වසීම් තාජුඩීන්ගේ ඝාතනය හා සම්බන්ධ සීසීටීවී කැමරා දර්ශන ඇතුලත් සංයුක්ත තැටි 10 ක් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා රසායනාගාරයකට යැවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද රහස් පොලිසියට අවසර දුන්නේය. මෙතෙක් අධිකරණය බාරයේ තිබූ තැටි රැගෙන රහස් පොලිසිය ලබන 22 වැනි දා කැනඩාව බලා යන බව ද පොලිසිය අධීකරණයට දැනුම් දුන්නේය.
එම රසායනාගාරයේ වාර්තාව රහස් පොලිසිය අධීකරණයට ඉදිරිපත් කරනු ඇත.
එසේම හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමෙන් පොලිස්පති ඇතුළු බලධාරීන් වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
වසීම් තාජුඞීන් ගේ මරණය සම්බනධයෙන් මෙතෙක් සිදු කළ මූලික විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිට, රහස් පොලිස් අධ්‍යක්ෂකවරයාට හා අදාළ නිලධාරීන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලයි.
වසීම් තාජුඞීන් සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය 2012 ජූලි මාසයේ පැවැත් වූ බවත් 2013 ජූනි මාසයේ 03 වැනිදා තම ධූරයෙන් විශ‍්‍රාම ලැබු බවත්, ඉන් පසුව මෘත ශරීර ගබඩා කර තිබූ ස්ථාන හෝ අධිශීතකරණ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තකට තමා සම්බන්ධ නොවූ බවත් කියා සිටින පෙත්සම්කරු එම මෘත ශරීර කොටස් කිහිපයක් අස්ථානගතවී ඇති බව පසුව දැනගත් බව ද කීය. ඒ සම්බන්ධයෙන් තමාට චෝදනා කරනුයේ තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් හෝ අවදානමක් ඇති නිසා බවද එය එසේ සිදු වුවහොත් එමඟින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ද පෙත්සම්කරු කියා සීටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි දිලීප් මේ අපරාදෙට ඔයාගේ මැදමුලන වීරයෝ අහුවෙයි කියල බයද? (අ)
ඔය අපරාධය කළ මිනිසුන්ට තව පටිසන් දෙන්න පටන්ගත්තා විතරයි. මිනිමරපු අය මේ ලෝකෙදීම විඳවලා තමයි මැරෙන්නේ. ආයේ ඒකෙ දෙකක් නැහැ. (නි)
මම නම් කියන්නේ කරවූ අය නිදහස් වෙනවා. ගෝලයෝ ටික එල්ලුම් ගස් යනවා. මොකද මේක ශ්‍රී ලංකාව (නි)
අපරාධයට නිසි දඩුවම් දීමේදී. එය කල පුද්ගලයා මත වෙනස් නොවිය යුතුයි. එය පක්ෂ පාට ජාති භේද වලට ලගු කොට තකන්න එපා.අද වන අපරාධ මෙන්ම ඊයේ වූ අපරාධද සොයා බැලිය යුතුයි. ඒ මතු හෙට දින එවැනි අපරාධ වලට මහජනයා යොමු නොවන්නට තරම් බියක් ඇති වන්නටය. අපරාධයක ආදීනව ඉස්මතුකරලන්නය. එමගින් අපරාධ රැල්ල අඩු කරවන්නටය.(රේ)
අපරාධ කල අය සොයල අඩුවම් දෙන එක හොඳ දෙයක් නේ. ඕනෙම අපරාධයක් ගැන සොයන්න එපා කියන්නේ අපරාධකරුවන්ට මුදලට හෝ වෙනත් හේතුවක් නිසා සහය දක්වන අය විය හැකියි.(රේ)
කැනඩාවට වඩා ගොඩක් දක්ෂ විශේෂක්ඥයෝ ඉන්නේ එංගලන්තේ චැනල්-4 ආයතනේ, එකටනේ ඔයටික යවන්න තිබුනේ. (රේ)
ආයෙත් මාකටින් පටන් අරන් වගේ. තව අවුරුදු කීයකට තජුදීන් ඝාතනය මාකට් කරයිද දන්නේ නැහැ. (රේ)
මීට මාස ගණනකට පෙර කිව්වා නේද කැනඩාවට යැව්වා කියලා. දැන් මේ මොනවද මෙයාලා කියන්නේ. (නි)
නැවතත් රිදී තිරයට එනවා වගෙයි (නි)
ඕක ඉතින් රටම දන්නා ඇත්ත කතාවක්නේ. (නි)
හලෝ බෙනට් ඔයා මොනවද දන්නේ අපරාධ විද්‍යාව ගැන .කෙස් ගහේනුත් පුළුවන් ඕනෑම තරාතිරමක මිනීමැරුමක් හොයාගන්න .මේ ලෝකේ කාටවත් අපරාධයක් කරලා සැනසිල්ලේ ඉන්න බැහැ . (අ)
මෙවැනි සාපරාධි ක්‍රියා කරපු අයත් ඊට හවුල් වූ අයත් අනුබල දුන් අයත් අල්ලා නිසි දඩුවම් පමුණුවන තුරු මට නම් අවුරුදු ගානක් උනත් ඉවසීමෙන් බලන් ඉන්න පුළුවන්.(අ)
මේ රටේ ඕක විතරයි වෙච්ච එකම මිනීමැරුම . පුදුම උනන්දුවක් තියෙන්නේ මිනීමරුවෝ හොයන්න .(අ)
දිලිප්, මිනී මැරුම් නම් ඕන තරම් වෙලා තියෙනවා, ඒගොල්ලො කියපු විදිහට මේක මිනීමැරුමක් නොවෙයිනෙ, නමුත් රියදුරා මගී ආසනයෙ ඉඳගෙන වාහනය පදවලා , අනතුරක් වෙලා, වාහනය ගිනි අරගෙන මරනයට පත් වුන ලෝකයේම පලමු අවස්තාව මේක.ඉතින් ඒ රියදුරා මේක කරගත්ත විදිය හොයල බලන එක නරකද ? (අ)
තවත් බරපතල හෙලිදරව්වකට මුල පුරනවා වෙන්න පුළුවන්! (හේ)
මේ වගේ වැළලී ගිය මිනීමැරුම් කොතරම්ද? ඒ අයත් වටිනා ජීවිත ඔවුන්ගේ දරුවන්ට, බිරින්දෑවරුන්ට, දෙමව්පියන්ට. දේශපාලන වාසි තකා එක දෙයක් වෙනුවෙන් සොයන මෙය ඇත්තටම එක්තරා විහිළුවක්. අනෙක් අපරාධ ගැනත් ඇයි මේ වගේ තීන්දු තීරණ නොගන්නේ. (නි)
අනේ මන්දා මේවා කවදා හමාරවෙයිද කියලා (නි)
මේවා තියාගෙන මෙච්චරකල් මොකද කළේ? තාජුඩීන් ගැන පළවෙන හැම වාරයක් පාසාම එම පවුලට කොතරම් දුකක් දැනෙනවා ඇද්ද ? (නි)
මේ ඔක්කොම කරලත් ඔප්පු කරගන්න බැරිවුණාම කියයි අධිකරණය ස්වාධීනයි මේක තමයි යහපාලනය කියලා. නමුත් මේ නාස්ති කරන මුදල් සහ රාජ්‍ය නිලධාරීන්ගේ වටිනා කාලය ගැන කවුද වගකියන්නේ. රටක සංවර්ධනය වෙනුවෙන් යෙදවියයුතු සම්පත් නේද මේ. රටේ සිදුවූ අනිත් කිසිම මරණයකට නැති උනන්දුවක් ඇයි මේ මරණය වෙනුවෙන් විතරක්. (නි)
සමහරුන්ට මරණ පරීක්ෂණ කරන්න ඕනෑ නැහැ වගේ මේ සමහර කතා වලින් පෙනෙන්නේ (නි)
මේක පස්සේම දුව දුවා ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් නැහැනේ සමහරුන්ට (නි)
ඔබ හරියටම හරි දුලිප්. අපේ රටේ අහිංසක බුද්ධිමත් උගත් දරුවන් අමු අමුවේ මරා දැමුවේ කවුද කියලා කාටවත් මතක නැති එකනේ පුදුමේ. මේ එක පුද්ගලයෙක් අල්ලාගෙන මොර දෙන්නේ ඇයි කියා කාට කාටත් තේරුම් නැති එකනේ අනෙක් පුදුමය. (නි)
හැම අපරාදයක්ම මේ වගේ උනන්දුවෙන් විමර්ශනය කරනවා නම් (හේ)
අපේ රටේ කරන්නේ නැතුව වෙනත් රටක ඕක කරන එක හොදයි.(හේ)
ලංකාවේ සී සී ටි වී කැමරා තිබුනට එහි එන දර්ශන පිළිබඳව නිගමනයකට එන්න දක්ෂයෝ නැද්ද?(හේ)
දැන් නම් මේක ඇතිවෙලා (හේ)
මේ මරණය වෙනුවෙන් කරන උත්සාහයෙන් සියයට දහයක් දාන්න අර පාරේ ටයර් උඩ මරුන මේ රටේ බුද්ධිමත්ම දරුවන්ට මොකක්ද වුනේ කියලා හොයන්න , (හේ)
මිනී මැරුම් සිදු වුනේ මෙපමණද ?(හේ)