නුවර එළියේ සිට බසයකින් එවූ ‘තේ කොළ‘ පර්සලයක් ගැනීමට ඇල්පිටියට ගිය අහංගම පුද්ගලයෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇල්පිටිය ලංගම ඩිපෝවට අයත් බසය නුවරඑළියේ සිට එන ගමන් අහංගම පුද්ගලයකුට එම පාර්සලය භාර දීමට නියමිතව තිබිණි.
පාර්සලය නොලැබුණු නිසි එම පුද්ගලයා ත්‍රිරෝද රියකින් ඇල්පිටියට ගියේය.
ඔහුගේ හදිසිය ගැන සැක සිතූ ඩිපෝව පොලිසිය ද කැඳවීය. පොලිසිය ඉදිරිපිට පාර්සලය විවෘත කළේය. වල්ලපට්ටා තොගයක් පාර්සලයේ විය.
සැකකරු ඇල්පිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවා නේද අපේ අයියලාගේ වැඩ? (නි)
පාර්සලය එවූ කෙනයි, ගන්න ගිය එක්කෙනයි දෙන්නම කෝටුමස් කරන්න වටිනවා. (නි)
ඕකනේ කියන්නේ ඉක්මන් කොටයි කියලා.දැන් යමුකෝ උසාවි ගානේ. (නි)
දෑන් කෙරෙන තරමක් හොර ජාවාරම් සිදුවෙන්නේ.. පොදු ප්‍රවාහන තුලයි.උදේ 10න් පසු කොටුගොඩින් ,දඩුගමින් , ඒකලින් කසිප්පු ස්පිරීත්තු කොළඹ ඉගුරුකඩේ හංදියට යන්නේ මේ වගේ ම පොදු ප්‍රවාහන සේවාවන් ඔස්සේ. ...පාලම් උඩ නිදිකිරා වෑටෙන පොලීසියේ මහතුනී...මට දුක මම ඈසින් පෙන්නලත් නොතේරුණ එකටයි.(ස)
එහෙනම් ඒකයි හොරේ.... (නි)
ඇස් දෙකෙන් පෙන්නලා වැඩක් නැහැ. ඇස් මොණර තිමිරයෙන් වැහිලා.(නදී).