දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" සිවුවැනි අදියරේ දෙවැන්නා බවට පත්වූ කුලියාපිටියේ රවීන් කණිෂ්ක වික්‍රමරත්න මේ දිනවල තරමක් කාර්යබහුල වී සිටියි. ඒ ඉදිරි කාලයේදී ඔහුගේ නවතම ගීත එකතුවක් රසික, රසිකාවියන්ට තිළිණ කිරීමට සැලසුම් කරමින් සිටීම හේතුවෙනි. එමෙන්ම මේ දිනවල දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන දෙරණ "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනේ දුලීකා මාරපනගේ ප්‍රමුඛත්වයෙන් තරග කරන "සුපර් ගැන්ජෙස්ටර්" කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කරයි. ඉදිරි කලා නිර්මාණ පිළිබඳව ඔහු "සාරවිට" අපිට මෙසේ දැනුම්වත් කළෙමු.
"අවුරුදු මාසේ නිසා තරමක් ප්‍රසංග සඳහා ලැබෙන ආරාධනාවල වැඩිවීමක් තියෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම ආරාධනා ලැබෙන නිසා තරමක් දුරට සංගීත කටයුතු පැත්තෙන් මමත් මගේ සංගීත කණ්ඩායමත් කාර්යබහුල වෙලා තියෙනවා. ඊට අමතරව දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "ස්ටාර් සිටි" රියලටි වැඩසටහනට සම්බන්ධවෙලා ඉන්නවා. මගේ කණ්ඩායම තමයි දුලීකා අක්කාගේ නායකත්වයෙන් තරග කරන "සුපර් ගැන්ජෙස්ටර්". ඉතින් එම වැඩසටහන්වලටත් පෙර පුහුණුවීම් කටයුතුවලටත් ලැබෙන විවේකය මත සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉදිරියේදී මගේ අලුත්ම ගීත කිහිපයක් රසික, රසිකාවියන්ට රසවිඳින්න පුළුවන් වෙයි කියන පොරොන්දුව මේ වෙලාවේ මම දෙනවා. හැබැයි මේ කාර්ය බහුලත්වයෙන් මිදිලා මැයි මාසේ අවසන් වෙලා තමයි අලුත්ම නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නේ. මම, සඳරුවන් ජයසිංහ, සිරස සුපර් ස්ටාර් රියලටි තරගාවලිය හරහා ක්ෂේත්‍රයට එකතු වුණ දිල්කි වැලිවත්ත වගේම සුලෝචන රාජපක්ෂ කියන අවුරුදු ගීතයක් මේදිනවල රූපවාහිනී නාළිකා කිහිපයකම විකාශය වෙනවා."
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'ඩ්‍රීම් ස්ටාර්' රවීන්ගේ අලුත් නිර්මාණ මැයි මාසෙන් පස්සෙලු