී ක්‍රියාව කුමක්ද? (නි)
අනේ බෞද්ධාගමට ගිය කලක් (ම)
තමුන්ගේ පුතාව රාජකීය විද්‍යාලයට දාගන්න ඕන වුනාම එ්කේ විදුහල්පතිගේ ගුණ අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් පත්තරවල පල කරන සුරාවෙන් තොර බොහොම වැදගත් බෝධි සත්වයෝ වගේ මාධ්‍යවේදියෝ ඉන්න රටක , එතුමාලා බොහොම ලස්සනට වර්ණනා කරපු විදුහල්පති තුමා අද විදුහලට එන අම්මලට සෙවල හලනකොට නිශ්ශබ්දව ඉන්න අය ඉන්න රටක , හාමුදුරුවරු මෙහෙම වෙනකොට අහන්න දෙයක් නැහැ (බ)
අචිර බටහිර රටවල මිනිසුන්ගේ මානුෂික ගුණය බලන්න බටහිර රටවලට ඇවිල්ලම බලන්න , මෙහෙ ඔය ජාති බේද , ආගම් බේද , කුල මල , නැහැ වාගේම ලංකාවේ සිදුවන අපරාද රැල්ලත් නැහැ , විකෘති මනසින් බටහිර රටවල් ගැන සිතන්න එපා , මෙහෙ ආපු කෙනෙක් ආපහු තමන්ගේ රටට නොයන්නේ මෙහ මානුෂික ගුණය ලංකාවට වඩා ඉහල නිසා (අ)
කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන හැටි මෙහෙමද , චීවරයට මූවා වෙලා කරන වැඩ දැන් කව්රුත් දනිති .(බ)
ඩෙනිම් ඇදීම අත්අඩංගුවට පත් වියයුතු වරදක්ද (බ)
අනේ අපේ සඟ පරපුරට ගිය කල නේද ? (ම)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
දියුණු රටවල පැය අට හරියටම වැඩකරන්න ඕනෑ. කයිවාරු බැහැ පත්තර බලන්න බැහැ. ඔන්න අසහනය. මාර්ග නීති කඩන්න බැහැ බීමත්ව වාහන පදවන්න බැහැ ඔන්න අසහනය. ස්ත්‍රී දුෂණ , ළමා අපචාර තියා ගැහැණු ළමයෙකුට අනවශ්‍ය විහිලුවක්වත් කරන්න බැහැ ඔන්න අසහනය. සොරකම් ගසාකෑම් අනුන්ට ගිනිගේදිදීම් බැහැ ඔන්න අසහනය. මේ කී නොකී අහහනකරීන්ට නිසි දඬුවම් ලැබෙනවා. හෝටල් වගේ හිරගෙවල් වල ලගින්නත් මේ අසහනකාරින් වාසනාවන්තයි. අපේ මිනිසුන් දියුණු රටවල දිහා බලන්නේ ඔලුවෙන් හිටගෙනයි. එකී නුහුරට පෙන්නේ. (අ)
හැම එකකටම දියුණුයැයි කියාගන්නා රටවල් ආදේශ කරනවා. ඔය බටහිර රටවල මිනිස්සු යන්ත්‍ර සුත්‍ර වගේ වැඩ කරනවා විතරයි, කිසිම මානුෂීය ගුණයක් නැහැ. දැන් ඔවුන්ටම එම ජීවනරටාව ඇතිවෙලා බණභාවනා වලට යොමුවෙලා (නි)
අතුල, දියුණු රටවල ආගම රාජ්‍ය හා දැඩිව බැඳී තිබුනා. පසුව එය නිදහස් කළා. නමුත් මේ වනවිට ආගම රාජ්‍යයෙන් නිදහස් කිරීමේ ප්‍රතිඵල ලෙස ඔවුන්ගේ රටවල ඉතා විශාල ආධ්‍යාත්මික කඩාවැටීමක් මෙන්ම තවත් දැවුණු ප්‍රශ්න වලට මුහුණපා සිටිනවා.අපිත් ඒ අමාරුවේ වැටෙන්නේ මොකටද? (නි)
දියුණු රටවල මෙන් ආගම රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් කළයුතුයි. දියුණුවේ රහස නීතිය අකුරටම ක්‍රියාවට නැංවීමයි. මීට සමගාමීව අවම වශයෙන්වත් ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් සපුරාලියයුතුයි. අසාර්ථක ක්‍රමෝපායන් නැවත නැවත අත්හදා බලනවට වඩා දියුණු රටවල සාර්ථක ක්‍රමෝපායන් හදාරා ක්‍රියාවට නැංවීම හොඳයි නේද? (නි)
ධර්ම සංගයානයකට කාලය වේ (අ)
මේ පත්තර කියවන්න අපි සංස්කෘත භාෂාවත් ඉගෙන ගන්න ඉන්න ඕනේ දැන්. (ම)