ප්‍රංශ තරුණියක කෙළසීමේ නඩුවක ශ්‍රී ලාංකික සාක්කිකරුවෙක් (33) ඩුබායි උසාවියක දී අඬන්නට පටන් ගත්තේය.
සිංහල පමණක් දන්නා එම සාක්කිකරු ඇඬුවේ ඇයිදැයි මහේර් සල්මා අල් මාහ්දි විනිසුරු ප්‍රශ්න කළේය.
කිහිපවරක්ම අඬා වැටුණු ඔහු කී දේ භාෂා පරිවර්ථකට ද තේරුණේ නැත.
විනිසුරුට සාක්කිකරු ගැන දුකක් ද ඇති විය. කුරාණයෙන් පාඨයක් ගෙන හැර දක්වමින් දැක්වූයේ ඔහු සැනසීම සඳහාය.
තම පියා මිය ගිය බව ශ්‍රී ලාංකික සාක්කිකරු කීවේය. තමාගේ දරුවකුට සැත්කමක් කර ඇතැයි සාක්කිකරු යළිත් හඬා වැටුණේය.
ඔහු ඇඬූ හේතුව විනිසුරුවරයා දැනගත්තේ පසුවය. ඔහුගේ ගමන් බලපත්‍රය පොලිසිය භාරයට ගෙන තිබීම ඊට හේතුවයි.
සාක්කිකරුට අනුකම්පාව දැක්වූ විනිසුරු පැවසුවේ ඔහුගේ ගමන් බලපත්‍රය රඳවා ගැනීමට වෙනත් හේතුවක් නොමැති නම් එය මුදාහරින ලෙසයි.
මෙම සාක්කිකරු ඩුබායිහි පෞද්ගලික සමාගමක ගොඩනැගිලි පිරිසිදු කරන්නකු ලෙස සේවය කරයි.
ප්‍රංශ තරුණිය කෙළසීයැයි චෝදනා ලබා සිටිනුයේ ඔහු සේවය කළ ආයතනයේ සිටි එමිරේට්ස් ජාතිකයන් දෙදෙනකු බව උසාවියේ දී සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්ත, අපේ රටත් දැන් ගොඩක් දියුණුයි. ඒත් කියන්න කණගාටුයි, එහි ජිවත්වෙන මිනිස්සු නම් තිරිසනුන්ටත් වඩා අන්තයි (නි)
හොඳ මනුස්සයෙක්! (නි)
දුක හඳුනන විනිසුරුවොත් ඉන්නවා (නි)
මට පෙනෙන විදියට විනිසුරුට දුක හිතිලා තිබෙන්නේ ලංකාවේ මනුස්සයා ගැන නොවේ , තම රටේ චුදිතයන් දෙදෙනා ගැන .(ස)
ඩුබායි රටට මම කැමතියි. (ස)
හොඳ මහත්තයෙක් (නි)
ලංකාවේ කොහොම වෙයිද? (නි)
අනේ අපේ රටේ නම්? (ස)
ප්‍රධානම හේතුව මේ රටේ අය දැන් හොඳ අධ්‍යාපනයක් ලබනවා. මම 1988 සිට ඩුබායි වල ඉන්නේ. එදා සහ අද බැලුවම පුදුම දියුණුවක් මේ රටේ තියෙන්නේ. අපට දුකයි අපේ රට යන දිශාවයි ඩුබායි දියුණු වෙන විදිහයි දැක්කම. (ස)
මමත් දැනට අවුරුදු තිහක් ඉන්නේ මේ රටේ. මේ රටේ මිනිස්සු ළඟ තිබෙන ගතිගුණ ලෝකේ කොහෙවත් නැතුව ඇති (නි)
ලංකාවේ එක්කෙනෙකුටත් දුක හිතිලා බෙහෙත් ගන්න සිංගප්පුරුවට යන්න අවසර දීල (ස)
මටත් ඒ රටට ගිහිල්ල අඬන්න හිතෙනවා (ස)
හේරත්. අවුරුදු තිහක් ඉඳලත් තවම ඔය රටේ මිනිස්සු තේරුම් ගන්න බැරි වුනාද ? (නදී)
අනුෂා ඔයා ලෝකයේ අනික් රටවල් ගැන දන්නවද? (නදී)
අරාබි රට වල උසාවි වලට මමත් ගොස් තිබෙනවා, රථවාහන අනතුරු සම්බන්ධව. මෙහෙදී භාෂාව ඉංග්‍රීසියෙන් හැසිරවීමට හැකිනම් තමාටම නඩුවට පෙනී සිටින්න පුළුවන්. මම වරෙන්තුකරුවෙක් වුණේ පොලිස් නිලධාරියා හරි හැටි නොවිමසා අනෙක් රියදුරාගේ පැත්ත ගත් නිසයි.නමුත් උසාවිය මා නිවැරදි බව තීරණය කළා පමණක් නොවේ, මට වියදම් වූ මුදල් සියල්ලම ආපසු ගෙවා දැම්මා. අනෙක් කාරණය ලංකාවේදී පවුලේ සාක්කි වල වටිනාකම අඩු වුවත්. අනතුර අවස්ථාවේ මා හා සිටි මගේ බිරිඳගේ සහ දරුවාගේ සාක්කි උසාවිය පිළිගත්තා.මගේ අත්දැකීම අනුව බහරේනයේ රථවාහන නඩු ලංකාවට වඩා ඉතා විධිමත්. (නි)
මේ වගේ නෙමේ මීට හොඳ විනිසුරුවරුන් ලංකාවේ ඉන්නවා. මම කවද හරි පෙන්වන්නම්. (අ)
බහරේනයේ වෙසෙන ඒ මහතා හොඳින් ඉංග්‍රීසි දන්නා නිසා ඔහුගේ නඩුව බරක් නොවුණු හැටි මැනවින් පෙනේ. (නි)
මම ඉන්නේ යුරෝපා රටක.මෙහෙට එන අපේ රටේ අය ලංකාවේ ප්‍රශ්න කියලා සරණාගතයින් විදිහට මෙහි ඉන්න අයදුම් කරනවා.මෙහෙත් තියනවා පොඩි උසාවිය වගේ තැනක්.අපේ රටේ කෙනෙකුත් ඉන්නවා පරිවර්තක ලෙසට.දිනක් කාන්තාවක් පැමිණ සිටියා කැඳවීමක් මත.එහි සිටි ප්‍රධානියා ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවා විතරයි, ඉකි ගගහා අඩන්න ගත්තා.මිනිත්තු 45ක් විතර ඇඩුවා. බැරිම තැන විනිසූරු කිව්වා ඔයා ගෙදර යන්න කියලා.සතියකට පසු එයාට ලිපියක් එනවා මෙම රටේ සිටීමට අවසර ඇත කියා.මෙය සත්‍ය සිදුවීමකි (නි)
වගකීම කරට ගත් ලාංකියෙක්. ඔබගේ ප්‍රයත්නයට සුබ පතමි. ඔබගේ දෛවය ගාව අපට සීමා ඇත. (ස)
පව් අහිංසක මනුස්සයෙක්. (ස)
විත්තිකරුවන් පැත්තක ඉන්දෙද්දී, සාක්ෂිකරුවම අමාරුවේ දාන්නද පොලිසිය හදල තියෙන්නේ. (ස)
දස වසරකට වැඩි කාලයක් මෙම නගරයේ සේවය කරන මගේ දැනුම අනුව, ඩුබායි අධිකරණය ඉතා ඉහල මට්ටමක සාධාරණ තීන්දු දෙන තැනක්. (ස)
මැද පෙරදිග රටවලින් හොඳම රට එක්සත් එමිර් රාජධානිය. ඔවුන් අනික් තෙල් රටවල මිනිසුන්ට වඩා මනුස්කම දන්නා අය (ස)
ඩුබායි රටේ බොහොම සාධාරණ නීතියක් තියෙනවා. අපි මේ රටේ ඉන්න නිසා ඒක දන්නවා.මෙහෙ කරන්නේ හිරේ දාල දඩ ගහන එක විතරයි.මෙහෙ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු කොටසක්. (ස)
ඔබෙි ක්‍රියාව ශ්‍රේෂ්ඨයි (අ)
ඩුබායි අද ලබල තියෙන දියුණුවට ප්‍රධාන හේතුවක් තමා මනුස්සකම දන්න අය එහි ජීවත් වීම. (ස)
ඩුබායි රටේ දුක හඳුනන විනිසුරුවන් ඉන්නවා කියල අහන්න ලැබෙන එකත් සතුටට කරුණක්. (ස)
ප්‍රංශයේ ඉන්නවා සභාපතිකම ලැබුනේ නැහැ කියලා අඩන අය. ඉතින් මෙය අහන්න දෙයක්ද? (නි)
ඔයාට ඉක්මනට පාස්පෝට් එක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අපේ කෙනෙක් ඔය දෙයට කොහොමත් සම්බන්ධ නැහැ කියලා අපි දන්නවා.ඔයාව දෙවියන් වහන්සේ ආරක්ෂා කරත්වා!තිස් තුන් කෝටියක් දේවතාවන් ආරක්ෂා කරත්වා! (නි)
ප්‍රංශයේ සිටිනවා සිංහල කෙනෙකු, ඔහු භාෂා පරිවර්තකයකු සැටියටයි කටයුතු කරන්නේ. ප්‍රධානම කාර්යය ඔහුගේ ලංකාවෙන් එන සරණාගතයන් හට කෙසේ හෝ සරණාගත වීසා ලබා දීම. දමිළයන් බොහෝ දෙනෙකු මොහුගේ සේවය ලබා ගන්නවා (නි)
ඩුබායි රටේ නීතිය ඉතාම සාධාරණයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන රටක් (නි)
පුදුමයි.කරුණාව ඇවිල්ලා. (නි)
ස්තූතියි! (නි)
අපේ ලංකාවට මේ රටෙන් ගොඩාක් දේවල් ඉගෙනගන්න තියනවා (නි)