IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


තොණ්ඩමන්ගේ තීරණය නිල වශයෙන් කියයි

(රංජිත් රාජපක්ෂ)

ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට එම පක්ෂයේ ජාතික සභාව අද තිරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ  හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ තම පක්ෂයේ ජාතික සභාවේ සමාජිකයන් එක් වි ජනාධිපතිවරණයේදි සහය ලබාදෙන අපෙක්ෂකයා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කල බවයි.

එම සාකච්ඡාවේදි ජාතික සභාවේ සියළුම සමාජිකයන් ඒකමතිකව ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට තිරණය කළ බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

වසර දෙකක කාලයක් මේ රටේ පැවති ආර්ථික ගැටළු විසදමින්, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට සහ එම ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමටත්, ඉඩම් අයිතිය ලබාදිමට එකග වි ඇති නිසා ජාතික සභාව එම තිරණය ගත් බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

 



අදහස් (4)

තොණ්ඩමන්ගේ තීරණය නිල වශයෙන් කියයි

විජිත් Sunday, 18 August 2024 05:54 PM

නමුත් වතුකරේ දුප්පත් ජනතාව මාලිමාවට ....!!! මාලිමාවට චන්ද කෝටියක් ....!!!

:       6       11

Buddika Sunday, 18 August 2024 07:31 PM

මේක අලුතින් ආව දෙයක්ද? තොණ්ඩමන් ආන්ඩුවේ ඇමති කෙනෙක් හිටියෙ උදව් කලේ රනිල් එක්ක . අලුතෙන් ආව කියල ජෝකර්ල වෙන්න එපා .කොහොමත් වතුකරයේ බලය මේ මිනිස්සුන්ට නැතිවෙලා බොහෝ කල්

:       6       11

ජගත් ලියනගේ Sunday, 18 August 2024 08:34 PM

ලංකා කම්කරු කොන්ග්‍රසයේ අවසානය .

:       7       10

විජිත් Monday, 19 August 2024 01:16 AM

ඔයා රනිල් සීයාගේ පානි වලට අහුවුනාට වැඩක් නැහැ තොන්ඩෝ . ඔයාට අන්තිමට ඇමති කමත් නැහැ,රනිල්ට ජනාධිපති කමත් නැතිවෙනවා ලබන මාසේ. දුප්පත් අසරණ වතු කම්කරුවන් සියලු දෙනාම මාලිමාව සමගයි. # මාලිමාවට චන්ද කෝටියක් !!!

:       7       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 435 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 510 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 8278 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2332 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 3679 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 5662 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 496 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site