මැද පෙරදිග රැකියා සදහා ගොස් මෙරටට පැමිණෙන අයට ලබා දෙන තීරු බදු සහනය සහ අනෙකුත් සහනයන් අයුතු ලෙස පාවිච්චි කරමින් රුපියල් තිස්දෙලක්ෂ අසූදහසක් වටිනා සිගරට් 125,200 ක් සහ ශීතකරන 03 ක් ඩුබායි සිට මෙරටට ගෙන ඒමට තැත්කළ ශ‍්‍රී ලාංකික තරුණයෝ තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේය.
සැකකරුවෝ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21,24 සහ 31 යන වයස්වල තරුණයෝ වෙති.
මොවුහු මීට දින තුනකට පෙර මෙරට සිට ඩුබායි වෙත ගොස් ඇති අතර ඊයේ අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 226 දරණ ගුවන්යානයෙන් යළි මෙරටට පැමිණ ඇත්තේ මැද පෙරදිග වසර ගනනාවක් සේවය කර පැමිනෙන්නවුන් ලෙස රේගුවට අගවමිනි.
රේගු නිලධාරීන් පවසන්නේ මොවුන් තිදෙනා මැදපෙරදිග රැකියා සඳහා ගොස් පැමිණෙන අයට ලබා දෙන ලිහිල් බව ප්‍රයෝජනයට ගැනීමට සූක්ෂමව ක‍්‍රියා කර ඇති බවය. කෙසේ වෙතත් රේගු අධිකාරී මහේන්ද්‍ර අර්තනායක මහතාට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී මොවුන්ගේ ගමන් මළුවල තිබී මෙම සිගරට් තොගය සොයා ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරී මහේන්ද්‍ර අර්තනායක ඇතුළු රේගු නිලධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගරට් ගේන්න බැරි නම් අදාල ගුවන් තොටුපොලවල් වල බෝර්ඩ් ගහලා තියන්ඩ ලංකාවට සිගරට් ගෙනියන්ඩ බෑ කියලා. මොකද මිනිස්සු මහන්සි වෙලා හම්බකරන සල්ලිවලට ගේන බඩු නිකන් රෙගු කට්ටිය කනවා. ඇයි මේ අපරාදේ. (ස)
මොහොමඩ් රිස්වි මහතාගේ දැනගැනීම පිණිස . ලෝකයේ ඕනෑම ගුවන් තොටුපලක [සමහර බටහිර රටවල ගුවන් තොටුපලින් පිටතද ඩියුටි ෆ්‍රී සාප්පු පිහිටා ඇත.] ඩියුටි ෆ්‍රී සාප්පුවකින් අපෙන් අසන පළමු ප්‍රශ්නය වන්නේ ගමනේ අවසානය මොන රටද යන්නයි.ගමනේ අවසාන රට ලංකාවයි කියූ පසු , ඔවුන් අප සිගරට් මිලදී ගැනීමට තැත් කළහොත්, අපට දන්වා සිටින්නේ ඩියුටි ෆ්‍රී සිගරට් ලංකාවට ගෙන යා නොහැකි බවයි. ලෝකයේ ඕනෑම රටක ඩියුටි ෆ්‍රී සාප්පුවක සේවය කරන ඕනෙම අයෙක් මේ බව දනිති. මගීන් දැනුවත් කරති. ඩියුටි ෆ්‍රී සාප්පුවකින් මේසා විශාල සිගරට් තොගයක් කිසිදා නිකුත් නොකරයි .ඔස්ට්‍රේලියාවට ගෙන යා හැකි ප්‍රමාණය සිගරට් 50 පමණි.මේ සඳහා විශේෂයෙන්ම සෑදු සිගරට් 50 පැකට් ලොව පුරා ඩියුටි ෆ්‍රී සාප්පු වල මිලට ගැනීමට ඇත. (ස)
පද්මිණි මමත් ද්විත්ව පුරවැසිකම අයදුම් කරලා අවරුදු දෙකක් වෙනවා . තාම කිසිම ආරංචියක් නැහැ. (අ)
ලොකු අය සැපට යනවා. පව් පොඩිඋන් ව අල්ලගන්නවා. අනේ ඕක කට ඇරලා දාන්න. (ස)
ද්විත්ව පුරවැසිකම දෙන අලුත්ම තත්වය දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තර කියන්න කරුණාකර. (මෙය අදාල නැති වුනත්) (ස)
ලංකාවෙන් පිටව යන කෙනෙකුට ඕනෙම වර්ගයක සිගරෙට්ස් කාර්ටුන් දෙකක් නීතියෙන් ඕනෙම රටකට ගෙනයා හැකිය. නමුත් ලංකාවට ඇතුල් වීමේදී කිසිම ඩියුටි ෆ්‍රී සාප්පුවක සිගරට් නැත ලංකාව ඇතුලට ගෙන ඒමට. මෙම 3 දෙනා ඩුබායි වලින් මෙම සිගරට්ස් මිලදී ගෙන එහි රැකියාව කරපු අය මෙන් වංචාවෙන් මෙය රට තුලට ගෙන ඒමට තැත් කර අසුවී ඇත , මෙය වටහා ගැනිමට බොහෝ දෙනෙකුට නොහැකිවීම පුදුමයකි.(නදී)
දර්ශන, කටුනායක ඩියුටි ෆ්‍රී එකේ කොතනද, සිගරට් විකුනන්න තිබෙන්නේ කියල කියන්න පුලුවනිද? මට පෙනෙන්නේ ඔබ අවුරුදු දෙකකින් විතර ලංකාවට ගිහින් නැහැ වගෙයි. (නදී)
මට නම් එයාලා මෙයාලා කියලා වෙනසක් නැහැ (නි)
බොහෝ දෙනෙක් විදේශ ගතවුවන් නෙමෙයි වගේ. එහෙම නැත්නම් රටක නිතිය දන්නා තරමට උගත් අය නෙමෙයි. සිගරැට් වුණත් ගෙනෙන්න පුළුවන් කෙනෙකුට ප්‍රමාණයක් තිබෙනවා.මේ 3 දෙනා කර තිබෙන්නේ වංචාවක් කියා නොතේරෙන බොහෝ දෙනෙක් මෙහි ප්‍රතිචාර දමලා. (නි)
ශෂිනි, ඔබ මේ අය සමග එකතු වෙලා රන් පොලු හෝ මත් කුඩු ගෙනවිත් ජිවත් වෙන්න බලන්න. ශෂිනි මේවට හොඳට පළපුරුදු කෙනෙක් වගේ (නි)
මොහොමඩ් රිස්වි,මෙය හොඳට කියවා බලන්න. මේ 3 දෙනා ඩුබායි වල රැකියා කරපු අය නෙමෙයි. වංචාවක් කිරීමට එසේ හැසිරුනු 3 දෙනෙක්. හම්බ කරපු සල්ලි වලින් මේසා විශාල සිගරැට් ගේන්නේ කන්නද? (නි)
අපි දන්නා තරමින් ඉහත ඩියුටි ෆ්‍රී වරප්‍රසාදය ආසියාවේ වෙන කිසිම රටක ජනතාවකට ලැබෙන්නේ නැහැ. එවැනි වරප්‍රසාදයක් අයුතු ලෙස භාවිතා කරමින් හොර මගඩි වැඩ කරන්නවුන්ට උපරිම දඩුවම් දිය යුතුයි. (ස)
අරින්ඩ එපා ශෂිනි!! (දී)
ශෂිනි නියමයි (දී)
දැන් කාලේ තරුණයන්ට ඔය වගේ වැඩක් කරලා ජීවත් වෙන්ඩ ඉඩ දුන්නා නම් ඉවරයිනේ. මොකෝ ලැම්බෝගිනි ගන්ඩැයෑ. ඇයි මේ රේගුව බාල්දි පෙරලන්නේ.(නදී)
සේරම්, මර්සි ලංකා, ධම්ම, ඔබ නියම තත්වය අවබෝධ කරගෙන අදහස් දක්වලා තියෙන්නේ. වැඩි දෙනෙකුට මේ තුන්දෙනා වංචනිකයෝ බවවත් තේරිලා නැහැ. තීරු බදු සහනය දීලා තියෙන්නේ රජයට පාඩුවක් වුනත් යම් කාල සීමාවක් පිට රට ඉඳලා එන අයට අවශ්‍ය දෙයක් පහසු මිලට ගෙදර අරන් යන්න මිසක් හොරකම් කරන්නවත්, නීති විරෝධී දේ රට ඇතුලට ගේන්නවත් නොවෙයි. (ස)
මම කියන්නේ විදේශ රැකියා කරන අයට වෙනම ඩියුටි ෆ‍්‍රී බඩු ගන්න පිළිවෙලක් හදන්න ඕනේ. එතකොට මෙවෙනි ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. තවත් දෙයක්. මෙම සහනය දෙන්නේ එ එ අවස්ථා වල රටින් පිට හිටිය දින ගණන අනුව. නමුත් වුර්තීමය රැකියා කරන අය සමහරවිට වසරකට දෙතුන් වරක් තම නිවාඩුව ගන්නවා. එතකොට එ අයට එම සහනය හරියට ගන්න බැරිව යනවා. නමුත් මෙ එක් අයෙක් අනිත් කම්කරු රැකියාවල නියෙලෙන අයට වඩා දසගුනයකින් විසිගුනයකින් පමණ වැඩි විදේශ විනිමයක් එක් මසක් තුල රටට එවනවා. එත් එවෙනි කෙනෙක් අන්තිමට වසර 10ක් රට ඉදල ආවත් නීතිය අනුව අඩුමගානේ එල්. සී . ඩී ටි වී එකක් වත් ගෙන්න ලැබෙන්නේ නෑ. (දී)
අද රට තුළ හොරකම පොඩි මිනිහට පුරුදු කලේ කවුද කියලා හොයාලා බැලුවොත් තමයි නේද හොඳ. (ස)
අපට දෙන ලිහිල් බවින් අන් අයට අයුතු ප්‍රයෝජන ගන්න දෙන්න බැහැ. ඔවුන්ට දැඩි දඬුවම් දෙන්න. මේවායින් වෙන්නේ අපා දුක් විඳලා රටට මුදල් එවලා කටුනායකදී අනවශ්‍ය පරීක්ෂා කිරීම් වලට ලක්වෙන එක. (ස)
ජනිත්, මේ මිනිස්සු දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි නෙමේ මේවා. මුන් හොරු තුන් දෙනෙක්. දින තුනකට කලින් ඩුබායි වලට ගොස් මේවා මිලට ගෙන නැවත එන ඔවුන්. රේගුව රවටා මේවා ගේන්න හදලා තියෙන්නේ . දුක් මහන්සි වී එන අය මුන් වගේ සිගරට් ගේන්නේ නැහැ.ගෙදරට අවශ්‍ය බදු මුට්ටු ගේන්නේ .මුන් හොරු තුන් දෙනෙක්. (ස)
රේගුව ලොකු එකාටත් පොඩි එකාටත් එකම විදියට සලකන්නේ . අනික් කරුණ මුන් තුන්දෙනා ඩුබායි වල වැඩ කරපු උන් නෙමේ. හොරෙන් සල්ලි අරන් ගිහින් මිනිස් ජිවිත වලටද හානි කරන සිගරට් ගේන්නේ .කුඩු, මත්පැන්, සිගරට්ස් වගේ දේවල් සියල්ල මිනිස් ජිවිත නැති කරන දේවල්. මුන් තුන්දෙනාට උපරිම දඩයක් සහ දඬුවම් දිය යුතුය . මෙය සාදාරණීකරණය කරන්නේ මොලේ නැති අය. (ස)
රේගුවේ ඉන්න අය අකුරට වැඩ කරන මහත්තුරු.නමුත් කෝටි ගණන් රටට ගෙනෙන කුඩු ,මිටෙන් වගේ දේවල් අල්ලනවා පමණි ඒවාට නීතියක් නැහැ. මෙහි වැදගත් අදහස් දාලා ඇති අයට මගේ ප්‍රණාමය. (ස)
ගුවන්තොටුපොළේ වැඩකරන සමහරු අපේ පාස්පෝර්ට් නොම්බරයට ඩියුටි ප්‍රී එකෙන් සිගරට් අරන් අපිට එලියට ගෙනත් දෙන්න කියලා එළියේදී ඒවා අරගන්නවා.(නදී)
ශෂිනි ප්‍රතිචාරය නියමයි.(නදී)
මේ මිනිස්සු දුක් මහන්සි වෙලා හම්බකරන දේවල් මංකොල්ල කාලා. (නදී)
මේ රේගුවත් පොඩි එකෙක් කන්හැන්දක් ගෙනාවොත් තමා ලොකු පාර්ට් දාන්නේ .. ලොකු අය ගේන කුඩු අල්ලන්න කවුරුත් නෑ. (ස)
එහෙනම් ශෂිනිත් ඇෆ්ගනිස්ත්නෙයි ,පාකිස්තානේ පැත්තේ ටුවර් එකක් ගිහිල්ල ශරීරයේ කොහේ හරි හෙරොයින් ටිකක් හන්ගන් ඇවිත් පොඩි බිස්නුස් එකක් පටන් ගන්න. ප්‍රසිද්ධවෙන්න ගමේ නම නමේ මුලට එකතු කරන් ඔයාගේ නම අගට එකතු කරන්න . (දී)