ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් එක්දින ක්රිකට් තරගවලට සමුදීමට තීරණය කර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
ඔස්ට්රේලියාව සමග රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී ලබන 28 වැනිදා පැවැත්වෙන තෙවැනි එක්දින තරගයෙන් පසු ඔහු සමුගැනීමට නියමිතය.
වයස අවුරුදු 39ක් වන තිලකරත්න ඩිල්ෂාන් 1999 වසරේදී එක්දින වරම් දිනා ගත් අතර 2000 වසරේ නොවැම්බර් මාසයේ ටෙස්ට් වරම් දිනාගෙන වසර 13ක ටෙස්ට් දිවියට ඔහු 2013 වසරේදී සමුදුන්නේය.
මේ වන වට එක්දින තරග 329කට සහභාගී වී සිටින ඩිල්ෂාන් ලකුණු 10248ක් ලබාගෙන ඇත. ඊට ශතක 22ක් හා අර්ධ ශතක 47ක් ඇතුළත්වේ. පන්දු යවන්නකු ලෙසද දස්කම් දක්වන ඩිල්ෂාන් එක්දින කඩුලු 106කට හිමිකම් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුබපැතුම් ඔබට! (නි)
මේවගේ ලංකාව වෙනුවෙන් කණ්ඩායම දිනවපු ක්රීඩකයෝ ඉන්නේ ජයසූරිය අරවින්ද පමණි දිල් ඔබ කළ දේ ඉතා විශිෂ්ට අතර ඔබ නැති අඩුව කණ්ඩායමට තදින් දැනෙයි ඔබට සුබ අනාගතයක් තෙරුවන් සරණයි (බ)
මේක තමයි හරිම වේලාව ඉවත් කරන්න පෙර ඔබේ තීරණය ගන්න. ඔබ රටට ලොකු සේවයක් කළා. සුබ ගමන් ඩිලි (බ)
මීට කලින්නේ යන්න තිබුනේ. ක්රිකට් කමිටුවෙන් අයින් කරන්න කලින් යන එක ඇඟට ගුණයි. විශ්ව ප්රනාන්දු වගේ අයට දැන්වත් තැන දෙන්න ඕන. (බ)
දිල්ෂාන් කියන්නේ අපේ රටේ ක්රිකට් වලට ලොකු මෙහෙවරක් කල කෙනෙක්.ඔහු විශ්රාම ගියත් සදා අමරණීයයි.ඒ "ඩිල්ස්කුප්"පහර නිසා.(හේ)
ඩිල්ෂාන් කොච්චර තරඟ දිනවලා තියෙනවද? ඔහුට අපි ණයගැතියි (නි)
ඔබට ජයවේවා! (නි)
ඩිල්ෂාන් රට වෙනුවෙන් ලොකු සේවයක් කළා. හරි වෙලාවට සමුගන්න එකත් ඉතාම වැදගත්. (නි)
මේක මීට කලින් කරන්න තිබුන දෙයක් ලෙසයි දකින්නේ. මොනවා වුණත් කළ සේවයට අපේ උපහාරය! (නි)
දකුණු අප්රිකාවේදී ඔවුන්ව පරාජය කලේ ඩිල් පමණි. නමුත් තරුණ ඉන්ට තැන දෙන එක ගැන සතුටු වෙමි. ඔබට ජයශ්රී.(ම)
ඩිල්ස්කූප් පහර ක්රිකට්වලට හදුන්වා දුන් ඔබට සුබ පැතුම් (බ)