IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඩිලානිගෙ දුව රඟපාන්න ලංකාවට ඇවිත්

fhgk 

 

කවීෂා කාවින්දි තම මාපියන් වන ජනපි‍්‍රය හා සම්මානනීය රංගන ශිල්පිනී ඩිලානි අබේවර්ධන සහ සමන් පුෂ්පවර්ණ සමග ඇමෙරිකාවට යන විට වයස අවුරුදු 6 ක් විතර ඇති. ඊට වසර 12 කට පසුව කවීෂා දැන් ලංකාවට ඇවිත්. ඒ නව යොවුන් සුන්දර කවීෂා එලෙස මුලින්ම ලංකාවට පැමිණියේ
පසුගිය ජනවාරියේදීය. ඉන්පසුව නැවත ඇමෙරිකාවට ගිය ඇය මේ ජූනියේදී යළි ලංකාවට ආවා. ඇයි කවීෂා නැවතත් ලංකාවට ආවේ? සුන්දර ඇය සමග අපි සඳැල්ල කතාබහට එක්වෙමු.

 


button කවීෂා වයස කීයද?
අවුරුදු 19 ලබන්නෙ.

 


button මොනවද කරන්නේ?
තවම සරසවි අධ්‍යාපනය ලබනවා. එක් අවුරුද්දක් ඉවරයි. තව අවුරුදු 3 ක් ඉවර කරන්න තියෙනවා.

 

Big
button මොන අංශයෙන්ද උපාධිය හදාරන්නෙ?
ව්‍යාපාර කළමනාකරණය සහ ගණකාධිකරණ අංශයෙන්.

 


button ඉන්පසුව?
උපාධිය හමාර කරලා මගේම මව් රටට පදිංචියට එන්නයි කල්පනාව. මගේම ව්‍යාපාරයක් ඇරඹීම අරමුණයි.

 


button පසුගිය ජනවාරියේදී ඔබ ලංකාවට පැමිණියේ වසර කීයකට පසුවද?
වසර 12 කට පසුව. ලාල් වීරසිංහ අංකල් අධ්‍යක්ෂණය කළ ”සිංගා මචන් චාලි” විකට තේමාවක් රැගත් චිත‍්‍රපටයේ රඟපෑමට.

 


button දැන් ආයෙත් මේ ජූනියෙ ලංකාවට ආවේ?
ජනවාරියේදී ඇවිත් ෆිල්ම් එකේ රඟපාලා යන්න ගියා. ඒ මුළු මාසයේදීම මට ලංකාවේ කිසිම තැනක ඇවිදින්න යන්න බැරි වුණා. දැන් නැවතත් ආවේ මම ආදරය කරන මගේ රටේ ඇවිදලා යන්න.

 


button කොහේටද වැඩිපුරම ආස කරන්නේ?
නුවරට හරිම ආසයි. කොළඹ වගේ ලොකු සද්ද නැහැ. ඒ නිසා නිදහසේ කාලය ගතකරන්න පුළුවනි.

 


button ඇත්තටම ඇයි කවීෂාට රඟපාන්න හිතුණේ? අම්මගේ අඩුව පුරවන්නද?
කුඩා කාලයේ ඉඳලාම  රඟපෑමට කැමැත්තක් තිබුණා. නමුත් අම්මා මට අවස්ථාවක් දුන්නෙ නැහැ. උසස් අධ්‍යාපනය හමාර කරලා අනෙක් දේ කරන්න කීවා. අම්මා කැමැති මම ඉගෙනීමෙන් ඉදිරියට යනවාටයි.

 


button ඉගෙනීමෙන් වාර්තා තියලත් ඇති නේද?
පාසල් අධ්‍යාපනය හොඳටම හමාර කළා. සරසවි අධ්‍යාපනය ආරම්භ කළාම ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකට හේතු වුණේ පළමු වසරේදී අදාළ විෂයයන් පහට ‘A’’ (ඒ) සාමාර්ථ 5 ක් ලබාගත්ත නිසයි.

 


button අම්මයි තාත්තයි ඔබ ගැන ගොඩාක් සතුටු වෙනවා ඇති නේද?
එයාලට මට දෙන්න පුළුවන් ඉහළම සතුට මම හොඳින් අධ්‍යාපනය ලැබීමයි. ඒ නිසා එයාලා සතුටු කරවනවා තරම් දෙයක් මට තවත් නැහැ.

 


button අම්මා එහේ මොනවද කරන්නෙ?
රූපලාවන්‍ය ආයතනයක උපදේශිකාවක ලෙස කටයුතු කරනවා. තාත්තා භෝජනාගාර සේවයක කළමණාකාර තනතුරක් දරනවා. මගේ මල්ලී උපන්නේ එහිදී. එයාට දැන් අවුරුදු 10 යි.

 


button ඇමරිකාවේ ගෙවන ජීවිතය ගැන හිතන්නෙ කොහොමද?
හැමෝම වැඩ. කාලය ගෙවනවා දැනෙන්නෙ නැති තරමටම වැඩ. අපි හැමෝම එහෙමයි.

 


button නිවාඩුවක් ලැබුණාම?
අපි එකතුවෙලා ගීත ගයලා, නටලා විනෝද වෙනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් ජිම් එකට යනවා.

 


button දැන් ඔබට රඟපෑමට දිගටම ආරාධනා ලැබෙනවද?
ටෙලිනාට්‍ය දෙකක විතර හොඳ චරිත ලැබුණා. නමුත් වසර ගණන් මට කාලය වැය කරන්න බැහැ. තවම අධ්‍යාපනය හමාර කරලා නැති නිසා. දැන් මේ සැරේ ඇවිත් සිටින්නෙත් ගිම්හාන නිවාඩුවටයි. සිංගා මචන් චාලි චිත‍්‍රපටයට අමතරව තවත් චිත‍්‍රපටයකට ආරාධනා ලැබුණා. ඒත් තවම ඒ ගැන හිතුවේ නැහැ. ලබන දෙසැම්බර්වල නැවත ලංකාවට එනවා.

SAN_2476


button අම්මා රඟපෑ චිත‍්‍රපට අතරින් ඔබ වඩා කැමැති චිත‍්‍රපට මොනවද?
සීතල ගිණිකඳු, සුජාතා, බිතුසිතුවම් චිත‍්‍රපට චරිතවලට ආසයි. රන්දෝලි සහ සෙනුරි ටෙලි චරිතවලටත් කැමැතියි.

 


button අම්මා ලංකාවට නැවත ඒමට අදහසක් නැද්ද?
හොඳ චිත‍්‍රපටයක රඟපෑමේ ලොකු ආසාවක් අම්මට තියෙනවා. හොඳම චරිතයක් ලැබුණොත් බාර ගනීවි.

 


button කවීෂා ඔබ කොහොම කෙනෙක්ද?
සංවේදී, වඩා මිත‍්‍රශීලී කෙනෙක්. මගේ මිතුරු මිතුරියන් එක්ක නිතරම ඉන්න ආසයි. හුදෙකලාවට කැමැති නැහැ. ගීත ගායනයටත් ආසයි. මොනවා කළත් අධ්‍යාපනයට තමයි මුල් තැන.

 

sadun-gamage



අදහස් (0)

ඩිලානිගෙ දුව රඟපාන්න ලංකාවට ඇවිත්

ෂේන් Tuesday, 28 July 2015 05:37 AM

ජය වේවා.(හේ)

:       0       0

ජුහී Friday, 24 July 2015 11:25 AM

මෙයා තවම පොඩි ළමයෙක්, තව ටික දවසකින් ජිම් එකකට යවලා ගානට ශේප් කරලා ගනීවි. (නදී)

:       0       0

ටියුඩර් Friday, 24 July 2015 11:31 PM

අපේ අයට ඉතින් ඇහැට කණට පෙනෙන කෙල්ලෙක් දැක්කොත් ඊර්ෂ්‍යාවේ බැහැනේ (නි)

:       0       0

විජේතුංග Friday, 24 July 2015 12:37 AM

අධ්‍යාපනය සහ ලංකාව ගැන පවසා ඇති දේවල් මට නම් හිතට ඇල්ලුවා (නි)

:       0       0

අමර Saturday, 25 July 2015 09:35 AM

මේ ඇඟ තියාගන ඉතින් ස්ටේට්ස් වල රඟපාන්නද ලංකාවේ තමයි කර ගන්න දෙයක්. (ස)

:       0       0

ආරි Tuesday, 21 July 2015 08:30 AM

අවුරුදු 12 කට පසු ලංකාවට ආවේ ලංකාවට ගොඩක් ආදරේ නිසාද? පුදුම ආදරයක්. මම මෙයට වඩා මොනවත් කියන්නේ නෑ. කියුව කියල හිතාගන්න. (නදී)

:       0       0

ශිරන්ති Monday, 27 July 2015 11:49 PM

මෙතන දැන් ලිඳ ලඟ සංගමය වෙලා තියෙන්නේ. කරුනාකර ප්‍රවෘතියට කොමෙන්ට්ස් කරන්න. මිනිසුන්ට නිකරුනේ අපහාස කර, පහත් ලෙස සැලකීමෙන් වැළකෙන්න. සමහරුන්ගේ බුද්ධි මට්ටම නම් අන්තිමයි (නදී)

:       0       0

චතුරි . Tuesday, 21 July 2015 12:13 PM

පිළිවෙලට අදහස් දමා තිබෙන 123 මම පක්ෂයි. (ස)

:       0       0

ධම්ම Tuesday, 21 July 2015 12:27 PM

සුමනා ගෝමසුත් නැති එකේ මෙයාට හොඳ ඉල්ලුමක් තියේවි අපේ සිනමාවේ. මගේ සුබ පැතුම්! (බ)

:       0       0

විජයබාහු Tuesday, 21 July 2015 09:02 AM

හපොයි කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න නැ. (ර)

:       0       0

සිරා Tuesday, 21 July 2015 05:45 PM

මෙයා නිළියකට ගන්න බැහැ (ම)

:       0       0

සුරංග Wednesday, 22 July 2015 10:45 AM

ලංකාවේ දෙමව්පියෝ දේශපාලනේ කරනවානම් ළමයි දේශපාලනයට යනවා, දෙමව්පියෝ නළු නිලියෝ නම් ළමයි රංග පාන්න යනවා. (ර)

:       0       0

විමල් Wednesday, 22 July 2015 10:59 AM

හැමෝම ඔහොම තාමා කියාගෙන එන්නේ. (ර)

:       0       0

පහන් Thursday, 23 July 2015 08:24 AM

සුමෝ ක්‍රීඩාව සදහා උත්සහ කරලා බලන්න (බ)

:       0       0

විජයබාහු Friday, 24 July 2015 02:51 PM

ධම්ම කිව්වා දේ හරි. එකට නම් ගැලපෙනවා (අ)

:       0       0

හිරාන් Wednesday, 22 July 2015 12:31 PM

මෙය හොද රගපාන්න නෙමෙයි, (හේ)

:       0       0

කින් බෙනට් Monday, 03 August 2015 05:23 PM

ජයන්ත,ඒ ළමය පොඩි වුණාට කරන්න හදන දේටනේ කට්ටිය අදහස් දාලා තියෙන්නේ.ඔයාට දුවේ අම්මාට නොදෙවෙනි දුර ගමනක් ඒ අංශයෙන්ම යන්න ලැබේවා කියලා පතනවා. මුලින්ම පොඩි පොඩි චිත්‍රපටි වල ලොකු චරිත කරන්න. පස්සේ හොඳට ඒ අංශෙන් පළපුරුද්ද ලැබුනාට පස්සේ පුළුවන් ලොකු ලොකු චිත්‍රපටි වල ලොකුම චරිත කරන්න. (නි)

:       0       0

මෙහොමඩ් Tuesday, 21 July 2015 10:25 AM

ඇමරිකාවේ හිටියට ෆිගර් එක හදාගෙන නැහැ. රගපාන්න ඉස්සෙල්ලා ෆිගර් එක හදාගන්න වෙයි (නදී)

:       0       0

බෙනට් Monday, 03 August 2015 05:35 PM

අම්මයි සුමනා ගෝමසුයි දෙන්න ඇමරිකාවේ පදිංචියට ගියාට පස්සේ දුවේ ඔය චිත්‍රපටි අංශය බලන් ඉද්දි කඩන් වැටුනා. මම එහෙම පිටින්ම ෆිල්ම් බලන එක නැවැත්තුවා. හැබැයි මේ පුවත දැක්කම නිදා සිටි ඒ සිතිවිලි වලට නැවත ජීවයක් ලැබුනා. ඔබට ඉක්මනින්ම මවගේ අත්දැකීම් සහ සුමනා ඇන්ටිගේ ආශිර්වාදය සමගින් මේ අංශයට පැමිණීමට අවස්තාව ලැබෙන තෙක් මා බලා සිටිමි. ඔවුන්ට නොදෙවෙනි අති සාර්ථක නිලි රැජිනක් වෙන ලකුණු ඔබ දෙස බලන විට පෙනේ. පුළුවන් නම් ඔබ එන ගමන්ම මවව සහ සුමනා අැන්ටිවත් එක්කගෙන එන ලෙස ඉල්ලමි. ඔබට සදා ජය සහ අපට දෝරේ ගලා යන සතුට ලැබේවා. (නදී)

:       0       0

සජිව Thursday, 30 July 2015 05:01 AM

ඔබලාට සුබ පැතුම් (ම)

:       0       0

බෙනට් Monday, 03 August 2015 05:36 PM

අවුරුදු 19 ක් ලබනවා කියන්නේ පොඩි ද ජයන්ත. ජයන්තට පොඩියට පෙනුනට අපිට නම් කොහෙවත් පොඩියට පෙනෙන්නේ නැහැ (නදී)

:       0       0

චින්තක Tuesday, 21 July 2015 10:53 AM

ආරි,බොහොම දුකයි ඔයගොල්ලෝ වගේ කට්ටිය ගැන. ඔයෝගොල්ලොන්ගේ ඔය වගේ කුහක සිතුවිලි නිසා තමයි ගොඩක් ලංකාවේ කට්ටිය ගිය රටවල් වලම නවතින්නේ ආයේ ලංකාවට නෑවිත්. (නදී)

:       0       0

අජිත් Thursday, 23 July 2015 08:33 PM

දීප්තිමත් අනාගතයක් නම් උරුම බව පෙනෙනවා (නි)

:       0       0

ජයන්ත Monday, 03 August 2015 04:50 AM

මේ වගේ පොඩි ළමයකුට මේ වගේ කොමෙන්ට් දාන්නේ අැයි (බ)

:       0       0

ජයපාල Tuesday, 21 July 2015 02:38 PM

අම්මගේ වගේම හොද රගපෑමක් බලන්න පුළුවන් වේවි.හොද අඩව්වක් අල්ලන විදියට ඉන්නේ. (අ)

:       0       0

චුල Monday, 03 August 2015 07:50 PM

ලංකාවේ දේශපාලනයයි, නළුකමයි දෙකම ආරෙට යනවා. ඩිලානි විශිෂ්ට නිළියක්. (නි)

:       0       0

තරංගා Friday, 07 August 2015 08:32 AM

ඇමරිකාවෙත් හොදට නටල තියෙන බව නම් පේනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1324 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 541 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 665 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2310 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2246 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 924 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22634 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22570 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site