පීඩාකාරී ආයුධ ප්‍රවාහනය හා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සැප්තැම්බර් 5 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (22) නියෝග කළේය.
එම නඩුවට සම්බන්ධ තවත් සැකකාරියක් වන වාස් ගුණවර්ධනගේ බිරිය වන ශ්‍යාමලී ගුණවර්ධනගේ නඩුව 2017 පෙබරවාරි 16 වැනිදා තෙක් කල් තැබිණි. ඇය මීට පෙර ඇප මත මුදා හරිනු ලැබ සිටියාය.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වාස් ගුණවර්ධනට අධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට බන්ධනාගාරයේ සිට උසාවි යන්න එන්න කබල් බස්, අර අයට නම් සුඛෝපභෝගී බස් හෝ වෑන්. (රේ)
මේ කොච්චර දක්ෂ පොලිස් නිලධාරියෙක් ද ? මේ රටේ මිනි මරුවෝ කි දාහක් ඇප පිට එළියේ ඉන්නවා ද ? මම දකින්නේ මේක පළි ගැනීමක් (බ)
මේක බන්ධනාගාරයෙන් දෙන ඇඳුමක්ද. කොහොම නමුත් ඇඳුමේ ප්‍රසන්න බවක් තියෙනවා.(රේ)
සාමාන්‍ය හිරකරුවන් උසාවි ගේන්නේ ජම්පරය පිටින්. ලොකු අය ගේන්නේ ටයි කෝට් දාලා. නැතිනම් මේ වගේ සුදු අන්දලා ගේනවා සිල් ගන්න යන්න වගේ.(අ)
මේ ප්‍රභූ පැළැන්තියේ හැම කෙනෙක්ම තම දරුවන් ආයුධයට අරන්. දරුවා මොනවා කරන්නද? දරුවාගේ හිතේ පියා තමයි එයාගේ ලෝකේ වීරයා. පව්! මට වුණා නම් මෙහෙම දෙයක්. මට නම් බලන්නත් දුකයි. දරුවට ටික කලකින් සමාව දෙන්න (නි)
මරණ දඬුවම නියමවුණ කෙනෙක් රිමාන්ඩ් කළාම මොනවගේ හැඟීමක් ඇතිවෙනවා ඇද්ද? (නි)
රටේ කොතැනක හෝ ලොකු වැරදීමක් වුණ බවයි පෙනෙන්නේ. මොවුන්ට ඇප නොදෙන්නේ මන්ද? (නි)
පද්මිණිට පිස්සුද මේ වගේ අයට ඇප ඉල්ලන්න? (නි)
කරන කලට පව් මිහිරිය මී සේ... (නි)
කරන කලට පවු මිහිරිය මී සේ (නි)
පද්මිණි, නුවන්, ඔය දෙන්නම බලන්න. කවදාහරි ඇත්ත එළිවෙනවා. (නි)