කුරාම් ෂෙයික් අන්තර් ජාතික රතුකුරුස නියෝජිතයා ඝාතනය කිරීමේ හා ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්කිකාර රයන් අකලංක පැමිණිල්ලට අවාසි සහගත සාක්කිකරුවකු සේ සලකා පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත මුදලිගේ මහතා ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේය.
උසාවියට අපහාස කිරීමේ චෝදනා මත ඔහුට එරෙහිව ක්‍රියා කරන බව ද මුදලිගේ මහතා මහාධිකරණයට පැවසීය.
තංගල්ල පොළොන්මරුවේ විතාරණ රයන් අකලංක පොලිසියට, රහස් පොලිසියට හා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කළ ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් කරුණු මහාධිකරණ සාක්ෂියේ දී පවසතියි නීතීඥවරයා කීවේය.
උසාවි අවසරයෙන් ඔහු සාක්කිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේය.
මෙම නඩුවේ සැකකරුවන් වනුයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු පිරිසකි.
තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවේ 2011 දෙසැම්බර 29 වැනි දා ඔහු පවසා ඇත්තේ ප්‍රාදේශීය සභාපති විදානපතිරණ එම ප්‍රහාරයට අයත් කණ්ඩායමේ සිටි බවයි.
එහෙත් මහාධිකරණයේ දී කීවේ වෙනත් කතාවකි.
නත්තල් දා තංගල්ල නේචර් රිසෝට් හෝටලයේ දී තමාට පහර දුන් පිරිස අතර විදානපතිරණ සිටි බව මහේස්ත්‍රාත්වරයාට පවසා ඇති සාක්කිකරු මහාධිකරණයේ දී පැවසුවේ තමාට පහර දුන්නේ කවුදැයි නොදන්නා බවයි.
තමාට පහර දෙද්දී හිස ආරක්ෂා කර ගැනීම සඳහා තමා දෑතින්ම හිස වසාගෙන සිටි බව ඔහු කීවේය.
තමාට පොලුවලින් හා ටී පනස් හය අවියකින් පහර දුන් බව ඔහු කීවේය.
විදේශිකයකු තමා බේරා ගැනීමට උත්සාහ කළ බවත්, තමා මුහුදු පෙදෙසට දුව ගොස් බේරුණු බවත්, ප්‍රහාරකයන් කවුදැයි නොදන්නා බවත් පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අකලංක කීවේය.
තමාට පහර දුන් පිරිස අතර ප්‍රාදේශීය සභාපති සිටින බව දැනගත්තේ තම මිතුරකුගෙන් බව ද ඔහු පැවසීය.
ප්‍රාදේශීය සභාපතිගේ ලේකම් (පස් වැනි සැකකරු) එම් සරත් හෙවත් සහන් තමාගේ මිතුරකු බවත්, සහන් තමාට පහර නුදුන් බවත් සාක්කිකරු කීවේය.
ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හා ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ ආර් ද සිල්වා මහත්වරුන් ද සාක්කිකරුගෙන් ප්‍රශ්න කළහ.
වැඩිදුර විභාගය 31 වැනි දාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනීමැරුම කළේ සෙල්ලම් පිස්තෝලයකින් වෙන්න බැරිද?? "මොකද මට මතක නැහැ ". (ස)
අපී රටේ ගොඩක් අයට දැන් හෘද සාක්ෂිය කියන එක නැහැ . මොන දෑ කලත් හෙට ලස්සනට පාර බැහැල හිනාවෙලා යනවා ඉස්සරටත් වැඩිය හොදට . (දී)
ටෙනිසන්, ඔබේ අදහස ඉතා වැදගත්. මට තියෙන ප්‍රශ්නය ඔය උගත් සමාජය කොහෙද තියෙන්නේ. ලංකාවේ එහෙම නොවෙයි නේද? (ස)
රජිවි ඔයාකියන විදිහට රජිවි ගාන්ධිගේ නඩුවත් තවම විසදිලා නෑ ඉතින් මේ නඩුව විසදයිද (දී)
මම කියන්නේ කොහොම හරි ඉක්මනින් මේ නඩුව විසදන්න කියන එකයි (දී)
කොහෙන් නිදහස් වුණත් තම හෘද සාක්ෂියෙන් නම්, ගැලවීමක් නැහැ. (දී)
සාක්ෂි පරස්පරයි කියලා නඩුව වීසිවෙයිද? (දී)
ටෙනිසන් මහත්මයා, ගොඩක් වටිනවා ඔබේ අදහස. හැබැයි අර ඝාතනය වුණ මනුස්සයා නම් මැරුනේ එක වතාවයි. ඒත් මේ වගේ හෘද සාක්ෂියක් නැතිවුන් දවස ගානේ මැරී මැරී උපදිනවා. කොහෙන් නිදහස් වුණත් තම හෘද සාක්ෂියෙන් නම්, ගැලවීමක් නැහැ. (ස)
වරදක් කළා මුළු ලෝකෙම දන්නවා, තියෙද්දිත් තවත් බලපෑම් කරනවා , ඔහොම කරන්න්නේ කොහොමද (දී)
ප්‍රමාණවත් සාක්ෂි නාමැති නිසා සියලුෙ දෙනාම නිදහස් ? (දී)
චන්දිමා ඔබ හරි. (ස)
උසාවියට අපහාස කිරීම නීතියට අපහාස කළා වැනිය එයද බරපතල වරදකි (දී)
ජාත්‍යන්තරය හමුවේ ලංකා නාමය විනාශ වෙන වැඩ කරන්න හදන්න එපා (දී)
ටෙනිසන් කියන කතාවම තමයි මමත් කියන්නේ. (ස)
මට මතක නෑ කියයිද? (ත)
නඩුවෙන් සභාපති උතුමෝ නිදහස් වේවි?ඒ ගැන දෙකක් නැහැ. (ස)
මිනි මැරුවත් ලංකාවේ මිනිස්සුන්ව අපි ආරක්ෂා කොරන්න ඕනේ. මේ සිංහල අප ගේ රටයි. (ස)
ඉස්සර කිව්වේ "මට මතක නැහැ" කියලා. දැන් අලුත් ම එක තමයි "මම දැක්කේ නැහැ". (ස)
යුක්තිය සෙවීම කොයි තරම් දුෂ්කරද . නීතිය මීට වඩා සරල විය යුතු නොවේද . (ස)
ඇත්ත කෙටියෙන් ලියු ටෙනිසන්ට මගේ ප්‍රණාමය. (ස)
තමන්ගේ ජීවිතය රැකදීමට ජීවිතය පුජා කල මිනිහට විරුද්දව බොරු සාක්ෂි දෙන මුන්ට දඩුවම් කල යුත්තේ උසාවිය නොවෙයි මේ උගත් සමාජය.රටටම ලැජ්ජාවක්. (ස)
මෙයා නිසා ඒ කොල්ල මරුනේ, මේ වගේ අයට මොනවා වෙලත් මදි (දී)
මේක සෙල්ලම් ටි56 ක් මෙයාලට විහුළුවක් වත් කරන්න බැ උසාවි යනවනේ. (දී)
මම මොකුත් කියන්නේ නැහැ මම හරි බයයි (දී)
වැරදි දෙකයි (දී)
ලංකාවේ නඩු වලට එන සාක්කි කරුවන් මුදල් වලට බොරු සාක්කි දෙන එක ඉස්සර ඉඳන් පැවතෙන දෙයක් . එමෙන්ම නීතීඥවරයාට පුළුවන් හරස් ප්‍රසන වලින් සිදුවූ සැබෑ දෙය බොරු කරන්නත් . (දී)
මේ නඩුවේ තීන්දුව ජාත්‍යන්තරයත් බලා ගෙනයි ඉන්නේ.(ත)
සාක්ෂි පරස්පරයි කියලා නඩුව වීසිවෙයිද? (නි)