IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ණයෙන් ඇද වැටෙයි:යළි අත්වැලක් පතයි

තම ප්ලාස්ටික් කර්මාන්තය වැඩි දියුණු කැර ගැනීමට ණයක් ගැනීමට ගොස්  කඩවත,මහර නුගේගොඩ පී.එච්.කේ.ඞී බන්දුවර්ධන මහතාගේ ව්‍යාපාරය කඩා වැටුණේය. කලක් රටටම තම දස්කම් පෙන්වූ ඔහු දැන් සිටින්නේ නැගිටින්නට අවැසි පිළිසරණක් නැතිවය.

බන්දුවර්ධන මහතා ප්ලාස්ටික් නිර්මාණ හා ප‍්‍රතිචක‍්‍රීකරණ කර්මාන්තශාලාවක හිටපු හිමිකරුවෙකි.තමන්ගේම කියා කර්මාන්තශාලාවක් උරුම කර ගැනීමට විඳි දුක මෙතෙකැයි කියා කිව නොහැකි තරම් යැයි ඔහු කියන්නේය.

‘‘රුපියල් 300 කින් මම මගේ ගමන පටන් ගත්තේ.ප්ලාස්ටික් නිෂ්පාදන ගැන මගේ තිබුණේ පුදුම ඇල්මක්.ඒ ඇල්ම නිසාම පොත පතේ දැනුම නැති වුනත් දන්න කියන හැටියට වැරදි වැරදි මම ශිල්පය ඉගෙන ගත්තා.

මම වැඩ පටන් ගත්තේ 70 දශකයේදී මුලින්ම මම හැදුවේ ඒකාලයේ තිබ්බ ලොකු හෝර්ලික්ස් බෝතල්වලට ගැලපෙන මුඩි.ඉවතලන ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රකරණය කරලා තමයි ඒවා හැදුවේ.ඒවා හදන්න යොදාගත් යන්ත‍්‍රය මමම නිපදවූ එකක්‘‘ ඔහු පවසන්නේය.

ඔහුගේ ප්ලාස්ටික් මුඩි වෙළදාම ජයටම සිදු විය.එයින් ලද පන්නරය තවත් ක්ෂේත‍්‍ර වල අත්හදා බැලීම් කිරීමට ඔහුට මං පෑදීය.

‘‘ඊට පස්සේ පිඟන්,කෝප්ප,බේසම් ආදී දේවල් මම හදන්න ගත්තා.ඒවාට වුවමනා යන්ත‍්‍ර සූත‍්‍ර මමම මැදිහත් වී  පිටරටවලින් ගෙන්වා ගත්තා.ඒවා කි‍්‍රයාකරවන්නේ කොහොමද ආදී සියලූ දේ මම ඉගෙන ගත්තේ තනියෙන්මයි.මේ වගේ භාණ්ඩ හදද්දී ඉතින් ලාභය කියලා ඉවත ලන ප්ලාස්ටික් පාවිච්චි කරන්න මම කැමති වුණේ නැහැ.මොකද ඒවා මිනිස්සු දිනපතා භාවිතා කරන ඒවානේ.ඉතින් වුවමනා පිරිසිදු අමුද්‍රව්‍යයත් මම වෙනම මුදලක් වියදම් කරලා මිලදී ගත්තා‘‘ ඔහු එසේ අතීතය සිහිපත් කරන්නේය.ඔහු එතනින්ද නතර නොවුණේය.

‘‘මේ යන්ත‍්‍ර ටික එකතැනකට ගෙනල්ලා මම මගේම කියලා පොඩි කර්මාන්තශාලාවක් පටන් ගත්තා.මුලින්ම වැඩට හිටියේ මගේ සහෝදරයින් දෙන්නා.අපි තවත් නිමැවුම් හැදුවා ප්ලාස්ටික් වලින්.පස්සේ ප්ලාස්ටික් බෝල නිපදවීමටත් අත ගැහුවා.ඒකට අවශ්‍ය වුණු යන්ත‍්‍රය නිපදවූයේත් අපිමයි.‘

මෙසේ ඔහු ගම්පහ දොරණාගොඩ තම කර්මාන්තශාලාව පිහිටවූවේය.

එදවස බන්ධුවර්ධන මහතාගේ නිමැවුම් වලට ලංකාව පුරාම ඉහළ ඉල්ලූමක් තිබී ඇත.

‘‘අපි සමහර දවස් වලට එළිවෙනකන්ම වැඩ.කොහොම හරි ඉල්ලන ප‍්‍රමාණයට භාණ්ඩ හදලා දෙනවා.ඒවා වෙළදසල්,ගබඩා වලට ගෙනිහින් දාන්න මමත් යනවා ලංකාව පුරාම.උතුරු පැත්තෙන් තමයි භාණ්ඩ වලට හොද ඉල්ලූමක් තිබුණේ.මේ කාලය වෙනකොට අපි ඉදිආප්ප තට්ටු මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරමින් හිටියේ.ඒවාට තමයි වැඩිම ඉල්ලූමක් තිබුණේ‘‘ ඔහු කියන්නේය.

සියල්ල හොදින් සිදුවෙමින් තිබියදී 80 දශකයේ කලබලත්,එයින් පසුව ඇරඹුණු සිවිල් යුද්ධයත් බන්ධුවර්ධන මහතාගේ ව්‍යාපාරයට එල්ල කළේ දැඩි පහරකි.

‘‘ඒ පැත්තෙන් ලැබුණු ඇණවුම් නැති වෙලාම වගේ ගියා.අපි සෑහෙන්න වැටුණා.නමුත් කොහොම හරි නැගිටගන්නත් පුළුවන් වුණා.මේ කාලය වෙනකොට අපි ප්ලාස්ටික් නිශ්පාදන වලට අමතරව නයිලෝන් නිශ්පාදන වලටත් අතගහලා තිබුණේ.නයිලෝන් වලින් හැදු  දැති රෝද එහෙම අපි කාබුල් ලංකා වැනි සමාගම් වලට සැපයූවා‘‘ ඔහු පවසන්නේය.

විවෘත ආර්ථිකයේ ප‍්‍රතිඵලක් ලෙස ඇතිවුණු මහා පරිමාණ ප්ලාස්ටික් නිශ්පාදන සමාගම් හා කරට කර තරගයක් දීමටත් බන්ධුවර්ධන මහතාගේ කුඩා කර්මාන්තශාලාව සමත් වූවකි.ඔහු පවසන ආකාරයට එවන් එක් කර්මාන්තශාලාවක හිමිකරුවෙකු ඔහු හා කෝන්තරයක්ද ගොඩනගාගෙන තිබී ඇත.

නැගෙමින් තිබූ බන්ධුවර්ධන මහතාගේ ව්‍යාපාරය සිතාගැනීමටත් නොහැකි පරිදි කඩාවැටීම ඇරඹුණේ 2006 වසරේදීය.

‘‘ඔක්කොම පටන් ගත්තේ මම කර්මාන්තශාලාව පිහිටි ඉඩම උගසට තබා රුපියල්  ලක්ෂ 10 ක්  ගන්න සැළසුම් කළාට පස්සේ.කර්මාන්තශාලාවේ වැඩකටයුතු වලට අලූත් මුහුණුවරක් දෙන්න මට  ඕනෑ වුණා.

මුල්‍ය සමාගමකුත් සම්බන්ධ කරගෙන මට මුදල් දෙන්න පොරොන්දු වුණා.ඒත් පොරොන්දු වුණු ලක්ෂ 10 න් මගේ අතට ලැබුණේ ලක්ෂ 2 හමාරක් වගේ මුදලක්.ඒක මගේ වැඩවලට මදි වුණා.

කමක් නැහැ කියලා ඒකෙන් අලූත් අමුද්‍රව්‍ය අරන් කර්මාන්තශාලාව පටන්ගෙන කරගෙන ගියා. නමුත් සිතාගෙන සිටි විදිහට නවීකරණ කටයුතු කරගන්න බැරිවුණ නිසා ඒවා නාස්ති වුණා.මේ අතරෙදී අර සමාගමෙන් මට ලිපි එන්න ගත්තා ණය ගෙවන්නය කියලා.‘‘ ඔහු විස්තර කරන්නේය.

නොමැඩුණු හේ තම කර්මාන්තය සම්බන්ධයෙන් ව්‍යාපෘති වාර්තාවක් සැකසීය.එය පෙන්වමින් බැංකුවෙන් බැංකුවට යාමට පටන්ගත්තේය.තම කර්මාන්තයට අනාගතයක් තිබෙන බවත් අවශ්‍ය වන්නේ මූල්‍යමය තල්ලූවක් බවත් හඩගා කීමට ඔහුට අවැසි විය.

‘‘සමහර අය කෙලින්ම ප‍්‍රතික්ෂේප කළා.සමහරු අනුකම්පා කළා.ජාතික සංවර්ධන බැංකුවේ මහත්වරුන් නම් ඉතා උනන්දුවෙන් මගේ ව්‍යාපෘති වාර්තාව අධ්‍යනය කළා.ඔවුන් එවලේම ලෑස්ති වුනා මට ණයක් ලබා දෙන්න.නමුත් ඉඩමේ ඔප්පුව තවත් සමාගමක ඇපයට තියලා කියලා දැනගත්තහම ඔවුනුත් අදිමදි කරන්න ගත්තා.ඔවුන් කිව්වේ ඔප්පුව බේරගෙන එන්න.එතකොට අපි උදවු කරන්නම් කියලා.‘‘

මේ කටයුතු නිසා කර්මාන්තශාලාවේ වැඩකටයුතුද අඩාළ විය.අමුද්‍රව්‍ය ලබාගැනීමට මුදල් නොමැතිකමින් කර්මාන්තශාලාව වසා දැමිමට බන්දුවර්ධන මහතාට සිදුවිය.

වරක් සශී‍්‍රකව තිබෙන්ට ඇතැයි ලකුණු ඇති මේ කර්මාන්තශාලාවේ වර්තමාන තත්ත්වය දුක්මුසුය.අක්‍රියව සිටියද යන්ත‍්‍ර වැඩ කිරීමට තමන්ට තවමත් හැකි බව නිහඩව කියාපාන්නා සේය.

‘‘මට දැන්  ඕනෑ මේ ඔප්පුව බේරා ගන්න.ඒක තියලා ගත්තු ණයට දැන් පොලී එකතු වෙලා ලක්ෂ 7 ක් පමණ වෙලා ඒක කරගත්තොත් මට නැවත ණයක් අරගෙන කර්මාන්තශාලාව පටන් ගන්න පුළුවන්.මුකුත්ම බැරි වුනොත් මම ඉන්නේ මේ සියල්ල විකුණලා දාලා ණය බේරා වෙන තැනක අලූතින් පටන් ගන්න.මගේ ලේ දහඩිය වැයකර ගත්ත මේ යන්ත‍්‍ර සූත‍්‍ර මට මගේ දරුවෝ වගේ.ඒවා විකුණන්න මට අමාරුයි.‘‘ එම යන්ත‍්‍රයන් අතගාමින් ඔහු දුක්මුසුව පවසන්නේය.

මේ දිරිය මිනිසා කර්මාන්තශාලාව පටන් ගැනීමට යන්නේද දැක්මක් ඇතිවය.

‘‘කර්මාන්තශාලාව පටන් ගත්තොත් මම හිතන් ඉන්නේ සපත්තු අඩි නිෂ්පාදනය කරන්න.ඒවාට හොද වෙළදපොළක් දැන් ලංකාවේ තිබෙනවා.අනෙක මම දැන් වයසයි.මම කැමතියි මේ කර්මාන්තශාලාව විකුණන්නේ නැතිව වැඩ කරගෙන යන්න පුළුවන් තරුණයින් කිහිපදෙනෙකු ලවා හරි දිගටම කරවාගෙන යන්න.

ඒ වගේ කිහිප දෙනෙකුම මට මේ වෙනකොටත් හම්බවෙලා තිබෙනවා.එගොල්ලොත් කියන්නේ මහත්තයා  ඕක කොහොමහරි පටන්ගන්න,අපි එනවා වැඩකරන්න කියලා.‘‘  අනාගතය ගැන සුභ සිහින දකින ඔහුගේ දෑස දිලේ.

‘‘මුළු කර්මාන්තශාලාවම එකසැරේ පටන් ගන්න අදහසක් දැනට මට නැහැ.කොටසක් වගේ පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.ඒක කරන්නත් මුදල් අවශ්‍යයි.මොකද ලාභ ලැබෙනකන් විදුලි බිල්,සේවකයින්ගේ පඩි නඩි,අමුද්‍රව්‍ය වලට වගේ දේවල් වලට මුදල් වැය කරන්න වෙනවානේ‘‘ බන්දුවර්ධන මහතා කියන්නේය.

කෙසේ හෝ අටවාගත් යමක් නිපදවා ලාභ ලැබීමට තමන්ට වුවමනා තරම් අවස්ථා ව්‍යාපාරය කඩා වැටුණු දා සිටම තමන්ට තිබුණේ යැයි බන්දුවර්ධන මහතා කියන්නේය.

‘‘වෛද්‍යවරයකු මගේ වැඩ ගැනයි කර්මාන්තශාලාව ගැනයි පැහැදිලා වරක් කිව්වා අපි සිරින්ජ නිශ්පාදනය කරමුයි කියලා.හොද ඉල්ලූමක් තිබෙන ක්ෂේත‍්‍රයක්.මම කැමති වුනේ නැහැ.සිරින්ජ හදන්න  ඕනේ හොද පිරිසිදු තැනක සුදුසු යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කරලා.මගේ වගේ කර්මාන්තශාලාවක් ඒ වගේ දේකට ගැලපෙන්නේ නැහැ.මම ඒක තේරුම් කර දුන්නට පස්සේ ඒ මහත්තයත් ඒක තේරුම් ගත්තා.‘‘ ඔහු පවසන්නේය.

ණය බරත් සමග ඔහුට පවුලේ බර දරන්නද සිදුව ඇත්තේය.බන්දුවර්ධන මහතා දුවණියන් තිදෙනෙකුගේ පියෙකි.ඔහුගේ වැඩිමල් දුවණිය රාගම පුනරුත්ථාපන රෝහලේ වෘත්තීය පුහුණු අංශයේ පුහුණුව ලබන්නීය.මද්දුමයා ඇදුම් නිර්මානය පිළිඹද ඩිප්ලෝමාවක් හදාරන්නීය.බඩපිස්සිය තවමත් පාසල් යන්නීය.

‘‘කවුරුහරි මැදිහත් වෙලා මට මේ ණය බර නිදහස් කරලා දෙනවානම්.ලොකු උදවුවක් ඇත්තටම.මම නැවත වැඩ පටන් ගන්න ලෑස්තියි.දැනුත් ඒ කාලයේ මගෙන් බඩු ගත්තු අය අහනවා බන්දුවර්ධන මහත්තයා වැඩ පටන්ගන්නේ නැද්ද කියලා.හොද ඉල්ලූමක් තවමත් තියෙනවා මට. කාගේ හරි අතහිත  ඕනෑ දැන්.තනිවම කරන්න පුලූවන් ඔක්කොම කරලා,යන්න පුළුවන් සියළුම පුද්ගලයින් ගියා ඔහු පවසන්නේ ආයාචනාත්මකවය.

ඇමතීමට කැමති අයෙක් වෙතොත් ඔහුගේ දුරකථන අංකය - 0712435722

 



අදහස් (0)

ණයෙන් ඇද වැටෙයි:යළි අත්වැලක් පතයි

නිශාන් Friday, 04 April 2014 04:57 AM

දහ දෙනෙක් එකතු වෙලා ලක්ෂය ලක්ෂය දාලා වැඩේ පටන් අරගෙන, පසුව ලාබය බෙදා ගත්තොත් නරකද? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 04 April 2014 06:32 AM

සමගිය බලය වේ කියනවනේ.හැමෝම එකතු වුණොත් ඔහුට අත්වැලක් වෙන්න බැරිවෙන එකක් නැහැ. (නි)

:       0       0

ග්‍රාම්‍යා Friday, 04 April 2014 07:38 AM

මේ මහත්තයාගේ ටෙලිෙපා්න් අංකය තියෙනවා උදව් කරන්න කැමති අය මෙතන පම්පෝරි ගහන්නේ නැතුව කතා කලානම් ඉවරයි.(නදී)

:       0       0

සේරම් Friday, 04 April 2014 08:36 AM

සල්ලි තියෙනවනම් යොදවල ලංකාවේ කරන්න හොඳම ව්‍යාපාරය දේශපාලනය.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 04 April 2014 09:34 AM

බොහෝ සිංහල කර්මාන්තකරුවන් හැගීම් සහ ව්‍යාපාර පටලවාගෙන තම හැකියාවන් මොට කර ගන්නවා. බොහොම හොඳ ගෘහ නිර්මාණ කරන අය ඉන්නවා නමුත් එම නිපැයුම් මේ අපේ බැංකු ක්‍රමය අනුව සලකා බලන්නේ නැහැ. ඒ අයට ඕනේ කොහොම හරි දැනගැන කපා ගන්න විතරක්. තව කාරණයක් තමා තරගකාරී නිෂ්පාදන ක්‍රමයට ලැස්ති නැති වීම. අපේ රටේ කවුරු හරි දෙයක් පටන් ගත්තොත් ඒක පරද්දවන්න තව දහයක් පොර කනවා. අවසානයේ එකොලොස්දෙනාම වැටෙනවා. මෙතන තියෙන්නේ බොහොම පැරණි නිෂ්පාදන. මේවා අද කාලයට හදල හරි ලාබයක් ගන්න පුළුවන් දේවල් නෙමේ. විවෘර්ත ආර්ථිකය සහ අපේ වෙළඳ ගිවිසුම් එක්ක බලනකොට මේවා පිට රට මීට වඩා ලාබයට ගන්න පුළුවන්. කවුරු හරි ලාංකික වයාපාරයක් ගැන හිතනවානම් දේශීය දෙයක් ගැන හිතන්න. ප්ලාස්ටික් දේවල් දේශීය නෙමේ. අපේ දේ හරියට කරන්න එතකොට මුළු ලෝකයම උනත් අල්ලන්න පුළුවන්. මම ව්‍යාපාර උපදේශනය කලා. අපේ බැංකු ඔක්කොම අපිට වැඩ කරන අය නෙමේ. ඒ අයට ලේ බලින් හරි ගෙවනවා නම් සතුටු වේවි. හැගීම් නැහැ.(නදී)

:       0       0

ගාමිණි Thursday, 03 April 2014 05:39 PM

මම කැමතියි උදව් කරන්න (නි)

:       0       0

සුලාරි Thursday, 03 April 2014 06:09 PM

පවු. මෙවැනි පුද්ගලයින් තව කොතෙකුත් ඇද්ද? (නි)

:       0       0

එම්.ඒ. සම්පත් Thursday, 03 April 2014 06:09 PM

මමත් කැමතියි උදවු කරන්න (නි)

:       0       0

වසන්ත Thursday, 03 April 2014 06:15 PM

ලංකාවේ නිෂ්පාදන ව්‍යාපාර කරන්න අමාරුයි. ඔය සල්ලි වියදම් කරන දේශපාලන මහත්වරුන්ට බැරිද මොහුට පිළිසරණක් වන්න? (නි)

:       0       0

රජින්ද Thursday, 03 April 2014 06:18 PM

මෙතුමා වගේම තවත් දේශීය නිෂ්පාදකයින් නැත්තටම නැතිවෙලා ගියා චීනෙයි, ඉන්දියාවෙයි කුණු මෙහෙ විකුණන්න ගෙනා පසුව. (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 03 April 2014 06:29 PM

ඔන්න කරනවා නම් පින්. කිහිප දෙනෙකුට රැකියාත් ලැබෙනවා (නි)

:       0       0

සමන් Friday, 04 April 2014 01:21 PM

මෙයා ඇත්තටම පව් උදව් කරමු (දිල්)

:       0       0

කුමාර Thursday, 03 April 2014 07:33 PM

උදවු කරනවා නම් මෙන්න නියම සුදුස්සන් (නි)

:       0       0

දීපා Friday, 04 April 2014 01:31 PM

උදවු කරන්න මමත් කැමතියි. ඉදිරියට මම ඒක කරනවා. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Thursday, 03 April 2014 08:14 PM

රජින්දගේ කතාව තමයි මට කියන්න තියෙන්නෙත්. (නි)

:       0       0

සත්‍යපාල Friday, 04 April 2014 02:54 PM

ඔහුගේ උත්සාහය ගැන ඉතා ඉහළින් අගය කරන අතර පිඟන්,කෝප්ප,බේසම්, ඉදිආප්ප තට්ටු සහ ළමයින් අතපත ගාන සෙල්ලම් බඩු සැදිය යුත්තේ ඉහළ ප්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් වලින් වුවද එවැන්නක ලකුණු නොපෙනේ. ඒ ගැන බොහෝ කණගාටු වෙමි. කඩුව රත්තරන් වුවත් බෙල්ල කපන්නට ඉඩ දිය යුතු නැත. කළයුත්තේ මේ පිළිබඳව නිසි ප්‍රමිතිය ඔහුට ලබාදී ඔහුට අතහිත දීමයි. (නි)

:       0       0

සරත් Thursday, 03 April 2014 10:12 PM

මමත් කැමතියි ආධාරයක් දෙන්න. බැංකු ගිණුම් ගැන විස්තර පළ කරන්න (නි)

:       0       0

සරත් Thursday, 03 April 2014 10:17 PM

ස්වෝත්සාහයෙන් ගොඩයන්න බලන කෙනෙක්.ඔහුට ඇති හැකි අය උදවු කළ යුතුයි.එක උදවුවකින් ජීවිතය හොඳ අතට හරවා ගන්න පුළුවන් මිනිසෙක් වගේ මේ.කෑම කන්න දුන්නට ඵලක් නැහැ,කෑම හොයාගෙන කන්න අවශ්‍ය වටපිටාව සකස්කරලා දෙන්න තමයි අවැසි (නි)

:       0       0

දීපාල්-නාපොලි නගරයේ සිට Friday, 04 April 2014 01:12 AM

මම කැමතියි උදවු කරන්න. මම පුංචි දෙයක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්. ඔබට ජය! (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 04 April 2014 02:50 AM

ලංකාවේ සමහර බැංකු කියන්නේ ලේ උරා බොන සර්පයෝ වැනිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 376 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2703 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2013 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 211 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1217 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1326 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26956 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site