IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඩුබායි ගියත් පුරුද්ද අත් නොහරිති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි සුවිසල් මන්දිරයකින්  ඩිරාම් තුන් ලක්ෂ පනස්දහසක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක් කෝටි තිස්හත් ලක්ෂයක්) වටිනා අත් ඔර්ලෝසු, ස්වර්ණාභරණ හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් පස්දෙනකු සැකපිට  ඩුබායි පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘කලීජ් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කරයි.

මෙම ලාංකිකයින් පස්දෙනාගෙන් හතරදෙනකු සොරාගත් මුදල් හා භාණ්ඩ රැගෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින්  හොර රහසේ පලා යෑමට උත්සාහ කිරීමේදී ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් ලාංකිකයා ඩුබායි හි වෙනත් ප‍්‍රදේශයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත්දා මෙම ලාංකිකයින් පිරිස ඩුබායි හි අල් බෂ්රා ප‍්‍රදේශයේ පිහිටි එක්සත් අරාබි එමීර් ජාතිකයෙකුට අයත් මෙම මන්දිරයේ ප‍්‍රධාන දොරටුව කඩා සැකකාර ලාංකිකයින් අදාළ මන්දිරයට ඇතුළු වී ඇත.එම අවස්ථාවේ මන්දරයේ හිමිකරුවන් නොසිටි බව දැන ගැනීමත් සමඟ එහි තිබූ ඩිරාම් දෙලක්ෂ පනස්දහසක් වටිනා අත් ඔර්ලෝසු සහ ඩිරාම් ලක්ෂයක මුදල් නෝට්ටු සොරකම් කොට පලා ගොස් ඇත.

තම නිවසේ දොරගුළු කඩා නිවසේ තිබූ වටිනා භාණ්ඩ කිහිපයක් සොරකම් කොට ඇති බව නිවසේ හිමිකරු නිවසට පැමිණිවිට දැනගැනීමට ලැබී ඇති අතර පසුව හැකිවිගසින්ම ඔහු මෙම සොරකම සම්බන්ධයෙන් ඩුබායි පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.



අදහස් (0)

ඩුබායි ගියත් පුරුද්ද අත් නොහරිති

පිටිගල මිලානෝ Thursday, 14 January 2016 07:17 AM

සමහර ලංකාවේ හිටපු දේශපාලකයෝ හොරකම සාමාන්‍ය දෙයක් ලෙස සමාජගත කළ එකේ ප්‍රතිඵල තමයි මේ. ඒ අතින් බලන කල රනිල් වික්‍රමසිංහ මහතා පරමාදර්ශී නායකයෙක්. (නි)

:       0       0

නන්දලාල් Thursday, 14 January 2016 10:15 AM

අනේ මෙහෙමත් හොරු ! අරාබි රටවල් තද නීති ගැන මෙරටින් එහාට යවන ශ්‍රමිකයන් දැනුවත් කළ යුතු වෙනවා, ඉදිරියේදී වත්. කොහොම වුනත් එරටේ අධිකරණය මගින් මේ පස්දෙනා වැරදිකාරයන් බව තීරණය වුනොත් මරණ දණ්ඩනය නොලැබුනත්, අඩුම වශයෙන් අත් නැතුව තමා ආපහු ශ්‍රී ලංකාවට එන්න වෙන්නේ !!! (හේ)

:       0       0

සුමිත්‍රා Thursday, 14 January 2016 10:25 AM

අපොයි රටේ නමත් කැත කරනවා.(හේ)

:       0       0

පෙරේරා Thursday, 14 January 2016 11:09 AM

වැරදිකරුවන් වුනොත් කොහොම ලංකාවට එන්න වෙයිද දන්නේ නැහැ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 14 January 2016 11:40 AM

ඩුබායි වල සුළු හොරකම් වලට ඇඟිලිත් මෙවැනි සැලසුම් සහගත සොරකම් වලට තමා කැමති අතක මැණික් කටුව අසලිනුත් කපනවා. මීට අමතරව සිර දඬුවම් දී එම කාලය අවසානයේ රටින් පිටුවහල් කරනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9297 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4843 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6721 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4557 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1129 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36472 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24188 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site