IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඩුබායි ඒජන්තගෙන් හොදටම ගුටි කා පණ බේරාගෙන එයි

  ‘මගේ දුව  විශ්ව විද්‍යාලයට සමත් වුනා නිසා එයාට උගන්වන්නයි මම ඩුබායි වල ගෘහ සේවිකාවක් විදියට ආවේ.  ඩුබායි වල  ඒජන්සියේ නෝනා දවස් 17 ක් මාව කාමරයක හිර කරලා මට දස වදදුන්නා. ඒ නෝනගේ මහත්තය මගේ කොන්ඩෙන් ඇදලා දවස් ගනනාවක්ම මට හොදටම ගැහැව්වා. මම එතනින් පැන නොගියා නම්  මගේ මළ මිනිය තමයි ලංකාවට එන්නේ‘  යැයි  ඩුබායි සිට දිවයිනට පැමිණි  පී.පී ධම්මිකා(45)  මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉකිබිඳිමින්  පැවසුවාය.

තිදරු මවක් වන ධම්මිකා මහත්මිය හපුතලේ ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.  ඇ‍ගේ දරුවෝ පාසැල්  වියේ පසුවෙති.   ඇය දඹුල්ල ප‍්‍රදේශයේ රැකියා නියොජිත ආයතනයකින් ඩුබායි රටට යන්නේ  දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමේ අරමුණ ඇතිවය.


මැද පෙරදිග  මරු කතරේදි විවිධ හැල හැප්පීම් වලට ගොදුරු වූ ඇය  මුලින්ම ඩුබායි තානාපති කාර්‍යාලය වෙත පලා ගොස් ඇත.  ඩුබායි තානාපති කාර්‍යාලයෙන්ද පිහිටක් නොළත් ඇය එතනින් අබුඩාබි තානාපති කාර්‍යායාලය වෙත පලා ගොස් තානාපති ආචාර්‍ය  මහින්ද බාලසූරිය මහතා හමුවී  ඇය විදි දුක් කරදර සියල්ලම පවසා ඇත. ඉන්පසු ඇයට මෙරටට  පන බේරාගෙන යලි පැමිණීමට හැකි වුවේ මහින්ද බාලසුරිය මහතාගේ මැදිහත්වීම මත කම්කරු අංශයේ පළමු ලේකම් එම්.ඊ.ජී සමරවීර, තෙවන ලේකම් රුවන් ගුණතිලක සහ දුමින්ද සතරසිංහ, එස්. අහලර්  සහ අනුර ගුණසේකර යන නිලධාරීන් පිහිට වූ නාසා බව දිවයිනට පැමිණි ඇය කීවාය.

ඇයගේ දරුවන් අධ්‍යාපනය ලබන බැවින් ඇගේ ඡායාරූප  පුවත් පත් වල ඵල නොකරන ලෙස ඇය අපෙන් ඉල්ලා සිටියාය.

නමුත් ඇය දිගින් දිගටම ඉල්ලා සිටියේ  ඇයට වූ අසාධාරණය තවත් අයෙකුට නොවන්නට නම් ඇය විදි දුක් කම් කටොලු  ඇගේ ඡයාරූපය නොමැතිව   ලෝකයාට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙසය.

ඇය විදි දුක ඇය නැවතත් මෙසේ විස්තර කළාය.

‘මම  ලංකාවේ ඉදලා මුලින්ම ගියේ සාජා වලට. සාජා වලදී ලංකාවේ මාව යවපු  රැකියා නියෝජිත ආයතනයට සම්බන්ධව ඩුබායි වල තියෙන රැකියා  නියෝජිත ආයතනයෙන් ඇවිත් මාව අජමානි නගරයේ තියෙන අල් අමාන් ඒජන්සියට අරගෙන  ගියා.

ඒ ඒජන්සියේ හිටියේ   සිංහල නෝනා කෙනෙක්. ඇය මාව ගෙදරකට බාර දුන්නා.  මම ඒ ගෙදර වැඩකරගෙන හිටියා. ඒ  ගෙදර අයගෙන් මට  කරදරයක්  වුනේ නැහැ .

නමුත් මගේ අසනීපයකට මම බෙහෙත් බොනවා දැකලා ඒ අය  මාව තියාගන්න බැහැ කිව්වා. එගොල්ලෝ මාව ගෙනාපු රැකියා  නියෝජිත ආයතනයට දොස් කිව්වා අසනීප තියෙන කෙනෙක්ව එවලා කියලා.

මා එහි මාස දෙක හමාරක් වැඩ කළා. ඔවුන් මට මාස දෙක හමාරේ වැටුප ගෙවලා ආපසු අල් අමාන් ඒජන්සියට ගෙනවිත් බාර දුන්නා. ඔවුන් මාව ආපසු ලංකාවට යැවීමට  ගුවන්ටිකට් පත් වලට යන වියදම පවා අල් අමාන් ඒජන්සියට දුන්නා.


නමුත් ඒ ඒජන්සියෙන් මට දොස් කියලා මාව තව ගෙදරකට ඩිරාම් එකොලොස් දාහකට වික්කා. ඔවුන් මාව ලංකාවට එව්වේ නැහැ. ඒ ගෙදර මාස දෙකක් වැඩ කළා. ඒ අයත්   මගේ අසනීපය දැන ගෙන මාව නැවත ඒජන්සියට ගෙනත් දැම්මා.

ඒජන්සියෙන්  නැවතත්  තුන්වෙනි වතාවටත්  මාව ඩිරාම් අටදහසකට තවත් ගෙදරකට වික්කා. එතනත් මම මාස දෙකක් වැඩ කලා. ඒ අයත් කළේ මාස දෙකේ පඩි බේරලා මගේ පොතේ අකාමා ගහලා මාව නැවත ඒජන්සියට ගෙනත් දැම්මා.

මගේ පොතේ අකාමා ගහපු නිසා දැන් මාව ඒජන්සියේ අයට විකුනන්න බැහැ. ඒ නිසා ඔවුන් මට අමාණුෂික ලෙස බැන වැදී මාව කාමරයක් ඇතුලේ හිර කළා. මම ඒ කාමරේ ඇතුලේ දවස් 17 ක් හිරවෙලා හිටියා. 

ඒජන්සිය අයිති නෝනා ලංකාවේ කෙනෙක්.  ඒ  නෝනාගේ  මහත්තයා ඇවිත් මගේ කොන්ඩෙන් ඇදලා මට අමානුෂික ලෙස හිසටයි, කොන්දටයි පහර දෙනවා. ඔය විදියට දවස් කිහිපයක්ම ඒ මහත්තයා ඇවිත් මට පහර දුන්නා.  මාව කාමරේ හිර කරලා නිසා මට මොකුත් කර කියාගන්න විදිහක් තිබුනේ නැහැ. මේ වෙනකොට මම මානසිකවත් ශාරීරිකවත් හොදටම වැහිරිලා හිටියේ. 

ඔහොම ඉන්නකොට  ඒජන්සියෙන් කිව්වා ලංකාවට යවන්න රුපියල් ලක්ෂ දෙකහමාරක්  ඕනා කියලා.  මම කිව්වා මගේ ලග සල්ලි නැහැ ගෙදර අය ලගත් නැහැ කියලා. පස්සේ ඔවුන් මගෙන්  පොරොන්දු  ලිපියක් අත්සන් කර ගන්න උත්සහ කළා ලංකාවට යවන්න මගේ ගෙදර ඔප්පුව ලියාගෙන.

මම ඒකට කැමති වුනේ නැහැ. අන්තිමට  සියළු ලියකියවිලි අරගෙන අත්සන ගන්න එනවයි කියපු දවසේ මාව හිරකරගෙන හිටිය  කාමරේ දොරට මම  හයියෙන් ගැහැව්වා. ඒක පාරටත් ඇහිලා පොලිසියෙන් ඇවිත් මාව බේරාගෙන ඩුබායි තානාපති කාර්‍යාලයට බාර දුන්නා.


ඩුබායි තානාපති කාර්‍යාලයේ  නෝනා කෙනෙක් ඉන්නවා. එයාගේ යාළුවෙක්  තමයි ඒජන්සියේ නෝනා. ඒ නිසා ඩුබායි තානාපති කාර්‍යාලයෙන් මට පිහිටක් ලැබුනේ නැහැ.  ඔවුන් මට බෙහෙතක් පවා අරන් දුන්නේ නැහැ. මාව ආපසු ඒජන්සියට බාර දෙන්න උත්සහ කළ එක විතරයි ඔවුන් කළේ.


මම ඩුබායි තානාපති කාර්‍යාලයේ මාසයයි දවස් තුනක් හිටියා. බෙහෙත් නැති නිසා මා අසනීපව තවත් අසරණ වුනා. මා මිය යනු ඇතැයි මා සිතුවා.  ඩුබායි තානාපති කාර්‍යාලයේ අය ඒජන්සියේ නෝනට උදව් කලා මිසක් මට පිහිට වුනේ නැහැ.


පස්සේ මට එතන හිටපු මම වගේ අතරමන් වෙලා ආපු ළමයි කිව්වා අබුඩාබි තානාපති කාර්‍යාලය හොදයි කොහොම හරි එතනට පැනලා ගිහින් විස්තරේ කියන්න කියලා. ඉන් පස්සේ මම අබුඩාබි තානාපති කාර්‍යාලයට පැනලා ඇවිත්  තානාපති මහින්ද බාලසූරිය මහත්තයට සේරම විස්තර කිව්වා. එතුමා මාව සමරවීර මහත්තයට යොමු කළා.

පස්සේ ඔවුන් මට බෙහෙත් හේත් අරන් දීලා දෙවිවරු වගේ සැලකුවා. මගේ ජීවිතේ අයිති ඔවුන්ටයි. ඒ මහත්තුරු නොහිටින්න මා මැරිලා ඉවරයි.

මට ලංකාවට එන්න උදව් කළේ සමරවීර මහත්තයා රුවන් ගුණතිලක, දුමින්ද සතරසිංහ,අනුර ගුණසේකර, එස්. අහලර්  යන මහත්වරුන්ට  මා පින් දෙනවා. ඔවුන් නිසා මගේ ජීවිතේ බේරුනා.

මම ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ බොරුකාර ඒජන්සකාරයින්ට තවත් අපි වගේ අහිංසකයින්ව රවට්ටන්න ඉඩ දෙන්න එපා. ඒ වගේම ඩුබායි තානාපති කාර්‍යාලයට මනුස්සකම දන්නා එක් අයෙක්වත් යවන්න කියලා මම අවසාන වරටත් ඉල්ලා සිටිනවා යැයි අය අපෙන් සමුගැනීමට මොහොතකට පෙර  ඇය පැවසුවාය.
 

  

 



අදහස් (0)

ඩුබායි ඒජන්තගෙන් හොදටම ගුටි කා පණ බේරාගෙන එයි

නාමල් Saturday, 31 August 2013 11:38 AM

වටේම අය රවටන්න බැහැ. මේ කාන්තාවට ලෙඩ නම් ඉස්පිරිතාලෙකට නොගිහින් රට ගියේ ඇයි? (නි)

:       0       0

ප්‍රදීපා Friday, 30 August 2013 10:25 PM

අපොයි! මෙහෙ ඉන්න ඒජන්ට්ලා ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)

:       0       0

කුමාර් Friday, 30 August 2013 11:26 PM

තනාපති කාර්යාලවල හොද වැඩකරන්නේ දේශපාලන බල පුළුවන්කාරකම් නැති අය, ඒවගේ ජරා වැඩ ක‍රන්නේ හොඳ දේසපාලන හයිය අතු අල්ලාගෙන ඉන්න අය, එයාලට මොනවා කීවත් වැඩක් නෑ, කම්මලේ ඉන්න බල්ලෝ වගෙයි. කුමාර්. (අ)

:       0       0

නුවන් Saturday, 31 August 2013 12:08 PM

සම්පූර්ණ ඇත්ත. (නි)

:       0       0

zeylanicus Friday, 30 August 2013 11:29 PM

ඒජන්සියට විතරක් බනින්නේ මොකද? රටගිය මෙයා දන්නේ නැද්ද තමන්ට අසනීපය කියල? (අ)

:       0       0

රංග හේනටිගේ Friday, 30 August 2013 11:37 PM

අපේම අය මේවගේ වැඩ කරන්නේ අපේම අයටනේ දෙන්න ඕන රජකාලේ දඩුවම් (අ)

:       0       0

රෙමා Friday, 30 August 2013 05:11 PM

බලාගෙන ගියාම ඩුබායි සහ සෞදි දෙකම එක වගේ. දැන් මේකට මොනවද කියන්නේ? (නි)

:       0       0

සුපුන් Saturday, 31 August 2013 12:20 PM

අපේ රටේ හොර ඒජන්සි වහාම නතර කරන්න. අපේ රටේ විදේශ ඇමතිතුමාව, තානාපති කාර්යාල දැනුවත් කරන්න. (නි)

:       0       0

ෆයිස් Saturday, 31 August 2013 12:27 PM

රාමා ඉස්සල්ලම තානාපතීන්ගේ වරද අපේ යක්කු තම අපේ ලංකා ගෑනුන්ව විකුනනේ අරබින්ට ඔවුන්ටි දඩුවම් කරන්න ඔනේ (අ)

:       0       0

මාමා කෙසෙල් Saturday, 31 August 2013 12:34 PM

කමල් , ලංකාවේ පිරිමින්ට කොන්දක් තියෙනවද ? (අ)

:       0       0

ඩබ්ලිව්.ඩී. Friday, 30 August 2013 05:59 PM

ගැහැනු රට අරින එක වහාම නවත්වන්න. මෙයත් මානව අයිතිවාසිකම් කඩ කිරීමක්. (නි)

:       0       0

සේනාධීර Friday, 30 August 2013 06:12 PM

ජනාධිපතිතුමනි, ඩුබායි තානාපති කාර්‍යාලය ගැන අවදානය යොමු කරන්න, මෙවන් දේවල් ඉදිරියට නොවන්න (නි)

:       0       0

කමල් Saturday, 31 August 2013 01:11 AM

මේකට හොදම විසදුම ලංකාවේ පිරිමි මහත්වරුන්ට ගැහැණු රට නොයවා සිටීම නොවේද? (නි)

:       0       0

රුසෙල් Friday, 30 August 2013 06:15 PM

ඇයි අසනීපයක් තියෙනවා නම් බොරු මෙඩිකල් හදාගෙන රට ගියේ? ඔයාගෙත් වරදක් තියෙනවා මෙතන (නි)

:       0       0

අසන්ක Friday, 30 August 2013 06:23 PM

මම ඉන්නෙත් අබු ඩාබි. නමුත් මම හිතන්නේ ගුල්ෆ් වල තියෙන හොදම තානාපති කාර්යාල අබුඩාබි කියලා. (නි)

:       0       0

අනිල් Friday, 30 August 2013 06:29 PM

අබුඩාබි වල ඉන්න සමහර වීර මහත්වරු ගැන අපි මීට කලිනුත් අහලා තිබෙනවා. එවන් මහත්වරු තමයි තානාපති සේවයට ගත යුත්තේ (නි)

:       0       0

සම්පත් - ඩුබායි Saturday, 31 August 2013 08:49 PM

වෙනත් රටවල් වගේ පුළුවන් තරම් කාන්තාවන් රට එවන එක නවත්තන එක තමයි හොදම දේ. නැතිව කාටවත් දොස් කියල වැඩක් නැහැ. එම්බසි එක කරන්නේ මෙහෙ පැනල එන ගැහැණු අයව අරාබියන්ට සල්ලිවලට දෙන එකයි. කාටද මේවා කියන්නද?(දී)

:       0       0

නිහාල් Saturday, 31 August 2013 01:47 AM

තමන්ගේ රටේ මිනිසුන් ගැන නොහිතන අය සමාජ සේවා ආයතන වලට යැවීමේ ප්‍රතිපල (නි)

:       0       0

සිල්වා Friday, 30 August 2013 06:33 PM

මේ තානාපති කාර්යාලවල ඉන්න අය ගැන මොනවා කිව්වත් වැඩක් නැහැ. අර ඉතාලියේ වගේ ඔක්කොම එකමුතු වෙලා වැඩ කළා නම් හරි (නි)

:       0       0

අමිතා Saturday, 31 August 2013 01:27 PM

මෙතන අරාබි මිනිස්සුන්ගෙ වරදක්නම් පේන්න නැහැ. හැබැයි ලංකාවෙ ඒජන්තකරයො තමා බලුවැඩ කරල තියෙන්නෙ. මම දන්නවා අරාබි වැඩිදෙනෙක් ඉතහොඳයි. හැබැයි ඒ අයට බොරුව වංචාව පෙන්නන්න බැහැ. ඔය හොර ඒජන්ත කාරයින්ගෙන් ප්‍රවෙශම් වෙන්න. උන් බොරුකියල කීයක් හරි කඩාගන්න බලන අය. අපේ කාන්තාවනුත් බුද්ධිමත් විය යුතුයි. භාෂාවන් ගැන, විදුලි උපකරණ භාවිතය ගැන සැලකිලිමත් වන්න. අසනීප නම් රට යන්න එපා. වෛද්‍ය පරීක්ෂණකරල එයින් සමත්වුනොත් පමනයි ඒ රටවල් වැඩ කරන්න හැකියාව ලැබෙන්නෙ.(අ)

:       0       0

සංදීප් Friday, 30 August 2013 06:55 PM

සම්පූර්ණ ඇත්ත. මමත් ඩුබායි වල ඉන්නේ (නි)

:       0       0

ප්‍රිය Friday, 30 August 2013 06:56 PM

අපි හැමදාම කියනවා, තානාපති කාර්යාල ගැන තීරණ ගන්න කියලා. අපේ ගැහැණු දුක් විදින හැටි පේනවනේ. ඕකයි මැදපෙරදිග සැබෑ තත්වය (නි)

:       0       0

කුමාර Saturday, 31 August 2013 01:44 PM

මාමා කෙසෙල් , ලංකාවේ මිනිස්සුන්ට කොන්දක් නෙමෙයි ජීවත්වෙන්න හොද ආර්ථිකයක් තියෙනවද කියලයි බලන්න ඕනෑ. ආර්ථිකය හොදනම් ඉබේම කොන්ද පණ ගහලා එයි. (නි)

:       0       0

ජගත් Friday, 30 August 2013 07:13 PM

ඩුබායි වල කට්ටිය සියල්ලම නොමැති වුවද වැඩි කට්ටියක් හොරුය. (නි)

:       0       0

දම් Saturday, 31 August 2013 04:43 AM

නමුත් ලොක්කා වැඩකරු බව කියන්නම ඕනෑ.ඔහු නොහිටින්න මේකත් අපායක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 30 August 2013 07:15 PM

රෙමා,හොදට ලිපිය කියවන්න (නි)

:       0       0

නිලුෂ දිලුරුක්ෂි Saturday, 31 August 2013 09:43 PM

සමහර ගෘහ සේවිකාවන් රට එන්නේ එජෙන්සියෙන් දෙන සල්ලි අරන් අපහු යන්න පුළුවන් කියල හිතාගෙන .එත් අවට පස්සේ වැඩ කරන්න වුනාම,තමයි එයාලට ලෙඩ තියෙනවා කියල මතක් වෙන්නේ .එතකොට එයාල ගොඩක් පරක්කුයි.ඊට පස්සේ ඒජන්සි වලට,එම්බසියට ,දොස් කියනවා.ඒ කොහොම වුණත් මේ නොදන්නා රටකට එන්න කලින් දහස් වතාවක් හිතල බලල එන්න.ආවට පස්සේ තමන්ට තමන් විතරයි.(අ)

:       0       0

රෝහණ Saturday, 31 August 2013 02:20 PM

තමන්ගේ රටේ කාන්තාවකට මවුතුමියකට දුකක් වුන අවස්ථාවක උදව් කිරීමට තරම් මනුෂ්‍යත්වයක් නැති දෙපලකුත් එම අයගේ එම නිහිහ ක්‍රියාවට උල්පන්දම් දෙන තානාපති කාර්යාල නිලදාරිනුත් මොනවටද තවත් තියාගෙන ඉන්නේ? අපේ රටටත් නිග්‍රහයක්. මෙම අයව වහාම ගෙනල්ලා මනුස්සකම හැදියාව ගැන උගන්නලා දඩුවම් දෙන්න (නි)

:       0       0

නිල්කු Saturday, 31 August 2013 10:33 PM

ඩුබායි වල එම්බසියෙ ඉන්න සමහරු හිතන්නේ ඔවුන්ගෙ පිහිටෙන් අපි ඉන්නෙ කියලා (නි)

:       0       0

හේමසිරි Saturday, 31 August 2013 02:39 PM

ඔක්කොම දන්නවා ඇත්ත මොකද්ද කියලා (නි)

:       0       0

අමිල කටුනායක Friday, 30 August 2013 07:33 PM

එතුමියට මෙහෙන් සෑහෙන වැටුපක් ලැබෙන රැකියාවක් සොයා දෙන්න (නි)

:       0       0

රෙමා Friday, 30 August 2013 07:35 PM

තිලක්, ලියුම කියවලා තමා ලිව්වේ. ඔයාට රිදිලා වගේ (නි)

:       0       0

හෙට්ටිගේ Saturday, 31 August 2013 08:11 AM

හැමදාම මේවා පත්තර වල යනවා. නමුත් මොනවද කෙරන්නේ?අපි එවන සල්ලි ගැන වර්ණනා කරනවා විතරයි.තව ගොඩක් හිත ඇතුලේ තිබුනත් ලියන්න වෙලා මදි. (නි)

:       0       0

රසාදරී Saturday, 31 August 2013 08:30 AM

රැකියාව කුමන මට්ටමේ වුනත් විදේශයන්හි සේවය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුයි. ඒජන්සි මහතුනි, උපකාර කිරීමේ චේතනාවෙන් හෝ මෙවැනි අය රට යවන්න එපා. එක්කෙනෙක් නිසා දහස් ගණන් හොදින් රැකියා කරගෙන ඉන්න අයගේ නමත් අපට රැකියා දෙන රටවල තත්වයත්, අපේ රටේ නමත් නැති වෙනවා. (නි)

:       0       0

තිලක් Saturday, 31 August 2013 08:45 AM

ඒ කොහොම වුනත් වෛද්‍ය සහතිකය දුන් ආයතන සොයා බලා වරදක් සිදුකර ඇත්නම් නැවත මෙවන් දේ නොකිරීම සදහා එම ආයතනය වසා දැමිය යුතුයි (නි)

:       0       0

දර්ශන Saturday, 31 August 2013 03:49 PM

අපේ ය දන්නේ කුකුලන් එළුවෝ බේරගන්න විතරි , පුලුවන්නම් ඩුබියි කාර්යාලය ගැන පරික්ෂණ කරන්න ඩුබායි රජයට දෙන්න,,,, එයාගොල්ල නිතිය අකුරටම කරනවා, අපේ ය වගේ නෙමෙයි (අ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 30 August 2013 08:01 PM

ඩුබායි තානාපති කාර්යාලය ගැන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙන්න. (නි)

:       0       0

රන්ජිත්-ඩබායි Saturday, 31 August 2013 03:57 PM

පොදුවේ ගතහොත් සියලුම මැදපෙරදිග රටවල සේවය කරන අයට කිසිම සේවක අයිතිවාසිකමක් නැතුව තමයි වැඩකරන්න වෙලා තියෙන්නේ. අපේ රටේ ආණ්ඩු මැදපෙරදිගට හොදින් වැඩ කළහැකි නිලධාරීන් එවිය යුතුයි. සුදුස්සාට සුදුසු තැන දීම ආණ්ඩුවේ වගකීම. ඩුබායි අනිත් රටවලට වැඩ ගොඩක් හොඳ රටක්. නමුත් අදටත් අපිට පන්සලකට ඉඩක් ගන්න බැරිවෙලා තියෙනවා සුදුස්සෝ නිසි තැන්වල නැතිකමින්. (අ)

:       0       0

දර්ශන Saturday, 31 August 2013 05:06 PM

මාමා කෙසෙල් ඔය ලංකාවේ පිරිමියෙක් නෙමේද.... එහෙනම් නපුර්සකයෙක්ද (අ)

:       0       0

ටිකිරා Saturday, 31 August 2013 10:19 AM

ඇති පන බේරා ගත්තා (දී)

:       0       0

චන්දි Friday, 30 August 2013 08:45 PM

රුසෙල්, ඔයා කියපු දේ හරියට හරි. මෙයා අසනීප තියා ගෙන කොහොමද රට ගියේ? සේරම විස්තරේ කිව්වත් ඔයාගේ අසනීපය මොකක්ද කියලා කියන්නේ නැත්තේ මොකෝ ..? (නි)

:       0       0

සිල්වා Saturday, 31 August 2013 10:55 AM

ඩුබායි තානාපති කාර්යාලය ගැන පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දෙන්න? (දී)

:       0       0

ස්ටීව් Friday, 30 August 2013 09:08 PM

මෙහාන් හරි විදිහට ප්‍රතිකාර කලා නම් ඔය ලෙඩ තියෙන අය රට යවන්නේ නැහැ මෙයාගෙත් වරද තියෙනවා එහෙ ඒජන්සි එකට විරුද්දවත් පරීක්ෂණ කල යුතුයි (අ)

:       0       0

ධම්ම Saturday, 31 August 2013 06:13 PM

ඩුබායි කොන්සලේට් එක පිළිබඳව අබුඩාබි ඉන්න තානාපතිතුමාගේ වගකීමක් නැද්ද? (අ)

:       0       0

සමීරා Saturday, 31 August 2013 10:57 AM

කොහොම උනත් අසනීප තියාගෙන රට ගිය එකත් වැරදියිනේ. (දී)

:       0       0

චානක Saturday, 31 August 2013 10:58 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

සුලයිමාන් Saturday, 31 August 2013 11:02 AM

කරුණාකරලා ඩුබායි කොන්සියුලර් අංශය පිලිබදව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමු (නි)

:       0       0

කෝසල Saturday, 31 August 2013 06:30 PM

මෙය අපේ රටේ පමණක් නොව මුළු ලෝකෙම කාන්තාවන්ට සිදු උණු අසාධාරණයක් (දී)

:       0       0

අස්මිත් Friday, 30 August 2013 09:27 PM

මේකේ පළමු වැරැද්ද හොර මෙඩිකල් එකකින් රට යැවීම,අනිත් වැරැද්ද ඩුබායිවල ලංකාවේ ජෝඩුව තමයි මේ ගෘහ සේවිකාවට හිරිහැර කරලා තියෙන්නේ,ඩුබායි හාම්පුතුන් ඇයව පරිස්සමින් නැවත බාරදී,වන්දි මුදලුත් ලබදෙමට තරම් කාරුණික වී ඇත.රෙමා මුලින්ම ලිපිය හරිහැටි කියවා තේරුම් ගන්න.රජයේ වගකිවයුත්ටන් ඩුබායි තානාපති කාර්යාලය පරික්ෂාවට ලක්කිරීම අනිවාර්ය වෙන්නේ මින් මතු මෙවැනි අකටයුතු විදේශ ශ්‍රමිකයන්ට නොවීමටයි! (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Saturday, 31 August 2013 06:32 PM

නියමයි (දී)

:       0       0

දුමින්ද Friday, 30 August 2013 09:45 PM

මෙයාගේ කතාවෙන් ඉගෙන ගතයුතු ,දැනගත යුතු බොහෝ දේවල් ඇත. (නි)

:       0       0

විජේබා Saturday, 31 August 2013 11:28 AM

ලංකාවේ පලවෙනි විදේශ විනිමය ආදායම දැන් තේ. පොල්, රබර් කැලේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4096 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1537 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4405 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 407 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4162 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2373 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33935 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23957 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site