හැටන් කොටගල නගරයේ හින්දු කෝවිලක පූජකවරයකුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට දිඹුල පොලිසියට පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට එරෙහි වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා දිඹුල පොලිසිය අසළට ගොස් නිලධාරීන්ට දෝෂාරෝපණය කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
දිඹුල පොලිසිගේ ගේට්ටුව අසලට ගොස් ස්ථානාධිපතිට එළියට පැමිණෙන්නැයි දැනුම් දී ඇති බවත්, ස්ථානාධිපතිවරයා වෙනත් රාජකාරියක සිටි නිසා උප පොලිස් පරික්ෂකවරයකු පැමිණ ඇමැති සමග සාකච්ඡා කර ඇති බවත්, ඕනෑම ආගමක නායකයකුට එරෙහිව පැමිණිලි ලදහොත් ඔහු පොලිසියට ගෙන්වීම අසාධාරණ බවත්, පොලිසිය ගොස් ප්‍රකාශ සටහ් කර ගත යුතු බවත් තොණ්ඩමන් මහතා කීවේයැයි පොලිසිය පවසයි.
‘රටේ අගමැතිට හෝ ප්‍රභූවරයකුට එරෙහිව පැමිණිල්ලක් ආවොත් ඔහු පොලිසියට ගෙන්වාගෙන ප්‍රකාශ සටහන් කර ගන්නවාද? යැයි ඔහු පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.
මීට පෙරද තොණ්ඩමන් මහතා පොලිසිය සමග වාදයක පටැලවී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙමනේ යහපාලානේ. හැබැයි රට බේර ගත්ත ගෝඨාභය වීරයාව සැරෙන් සැරේ පොලිසි ගෙනියන එක හොඳයි.(රේ)
මේක නම් පුද්ගලික ප්‍රශ්නයක් ,යහපාලනයේ දුර්වලතාවයක්නම් නොවෙයි.(රේ)
ඔව් ඔව්. මෙතුමන්ලා කරන ඔක්කොම නරක වැඩ පුද්ගලික ප්‍රශ්න. යහපාලනයේ සම්බන්ධයක් නැහැ. හැබැයි ඉස්සර කට්ටිය කරපුවට ඒ රජය වගකියන්න ඕනෑ. (නි)
අනේ අපේ ත්‍රිවිධ හමුදාවට වෙච්ච දෙයක්? ඔබට සතුටුයිද දැන්? (නි)
මේක තමිල්නාඩුව වගේ කරන්න යනවාද? පොලිසියේ රාජකාරියට ඇඟිලි ගැසීමට මොන බලවතාටවත් ඉඩනොදිය යුතුයි. (නි)
මේක ඉතින් දේශපාලකයන්ටම ගිය රටනේ! (නි)
පොලිසියටත් මෙහෙම නම් රටේ ජනතාව මොනවා කරන්නද (නි)
රටේ යහපාලනය ක්‍රියාත්මක උනාට තාමත් ඉන්නවා ඉස්සර හයිකාරකම් තියෙන උදවිය. (රේ)
අන්න මිනිස්සු! ඔවුන් ඔවුන්ගේ ආගමට, ජාතියට අාදරෙයි. ඒකට අපේ අය? (නි)
මෙතුමා පොලිසියට ගිය එක මහා වැරැද්දක්ද? එතකොට අර අධිකරණ නියෝග සමහරු දුරකතනයෙන් වෙනස්කරනකොට හොඳයිද? හොරු, මංකොල්ලකාරයෝ, කුඩුකාරයන් බේරගන්න නොවේ ගියේ මෙතුමා. ආගමික නායකයකු වෙනුවෙන් පෙනීඉන්න එකේ මොකක්ද වරද? (නි)
අල්ලලා දාන්න මහත්තයෝ කූඩුවට. රාජකාරියට බාධාකිරීම කොහොමටවත් නොසළකා හරින්න බැහැ (නි)
එතකොට අපේ මහා සංඝරත්නය පොලිසි වලට අරන් ගිහින් රිමාන්ඩ් කරන එක හොදද? (හේ)